කොහොමද යාළුවනේ ඔන්න ටික කාලෙකට පස්සේ නැවතත් බයිස්කෝප් එක පැත්තේ එන්න හිතුණා. කබාලි චිත්‍රපටයත් සමඟ මේ වසරට උපසිරැසි කරන්නෑ කියලා කිවුවට මොකද, නිවාඩුවක් ලැබුණ ගමන් උපසිරැසියක් කරන්නම හිතෙනවා. හොඳ නිර්මාණ බිහිවෙනකොට අපිටත් කී බෝඩ් එක තියාගෙන නිකම් ඉන්න හිතෙන්නේ නෑනේ. ඔන්න අද මම ඇරගෙන එන්නේ මෑතකදි තිර…
![Rekka [2016]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Rekka-2016.jpg)
කොහොමද යාළුවනේ ඔන්න ටික කාලෙකට පස්සේ නැවතත් බයිස්කෝප් එක පැත්තේ එන්න හිතුණා. කබාලි චිත්‍රපටයත් සමඟ මේ වසරට උපසිරැසි කරන්නෑ කියලා කිවුවට මොකද, නිවාඩුවක් ලැබුණ ගමන් උපසිරැසියක් කරන්නම හිතෙනවා. හොඳ නිර්මාණ බිහිවෙනකොට අපිටත් කී බෝඩ් එක තියාගෙන නිකම් ඉන්න හිතෙන්නේ නෑනේ. ඔන්න අද මම ඇරගෙන එන්නේ මෑතකදි තිරගත වුණ තවත් සුපිරිම චිත්‍රපටයක්. ඒ තමයි විජය් සේදුපතිගේ රෙක්ක. තාත්වික රඟපෑම් වලට කියාපු නළුවෙක් වෙන සේදුපතිගේ ප්‍රතිරූපය වෙනස් කරපු චිත්‍රපටියක් තමයි රෙක්ක. ඉතින් මේ චිත්‍රපටියත් එක්ක සේදුපතිගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළ ගොස් තිබෙනවා. රෙක්ක තුළින් ඔහුව විජය්, අජිත් වගේ සුපිරි තරුවක් බවට පත්කර තිබෙනවා. මේ ටික විතරයි සේදුපතිට අඩුවට තිබුණේ කියලා චිත්‍රපටිය බලද්දි මට සිතුණා. ඉතින් වැඩි පම්පෝරි නැතුව චිත්‍රපටය දෙසට හැරෙමු.
මෙහි සේදුපති (ශිවා) රඟදක්වන්නේ එක්වන්නට නොහැකි පෙම්වතුන්ව තම පුද්ගලික වියදමෙන් කසාද බන්දලා දෙන තරුණයෙක්ගේ චරිතයක්. මේ නිසා කෙල්ලන්ව ඉස්සීමේ ක්‍රියාවලියට මොහු බොහොම පළපුරුදු කෙනෙක්. ඒකට එයාගෙ පවුලෙනුත් මිත්‍රයාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ විදියට දවසක් ශිවා එක්තරා කෙල්ලක්ව පැහැරගෙන එනවා. නමුත් ඒ කෙල්ල බඳින්න ඉඳලා තියෙන්නේ ඩේවිඩ් කියන මැරයාව. ඒ වෙලාවේ ඩේවිඩ් ශිවාට මොකුත් කරන්න යන්නේ නැහැ. ඔහොම ඉන්නැද්දි ශිවාගේ නංගිගේ විවාහය සූදානම් වෙනවා. ඔය විවාහය සිදුවෙන අතරේ පොඩි අකරතැබ්බයක් වෙලා ශිවාට ඩේවිඩ් හමුවට යන්න සිදුවෙනවා. අන්න ඒ වෙලාවේ ඩේවිඩ් ශිවාගෙන් පළිගන්න තීරණය කරනවා. ඩේවිඩ් ගෙන් නංගිගේ විවාහයට බාධාවක් එයි කියලා ශිවා ඩේවිඩ්ට එක්තරා පොරොන්දුවක් වෙනවා. ඒ තමයි ඩේවිඩ් කියන ඕනෑම දෙයක් කරන්නම් කියලා. ඩේවිඩ් ශිවාට එක්තරා වැඩක් පවරනවා. ඒ තමයි මදුරෙයි වල ඉන්න ප්‍රබල දේශපාලඥයෙක් වන මණිවාසගම්ගේ එකම දියණිය භාරතී ව පැහැරගෙන එන ලෙස. ඉන් එහාට තමයි අපි බලාපොරොත්තු වන ඒ සේදුපතිගේ සුපිරි වෙනස අත්දකින්න පුළුවන්නේ. ඒ නිසා ඉන් එහාට වුණේ මොකක්ද කියලා ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.
මෙම චිත්‍රපටය අප නැරඹිය යුත්තේ හුදෙක් පිටපත නිසාම නොවෙයි. අපි හැමදාම විජය්, අජිත්ගේ චිත්‍රපට තුලින් ඔවුන්ව සුපිරි තරු ලෙස අත් දැක්කා. ඒ චරිතයම විජය් සේදුපති කළා නම් කොහොම ඇද්ද? කියන කුතුහලය රසිකයින්ට තිබුණා. ඔන්න ඒ කුතුහලයට පිළිතුරක් දෙමින් තාක්ෂණය ඉහළින් යොදාගෙන, රෙක්ක නිර්මාණය වුණා. සේදුපතිගේ රඟපෑම නම් ඉතින් සුපුරුදු පරිදිම..විශිෂ්ටයි. පන්ච් ඩයලොග්ස් එමටයි. ඉතින් වෙනසකටත් එක්ක ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා.
මේ චිත්‍රපටය මුලින් ඇරන් තිබුණේ ඉමේෂ් කුමාර මල්ලි. නමුත් ඔහු තරමක් කාර්ය බහුල වුණු නිසා තමයි මම මේ උපසිරැසිය කළේ. ඉතින් දවසක් ඇතුළත ටයිම්ලයින් හදලා උපසිරැසිය නිම කළා ඔයාලට උණු උණුවෙම දෙන්න ඕන නිසා. එහෙනම් නැවතත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජය ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.la – Rekka (2016)
www.TamilRockers.la – Rekka (2016)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
14,943 downloadsDownload Rekka2016HDRip.Baiscopelk.com_.rar100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
32 comments
Dhammika Thilan
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
Lakmal Wanniarachi
උපසිරසට ගොඩක් ස්තූතියි ජයවේවා.
Kasun Weihenage
කැමතිම නළුවා බාන්න දැම්මා . ස්තුතියි සහෝ
විකියා
බොහෝම තුති! මලයා
ජයෙන් ජය!
Indrajith Udaya Kumāra
ස්තුතියි අයියේ
rashmi prabashitha
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ
ජයවේවා!!!
උපන්දින තැග්ග්ගට බොහොම ස්තුතියි සහෝ
ජය!!ජය!!!!!!!!!!!!!!!Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~කවීන් ලහිරු
සිංහල උපසිරසියට ස්තූතියි සහෝ
෴෴ජය වේවා෴෴buddhika
elane marune..
Bhashitha
Thanks. jaya wewa...
maheshbabu
superb work bro....thank's for sub,,,,,,BACHCHAN{2013) Kannada Movie 1ta sub denna plzzzzzz
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa balanawa.atharin na..thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
udaya saman
ela thanx sub ekata.tamil tikak demu thawa
vikum
elama tama..jaya wewa..
thanks...Sisila Sadaruwan
ලස්සන චිත්‍රපටයක් .. උපසිරැසියට බොහෝම ස්තූතියි ...!!
dasun
Link eka nh ne bro...
Indrajith Udaya Kumāra
සහෝ ටැමිල්රෝකර්ස් එකේ ටොරන්ට් එක තියනවා.
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
අනිවා බලන්න ඕනෙ....
ජය වේවා!!!Sha
mnawa unat oba api wenuwwn me karana karya agaya karanawa et karunakarala atishayoktiyen film warnama karana eka natarakaranna patta supiri film ekak neme meka atishaya samanya film ekak welat ae oba ohma boru warnana karanne
Indrajith Udaya Kumāra
Ehema athishayokthiyen warnana karala naha mithraya..Hakinam uputaa dakwanna.
Indrajith Udaya Kumāra
'supiri' yana wachanaya yodaa gaththe film eke aadayam wartha salaka balala.
wooobox.net
I love Tamil movies. Thanks for the sub :)
Lushan Kuruppu
Thank You Bro!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Zeal
බොහොම ස්තූතියි සහෝ
jude
බොහොම ස්තුතියි සිංහල උපසිරැසිවලට'''
mithun
මෙ ඇක්ටර් ගෙ එන හැම ෆිල්ම් එකම ඔයාම උම්ම්ම්ම්ම්ම්ම්මා ගන්වන්න කියා කාරුණිකව ඉල්ලනව සබ් වලට ස්තුතියි සහෝ
mithun
උපසිරැසි
ThusharaIndunilRathnayaka
thanks for sub bro...!
presentravishka
machan sub eka wada na. poddak balahanko.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks You ....
Jaya wewa....!