ඉස්සර වෙලාම හැමෝටම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක ඔයාලට අරගෙන ආවා. ඉතින් සේරටම කලින් පොඩි විස්තරයක් කියලාම ඉන්නම්. ඇත්තටම මේ සබ් එක මං හදපු තුන්වෙනි සබ් එක. පළවෙනි සබ් එක කරද්දී මට හම්බුනා තව හොද ෆිල්ම් එකක්, ඉතින් ඒකට තියන ආශාව නිසාම මං කරකර හිටපු එක අතෑරලා…

ඉස්සර වෙලාම හැමෝටම සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ මම මගේ පළවෙනි සබ් එක ඔයාලට අරගෙන ආවා. ඉතින් සේරටම කලින් පොඩි විස්තරයක් කියලාම ඉන්නම්. ඇත්තටම මේ සබ් එක මං හදපු තුන්වෙනි සබ් එක. පළවෙනි සබ් එක කරද්දී මට හම්බුනා තව හොද ෆිල්ම් එකක්, ඉතින් ඒකට තියන ආශාව නිසාම මං කරකර හිටපු එක අතෑරලා ඔය කිව්ව දෙවැනි එකේ සබ් එක හදන්න ගත්තා. ඉතින් මට තිබ්බ වෙලාවත් එක්ක හිමින් තමයි වැඩේ ගියේ. ඉතින් ඔය සබ් එකේ 90%ක් වැඩ ඉවරවෙද්දී බලනකොට ඒක අපේ වෙන සහෝදරයෙක් දීලා තිබ්බා. 😛 (නිකං හිතන්න ඒක ලයින් 1000කට වැඩි එකක්, කොහොමද ආතල් එක). ඉතින් ඒ වෙලාවෙ මට ඇතිවුණ ක්ෂණික ආතල් එක නිසා ඒ වෙනකොට සතිගාණක් හදපු සබ් ඔක්කොම Shift+Delete කළා. ඔන්න ඊට පස්සෙ තමයි මේ සබ් එක කළේ.
මුලින්ම කියන්න ඕනෙ සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා, මොකද අපේ සයිට් එකෙ යාළුවෝ හොද ෆිල්ම් හැම එකකටම වගේ සබ් දීලා තිබ්බ නිසා. ඉතින් මේ ෆිල්ම් එක මං හොයාගත්තේ මගේ පරණ DVD ටික අවුස්සද්දී තමයි.
ගොඩාක් කියෙව්ව නිසා සමාවෙන්න. (ඒ ටික කියන්නම ඕනෙ උණා :))
දැන් බලමු මේකෙ කතාව. මේ ෆිල්ම් එක මුලින්ම ආවෙ 1981දී Horror Movie එකක් විදිහට. ඒක ලබාගත්තු සාර්ථකත්වය නිසා මේ ෆිල්ම් එකේ Remake එකක් 2009දී ආවා. අලුත් එක 3D එකක් විදිහට ආවෙ. මේක release කරලා තියෙන්නේ Lionsgate ලා.
මේක පටන්ගන්නකොටම පතලක් කඩාවැටිලා මිනිස්සු මැරුණ එකක් ගැන පොලිසියෙන් හොයන එකක් ගැන තමයි යන්නේ. ටොම් හැනිගර් කියලා පුහුණුවෙන පතල්කාරයෙක්ගෙ අපින් වුණ අත්වැරැද්දකින් එයාගෙ පියාට අයිතිවෙලා තිබුණ පතලක් දරුණු විදිහට කඩන්වැටෙනවා. මේකෙදි පස්දෙනක් මැරිලා එක්කෙනෙක් කෝමා තත්වයෙන් රෝහල්ගත වෙනවා. ඒ ඉතුරුවුණ කෙනා තමයි හැරී වෝර්ඩන් කියන්නේ. ඒත් හැමෝම හිතන්නේ ඒ මිනිස්සු මැරුණේ පතල කඩන්වැටිලා නෙමෙයි, හැරී වෝර්ඩන් තමයි ඒ අයව මරලා තියෙන්නේ කියලා. එයා ඒ වැඩේට පාවිච්චිකරලා තියෙන්නේ පතල් වැඩ වලට ගන්න Pickaxe (පිකැස්) කියන ආයුධය. ඉතින් මේ හැරී ඒ සිද්ධියට හරියටම අවුරුද්දකට පස්සේ වැලන්ටයින් දවසෙ Hospital එකේ හිටපු අය ගොඩාක්, ඉතාම දරුණු විදිහට මරලා දාලා එතනින් පැනලා ගිහින් තවත් අය 22ක් අර ආයුදෙන්ම ඉතාම සාහසික විදිහට මරලා දානවා පළිගන්න. මෙතැනදී හැරී පොලිස් වෙඩිපාරකින් මැරෙනවා ඒත් Body එක හම්බෙන්නේ නෑ. මෙතන කලින් කියපු ටොම් හැනිගර් කියන කෙනාත් ඉන්නවා, මිනිහා මේ සිද්ධියත් එක්කම එයාගෙ කෙල්ලවත් දාලා එකපාරටම අතුරුදහන්වෙනවා. යාළුවෝ හිතන්නේ හැරී එයාව මරලා දාලා කියලා. ඉතින් ඒක එහෙම ඉවරවෙලා අවුරුදු 10කට පස්සේ කතාව තමයි යන්නේ. ඒ ටික නම් ඔයාලට බලන්නම වෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ Film එක ටිකක් දරුණුයි. බිහිසුණු දර්ශන ගොඩාක් තියනවා, ඒවා බලන්න බැරි අය මේක බලන්න එපා. මේකෙ එන සමහර තැන් නිසා මේක ගෙදර බලන්නත් ටිකක් අමාරුයි. කැමති අය, කලින් බලපු අය සහ නොබලපු අය අනිවාර්යෙන්ම බලන්න. පට්ට film එකක්.
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා, ඕනෙ දෙයක් කියන්න. ඔබලාගෙ අදහස් අනුව දෙවැනි සබ් එකට යනවා. ජයවේවා..!
7263ABAD133CC36B3CCAF79AFCE6A2AEF15BE5D0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,648 downloadsDownload My.Bloody.V.2009.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග උස්වත්ත
Subtitles
41 comments
awesome
චමී
නියමයි... ඉටිකිරිස් එකක්නෙ දිලා තියෙන්නෙ. බෙහොම ස්තුතිය චතූ පුතේ...
ගයාන් රූකාන්ත
හොදයි වගේ පලවෙනි එකට ජය වේවා
෴බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිලි ගන්නවා ෴jack
නියමයි සහෝ.
චතුරංග U
හැමෝටම ස්තූතියි...
dinidu madushanka
ela ela bro patta film ekak wage jaya wea
yasomal
palamu wadeyta suba pathum
tharanga
ස්තූතියි තවත් සබ් දෙන්න දිගටම සබ් දාන්න කලින් මේල් එකක් දාලා අහන්න එතකොට අපරාදයක් වෙන්නේ නෑ
vee
maxxa saho
asiri
all the best 1 st subs
nipuna prasad
bohoma thuthi sahota
jana
tHANKS mACHO
darshana
Meka nam fattama film ekak. M meka klin balala tiyenawa.
Sub ekka ayema balanawa.
Aluth film ekak aran ikmanatama enna.
Good luck.....tharindu
Elazz sahoo....fatta film ekak vagee...onna ehenamm bagaththaaa....thankss sahoo sub ekatahh...
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, උපසිරසි ගන්වන්නනම් තව එල ෆිල්ම් ගොඩක් තියෙනවා collection එකේ, පොඩ්ඩක් බලන්න,කැමති ඒවා තිබේනම් උපසිරසි ගන්වන්න, බයිස්කෝප් කණ්ඩායමට කියා වෙන්කරගෙන කරන්න, එතකොට අර වගේ අවුලක් වෙන එකක් නැහැ,ජයවේවා.
Nandana
Thank You Chathuranga.
“චූටී මල්ලි”
එල එල සහෝ
තව කරමු
අපරාදේ නෙ කලින් එව්වට
ගිය මහන්සිය
සබට තුති
ඔබට ජය.............Amil
Thanks Machan Sub ekata....
#ChalinduDeshan (කිනා)
අර අන්තිමට හයිලයිග්ට් කරල තියෙන එක හන්දම බලන්න හිතුනා බං.
එල වැඩක්.
ජයවේවා!Danuka
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
නලින්
මගේ පළවෙනි සබ් එකට ජය වේවා!
ස්තුතියි සහෝ
ශාන් විමුක්ති [විමා]
අර කියපු ආතල් එක නිසා සබක් නොකර ඉන්න හිතුනේ නැති එක ගැන පුදුමයි බන් :p
කොහොම උනත් කොල්ලා ආසාවෙන් වැඩේ කරලා තියනවා වගේ
ඉතින් ඔන්න අපිත් සාදරයෙන් පිලිගන්නවා ඔයාව
පලවෙනි වැඩේට සුබපැතුම්
ඉදිරියේදීත් අපිත් එක්ක එකතුවෙලා ඉදිවී කියලා හිතනවා
ජය !Gihan
ela ela chathu saho................
පහන් තාරක
පට්ට ෆිල්ම් එක මචෝ...! මම දැන් බලල ඉවර වුනා විතරයි. තෑන්ක්ස් සබ් එකට!
chandima
thaz pattai.....
Sanjaya
thanks Saho...
aruna
puluwannam mek 1981 film ekatath sub denna ....
kasun
ela ela mchn
Madusanka Uswatta
උඹ එහෙනම් ඒක කලා..තව එකක් දාපන්..එල ආ
රොයිලි
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍M THILINA
Thank U
gihan
පළමු උපසිරසියට සුභ පතනවා
චතුරංග උස්වත්ත
අදහස් දැක්වූ හැමදෙනාටම ස්තූතියි.
ජයවේවා..!!
P.K
Thanx for the sub saho..
සඳරුවන් මුණසිංහ
මරු ආ!the secret window වගේ එකක්!! ජය සබ් පට්ට අයියේ…
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ravindu Ravihansa
ela ela saho.
Mavitha
එල..එල.. පලවෙනි සබ් එකට සුබ පැතුම්..
nhfhn
Yako dean winchester inna film akak
Anonymous
eka tama mat baluwe
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

weldone kollo