සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හත…

සුබ දවසක් ඔබ සැමට. ට්වයිලයිට්, කියන්නේ පුංචි කඟවේනෙක්. එතකොට ස්පයික් කියන්නේ පුංචි මකරෙක්. දැන් ඔයාලා බලයිද දන්නෙ නෑ My Little Pony කියලා තිබුණට මේකෙ පෝනියෝ නැද්ද කියලා. පෝනියෝ ඉන්නවා. බහුතරය නියෝජනය කරන්නේ පෝනියෝ. නමුත් මේ කතාවට අනුව කඟවේනුත් ඉන්නවා. ටෙම්පස්ට් කියන්නෙත් කඟවේනෙක්. මෙයා තමා මේකෙ හතුරා.
ඉතින් ටෙම්පස්ට් වැඩ කරන්නේ ස්ටෝම් කින්ග් එහෙම නැත්තම් කුණාටු රජුට. මේ ට්වයිලයිට් ඉන්නේ එක්වෙස්ට්‍රියාවේ. මේ එක්වෙස්ට්‍රියාව කුමරියන් 4දෙනෙක් පාලනය කරනවා. එක්කෙනෙක් තමා ට්වයිලයිට්.ටෙම්පස්ට් ඇවිල්ලා මේක ආක්‍රමණය කරනවා කුණාටු රජුගෙ අණකට අනුව.ඒ ආක්‍රමණය කරලා ප්‍රධාන කුමාරිකාවන් තුන්දෙනෙක් අල්ලගන්නවා. ඊටපස්සේ මේක බේරගන්න හිපොග්‍රිප්ස්ලා ගාවට යනවා. ඔය යන අතරමගේදි ටෙම්පස්ට් මෙයාලා පස්සෙන් එනවා. ගොඩක් බාධක දුෂ්කරතා හමුවේ මේ ගමන ඉදිරියටම යනවා. ඉතින් ගමනේදි බොහෝ අය එයාලට හම්බවෙනවා. අන්තිමේදි විශාල අරගලයකින් පසුව මේ කුණාටු රජුව පරද්දනවා. ඉතින් මේ රජුව පරද්දන්න මේ අයට ගොඩක් කට්ටිය උදව් වෙනවා. උදව් වෙන්නෙ කවුද කියලා බලන්නනම් චිත්‍රපටය බලන්නම වෙනවා.
ඉතින් චිත්‍රපටය ගන්න ඔයාලට අපේ Baiscopedownloads අඩවියට හරි කුමක් හෝ අඩවියකට යන්න වෙනවා. සමහරවිට ඔයාලා ගාව මේක ඇති. මොකද චිත්‍රපටිය ඇවිල්ලා දැන් ගොඩක් කල්. නමුත් මේකට ගැලපෙන නිවැරදි උපසිරසියක් ලැබෙන තුරු බලාන හිටියත් ඒත් හරිහමන් එකක් ආපු නැති නිසා දෝෂ සහිත උපසිරසියක් අරගෙන දෝෂ නිරකරණය කරගනිමින් Listening & Writing තාක්ෂණයත් උපයෝගි කරගනිමින් මේ උපසිරසිය කළා. වැරදි කිව්වට ගොඩක් වැරදි තිබුනෙත් නෑ කඩ්ඩ උපසිරසියේ.
My Little Pony The Movie 2017 චිත්‍රපටියේ විස්තර ටිකක් කියන්නම්. මේ නිර්මාණය එලි දැක්වුනේ 2017 ඔක්තෝබර් 6වෙනිදා. පැයයි විනාඩි 39ක කාලයක් ධාවනය වන මේ චිත්‍රපටයට IMDB මනාප 3157කින් 6.3ක අගයක් ලැබිලා තියනවා. කුණු තක්කාලියෝ 46%ක අගයක් දීලා තියනවා. Animation, Adventure, Comedy යන කාණ්ඩවලට අයත්වෙනවා. බොක්ස් ඔෆිස් ආදායම ලෙස $21,732,671ක ඉහළ ආදායමක් ලබලා තියනවා.
අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.
තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ baiscopeshop.com වෙබ් අඩවියට පිවිසීමයි.
උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
2,089 downloadsDownload My-Little-Pony-The-Movie-2017.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
12 comments
Kulanjana Maduranga
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........malith madhushan
අම්මෝ ස්තුතියි සහෝ මේක දෙනකන් බලන් හිටියේ වෙලාවක් ලැබුන ගමන්ම බලනවා ඉස්සරහටත් කරමු ජය වේවා
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
Udara Damith B/K
එල
මන් නම් ගත්තා ටි සර්ට් එකක්
නියමයි ඒවා
තව අනිත්වඩිසයි
න්ලි මුත් එක ගැනේ ගන්ඩ ඕනි
වැඩේ තියෙන්නේ අපේ ටවුමේ කොමෂල් බැංකුවක් නෑ
යන්ඩ ඕනි හෙන දුර
ගිය දවසක් සල්ලි දාල ගන්නවා
නියම වැඩක්Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!සචින්ත කල්හාර බෙනට්
Thank you.
Pasindu P Kongahawaththa
මේවා මට download කරන්න බෑනේ.කරන හැම විදියටම බැලුවා.plz කෙහොමද download කරන්නේ???
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SP
Thanx. Nice film.
Sudeepa4638
Thank you.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……