Watch Trailer

My Spy (2020) Sinhala Subtitles | පුංචි මොළකාරී. [සිංහල උපසිරසි]

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න හොඳම කාල…

කට්ටියට කොහොමද? මේ දවස් වල ස්වයං නිරෝධායනය වෙලාම පන ගහින් ඇති නේද? ගේ ඇතුලේ, මිදුලේ කැරකෙන ගමන්, කාල, බීලා ඔහේ වාත වෙන අය වගේම සමහර අය අත්‍යවශ්‍ය සේවා කියල වැඩටත් යනවා (මමත් එහෙමයි). ඒ අතරේ ලැබුණු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඇත්තටම මේ කාලය තමන්ගේ නිර්මාණශීලී බව පරීක්ෂා කරන්න හොඳම කාලයයි. කතාවක් ලියන්න, සිංදුවක් කියන්න, සිංදුවක් ලියන්න, චිත්‍රයක් අඳින්න දැන් නම් ඕන තරම් වෙලා තියෙනවා. ඒ අතරේ වෙනදාට වඩා නිදහසේ චිත්‍රපට බලන්නත් ගොඩක් අයට අවස්ථාව ලැබිල තියෙනවා.

ළඟ ළඟම උපසිරැසි හදල මට නම් ඇත්තටම මහන්සියි. ඒ උනත් ආපහු කාර්ය බහුල උනාම මේ වැඩේ කරන ටිකක් අමාරු වෙන නිසා මේ දවස් වල පුළුවන් තරම් සහ කාලය ලැබෙන තරම් උපසිරැසි හදන්න හිතුවා. මගේ 31 වෙනි උපසිරැසිය විදිහට දෙන්න හිටියේ මේක නෙමෙයි. ඒත් මේක 2020 එලි දක්වපු චිත්‍රපටයක් නිසාත් මාස තුනකට සැරයක් අපිට ලැබෙන චිත්‍රපට ලැයිස්තුවෙන් ඉල්ලා ගත්ත එකක් නිසාත්, කර කර හිටපු එක කල් දාල මේක කරන්න ගත්තා. මේ චිත්‍රපටය මට කරන්න බාර දුන්න සිසිල ප්‍රසාද් සහ උපසිරැසිය කරන්න කියලා මාව දැනුවත් කරපු හසන්ත වික්‍රමරත්න ඇඩ්මින් ඩබලවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.

එහෙනම්, කතාව ගැන පුංචි අදහසක් දෙන්නම්. My Spy (2020) චිත්‍රපටය මං දකින්නේ ෆෘට් සැලඩ් එකක් විදිහට. ඒ කියන්නේ මේක Action, Comedy, Romance, Drama කියන හැම වර්ගීකරණයක්ම නියෝජනය කරනව. කතාවට අනුව ජේජේ (Dave Bautista) කියන්නේ CIA (Central Intelligence Agency) එකේ නියෝජිතයෙක්. එයා හැමදේම අතින් පයින් විසඳ ගන්න හදන නිසා, ඒකට වැඩිය කැමති නැති එයාගෙ ලොක්ක එයාව වෙනස් වැඩකට යොදවනවා, බොබී (Kristen Schaal) කියන තාක්ණයට බර පිස්සු කෝච්චියත් එක්ක. එතැනදී එයාලට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. ඒ පරමාණු අවි හදල තමන්ගේම සහෝදරයා (මාකස්) අතින් මැරුම් කාපු මිනිහෙක්ගේ, කේට් (Parisa Fitz-Henley) කියන නෝනයි එයාගෙ දුව සොෆී (Chole Coleman) දිහයි ඇහැ ගහගෙන ඉන්න. ඒ මාකස්, කේට් ගෙ ගෙදරට ඇවිත් එහෙ හංගල තියන පරමාණු අවි සැලසුම් අර ගනිද්දී මිනිහව කොටු කර ගන්න හරි, කේට්ව ඒ සම්බන්ධයෙන් සැක කරන්න පුළුවන් නම් ඒ ගැන CIA එක දැනුවත් කරන්න හරි තමයි. හැබැයි කේට් ගේ දුවගේ මොළේට ජේජේ වගේම එයාගෙ යාළුවා බොබී දෙන්නම අහු වෙනවා. සොෆී කියන්නේ ඒ තරම් දක්ෂ, කටකාර ළමයෙක්. එහෙම උනත් සොෆී ඉන්නේ හරිම දුකෙන්. ඒ එයාව ඉස්කෝලේ ළමයි ගණන් ගන්නේ නැති නිසයි, අම්මට එයාව බලා ගන්න වෙලාවක් නැති නිසයි, ඒ වගේම මැරුණු තාත්තා නපුරු මිනිහෙක් උන නිසයි. සොෆී නිසා ජේජේ ගෙ වගේම සොෆී ගෙ අම්මගේ ජිවිතේ වෙනස් වෙන හැටි මේ කතාවෙන් කියවෙනවා. අර මං කලින් කිව්ව විදිහට මේ චිත්‍රපටය ෆෘට් සැලඩ් එකක් වගේ නිසා පවුලේ හැමෝටම බලන්නත් පුළුවන්.

My Spy (2020) අධ්‍යක්‍ෂණය කලේ Peter Segal. චිත්‍රපටයේ IMDb අගය 5.8 ක් වෙනවා. මේ දවස් වල පැතිරිලා යන කොරෝනා වයිරස කතන්දරේ නිසා ලෝකයේ රටවල් ගොඩක සිනමා ශාලා වල තිර ගත කරන්න තිබ්බ අවස්ථාවක් මේ වෙනකොට චිත්‍රපටයේ අයිතිකරුවන්ට මග හැරිලා තියෙනවා. නමුත් ගෙදර ඉඳන් බලන්න කැමති අයට මං මේ හදපු සිංහල උපසිරැසිය එක්ක හිනා වෙන ගමන් කතාව රස විඳින්න පුළුවන්. එහෙනම්, ලබන සතියේ ආපහු හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා.

හැමෝටම ජය.!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

16,250 downloadsDownload My.Spy_.2020.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,250 downloadsDownload Subtitles55 KB

39 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ... නියමයි.... කම්මැලිකමේ හිටියේ හොඳ ෆිලුමක් නැතුව.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා..... දෙවි පිහිටයි....

  2. Shaggie

    දෙනකන් හිටියෙ..සබට බොහොම ස්තූතියි සහෝ

  3. Rukshan37

    Els

  4. malithmadhushan45

    සුපිරියක් තමා දෙනකන් හිටියේ සහෝ
    සබට ස්තුතියි

  5. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  6. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  7. Tharindu

    Like.a.boss 2020 film ekatath subtitles oneee

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. indika75

    thanks..

  10. Sajithlakshan

    thanks ........................

  11. bhanukarasanga

    Thanks

  12. akalankagayan

    Thnx ......

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. Kolitha4

    Thanx bro ...

  15. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  16. D.Chamara

    bohoma sthuthi ..

  17. ANK

    The Last Full Measure
    2019 මේකෙත් subtitle එක කරන්න පුළුවන්ද යාලුවා

  18. Kavinu

    කාලෙකට පස්සේ, මුල ඉඳන් අග වෙනකන්ම හිනා වෙවී ආතල් එකේ ෆිලුමක් බලන්න හම්බුණා...
    ස්තූතියි උපසිරැසියට!
    නියමෙටම වැඩේ කරලා තියෙනවා...
    මේ දැන් තමයි චිත්‍රපටිය බලලා ඉවරයක් කළේ...
    ජය වේවා!!!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Madhawa thiwanka

    Tnx bro, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

  21. Supun M. Hettigoda

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    තෑන්ක්ස් කිව්වා... ජයම..!!

  22. Dewadithya

    Thanks for sub!

  23. Sandeepmadushan

    Sub eka supiri..ela bro

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  25. Pramukmili

    Thanxx bro.....................

  26. Hiran Eranda

    thanks for sub

  27. podda

    thanks macho

  28. Amila Mudalige

    Sub ekata Thanks

  29. දසිත චාමික

    thanks sub ekata! jaya!

  30. MAALnath

    Thanks ...............good luck ................

  31. Anonymous

    Thanks bro

  32. mindika

    Thanks !!!!!!!!!!

  33. Nishanfernando

    Thanx bro

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  35. Anonymous

    thanks

  36. Gihan

    Sub ekata Thanks Saho

  37. priyan99

    Thanks bro sub ekata.jaya wewa

  38. එල්.සී. දමැල්

    ස්තුතියි උපසිරසට. මෙන්න ගන්නව.

  39. Sahan Gayantha

    thanks wewa saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.