මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම…

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම චීන චිත්‍රපටයකට උපසිරසි අරන්.
මේකෙ නම තමයි My Beloved Bodyguard (The Bodyguard). මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Sammo Hung. මූවි එක රිලීස් උනේ මේ අවුරුද්දේ අප්‍රේල් වලදි. IMDB දර්ශකයේ 5.7/10 ක් වගේ අගයක් අරන් තියෙන පැය එකකුත් මිනිත්තු 36ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ ඇක්ෂන්, නාට්‍ය, අපරාධ, යටතේ. කතාව කෙටියෙන් සඳහන් කලොත් මෙහෙමයි.
ඩින්ග් කියන්නෙ වයසක මහත මනුස්සයෙක්. එයා සොල්දාදුවෙක් සහ ප්‍රභූ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරලා දැන් විශ්‍රාම අරන් තනියම ජීවත් වෙන කෙනෙක්. එයාගෙ දුව එයාව දාල ගිහින් දුක හිතෙන සිදුවීමක් නිසා. ඒක සිද්ද උනේ ඩින්ග් ගේ වරදකින්. ඒ මොකක්ද කියල ඔයාලම බලන්න. මේ සිද්ධිය නිසා ඩින්ග් තමන්ගෙ ජීවිත කාලෙම පසු තැවෙනවා. තනියම ජීවත් වෙන ඩින්ග් ඩිමෙන්ශියා කියන මතකය දුර්වල වීමේ රෝග තත්වයකින් පෙලෙනවා. ඒ වගේම මේකෙ ඉන්නවා ඩින්ග් ගේ ගෙවල් කුලීකාර කාන්තාව. කොයි වෙලෙත් ඩින්ග් ට බැල්ම දාගෙන. මෙයා ඩින්ග් ව දාගන්න කරන වැඩයි, ඩින්ග් ගේ අමතක වෙන ලෙඩෙයි එකතු උනාම හොඳ හොඳ වැඩ වෙනවා. ඩින්ග් ට ඉන්නවා විශේෂ මිතුරියක්. චෙරී ලී කියලා පුංචි දැරියක්. ඇය ජීවත් වෙන්නෙ ඩින්ග් ගේ ගෙදරට අල්ලපු ගෙදර. ඇගේ තාත්තා සූදු අන්තුවෙක්. තාත්තා එක්ක වලි දාගත්තම ඇය රිංගන්නෙ ඩින්ග් ගේ ගෙදරට. මෙයාගෙ තාත්තා කරන වැඩ නිසා ඔහුවත් ඔහුගේ දුවත් ලොකු කරදරයකට වැටෙනවා. ඒකට ඩින්ග් මැදිහත් වෙන්නේ කොහොමද, ඩින්ග්ට ඔවුන් බේරගන්න පුලුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්න. ඔහුගේ සටන් දර්ශන ඇත්තටම හිත ඇදගන්නවා. ඒ වගේම තමයි සංවේදී කතාවකුත් මේක අස්සෙ කියවෙනවා.
ෆිල්ම් එකේ රඟපාන ඈයො ගත්තම මේ ඩින්ග් ගේ චරිතය කරන්නෙත් Sammo Hung ම තමයි. චෙරී ලී විධිහට Jacqueline Chan, ගෙවල් කුලීකාරිය විධිහට Qinqin Li චෙරීගෙ තාත්තා විධිහට Andy Lau රඟපානවා. මේකෙ උපසිරසි පරිවර්තනය කරද්දි මම ලංකාවෙ අපිට ගැලපෙන බස් වහරක් තෝරගත්තා. ඉතින් ඔයාලත් මේක බලලා රස විඳලා, මගේ උපසිරසි වල අඩුපාඩු දක්වනවා නම් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
My Beloved Bodyguard 2016 BDRip x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,426 downloadsDownload My.Beloved.Bodyguard.2016.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Andy Lau
- #Biao Yuen
- #Dean Shek
- #Eddie Peng
- #Editor's Pick
- #Hark Tsui
- #Jacqueline Chan
- #James Lee Guy
- #Jia Song
- #Jun Hu
- #Karl Maka
- #Must Watch
- #Offbeat
- #Qinqin Li
- #Sammo Kam-Bo Hung
- #Shaofeng Feng
- #sinhala
- #Sinhala Subtitle
- #Tomer Oz
- #Wah Yuen
- #You Decide
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
28 comments
Kulanjana Maduranga
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැ
ක්‍රිෂාන්
සබ් එකට ස්තුතියි සහෝ
Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzzBoby
මමත් මේ ළඟදි පළවෙනි උපසිරැසිය ඉදිරිපත් කරන්න ඉන්නේ Bates Motel Season 4 එකට. ඔයාගේ උපසිරැසි ගැන්වීම හොඳයි. තව තවත් හොඳ කතා අපට ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පළවෙනි උපසිරැසියට සුභ පැතුම්!
Ishan Madusha
පලමු උපසිරැසියට සුබපැතුම් සහෝ.Attack on Titan(2015),Attack on Titan: End of the World(2015)Box office වාර්තා තැබූ මේ Japanese Movie දෙකටත් අනිවා උපසිරැසි දෙන්න.දැනට torrent sites වල seed නම් තියෙනවා.ජය වේවා!
Asitha
ow ewatah denna
Namal
thanks bro
sammika
Thankas. meka copy eka hodada? baluwa kenak kiyannako?
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thanks for sub
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Jack
පලමු උපසිරැසියට සුබ පැතුම් මචන්...
ෆිල්ම් එක බාගෙනමයි තිබුනේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
වැඩේ දිගටම කරගෙන යමු.
ජය....SEO SPIDER
හැමෝටම ගොඩක් ස්තූතියි. මමයි සබ් එක කලේ. ලේසි වැඩක් උනේ නම් නෑ. හැබැයි මේ කොමන්ට්ස් දකිද්දි කියාගන්න බැරි අමුතුම ෆීලින්ග් එකක් එනවා. ඒක විඳින්න ලැබුනට ගොඩක් සතුටුයි.
Asitha
eka feel karaganna sabak karannama ona.
elama saho thanksmindika
Thanks !!!!!!!!!!!!!!!!!!
Nishantha Kumara Wijesinghe
Kohomada Film wala hash eka ganne
Bobby
අපේ රස වින්දනයට වෙනුවෙන් ඔයාලාගේ මහන්සියට බෙහෙවින් ස්තුතියි.
Dulanga
Thanks
Sajith Anthony
පලමු උපසිරැසියට සුබ පැතුම්…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහෝම ස්තුතියි
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmovies:300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Akalanka
Thnx ..........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Chanu
thx u.. සහෝ ;)
japan anime walatath sub demukoooo. :)gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALINDA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........