අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්. වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්ම…

අද අරන් ආවේ ලස්සන කොරියන් චිත්‍රපටියක්. නම තමයි My Heart Puppy. 2023 මාර්තු පළවෙනිදා තියටර් රිලීස් වෙච්ච මේ මූවී එක මිනිත්තු 113 ක් පුරාවට ගලාගෙන යනවා. Adventure, Comedy, Romance ගණයට අයිති වෙන මේ මූවි එකේ අධ්‍යක්ෂණයයි තිර රචනයයි දෙකම කරලා තියෙන්නේ Jason Kim විසින්.
වොන් බිලියන 3ක පිරිවැයකින් නිර්මාණය කරපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 1.3ක ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. IMDB 7.5/10 ක අගයකුත් MyDramaList 8/10 ක අගයකුත් ලබාගන්න My Heart Puppy චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.

CAST – රංගන දායකත්වය
• Yoo Yeon Seok – මින් සු
• Cha Tae Hyun – ජින් ගුක්

Summary – සාරාංශය

මින් සු වැඩ කරන්නේ ඔෆිස් එකක. එයාගේ හීනයක් තමා කසාද බැදලා ලස්සන පවුලක් වෙන එක. රුනී කියන්නේ මින් සුගේ බල්ලා. මින් සුගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා. ඉතින් පොඩි කාලේ ඉදන්ම මින් සුගේ පවුල වුනේ රුනී. දවසක් මින් සු එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච සොන්ග් ග්යොන්ග්ට ප්‍රපෝස් කරනවා. සොන්ග් ග්යොන්ග් එක කැමැත්තෙන් පිලිගන්නේ. ඉක්මනටම කසාද බදින හින්දා සොන්ග් ග්යොන්ග් මින් සුට කිව්ව නැති රහසක් කියනවා. ඒ තමා සොන්ග් ග්යොන්ග්ට බල්ලෝ ඇලජික් කියන එක. ඉතින් මේක දැනගත්තම මින් සුට කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මින් සු අන්තිමේ තීරණය කරනවා එයාගේ නෑදෑයෙක්ට රුනීව බලාගන්න දෙන්න. ඉතින් ඒ වැඩේට උදව් ගන්නේ ජින් ගුක් ගෙන්. ජින් ගුක් කියන්නේ මින් සුගේ මස්සිනා. මින් සු එයාගෙම අයියා වගේ තමා ජින් ගුක්ට සලකන්නේ. දැන් ඉතින් නෑදෑයෙක්ට රුනීව දෙන්න බලද්දි රුනීව බලාගන්න කෙනෙක් හම්බෙන්නෑ. ඉතින් මින් සු තීරණය කරනවා හොද මනුස්සයෙක් හම්බුනොත් එයාට රුනීව බලාගන්න දෙන්න. ඔහොම යන ගමනෙදි ජින් ගුක්ටයි මින් සුටයි තව බලු යාළුවෝ ටිකක් සෙට් වෙනවා. ඉතින් මේ ගමනෙන් රුනීව හදාගන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ගමන අන්තිමේ මොකක් වෙයිද?

My Heart Puppy මේ අවුරුද්දේ ආපු Heart Touching ම මූවී එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් හැමෝටම මේ ලස්සන චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුභ දවසක්!
“පවුලක් කියන්නේ අන්තිම වෙනකම් එකටම ජීවත් වෙන එකටයි❤️”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Web-dl පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,039 downloadsDownload My-Heart-Puppy-2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Box Office Hits
- #Cha Tae Hyun
- #Editor's Pick
- #MaxxA
- #My Heart Puppy (2023) Sinhala Sub
- #My Heart Puppy (2023) Sinhala Subtitles
- #My Heart Puppy Sinhala Sub
- #My Heart Puppy Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Yoo Yeon-seok
- #You Decide
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
විමා
Anu Wijesinghe
Thank you. nice work dr
Udari
ස්තූතියි bro, Keep going. Everything You Need WILL COME to You @ the PERFECT TIME....
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නයන .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!ඩොක් අයියා
ඔන්න එහෙනම් බාගත්තා හොඳේ, ආ ස්තුති කියන්න එපැයි නේද ?
තවත් අළුත් එකක් දාන්න හොඳේBuddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![My Heart Puppy (2023) Sinhala Subtitles | මගේ බලු පැටියා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/My-Heart-Puppy-Cover-B.jpg)
උපසිරසියට බොහොම ස්තුතියි!