Watch Trailer

Justice League: Warworld (2023) Sinhala Subtitles | යුධ ලෝකය… [සිංහල උපසිරසි]

අද මේ උපසිරසි අරගෙන එන්නේ DC Animated Movie විශ්වයේ අලුත්ම කතා මාලාව වන Tomorrowverse එකේ 7 වෙනි චිත්‍රපටියටයි. 2023 ජූලි 25 වෙනිදා Direct-to-DVD චිත්‍රපටියක් ලෙස නිකුත් වුණු මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ Justice League: Warworld කියලයි. ඉතින් Tomorrowverse ගැන දන්නේ නැති අයට ඉක්මනින්ම ඒ මොකක්ද ක…

අද මේ උපසිරසි අරගෙන එන්නේ DC Animated Movie විශ්වයේ අලුත්ම කතා මාලාව වන Tomorrowverse එකේ 7 වෙනි චිත්‍රපටියටයි. 2023 ජූලි 25 වෙනිදා Direct-to-DVD චිත්‍රපටියක් ලෙස නිකුත් වුණු මේ චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ Justice League: Warworld කියලයි.

ඉතින් Tomorrowverse ගැන දන්නේ නැති අයට ඉක්මනින්ම ඒ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්නම්. DCAMU කියන එක දන්නවා ඇති නේ. DCAMU හෙවත් DC Animated Movie Universe කියන්නේ DC මගින් නිකුත් කරන ඔක්කොම Animated චිත්‍රපට සිද්ධ වෙන විශ්වයයි. මේක පටන් ගත්තේ 2013 වසරේ නිකුත් වුණු Justice League: The Flashpoint Paradox කියන චිත්‍රපටියත් එක්කයි. මේක අවසන් වෙන්නේ 2020 වසරේ Justice League Dark: Apokolips War කියන චිත්‍රපටියෙන්. ඒක අවසාන වෙන්නේ Flash අලුත් flashpoint එකකින් මුළු විශ්වයම reboot කරලා. Tomorrowverse කියන්නේ මේකෙන් එන අලුත් විශ්වයයි.

ඉතින් මේ DC Tomorrowverse continuity එකට අයත් චිත්‍රපටි දැනට 6ක් පළ වෙලා තියෙනවා.

· Superman: Man of Tomorrow

· Justice Society: World War II

· Batman: The Long Halloween Part 1

· Batman: The Long Halloween Part 2

· Green Lantern: Beware My Power

· Legion of Super-Heroes

· Justice League: Warworld

ඉතින් කලිනුත් කිව්වා වගේ මේක තමයි ඒකේ හත්වෙනි චිත්‍රපටිය. මේ වෙනකොට IMDb දර්ශකයේ 5.3ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester විසින්. Jensen Ackles (Batman), Ike Amadi (Martian Manhunter), Troy Baker (Jonah Hex), Darren Criss (Superman), Stana Katic (Wonder Woman) යන අය කටහඬින් දායක වෙනවා.

ඉතින් මේක Legion of Super-Heroes ෆිල්ම් එකේ post-credit scene එකත් එක්ක කෙලින්ම සම්බන්ධයි. ඒකෙදී අපට දකින්න ලැබුණ නේ සුපර්මෑන්ව සහ බැට්මෑන්ව අභ්‍යවකාශයෙන් ආව කිරණයකින් එක පාරටම පැහැර ගන්නවා. ඒකෙන් පස්සේ එයාලට වුණේ මොනවද, ඒක කළේ කවුද, ඒ මොන හේතුවකටද කියන එක මේකෙදි අපට හොයාගන්න පුළුවන්. ඊට එහා මොනවත් කියන්න බෑ මොකද කතාව ස්පොයිල් වෙන්න පුළුවන් නිසා. 😁

Warworld (DC)

ඉතින් චිත්‍රපටියේ මාතෘකාවෙම තියෙන නිසා Warworld කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලම ලිපිය ඉවර කරන්නම්. Young Justice බලලා තියෙන අයට නම් මේක මොකක්ද කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නෑ. කොහොම නමුත් කොමික්වල ‘යුධ ලෝකය’ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

Warworld හෙවත් ‘යුධ ලෝකය’ සැලකෙන්නේ DC විශ්වයේ තියෙන බලවත්ම සහ විනාශකාරීම ආයුධවලින් එකක් හැටියටයි. කොටින්ම කියනවා නම් සුපර්මෑන්ටවත් මේක විනාශ කරන්න බැරි වුණා.

ඉතින් Warworld කියන එක මුලින්ම අපට දකින්න ලැබෙන්නේ DC Comics Presents #27 කියන කොමික් එකේදීයි. යුධ ලෝකය හෙවත් වෝවර්ල්ඩ් කියන්නේ විශ්වයෙන් විශ්වයට ගමන් කරන, ග්‍රහලෝක බොහොම පහසුවෙන් සුන්නද්දූලි කරලා දාන්න පුළුවන්, වාමන තරුවක් (drawf star) තරම් විසාල ආයුධ ගබඩාවක් කියලා කියන්න පුළුවන්. ඒක නිර්මාණය කරන්නේ Warzoons නම් යුද්ධවලට කැමති ජාතියක්. ඒක පාලනය කරන්න නම් ඒකේ පාලකයා සහ යුධ ලෝකය මනසෙන් සම්බන්ධ වෙන්න, නැත්නම් ලින්ක් එකක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මේකෙන් මනසට ඇති වෙන අධික පීඩනය ආදී බලපෑම් නිසා යුධ ලෝකයෙන් හරියට වැඩක් ගන්න කලින් warzoons ලා එකින් එකා මැරිලා යනවා.

ඊටපස්සේ මේ යුධ ලෝකය හොයාගන්නවා “ලාර්ගා” නමින් හඳුන්වන සාමයට ප්‍රිය කරන ජාතියක් විසින්. එයාලා කොච්චර උත්සහ කරත් මේක විනාස කරන්න බැරි වෙනවා. ඉතින් එයාලා ඒක program කරනවා විශේෂ ක්‍රිස්ටල් යතුර නැති කෙනෙක්ට ඒක මත පය තියන්න බැරි වෙන්න. ඊටපස්සේ එයාලා ඒ ක්‍රිස්ටල් යතුර අඟහරු වැසියන් අතරේ හංගනවා. Martion Manhunter ඒක ආරක්ෂා කරලා තියාගන්න පොරොන්දු වෙනවා.

Mongul කියන පිටසක්වළ අධිරාජයා ඒ යතුර අරගෙන යුධ ලෝකයේ පාලනය අතට ගන්නවා. සුපර්මෑන් සහ සුපර්ගර්ල් එයා එක්ක සටන් කරාම එයාලට තේරෙනවා ක්‍රිප්ටෝනියානුවෙක්ටවත් යුධ ලෝකයත් එක්ක හැප්පෙන්න බෑ කියලා. ඒත් සුපර්ගර්ල් ගණනය කරන්නවත් බැරි තරම් වේගයෙන් ඒක හරහා යද්දී සුපර්මෑන් ගිහින් යුධ ලෝකය ස්වයං-විනාශ වෙන්න program කරනවා. ඉතින් අන්න එහෙමයි එයාලා යුධ ලෝකය පරාද කරන්නේ. සුපර්මෑන්ම කියන විදියට, යුධ ලෝකය විනාශ කරන්න පුළුවන් යුධ ලෝකයට විතරයි. ඉතින් ඒකෙන්ම පැහැදිලියි නේ Warworld එක කොච්චර බලගතු ආයුධයක්ද කියන එක.

එහෙම නම්, මෙතනින් ලිපිය අවසන් කරන්නම්. ෆිල්ම් එක බලන්නකෝ. ඊළඟ උපසිරසියෙන් හමුවෙන් බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,700 downloadsDownload Justice.League.Warworld.2023.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,700 downloadsDownload Subtitles36 KB

9 comments

  1. Anonymous

    thanks for the sub

    1. Anonymous

      thanks

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. nithin

    muchas gracias hermano...

  4. Anonymous

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  5. Gamage

    Thank you Very much for sub

  6. Prasanga

    thanks

  7. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි මල්ලි උපසිරැසියට...☺☺♥♥

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P