මරතෝඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ මොට්ටු තෝඩි ඉරුවංගල් එලියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න පාතිමා මම විනෝද්. දවසක් මම, කොලේජ් එකේ මගේ හොඳම යාළුවෙක් වුන මුස්තාෆාගේ කසාදෙට එයාගේ ගෙදරට ගියා. එදා තමයි මට අයිෂාව දකින්න ලැබුනු පලවෙනි දවස. එදා අපි මුණ ගැහුනේ හරි පුදුම වි…
මරතෝඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මොට්ටු තෝඩි ඉරුවංගල් එලියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
මම විනෝද්. දවසක් මම, කොලේජ් එකේ මගේ හොඳම යාළුවෙක් වුන මුස්තාෆාගේ කසාදෙට එයාගේ ගෙදරට ගියා. එදා තමයි මට අයිෂාව දකින්න ලැබුනු පලවෙනි දවස. එදා අපි මුණ ගැහුනේ හරි පුදුම විදියට. එදා මම නිසා එයාට ලොකු කරදරේකට මුණ දෙන්නත් වුනා. ඊට පස්සේ මම එයාව බලන්න ගියා. ගොඩක් ගෑණු ළමයි ගැන හිතේ කැමැත්ත තිබුණා උනත් ජීවිතේ පලවෙනි වතාවට එදා මම කෙල්ලෙක්ට වශී වුනා. වේල් එක දාගන ඉන්න අයිෂාගේ මුණ දැක්කාම, ඒ මුණ ඇරෙන්න මට මේ ලෝකේ කිසිම දෙයක් ගැන මතක නෑ. මම මගේ ජීවිතේ දැකපු ලස්සනම ගෑණු ළමයා තමයි අයිෂා. ඊට පස්සේ මම අයිෂාට ලංවෙන්න පුළුවන් හැම තැනකටම ගියා. එයාව ලබාගන්න ගොඩක් දේවල් කළා. කතාව තව ගොඩාක් තියනවා. මේ මුස්ලිම් කෙල්ලෙක්ට ආදරේ කරපු හින්දු කොල්ලෙක්ගේ කතාවක්.
Thattathin Marayathu(2012). 2012 වසරේ විශිෂ්ටතම මලයාලම් ප්‍රේම කාව්‍යය අරගන තමයි අද මම ආවේ. ගොඩක් අය Nivin Pauly ගේ චිත්‍රපටියකට උපසිරැසි කරන්න කියල ඉල්ලලා තිබුණා. ගොඩක් මලයාලම් චිත්‍රපටිවලට උපසිරැසි කරලා තිබුනත් Nivin Pauly ගේ එකක් කරන්න බැරිවුනා. ඒකට තමයි මේ චිත්‍රපටය තෝරාගත්තේ. Nivin Pauly ගේ සිනමා දිවියේ හැරුම් ලක්ෂ්‍යය මෙතන කියලයි මට නම් හිතෙන්නේ. මම මලයාලම් චිත්‍රපටි බලන්න පටන් ගත්තෙත් මේ චිත්‍රපටිය බැලුවට පස්සේ තමයි. ඒ නිසා මේ චිත්‍රපටිය මට නම් ගොඩක් විශේෂයි. එදා බලනකොට හිතට ආපු හැඟීම අදත් ඒ විදියමයි.
2658ක ප්‍රේක්‍ෂක මනාපයකින් IMDB අගය 7.4/10ක් ලබාගැනීමට මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. Nivin Pauly ට අමතරව Isha Talwar සහ Aju Varghese මේ සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියනවා. මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Musical-Romantic Drama කාණ්ඩයට. ඉන්දියානු රුපියල් කෝටි 3ක මුදලක් වැයකරලා නිෂ්පාදනය කල මෙම සලරුවට ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 18.9 ක් උපයා ගැනීමට හැකිවෙලා තිබෙනවා. ඒ එම වසරේ මලයාලම් චිත්‍රපටයක් ඉපයූ දෙවන විශාලතම ආදායම. චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vineeth Sreenivasan විසින්. සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shaan Rahman විසින්. හොඳම ගීත රචනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුළු තවත් සම්මාන රැසක් දිනා ගැනීමටත් මේ චිත්‍රපටියට හැකිවෙලා තියනවා. පසුව මෙම චිත්‍රපටිය දමිළ සහ තෙලුඟු යන භාෂා දෙකටම ප්‍රතිනිර්මාණය වෙලා තියනවා. මේකේ ගීතත් ඉතාම ලස්සනයි. ඒ වගේම ගී පද රචනයත් ඉතාම විශිෂ්ටයි. ඒ නිසා ගීත ටිකටත් මට පුළුවන් උපරිම සාධාරණය ඉෂ්ට කළා. චිත්‍රපටිය බලන්න කියලා සියළුම දෙනාට ආරාධනා කරනවා.
අපි අතරත් ඇති මුස්ලිම් ගෑණු ළමයෙක්ට ආදරේ කරපු සිංහල කොල්ලෝ. ඒ ගොඩක් අයට එයාලාගේ ආදරේ ගොඩක් දුරට අහිමි වෙන්න ඇති. ඒ ආදරේ ජය ගත්ත කට්ටියත් ඇති බොහොම සුළු පිරිසක්. ඒත් ඒ ආදරේ හරිම සුන්දරයි. විශේෂයි. කැඩුණු සිංහලෙන් “මම ඔයාට ආදරෙයි” කියල ඇහෙනකොට හිතට දැනුන හැගීම විනෝද්ගේ හැඟීමම වෙන්නැති කියල තමයි මට නම් හිතෙන්නේ. අරගනම බලන්න ඔයාලා ඒ අතීතයට අරන් යාවිද කියල මේ ෆිලුම. ඉතිං මේ විශිෂ්ට මලයාලම් රොමැන්ටික් චිත්‍රපටිය බලන්න කියල සියළුම දෙනාට ආරාධනා කරනවා.
ජයවේවා..!!!

Due to copyright issues, we do not provide any torrent links.
Thattathin Marayathu – 2012 – MalayalaM – Blu-RayRip – E Subs – AC3 – MKV – 5.1 – x264 – RockStar
Thattathin Marayathu {2012 Malayalam DvDRiP 720P Upscale x264.E.Sub-700MB – Rockers}
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
9,078 downloadsDownload Thattathin-Marayathu-2012.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPD
Subtitles
42 comments
manoj
Dilan
Supirima film ekak wage saho...jaya wewa obata saho...
Dilip
thnk u mchn
Nuwan Sanjeewa
thanks bro ..sub ekata.premam baluwata passe nivin pauly ge film anith tikath baiscope eken aran baluwa..aayemath thanks sub ekata..
thisal
thanks
Kulanjana Maduranga
niayamai…malayalam atharinne kohomada?..bamak thama..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kosala Senarath
Patta bro Nivin Pauly mama asama actor kenek filuma bewa sub eka patta bro jaya wewa.........
Kosala Senarath
Patta bro Nivin Pauly mama asama actor kenek filuma bewa sub eka patta bro jaya wewa………
Malan Kurera
දිගටම මලයාලම් films වලටම සබ් දෙන්න…බොහොම පින්…
Sisila Prasad
නියමයි සහෝ.
තවත් මලයාලම් චිත්‍රපටයක්.
මේ දවස් ටිකේ ඉංග්‍රීසි චිත්‍රපට වලටත් වඩා මලයාලම් චිත්‍රපට වැටුණද මන්දා... :)
බොහොම සතුටුයි.
දිගටම වැඩේ කරගෙන යමු.
ජය!!!මයුර
නියමයි, මොයිදීන් වගේ ඇති කියලා හිතනවා.
මේකයි ෆාසිල්ගේ අන්තිමට දාපු එකයි අනිවා බලන්න ඕන.
2012 අවුරුද්ද දැක්ක ගමන් කට්ටිය වීව් කරනවත් අඩුයි. උන්ගේ කරුමේ තමාරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Praneeth priyadarshana
Ela tks
Praneeth priyadarshana
King auther sub one
කමල් දේශප්‍රිය
බොහොම පිං ඔබ සහෝ අපි වෙනුවෙන් මේ කරන සේවයට. ඉදිරියටත් අපි වෙනුවෙන් මලයාලම් චිත්‍රපටවලට සිංහල උපසිරසි ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි සහෝ. බුදුසරණයි...
Indrajith
Thanks for the subtitle ...
rasanga
අපි වෙනුවෙන් මලයාලම් චිත්‍රපටවලට සිංහල උපසිරසි ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
pradeep
machan dhurva ekai supreme ekei sub diynko thx...
prasad
sub ekata bohoma stutie saho..malayalam nam aniwa balanawa
Sisira Hegoda
මෙම චිත්‍රපටයට ඔබ කල සාධාරණය අති විශිෂ්ටයි. සුතූතියි.
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
මලයාලම් සැට් එක වැඩට බැහැපු කාලයක් මේක. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sahan Kahatapitiya
its a one of best movie i have ever seen.
thank you brother...හේමන්ත
ස්තුතියි මල්ලි...
ස්තුතියි බයිස්කෝප්...විශේෂයෙන් මලයාලම් සිනමාපට වල තතාවයි රසවත්.
මේ නිසා උපසිරැසි නොමැතිව බලල වැඩක් නෑ.
ඔබේ සේවයේ අගය වඩාත් දැනෙන්නේ ඒ නිසයි.
ස්තුතියි මලයාලම් සිනමා වසන්තයට.kumara
පට්ට පහරක් තමයි මේක. ජයවේවා. ගොඩාක් පිං
Mahesh
Sub ekata thanx
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ,Nivin Pauly කියන්නෙත් නියම මලයාලම් නළුවෙක්,එයාගේ ෆිලුමකුත් මේ මලයාලම් වසන්තයට එකතු කරපු එක අලුතෙන් එක්වුණු මලයාලම් රසිකයින්ට කරපු ලොකු සාධාරණයක් කියන්න පුළුවන්.ඉස්සරහටත් මේ විදියට දිගටම සබ් දෙමු,ජය!
සුදේශ් මදුසංක
අප වෙනුවෙන් ඔබේ කාලය වැයකර සිදු කරනු ලබන මේ සත්කාරයට ගොඩාක් පිං. දැන් බයිස්කෝප් එකේ මලයාලම් චිත්‍රපට ඉතා විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. දැන් දැන් අපේ කට්ටිය මලයාලම් චිත්‍රපට දෙසට වැඩියෙන් නැඹුරු වී ඇති බවයි පෙන්නේ.
ළඟදීම නිවින් පෝලිගේ Shakavu චිත්‍රපටයත් එනවා. ඒ සඳහාද උපසිරසි ඉක්මනින්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි මේ අප වෙනුවෙන් කරන ලබන සේවාවට.darshi
thanks
KwiZ
mchnla..meke direct link denna pluwnda kata hri..jaya wewa..
SPD
baiscopedownloads.com එකට ගියා නම් ඔයාට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්
KwiZ
thnkz bro...
KwiZ
thnkz bro
Kevin
Thanks bro...!!!
කමල් දේශප්‍රිය
ෆිලුම බැලුවට පස්සේ කමෙන්ට් එකක් අයෙත් දාන්න හිතුනා. ඇත්තටම සහෝ ඔයා උපසිරැසිය නම් ලොවෙත් නැති වෙන්න දීලා තිබුනා. සුපිරි සහෝ. සින්දු ටිකට නම් සබ දීලා තිබුනා එලටම. තවම ගොඩක් කට්ටිය සබ ඩවුන්ලෝඩ් කරලත් නෑ. මට පුදුමේ ඇයි මේ මිනිස්සු මේ තරම් හොඳ චිත්‍රපටියක් නොබලන්නේ කියන එකයි. ඒ කොහොම වුනත් සබට බොහොම ස්තුතියි සහෝ.
rangika Kariyawasam
අප වෙනුවෙන් දරපු කැපකිරීම්මට ස්තුතියි සහෝ ..ජයවෙිවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Isuru
Elakiri ... Tnx Bro ...
32 Aam Adhyayam 23 Aam Vaakyam (2015) Malayalam film 1ta sub 1 dennakonidi
SPD,
ඇත්තම කිව්වොත් මම හිතාගෙන හිටියේ මලයාලම්,තෙළිගු වගේ චිත්රපට ඒ තරම් හොද ඒවා නෙවෙයි කියලයි. ඒත් මේ සයිට් එකටයි, ඔයාලා වගේ අයටයි ස්තුතිවන්ත වෙන්න දැන් ඒ මෝඩ අදහස අතුරැදහන්!
ලස්සන ආදර කතාවක්- මනරම් දසුන්- ඉමිහිරි ගී.
ස්තුතියි ස්තුතියි ස්තුතිියි!malith
Ela el
viper
bohoma sthuthi sahodharaya.. jaya wewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama asama film ekak bro thank you meka dunnata