ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආපහු තෙලිඟු චිත්‍රපටියකට සබ අරන් ආවා. මං දන්නවා හැමෝම මේ දවස් වල ගොඩක් කම්මැලිකමින් ගෙදරට වෙලා ඉන්නේ කියලා. මොකද කිව්වොත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම රටවල් වල ඇති වෙලා තියෙන වසංගත තත්වය නිසා. ඒ සෞඛ්‍ය උපදෙස් අ…

ආයුබෝවන් කියලා පිළිගන්නවා බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ආපහු තෙලිඟු චිත්‍රපටියකට සබ අරන් ආවා. මං දන්නවා හැමෝම මේ දවස් වල ගොඩක් කම්මැලිකමින් ගෙදරට වෙලා ඉන්නේ කියලා. මොකද කිව්වොත් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම රටවල් වල ඇති වෙලා තියෙන වසංගත තත්වය නිසා. ඒ සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදින්න කියන පණිවිඩයත් එක්ක අපි යමු චිත්‍රපටිය පැත්තට. තවත් ආදර කතාවක් තමයි මං ඔයගොල්ලොන්ට අරන් ආවේ. චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ, 2019 ඔක්තෝබර් 8 වෙනිදා.
මේකේ ප්‍රධාන නිළිය විදිහට රගපාන gargeyi yellapragada ගේ පළවෙනි චිත්‍රපටිය තමයි මේ evarikee cheppoddu කියන්නේ. ඒ හින්දා පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා කියලා ඔයාලට චිත්‍රපටිය බලන අතරේ තේරේවි. ඒ වගේම තමයි චිත්‍රපටියේ ප්‍රධාන නළුවා විදිහට රගපාන්නේ bahubali 2 චිත්‍රපටියේ bhallaladeva’s ගේ චරිතයට රගපෑව Rakesh Varre විසින්. මේ චිත්‍රපටියට IMDb මීටරේ 7.3 ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි google පරිශීලක ප්‍රතිචාර 95%ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු.
හාරතී ගැන මුලින් කියලා ඉන්නම්කෝ. මෙයාලගේ පවුලේ කුලය ඉහළ තත්වයක තියෙන නිසා හාරතීගේ තාත්තා පොඩි කාලේ ඉදන් හාරතීට එයාලගේ කුලයට අයිති මිනිස්සු එක්ක ඇරෙන්න, පහත් කුලයේ අයත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා කියලා අවවාද කරනවා. මේ දේවල් හාරතී අහපු නැති නිසා, හාරතීව වෙන ස්කෝලයකට පවා මාරු කරන්න හාරතීගේ තාත්තා තීරණය කරනවා. මේ දේවල් නිසා හාරතී හිටියේ ගොඩක් දුකින්. ඒ වගේම තමයි, හාරතී තරුණ වයසට එනකොට එයාට හරියන විවාහයක් කරලා දෙන්න ගොඩක් අමාරු වුණා. මොකද කිව්වොත් හාරතීගේ පවුලේ කුලයට හරියන කෙනෙක් එක්ක මිසක්, වෙන කුලයක කෙනෙක් එක්ක විවාහ වෙන්න හාරතීගේ තාත්තා ඉඩ නොදීපු නිසා. ඉතින් හාරතීට මෙහෙම මනමාලයෙක් හොයන්න අමාරු එයාගේ කේන්දර දෝෂයක් නිසා කියලා හාරතීගේ නැන්දා කියනවා. ඒ දෝෂයට හරියන්න පූජාවක් කරන්න හාරතීගේ පවුලේ අය තීරණය කරනවා. ඊට පස්සේ හරී ගැන කියන්නම්. මෙයාටත් විවාහයක් හරියන්නේ නැත්තේ කේන්දර දෝෂයක් නිසා කියලා මෙයාගේ අම්මා අර හාරතී එන පූජාවට සහභාගී කරවනවා. එතනින් තමයි ඉතින් කතාව පටන් ගන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ හාරතීට වඩා හරීගේ කුලය පහළ තත්වයකයි තිබුණේ. ඉතින් මෙතනින් එහාට කතාව කිව්වොත් චිත්‍රපටියේ බලන්න දෙයක් නැතිවෙනවා. ඒ නිසා මං අදට නවතින්නම්. ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.
4,626 downloadsDownload Evvarikee.Cheppoddu.2019.Baiscopelk.com_.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් රවින්ද්‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
9 comments
Kantha_DLA
Anonymous
aiyoo sub wada nathoooo
asanka sidukalum
sap banna bana
asanka sidukalum
sab banna ba
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
naveen
Subtitlle eka hariyata weda ne machan
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
තව තෙලුගු ටිකක් බස්සමු...
දිගටම සබ් දෙමු ආ... ජය!
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!