My Oxford Year (2025) Sinhala Subtitles වසරේ ආදරණීය සිනමා අත්දැකීමක් ලෙස 2025 වසරේ අගෝස්තු පලවෙනිදා සිට Netflix ඔස්සේ අප වෙත සමීප වන “My Oxford Year” චිත්‍රපටය , හුදෙක් තවත් එක් ආදර කතාවක් නොවේ. එය බලාපොරොත්තු, සිහින සහ ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳව අපව නැවත සිතන්නට පොළඹවන සිනමාපටයකි…
My Oxford Year (2025) Sinhala Subtitlesවසරේ ආදරණීය සිනමා අත්දැකීමක් ලෙස 2025 වසරේ අගෝස්තු පලවෙනිදා සිට Netflix ඔස්සේ අප වෙත සමීප වන “My Oxford Year” චිත්‍රපටය , හුදෙක් තවත් එක් ආදර කතාවක් නොවේ. එය බලාපොරොත්තු, සිහින සහ ජීවිතයේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳව අපව නැවත සිතන්නට පොළඹවන සිනමාපටයකි.
“My Oxford Year” චිත්‍රපටය දිගහැරෙන්නේ සිය ජීවිතය පිලිබඳව පැහැදිලි සැලැස්මක් ඇති, අධිෂ්ඨානශීලී ඇමරිකානු තරුණියක් වන ඇනා වටාය. ඇයගේ ලොකුම සිහිනය වන්නේ ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමයි. එම සිහිනය සැබෑ කරගනිමින් ඇය එංගලන්තයට පැමිණෙන්නේ සිය අනාගතය පිලිබඳව බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය.
ඇයගේ සැලැස්ම වූයේ අධ්‍යාපනය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වුවද, දෛවය ඇයට වෙනත් සැලැස්මක් සූදානම් කර තිබිණි. ඔක්ස්ෆර්ඩ්හිදී ඇයට අතිශයින්ම ආකර්ෂණීය, බුද්ධිමත් මෙන්ම විනෝදකාමී තරුණයෙකු මුණගැසෙයි. මෙම හමුවීමත් සමඟ ඇනාගේ පිළිවෙළකට සකස් කර තිබූ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු වේ.
චිත්‍රපටය පුරා අපට දැකගත හැකි වන්නේ, තම අරමුණු සහ අනපේක්ෂිත ලෙස හදවතට සමීප වන ආදරය අතර ඇනා දෝලනය වන ආකාරයයි. ඇය සිය ජීවිත කාලය පුරාම දුටු සිහිනය හඹා යනු ඇත්ද? නැතහොත් මේ හදිසියේ පැමිණි ආදරයට ඇගේ ජීවිතයේ ඉඩ ලබා දෙනු ඇත්ද?
“Purple Hearts” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් සෝෆියා කාසන් (Sofia Carson) ඇනා ලෙසත්, “Queen Charlotte: A Bridgerton Story” හි රංගනයෙන් ජනප්‍රිය වූ කෝරි මයිල්ක්‍රීස්ට් (Corey Mylchreest) ඇයගේ හදවත සොරාගන්නා තරුණයා ලෙසත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. , එය හුදෙක් ආදර කතාවක් පමණක්ම නොවේ. එය ජීවිතයේ අනපේක්ෂිත බව, තෝරාගැනීම් සහ සැබෑ සතුට යනු කුමක්දැයි අපට මතක් කර දෙන සංවේදී සිනමා අත්දැකීමකි.
IMDB 6.1 අගයක් සලකුණු කල My Oxford Year චිත්‍රපටය, මනරම් ඔක්ස්ෆර්ඩ් නගරයේ හා ඔක්සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දර්ශන තල පසුබිම් කරගත් මෙම චිත්‍රපටය, ආදරය සහ විනෝදය පමණක් නොව, ජීවිතයේ ගැඹුරු පාඩම් ද ප්‍රේක්ෂකයාට තිළිණ කරනු ඇත. ඔබ ආදර කතා රසිකයෙක් නම්, මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි. කතාවේ ඉදිරිය කුමක් වේදැයි කුතුහලයෙන් යුතුව බලා සිටීමට සලස්වන “My Oxford Year”, ඔබේ සිනමා මතකයන් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගනු නොඅනුමානයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
3,260 downloadsDownload My-Oxford-Year-2025.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
My Oxford Year (2025) Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
3 comments
Buddhika laKMal
Viraj
Thanks
Kasun
Thanks and F1 movie sub nuth denda ikmanata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි ඉෂාන් සහෝ මේකට සබ් දුන්නට......
කාලෙකින් රොමෑන්ටික් එකක්...