මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත් තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි…

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, දුප්පත් තරුණයෙක් සහ ඉතා ධනවත් තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් මාගේ හිතවතුන් කීපදෙනෙක් ද ඉල්ලා සිටියා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.
මෙහි ප්‍රධාන චරිත වන්නේ රාජ් කුමාර්, ආර්ති, සහ ඩීසා නෝනා ය. දෙමවුපියන් නොමැති දුප්පත් අයෙකු වූ “රාජ්ට” මවක් මෙන් සලකන්නේ “ඩීසා නෝනා” ය. රැකියාවක් සොයමින් සිටින රාජ්ට තේ කඩයක රැකියාවක් ලැබේ. එහෙත් අවංකභාවය වැඩි නිසා එම රැකියාවද අහිමිවේ. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ රාජ්ට “ආර්ති” නම් පොහොසත් ධනවත් තරුණියකට උදවු කිරීමට අවස්ථාවක් ලැබේ. එහෙත් ඇය, රාජ්ට පවසන්නේ තමා පොහොසත් නිවසක සේවය කරනා සේවිකාවක් බවයි. තමාගේ රුව සිතුවමකට නඟා ගැනීම සඳහා ඇයගේ නිවසට පැමිණෙන ලෙස රාජුට ආරාධනයක් ලැබේ. රාජ් එම නිවසට පැමිණි පසුව ආර්තිගේ උපදෙස් මත එම නිවසේ සේවිකාවට නිවස හිමි තරුණිය ලෙස රඟපෑමට සිදුවේ. එම සිදුවීම් අවසානයේ රාජ් සහ ආර්ති අතර ප්‍රේමයක් ඇතිවේ. එහෙත් රාජ් සිතන්නේ ආර්ති එම නිවසේ සේවිකාව බවයි. මව සහ පියා නොමැති නිසා, විශාල වෙළඳ ව්‍යාපාරයක් හිමි තම මාමා යටතේ ජීවත්වන ඇයට, මෙම පෙම් සම්බන්ධතාවය නිසා ගැටළු රැසකට මුහුණදීමට සිදුවේ ද? ප්‍රේමය සාර්ථකවේ ද? එය නරඹලාම දැනගන්නට ඔයාලාට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති“, “මෙරා නාම් ජෝකර්” යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දහවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
Anari(1959).DVDRip.XviD.AC3.Subs
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
348 downloadsDownload ANARI-1959Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
18 comments
Tharaka
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
wadakma na shaho
SEO SPIDER
ඇත්තටම මේක ලොකු සේවයක්.
Withanage Priyantha Dayakeerthi
මෙහි උපසිරසි පිටපත සඳහා මා යොදා ගත් වීඩියෝව ලබාගත් ආකාරය - Google - Torrentz Search Engin - Anari Movie - Anari 1959 DvDrip Comedy Drama Musical movis dvd ---- 1492 MB
අසංක ප්‍රදීප් රණතුංග
සාමාන්‍යයෙන් මම ගොඩක් ආසාව දක්වන්නේ සත්තු ඉන්න චිත්‍රපට වලට.එත් මම අතහරින්නේ නැතුව බලන තවත් චිත්‍රපට වර්ගයක් තමා පැරණි චිත්‍රපට. පැරණි කලාත්මක සිනමාව ගැන කියනවා නම්, ඒකාලේ තාක්ෂනය තිබ්බේ නැතත්. හොඳ කැමරා සහ උපකරණ නොතිබ්බත් දැන් තියන චිත්‍රපටිවලට ඒවා එක්ක හැරෙන්න බැ. චිත්‍රපට පිස්සෙක් වෙන මම ඒක හොඳට දන්නවා.
ඔයා මේ දෙන හින්දි චිත්‍රපට ඇත්තටම හින්දි සිනමාවේ මුදුන් මුල්. ඔයා ඒවා සිංහල උපසිරසි වලින් සරසලා අපේ සිංහල යාලුවොන්ට දෙන එක හරිම වටිනා දෙයක්. මොකද මේවා ඔලුව නිදහස් කරලා වින්දනයක් ලබාදෙන චිත්‍රපට. ගොඩක් ස්තුතියි. දිගටම කරගෙන යන්න. ඔයා කරපු ගොඩක් චිත්‍රපට, IMDB හොඳම හින්දි පැරණි චිත්‍රපට 100 යේ උඩින්ම තියන ඒවා. ඉතින් මම සියලුම යාලුවොන්ට යෝජනා කරනවා මේක බලන්න කියල.
මම දැක්කා ඔයා මගේ පොස්ට් කිහිපයකට කමෙන්ට් කරලා තියනවා. ස්තුතියි එකට. ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි.
Withanage Priyantha Dayakeerthi
"අසංක ප්‍රදීප් සොයුරා" ඇතුළු අදහස් දැක්වූ සැමට ගොඩක් ස්තුතියි!
මම පුද්ගලිකවම පරිගණක ප්‍රයෝග අඩු පැරණි හොඳ චිත්‍රපටවලට තමා රුචිකත්වය දක්වන්නේ. ඒ නිසා එවැනි චිත්‍රපට උපසිරසි කරනු ලබන්නේ ඉතාමත් කැමැත්තෙන්. මෙහි උපසිරසි නිර්මාණය කරන බොහෝ අයවළුන් එම සිනමා නිර්මාණ තෝරාගන්නේ එකිනෙකාගේ පුද්ගලික රුචිකත්වය මත බවයි මාගේ විශ්වාසය. මා අවංකවම සතුටුවෙනවා පැරණි සිනමා නිර්මාණ ප්‍රියකරනා, මීට පෙර පරම්පරාව වෙනුවෙන් යමක් කරන්නට හැකිවීම පිළිබඳව. ස්තුතියි!අසංක ප්‍රදීප් රණතුංග
Dracula has risen from the grave(1968), The whip and the body(1963). මේ දෙකම පරික්ෂා කලා. එකකවත් සීඩ්ස් නැහැ. එත් මම උත්සහ කරලා බලන්නම්.
praneeth madu
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Thilakarathna
ඔබේ උපසිරසියක් එනතුරු බලාසිටින්නේ, ඒ මන්ද මාත් පැරණි හින්දි සිනමාලෝලියෙක් නිසා, ඉහත පොස්ට් එකේ දක්වා ඇති ඔබේ සියලු නිර්මාණ මා නැරඹුවා, ඔබට ජය!
Isuru Kalhara Dananjaya
ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. මෙවැනි දුර්ලභ චිත්‍රපට වලට උපසිරැසි ලබාදීම ගැන දයාකීර්ති සොයුරාට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා. ඕනම දේක මුල අමතක කරන්න හොද නෑ. වර්ථමාක චිත්‍රපට වල තිඹිරිගෙය මෙයයි. ඇත්තටම ඔබ මෙන්ම මමත් වෙහෙසෙන්නේ බොහොම සුළු පිරිසක් වෙනුවෙන්. මොකද පැරණි චිත්‍රපට වැලදගන්න පිරිස අඩුයි. නමුත් එක් අයෙකුට හෝ වැදගත් වේ නම් ඒක තමා අපේ තෘප්තිය. ඩවුන්ලෝඩ් ප්‍රමාණය අඩු වුවත් ඩවුන්ලෝඩ් කරන පිරිස සැබෑ රසික පිරිසක් බව කිව යුතුමයි. ඔබේ උත්සාහය දිගටම කරගෙන යන්න. මධ්‍ය කාලීන යුගයේ චිත්‍රපට මා විසින් උපසිරැසි කරන කල්හි පෞරාණීක චිත්‍රපට උපසිරැසි ගැන්වීම ඔබ සිදුකිරීම ඇත්තටම උසස් ක්‍රියාවකි. සහෝදරයා!! පුළුවන් නම් Mother India චිත්‍රපටය උපසිරැසි ගන්වන ලෙස ඉල්ලා සිටිමි. නැවතත් ඔබට ස්තූතියි.
devinda
godak pin saho sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun Harshana
Aiye Aradhana, Mother India film 2 tath sinhala sub denawada? Plz. Loku udawwak. Mama oyage sub walata gdk asai. Oya dipu hama film ekakma hadawathata danena ithama lassana film .
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි sinhala උපසිරැසියට...ඔබට තුති priyantha සහෝ..ජයවේවා !!
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තවත් අමරණීය සිනමා නිර්මාණයක්. ලස්සන සිංදු වගයකුත් තියනවා. අද රෑ මේක බාලා අම්මයි, තාත්තයි එක්ක බලන්න ඕනේ. සිංහල සබට බොහෝ පිං සහෝ!