සුබ දවසක් හැමෝටම… ඔන්න මේ පාර කලින් වෙන් කරගෙන තිබුන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. ඇත්තටම මේක නිකුත් වෙලා දවස් කීපයක් උනත් හදිසි අසනීප තත්වයක් ඇති උන නිසා පෙරේදා ඉඳන් තමයි මේක කරන්න ගත්තේ. ඔයාලා මෝරන්, කිඹුලන් වගේ සත්තු ඉන්න ෆිල්ම් බලන්න කැමතිනම් මේක නැරඹුවට පාඩු නෑ. ඒත් මේක ටිකක් ලෝ බජට් එකකින් හදපු…

සුබ දවසක් හැමෝටම… ඔන්න මේ පාර කලින් වෙන් කරගෙන තිබුන ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. ඇත්තටම මේක නිකුත් වෙලා දවස් කීපයක් උනත් හදිසි අසනීප තත්වයක් ඇති උන නිසා පෙරේදා ඉඳන් තමයි මේක කරන්න ගත්තේ. ඔයාලා මෝරන්, කිඹුලන් වගේ සත්තු ඉන්න ෆිල්ම් බලන්න කැමතිනම් මේක නැරඹුවට පාඩු නෑ. ඒත් මේක ටිකක් ලෝ බජට් එකකින් හදපු ෆිල්ම් එකත් බවත් මතක තියාගන්න. සමහර සජිවිකරණ දර්ශනනම් ගොඩක් තාත්වික මදි ගතියකුත් තියෙනවා. ඔයාලා Two Headed Shark Attack (2012), Sharknado (2013) Black Demon (2023) Lake Placid: Legacy (2018) වගේ චිත්‍රපට ආසාවෙන් බැලුවනම් මේකටත් කැමති වෙයි කියලා හිතනවා. පසුගිය 14 වෙනිදා නිකුත් උන The Flood ෆිල්ම් එක Action/ Thriller / Horror/ යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. මේකට සතුටුදායක රේටින්ග්ස්නම් ලැබිලා නෑ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Bramdon Slagle විසින්. ඒ වගේම හුරුපුරුදු රංගන ශිල්පීන්නම් මේ ෆිල්ම් එකට දායක වෙලා නෑ. Nicky Whelan ශෙරිෆ් නිව්මන් ලෙසත්, Casper Van Dien රසල් කෝඩි ලෙසත්, Louis Mandylor රේෆ් ලෙස සහ Ryan Francis ජේ ලෙසත් තම රංගන දායකත්වය ලබා දෙනවා.
ලුසියානා ප්‍රාන්තයට නැවත වරක් කත්‍රිනා සුළි කුණාටු තර්ජන එල්ල වීම හේතුවෙන් නගරයට දැඩි ගංවතුර තර්ජනයක් එල්ල වෙනවා. හිරකරුවන් පස් දෙනෙක්ව ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් එකක් අධික වැස්ස නිසා රැය පහන් කරන්න තැනක් හොයමින් ඉන්නෙත් මේ අතරතුරේදිමයි. බස් එකේ ආරක්ෂකයෝ දෙන්නා මේ සිරකරුවන්ව නවත්වන්න තෝරගන්නේ ලුසියානා ප්‍රාන්ත පොලීසිය තමයි. ඒ පොලීසිය පාලනය කරන්නේ ජෝ නිව්මන් කියන කාන්තා ශෙරිෆ්වරිය. කොහොමින් හරි හිරකාරයන්ව රඳවගෙන ඉද්දි මේ අය පස්සෙන් තවත් කණ්ඩායමක් පොලීසියට කඩා වැදිලා ලොකු අවුලක් වෙන අතරතුර ගං වතුරත් එක්ක තවත් භයානක කණ්ඩායමක් පොලීසිය ආක්‍රමණය කරනවා. එහෙම එන්නේ වෙන කවුරුත් නෙමෙයි ලොව වෙසෙන බිහිසුණුම උරගයෙක් ලෙස කුප්‍රකට දැවැන්ත කිඹුලන් කණ්ඩායමක් තමයි මෙහෙම එන්නේ. ඇත්තටම කිඹුලන් කිව්වට මෙයාලා ඇලිගේටරයන් කියලා හඳුන්වන්නේ. කිඹුලන් සහ ඇලිගේටරයන් අතර වෙනස Crawl (2019) ෆිලුමෙ තියෙන ලිපියේ අපේ සොහාන් මල්ලි අපූරුවට විස්තර කරලා තියෙනවා. ඉතිං එහෙනම් ඔයාලත් මේ කලබගෑනිය මොකක්ද කියලා බලලා ඉන්නකෝ. ඒ වගේම මට මේක වෙන කරලා දුන්න විමාට සහ රවිදු හේෂාන් සහෝට බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,993 downloadsDownload The.Flood-2023.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #The Flood (2023) Sinhala Sub
- #The Flood (2023) Sinhala Subtitles
- #The Flood Sinhala Sub
- #The Flood Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Anonymous
Kasun
බොහොම ස්තුතියි. Resident Evil Death Island එකටත් සබ් ඔන.. ❤️
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි යුරාන් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Bimsara Yashan(ඔලිව)
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
දහරා මුතු අමා
බොහොම ස්තූතියි මල්ලි උපසිරැසියට. ඇලියො ටික අවුල් වුනාට කතාව නම් අවුලක්ම නෑ වගේ.
Anonymous
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks jayawewa....!