Watch Trailer

Jurassic World Rebirth (2025) Sinhala Subtitles | මිනිසා වෙනුවෙන් දැවැන්තයන් සොයා යාම [සිංහල උපසිරැසි]

Jurassic World Rebirth (2025) Sinhala Subtitles අතීත කාමය ඒ 1995 අවුරුද්ද. මට එතකොට වයස අවුරුදු 7 යි. දෙක වසර පන්තියේ හිටියේ. මගේ අක්කාට අවුරුදු 11 ක් විතර. එයා දවසක් ඇවිල්ලා කිව්වා අන්න Jurassic Park (1993) චිත්‍රපටය පෙන්වනවා කැමති නම් ගිහින් බලන්න කියලා. පොඩි කාලේ ඉඳන් ඩයිනෝසර පිස්සුව තිබුන මට Ju…

Jurassic World Rebirth (2025) Sinhala Subtitles

අතීත කාමය

ඒ 1995 අවුරුද්ද. මට එතකොට වයස අවුරුදු 7 යි. දෙක වසර පන්තියේ හිටියේ. මගේ අක්කාට අවුරුදු 11 ක් විතර. එයා දවසක් ඇවිල්ලා කිව්වා අන්න Jurassic Park (1993) චිත්‍රපටය පෙන්වනවා කැමති නම් ගිහින් බලන්න කියලා. පොඩි කාලේ ඉඳන් ඩයිනෝසර පිස්සුව තිබුන මට Jurassic Park චිත්‍රපටය නොබලා ඉන්න හේතුවක් තිබුනේ නැහැ. ඉතින් මම තාත්තා එක්ක ගියා කොල්ලුපිටියේ Liberty සිනමා ශාලාවට. දැවැන්ත තිරයකින් T-rex සහ අනෙක් ඩයිනෝසරයන් දැක්කම මට ඇති උනේ සතුට වගේම බය එකතු උන හැඟීමක්. මට අදටත් ඒ අත්දැකීම අමතක නැහැ. 

Jurassic Park Universe

1993 දී ආපු Jurassic Park චිත්‍රපටය 1995 අවුරුද්දේ ලංකාවේ තිරගත උනාට, 1997 දී ආපු The Lost World නම් ලංකාවේ සිනමා ශාලාවක තිරගත උනා කියලා මට මතකයක් නැහැ. චිත්‍රපටයේ අධ්‍යක්ෂක Steven Spielberg උනත් The Lost World චිත්‍රපටයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. හැබැයි පුද්ගලිකව මම නම් The Lost World චිත්‍රපටයට ගොඩක් කැමතියි. අදටත් මම වැඩිම වාර ගණනක් බලපු චිත්‍රපටය The Lost World තමයි. මේ දෙවෙනි චිත්‍රපටය Steven Spielberg අධ්‍යක්ෂණය කරපු අවසාන චිත්‍රපටය උනා. මින් පස්සේ ඒ කියන්නේ 2001 අවුරුද්දේ Jurassic Park තුන් වෙනි කොටස ආවා. මට අනුව නම් The Lost World තරම් වත් මේ චිත්‍රපටය සාර්ථක නැහැ. Joe Johnston අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය නම් ලංකාවේ තිරගත උනා. හැබැයි මම නම් බලන්න ගියේ නැහැ.

මේ Jurassic Park ත්‍රිත්වය (Trilogy) එකට පස්සේ Colin Trevorrow ගේ අධ්‍යක්ෂණය යටතේ Jurassic World (2015) චිත්‍රපටය නිර්මාණය උනා. මුල්ම වතාවට මුහුදු ඩයිනෝසරයෙක් (Mosasaurus) අපිට දැක ගන්න ලැබුනේ මෙන්න මේ චිත්‍රපටයේ තමයි. මින් පසුව 2018 අවුරුද්දේ J. A. Bayona විසින් Jurassic World: Fallen Kingdom ද නැවතත් Colin Trevorrow ගේ අධ්‍යක්ෂණය යටතේ Jurassic World Dominion (2022) ද නිර්මාණය උනා. අද මම උපසිරැසිය අරන් එන Jurassic World Rebirth (2025) අධ්‍යක්ෂණය කරේ Gareth Edwards. 

 

ලැබූ ආදායම අනුව චිත්‍රපට පෙළගැස්වීම

Jurassic Park සහ Jurassic World චිත්‍රපට ලැබූ ආදායම අනුව පහත පරිදි අපිට පෙළගස්වන්න පුළුවන් (මූලාශ්‍රය – Box Office Mojo).

·       Jurassic World (2015) – $1.671 billion

·       Jurassic World: Fallen Kingdom (2018) – $1.310 billion

·       Jurassic Park (1993) – $1.104 billion (including later re‑releases)

·       Jurassic World: Dominion (2022) – $1.001 billion

·       Jurassic World: Rebirth (2025) – $727.3 million (ජූලි මස අග වන විට තත්වය)

·       The Lost World: Jurassic Park (1997) – $618.6 million

·       Jurassic Park III (2001) – $368.7 million

Isla Nublar සහ Isla Sorna දූපත්

 Jurassic Park පළමු චිත්‍රපටයේ ඩයිනෝසරයන් ජීවත් උනේ Isla Nublar කියලා හැඳින්වෙන මනඃකල්පිත දූපතක. මේ දූපත Site A වශයෙනුත් හැඳින්වෙනවා. ඒ වගේම The Lost World සහ Jurassic Park තුන් වෙනි චිත්‍රපටයට පදනම් උනේ Isla Sorna කියන මනඃකල්පිත දූපත. එතකොට මේ දූපත Site B වශයෙනුත් හැඳින්වෙනවා. Jurassic World චිත්‍රපට මාලාව නැවත Isla Nublar දූපත පදනම් කරගෙන නිර්මාණය කිරීම සිදු වූවා. හැබැයි Jurassic World Rebirth චිත්‍රපටයට නම් පදනම් උනේ Île Saint-Hubert කියන මනඃකල්පිත දූපතයි.

 

Jurassic World Rebirth චිත්‍රපටය ගැන කෙටි සටහනක්

2008 අවුරුද්දේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ජාන විකෘති කිරීම් ද සහිතව අලුත් ඩයිනෝසර විශේෂ බිහි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යනවා. මේකේ ඵලයක් විදිහට Distortus Rex කියන අති බිහිසුණු විකෘති ඩයිනෝසරයා නිර්මාණය වීම සිද්ධ වෙනවා. 

  Distortus Rex ගැන කෙටි හැඳින්වීමක්

මේ මධ්‍යස්ථානයේ සිදුවන යම් සිද්ධියකට පස්සේ 2025 අවුරුද්දේ මාටින් ක්‍රෙබ්ස් (Rupert Friend) කියන ඖෂධ සමාගමක විධායකවරයෙක් සෝරා බෙනට් (Scarlett Johansson) කියන හිටපු හමුදා නිලධාරිනියව හමු වෙනවා ලොකු උදව්වක් බලාගෙන. ඒ Île Saint-Hubert දූපතට ගිහින් ඩයිනෝසර විශේෂ වල ලේ සාම්පල ලබා ගන්න. මේ සාම්පල කිරීටක ධමනිය හා සම්බන්ධ හදවත් රෝගයකට ඖෂධයක් හදන්න තමයි එයා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ලේ සාම්පල ලබා ගැනීම සඳහා හොඳම ඩයිනෝසර විශේෂ තුනක් ඉන්නවා කියලා ගමනට එකතු වෙන හෙන්රි ලූමිස් (Jonathan Bailey) කියනවා. ඒ උපදෙස් අනුව මේ තුන් දෙනා Île Saint-Hubert දූපතට ගිහින් කරන වික්රමාන්විතය තමයි සරලව මේ කතාව තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.

ඉහත කියපු චරිත වලට අතිරේකව ඩන්කන් කින්කේඩ් (Mahershala Ali), සහ තවත් නළු නිළියන් කිහිප දෙනෙකු මේ කතාවේ සැලකිය යුතු කාලයක් රංගනයේ යෙදෙනවා.

කතාව සම්බන්ධයෙන් හොඳ නරක කවලමේ අහන්න ලැබෙනවා. කතාවේ ඇති සරල බව, Distortus Rex වැඩිපුර දකින්න නොලැබීම කියන කාරණා දෙක තමයි වැඩි දෙනාගේ අකමැත්තට හේතු වෙන්නේ. හැබැයි ගොඩක් අය (මමත් ඇතුළුව) මීට කලින් ආපු Jurassic World: Dominion (2022) චිත්‍රපටයට වඩා නම් මේකට හොඳ කියනවා.

සුපුරුදු විදිහට Universal Pictures සමාගමත් Amblin Entertainment සමාගමත් එකතු වෙලා කරපු මේ නිර්මාණය පැය දෙකකුත් විනාඩි 13 කට ආසන්න වෙලාවක් ධාවනය වෙනවා. IMDb අගය 6.2 ක් වගේම Rotten Tomatoes අගය 51% ක් එකකුත් මේ වෙනකොට ලබාගෙන තිබෙන මෙය Action/Sci-fi කාණ්ඩ වලට තමයි වැටෙන්නේ.

ලේ සාම්පල වලට තෝරා ගන්නා ඩයිනෝසරයන්

Mosasaurus

මියුස් විලේ කටුස්සා (lizard of the Meuse River) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Mosasaurus මම කලින් කිව්වා වගේ කරලියට ආවේ Jurassic World පළමු චිත්‍රපටය හරහායි. මීට අවුරුදු මිලියන 82 ත් 66 ත් අතර කාලයකට පෙර ජීවත් උන මේ මාංශ භක්ෂක සත්වයා බරින් ආසන්න වශයෙන් කිලෝ 10,000 ක් පමණ වෙනවා.

Titanosaurus

අති විශාල කටුස්සා (titanic lizard) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Titanosaurus ශාක භක්ෂක සත්වයෙක්. මෙයා ජීවත් උනේ මීට අවුරුදු මිලියන 145 ත් 66 ත් අතර කාලයකට පෙරයි. බරින් ආසන්න වශයෙන් කිලෝ 13,000 ක් පමණ වෙනවා. ඉතා දිගු වලිගයකට හිමිකම් කියයි.


Quetzalcoatlus

පිහාටු ඇති සර්ප දෙවියා (feathered serpent god) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Quetzalcoatlus, පක්ෂී ගණයට අයත් මාංශ භක්ෂක ඩයිනෝසරයෙක් වන මෙයා නම් සාපේක්ෂව වැඩිය බර නැහැ. ඒ කියන්නේ කිලෝ 200 ත් 250 ත් අතර බරක් තමයි මෙයාට තියෙන්නේ. ජීවත් උනේ මීට අවුරුදු මිලියන 72 ත් 66 ත් අතර කාලයකට පෙරයි.

පිදුම

මගේ 75 වෙනි උපසිරැසිය වන මෙය බයිස්කෝප් රසික රසිකාවන්ටත්, උපසිරැසිය කරන්න මට අවස්ථාව දුන්න ඇඩ්මින් විමා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත්, සහෝදර උපසිරැසි කරුවන්ටත් මෙලෙසින් පිළිගන්වනවා.

එහෙනම් නැවත හමුවෙමු.

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා ලබා දි ඇත.

 

21,080 downloadsDownload Jurassic-World-Rebirth-2025.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Jurassic World Rebirth (2025) Sinhala Subtitles

Subtitles

21,080 downloadsDownload Subtitles51 KB

15 comments

  1. Bimsara Yashan (ඔලිව)

    වෙඩි වගේ සබ් එක ගෙනාවනේ කොහොම හරි. වේගවත් සිංහල උපසිරැසියට වගේම මේ සවිස්තරාත්මක ලිපියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Tharindu

    Thank you very much

  3. Kevin D...

    Thank You !!

  4. Sahan Gayantha

    thanks a lot Chamikara saho sub ekata

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  6. Buddhika laKMal

    උපසිරැසියට වගේම සුපිරි ලිපියටත් බොහෝම ස්තූථියි සහෝ......

  7. Sandeep Madushan

    Thanx saho.. superb sub

  8. NPL

    Thanks

  9. Visal Ashintha

    Thnx for the sub

  10. Anonymous

    බොහෝම ස්තුතියි.

  11. Anonymous

    Thank you very much

  12. Nishantha Zemo

    BluRay 1080p Yts.Mx අවාම එකටත් සහෝදරයා සිංහල උපසිරැසි ලබදෙන්න මම බලගෙන ඉන්නවා

  13. Thisara Prabhath Senarathne

    Thanks bro

  14. Harshana Atapattu

    Thanks for sub brother. Keep it up

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.