Culpa Mia නැත්තම් My Fault කියන්නෙ ගිය දවස් වල ගොඩ දෙනෙක් කතා කරපු, විවේචනය කරපු, මඩ ගහපු, අගය කරපු සිනමා පටයක්. ඒක හැම අතකින්ම සාධාරණයි. මොකද අපි හැමෝම එකම කොණෙන් බලන්නෙ නෑනෙ. එහෙම එකම කොණෙන් නොබලන නිසා තමයි මේ වගේ සිනමාපට අපිට බලන්න හම්බෙන්නෙ. මේක Spanish එහෙම නැත්තම් ස්පාඤ්ඤ සිනමාපටයක්. 2023 ජූන…

Culpa Mia නැත්තම් My Fault කියන්නෙ ගිය දවස් වල ගොඩ දෙනෙක් කතා කරපු, විවේචනය කරපු, මඩ ගහපු, අගය කරපු සිනමා පටයක්. ඒක හැම අතකින්ම සාධාරණයි. මොකද අපි හැමෝම එකම කොණෙන් බලන්නෙ නෑනෙ. එහෙම එකම කොණෙන් නොබලන නිසා තමයි මේ වගේ සිනමාපට අපිට බලන්න හම්බෙන්නෙ. මේක Spanish එහෙම නැත්තම් ස්පාඤ්ඤ සිනමාපටයක්. 2023 ජූනි 8 තමා Amazon Prime හරහා මේක නිකුත් වෙන්නේ. එයාල කියන විදියට ඉංග්‍රීසි නොවන සිනමාපටයක් වෙනුවෙන් දින තුනක ලැබුණු වැඩිම නැරඹුම් ප්‍රමාණය වාර්තා වෙලා තියෙන්නෙ මේ සිනමාපටයට. ඔව් මේක එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි.
මේ ෆිලුමට පාදක වෙන්නෙ Mercedes Ron කියන කතුවරයාගේ Culpa Mia කියන පොත. Culpa Mia කියන ස්පාඤ්ඤ භාෂාවේ එන වචනෙ තේරුම තමා මගේ වැරැද්ද කියන එක. ඉතින් මේ කතුවරයා මේ පොතට පස්සෙ තව පොත් දෙකක් රචනා කරල තියනවා. ඒ කියන්නෙ පොත් ත්‍රිත්වයක්. ඉතුරු ෆිල්ම් දෙකත් කරනවද නැද්ද කියල තීරණය කරන්නෙ මේ ෆිලුමේ ප්‍රතිචාර බලල කියල තමා සඳහන් වෙන්නෙ. ෆිල්ම් එක ඉවර වෙන්නෙත් තව ෆිලුමකට කතාව පනිනවා වගේ තමා. දැනට තියන ප්‍රතිචාරත් ටිකක් හොඳ නිසා මේකෙ අනිත් ෆිල්ම් දෙකත් අපිට බලාගන්න පුළුවන් වෙයි. රංගනයෙන් දායක වෙන අය ගැන නම් මං කියන්න යන්නෙ නෑ මොකද අපි දන්න කියන කව්රුත් මේකෙ නෑ ඇත්තටම. ඒත් ඒක ෆිල්ම් එක බලන්න බාධාවක් කරගන්න එපා. IMDB දර්ශකය 6.3/10ක් සටහන් වෙද්දි ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත 92%ක් මේකට ලැබිල තියනවා.
මට හිතෙන විදියට අපි හැමෝම ආදරේ කරල තියනවනේ. නෑ කියන්න බෑ හිතින් හරි ආදරේ කරල ඇතිනේ. ඔව් මේ කතාව ආදරේ ගැන කියවෙන අපූරු කතාවක්. රෆායෙල් එයාගෙ දුව වෙන නෝව එක්ක තමන්ගෙ අලුත් ස්වාමියා වෙන විල් එක්ක පදිංචි වෙන්න යනවා. එහෙම යන්නෙ ඇයි කියල ඔයාලට ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්. විල් කියන්නෙ සල්ලි ගස් හිටවලා ඒවගෙන් සල්ලි කඩාගෙන ජීවත් වෙනව කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන් ජාතියේ පොහොසත් කෙනෙක්. එයාට ඉන්නව පුතෙක්. එයාගෙ නම නිකලස්. ඉතින් අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් මේ නෝවයි නිකලසුයි දෙන්නට දෙන්න මුණ ගැසීමත් එක්ක එයාලගෙ ජීවිත වලට වෙන පෙරළිය. කතාව මෙතනින් එහාට කියන්නෙ නෑ හැමෝටම මේක බලන්න කියල ආරාධනා කරනවා. අනික ෆිල්ම් එක තනියම බලනව නම් හොඳයි. මොකද වෙලාවකට මේ දෙන්නට ආදරේ දරාගන්න බැරි වෙලාවල් එනව. ඒ නිසා ඒකත් පරිස්සමින්
ටික දවසකට සබ් එකක් කරන්නෙ නෑ කියල හිතාගෙන ඉද්දි මේ ෆිල්ම් එක ඔළුවට දාල සබ් කරනව කියන කොටි වලිගෙ අතාරින්න දෙන්නෙ නැති රවිඳු සහෝට වගේම සබ කරන්න ඕකෙ එක දුන්න විමා සහෝටත් ස්තූති කරන ගමන් දැනට මෙතනින් නවතිනවා. අඩු පාඩු තිබ්බොත් සමාව ඉල්ලනව වගේම මේ කරන කටයුත්තට එක වචනෙකින් හරි කොමන්ටුවක් දාල අපිව දිරිමත් කරන බයිස්කෝප් වාසීන්ටත් මම මේ වෙලාවෙ ස්තූති කරනවා. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!!
Name – My Fault (Culpa Mia) (2023)
Catagory – Drama/Romance
IMDB – 6.3/10 (12K+ vote)
Director – Domingo Gonzalez
Starring – Nicole Wallace / Gabriel Guevara
Distributed by – Amazon Studios
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
49,877 downloadsDownload Culpa.Mia_.2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
26 comments
Anonymous
prasad jayawardena
upasiresiyata sthuthi
Mohottige
Download කරගත්තා සබ් එකට ස්තූතියි
හේමන්ත
ස්තුතියි සුජිත්.....
අපේ සතුට වෙනුවෙන් ඔබ කරන මෙහෙයට පිං....Buddhika Lakmal
පට්ට වැඩක් සහෝ.... මේ වගේ ඒවට සබ් දෙන්න ඉතින් බයිස්කෝප් විතරයි.....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kavindu Nethmina
Sub ekata thanks bro ❤❤❤
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!sahan malinga
thanks bossa
Salinda
බොහොම ස්තූතියි
viraj
thanks...........
Anonymous
No Hard Feelings 2023
Movie එකට subtitle දෙන්න පුළුවන් ද?Randima
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
baiscopelk ishu
Sub ekata thx brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
nice subtitle & film
Supun
Tnx boss...
Dewadithya
Thanks for Sub!
Kavindu Nethmina
Sub ekata thanks bro
Alex
Your Fault (2024) mekatath sub oniii
Theekshana Viduranga
Culpa tuya ඕකෙත් සිංහල සබ් එක දාන්න පුලුවන්නම් වටිනවා
Himara Shanaka
Culpa Tuya මෙකෙත් සිංහ්ල සබ් එක දෙන්නකෝ Guys
Mahu
lovely
Chalana
Meke 2 ekath dennako
kavisha
thnks
kavisha
thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jayawewa....!