Watch Trailer

Mystic River (2003) with Sinhala Subtitles | අබිරහස් ගංතෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තරමක් දිගු නිහැඬියාවකට පස්සෙ මම ආයෙත් ඔබ වෙත උපසිරසි නිර්මාණයක් ගෙන එනවා. මේකත් මිනීමැරුමක් සම්බන්ධ කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. Mystic River (2003) චිත්‍රපටය ගොඩනගා තිබෙන්නෙ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන Dennis Lehene අතින් රචනා වුණු Mystic River නම් කෘතිය පාදක කරගෙනයි. මේ චිත්‍රපටය ගැන බයි…

Mystic River (2003)

ඔන්න තරමක් දිගු නිහැඬියාවකට පස්සෙ මම ආයෙත් ඔබ වෙත උපසිරසි නිර්මාණයක් ගෙන එනවා. මේකත් මිනීමැරුමක් සම්බන්ධ කතාවක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. Mystic River (2003) චිත්‍රපටය ගොඩනගා තිබෙන්නෙ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන Dennis Lehene අතින් රචනා වුණු Mystic River නම් කෘතිය පාදක කරගෙනයි. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ ලිපියක් පලවෙලා තිබුණත්, සිංහල උපසිරසි නිකුත් කර තිබුණේ නැහැ. මේක ටිකක් පරණ චිත්‍රපටයක් වුණත් මුල සිට අගටම කම්මැලි නැතුව කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන්. IMDb දර්ශකයේ 8/10 ක අගයක් ලබාගෙන තියෙන බව කිව්වම, මේක සුපිරිම චිත්‍රපටයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මිනීමැරුම් විමර්ෂණය කිරීම් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට වලට කැමති අයට මේක හොඳට රසවිඳින්න පුළුවන්.

දැන් මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නෙ.1975 වසරේ එක් දවසක පුංචි ළමයි තුන්දෙනෙක්, ඒ කියන්නෙ ජිමී, ඩේව් සහ ෂෝන් කියන තුන්දෙනා බොස්ටන් නගරයේ විදියක සෙල්ලම් කරමින් ඉන්නකොට එතනට එන පොලිස් නිලධාරීන් යැයි හඳුන්වා දෙන පිරිසක් විසින් ඔවුන්ගෙන් එක ළමයෙක් වන ඩේව්ව රැගෙන යනවා. ඉන්පසු ඔවුන් ඔහුව දින හතරක් රඳවා තබාගෙන අතවරයට ලක්කරනවා. නමුත් කෙසේ හෝ ඔහු එතනින් පැනලා එනවා. කාලයත් සමඟ ඒ ළමුන් වැඩිහිටියන් බවට පත්වෙනවා. කාටත් මේ සිද්ධිය අමතක වෙනවා.

එයින් වසර විසි අටකට පස්සෙ වෙන දේවල් තමයි මේ චිත්‍රපටයේ ඉන්පසුව දිගහැරෙන්නෙ. එදා පුංචි ෂෝන් අද මැසචුසෙට්ස් පොලිසියේ රහස් පරීක්ෂක නිලධාරියෙක්. ඩේව් සහ ජිමිත් තවමත් අසල්වැසියන් ලෙස බොස්ටන් වලම ජිවත් වෙනවා. ඒත් එදා වගේ සමීප මිතුරන් ලෙස නෙවෙයි. හිටිහැටියේම ජිම මාකම්ගේ දියණිය වන කේටි අතුරුදන් වෙනවා. ඇයගේ මෝටර්රථය අත් හැර දමා තිබියදී පොලිසියට හමුවෙනවා. දිගින් දිගටම ඇය ගැන සෙවීම් කළත් ඇය ගැන තොරතුරක් නැහැ. අන්තිමට අවාසනාවන්ත ලෙස පොලිසියට හමුවන්නේ, ඝාතනයට ලක්ව ඇති ඇගේ මළසිරුරයි.

දහනව හැවිරිදි කෙල්ලෙක්ව මෙහෙම ඝාතනය කළේ කවුද? එහෙම කරන්න හේතුව මොකක්ද? කාටත් ප්‍රශ්නයක්. මේ ගැන පොලිසිය දියත් කරන පරීක්ෂණ අතරතුර ඇයගේ පෙම්වතාත්, ජිමීලගේ අසල්වැසියෙක් වන, කුඩා කාලයේ අපචාරයට ලක්වුණු ඩේව්ත් මේ අපරාධයට සැක කරුවන් බවට පත් වෙනවා. ඇත්තටම කුඩා කාලේදී අවාසනාවන්ත ලෙස අපචාරයට ලක්වුණු කෙනෙක් පසු කලෙක ළමා අපචාර කරන්නෙක් හෝ මිනිමරුවෙක් බවට පත් වෙන්න පුළුවන්ද? මේ චිත්‍රපටයෙන් ඒ ගැන යම් අදහසක් ඉදිරිපත් කරන්න උත්සහ කරලා තියෙනවා. ආවේගශීලි බවෙන් අන්ධවෙලා හදිසි තීරණ ගැනීමෙන් මිනිස්සු කරන විනාශයන් ගැන මේ චිත්‍රපටයේ අපුරුවට පෙන්වනවා.

ඇත්තටම පොලිසියට කේටිගෙ මිනීමරුවා සොයා ගැනීමට හැකි වේවිද? මේ ගැන දැනගන්න නම් ඔබට චිත්‍රපටය බලන්න වෙනවා. මිනිස් ජීවිත දිහා වෙනස් වෙනස් දෘෂ්ටි කෝණ වලින් බලන්න සලස්වන ලස්සන සිනමා නිර්මාණයක්..

Mystic River, මුල්වරට තිරගත වුණේ 2003 ඔක්තෝබර් 15 වැනිදා. නොමඳ විචාරක පැසසුමට ලක්වුණු මේ චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් මිලියන 156.8ක ආදායමක් ලබා ගත්තේ, එහි නිෂ්පාදන වියදම වන ඇමෙරිකන් ඩොලර් මිලියන 30ක මුදල මෙන් පස් ගුණයද අතික්‍රමණය කරමින්. 1959 දී නිපදවුණු Ben-Hur චිත්‍රපටයෙන් පසු ප්‍රථම වරට, Academy Awards සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයත් (Sean Penn විසින්), හොඳම සහය නළුවාට හිමි සම්මානයත් (Tim Robins විසින්) යන සම්මාන දෙකම එකවර දිනාගැනීමට Mystic River සමත්වුණා. ඔබ මේ චිත්‍රපටය නරඹන විට ඔබට පෙනේවි Sean Penn ට හොඳම නළුවා සම්මානය ලැබෙන්න හේතුව. කැටීගේ තාත්තා විධියට ඔහු ඉදිරිපත් කරන රංගනය අතිවිශිෂ්ටයි. මේ චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය (Clint Eastwood විසින්), හොඳම සහය නිළිය ආදී තවත් සම්මාන ගණනාවකට නිර්දේශ වුණා.

මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා

  • Sean Penn – ජිමී මාකම් ලෙස
  • Tim Robins – ඩේව් බොයිල් ලෙස
  • Kevin Bacon – ෂෝන් ඩිවයින් ලෙස
  • Emmy Rossum – කැටී මාකම් ලෙස
  • Tom Guiry – බ්‍රෙන්ඩන් හැරිස් ලෙස
  • Laurence Fishburne – වයිටි පවර්ස් ලෙස
  • Marcia Gay Harden – සෙලෙස්ටි බොයිල් ලෙස
  • Laura Linnery – ඇනබෙත් මාකම් ලෙස
  • Spencer Treat Clark – නිහඬ රේ හැරිස් ලෙස

මේක භාරගෙන සෑහෙන කලක් වුණත් මගේ කාර්යබහුල බව හින්දා ඉවර කරන්න ටිකක් කල් ගියා. කොහොම වුණත් අනුවේදනීය සත්‍ය කතාවක් අන්තර්ගත වෙන නිසා මම මේක ටික ටික හරි කරලා ඉවර කළා. මතක හැටියට මේක මගේ දහහතර වැනි උපසිරැසි නිර්මාණය වෙනවා. මේ දක්වා මම එවපු උපසිරසි නිර්මාණ බයිස්කෝප් අඩවියේ පල කරපු, ශාන් විමුක්ති සහෝදරයා ඇතුළු බයිස්කෝප් අඩවියේ සහෝදරයන් හැමෝටම මම හෘදයාංගම ස්තුතිය පළ කරන්න ඕනෙ.

මේ ලබා දී ඇති උපසිරසි Mystic.River.2003.720p.BrRip.YIFY පිටපතට අදාළ වෙනවා. ඔයාලට ” Mystic.River.2003.720p.BrRip.YIFY torrents” කියලා google search කරලා අදාළ torrent එක හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. .

මේකත් බාගෙන බලන්නකො !! අමතක නොකර Comment එකකුත් දාලා යන්න! එච්චරයි අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ!! 😛 😛 නැවතත් අළුත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!
ඔබට ජය වේවා!!


කලින් පල වූ ලිපිය

අද ඔබවෙන අරගෙන ආවෙ ලොව ජනප්‍රියම චිතරපට 250 අතුරින් 239 වැනි ස්ථානයේ තිබෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියයි..ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 41ක් දිනාගෙන තියෙනව මේ ෆිල්ම් එක..නාට්‍යමය අබිරහස් ෆිල්ම් වලට ආස ඔයාල හැමෝම මේකට කැමති වෙයි..

මෙන්න මෙහෙමයි මේ නිර්මාණය දිගහැරෙන්නෙ..එක්තරා කාලයක ඉන්නවා කුඩා පිරිමි ළමුන් තිදෙනෙක්,මොවුන් දිනක් සෙල්ලම් කරමින් ඉන්නකොට වාහනයකින් පැමිණෙන පොලිස් නිලධාරියෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් විසින් මේ තිදෙනාගෙන් එක් ළමයෙක් පැහැරගන්නව..පසුව මේ ළමයා ඔහුත් ඔහුගේ සගයනුත් අතින් අපයෝජනයට ලක් වෙනව..මේ ළමය දින ගනනාවකට පසු අපයෝජකයන්ගෙන පලායන්න සමත් උනත් මේ සිදුවීම ඔහුගේ ජීවිතයට තදින් බලපානව..දැන් වර්තමානයේ..දැන් මේ ළමයි තියෙනාම ලොකුයි..මොවුන් දැන් විවාහ වී තම තමන්ගේ ද රු පවුල් සමගින් එම නගරයේම ජීවත් වෙනව..මේ අතරතුර මේ එක් යාලුවෙක්ගේ දියණිය අභිරහස් විදියට මැරුම් කරනව..මෙතැන් සිට කතාව වෙනත්ම මගක් ගන්නව..මේ මිණීමැරුම වටා තමයි කතාව ගෙවෙන්නෙ..

අපිට හිතන්න යම් දෙයක් ඉතුරු කරමින් ගලාගෙන යන මේ කතාව බොහොම ලස්සන එකක්..අපරාධ,අභිරහස්,ත්‍රාසජනක නාට්‍යමය යන වර්ගවල චිත්‍රපටි ප්‍රිය කරන හැමෝටම ගැලපෙන කතාවක්..

Mystic River (2003) on IMDb

 

 

 

සියලුම BR පිටපත් සඳහා මෙම උපසිරැස අදාළ වේ.

7,152 downloadsDownload Mystic-River-2003.zip69 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

Subtitles

7,152 downloadsDownload Subtitles69 KB

70 comments

  1. chamila

    ත්‍රාසජනක නාට්‍යමය ඒවා ටී.වී එකේ බලලම එපා වෙලා බන් :D

  2. anon

    හලෝ මචන් කොහොමද?
    එළකිරි වැඩේ
    දිගටම කරපන් :) :)

  3. DragonD

    බලන්න කම්මැලි නෑ නේද ?

    අර මම කියපු විදිහෙ අන්තිමට පිස්සු හැදෙන ෆිල්ම් එකකුත් දන්නෝ !

  4. kolla

    niyamai guroo banawooo thanks machoo

  5. පොතේ ගුරා

    @chamila !අෆොයි.. :( ඛේදනීය පුවතක්!

    @anon ! තැන්කූ මචෝ.. :)

    @DragonD ! ඇයි බන් Zodiac එහෙම ෆිල්ම් එකක්නෙ.. :) මේකත් එළ!

    @kolla !එළකිරි සහෝ.. :)

  6. gani01

    Ela macho.
    me Film akath Dan DL karanawa.

  7. Kesara

    film වලට subtitles දාන්න පුළුවන් soft ware මොනවද ? අපි හදන උපසිරැසි ෆයිල් ෆිල්ම් එකට දාලා DVD විදියට බර්න් කරන්න පුළුවන් soft ware මොනවද ? මේ සයිට් එකේ තියෙන හැම ෆිල්ම් එකම වගේ අපි බා ගෙන බලනවා. මේකත් අනිවා බානවා... ස්තුතියි !..

  8. අනූ

    මේක හොඳ ෆිල්ම් එකේ ප්ලොට් එක හොඳයි හැබැයි ඉවර වෙන විදිය නං මට එච්චර ඇල්ලුවෙ නෑ. අන්තිමට අහිංසක මිනිහට කිසිම දෙයක් නැති වෙලා යනව.

  9. අනූ

    මචං සයිට් එක ටිකක් ස්ලෝ වෙලානෙ. මොකද ඒ?

  10. Lahiru Randika

    @අනූ ::::හැ‍ම‍ වේ‍ලා‍වෙ‍ම‍ අ‍හං‍ස‍ක‍යා‍ දි‍නන‍ ෆි‍ල්‍ම්‍ බ‍ල‍න්‍න‍ත්‍ එ‍පා‍ මො‍ක‍ද‍ එ‍ත‍කො‍ට‍ ත‍මං‍ගේ‍ ජී‍වි‍තෙ‍ත්‍ එ‍හෙ‍ම‍ කි‍ය‍ලා‍ හි‍තෙ‍න‍වා‍.. ටි‍ක‍ක්‍ වෙ‍න‍ස්‍ වි‍දි‍ය‍ක‍ ඒ‍ ව‍ත්‍ බ‍ල‍න්‍න‍ ඕ‍න‍..

    @ගු‍රා‍ :::: හැ‍ම‍දා‍ම‍ ව‍ගේ‍ මේ‍ක‍ත්‍ ඕ‍න‍න‍ බා‍න්‍න‍ ය‍න්නේ‍ .. තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍ කී‍වා‍ ඔ‍න්‍න‍..

    REQ..
    ගු‍රා‍ ::: කෝතාම හොල්මං ෆිල්ම් 1ක් බලන්න හම්බුන් නැද්දෝ...??..

  11. සමන්

    මචෝ ගුරෝ..... අපයෝජනය කියන්නේ මොකක්ද බන්.......?

  12. සක්වලයා

    @ගුරා,
    මචෝ, උඹේ blog archive එක කොහෙද තියෙන්නේ? මේ සයිට් එකේ tags හරහා යන්නෙ නැතුව පරණ ලිපි බලන්නේ කොහොමද? මට මේක මේ සයිට් එකේ හොයාගන්න බැරිවුනානේ :(
    උඩ තියෙන "ලිපි ලැයිස්තුව" ලින්ක් එකට ගියහම error එකක් එනවා මෙන්න මෙහෙම :O Fatal error: Allowed memory size of 33554432 bytes exhausted (tried to allocate 72 bytes) in /home/baiscop/public_html/wp-includes/post.php on line 3234

    උදව්වක් දීපන්කෝ!!!

  13. Uraj Deemantha

    ගුරා දානවා අපි බානවා..... :D ගුරා දානවා අපි බානවා...... :P

    මේක කවදා ඉවර වෙයිද මන්දා...... :P

    අද මම DVD පැක් එකක්ම ගත්තා මේවා write කරන්න....... :D

  14. Uraj Deemantha

    ගුරෝ thepiratebay.org වැඩ කරන්නේ නෑ වගේ දැන් .......!! :(

  15. Nilufe

    Link is no working ...

  16. Akila DJ

    තවත් Clint Eastwood ++ ලගෙ වැඩක් :)
    පට්ටම පට්ට ෆිල්ම් එකක්.
    කියන්න වචන නෑ!...

  17. Akila DJ

    @Kesara
    DVDRips(avi,mkv,rmvb..) නැවතත් DVD video වලට හැරවීම
    සහ
    Soft Subs(Srt,Sub,Idx+Sub...) HardSub කිරීම අත්‍යාවශ්‍ය නම් පමණක් සිදු කරන්න!

  18. Kesara

    @පොතේ ගුරා
    බොහොමත්ම ස්තුතියි ! මම හදන උපසිරැසි උඹලටත් දෙන්නම්.
    @Akila DJ
    Thanks machun ok !

  19. Vita

    MAxxa machoo !! KEEP up the good work

  20. DareDevil

    බානවා කියලා මෙහෙමත් බාන්න පුළුවන්ද? මට දැන් එපාවෙලා තියෙන්නේ...

  21. Nilufe

    Hey thanks :) now itz working....

  22. shiwantha

    niyamai machan :)
    thanx a lot

  23. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා. නිවාඩු මාසේම අතපසු වෙච්ච ඒවා ටික බලන්නත් එපැයි.

  24. randi

    great movie ....

  25. indunil

    onna hariiiiiiiiiii

  26. Rukshan

    sinhala sub na ne??

  27. ravi

    මදැයි මේකට සබ් ගන්න කියලා ආවා.

  28. mithun

    සබ් කො මෙකෙ

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති කේසර සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. saradi

    බොහොම ස්තුතියි !

  31. pasindu

    XL3JHZHWUY6VSSMVKJMYKBDOCNAULHAA

  32. Dimal

    baf693e4f6a63d594995525985046e1341459c00

  33. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. ප්‍රබුද්ධ කේසර විතානගේ

    ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. අළුත් උපසිරසියකින් නැවත හමුවෙමු! :) :)

  35. sanath indika

    thx broo

  36. indika

    Thn Q...

  37. sisira kumara herath

    elakiri bro..oya dena films mare maru

  38. venuka

    film ekata wagema link eka deepu yaluwatath thanxxxx..........

  39. ashan lankanath

    thanks

  40. ricado

    classic movie & tks for the sub god bless u all.............

  41. risith

    the game 1997 movie sub eka tynwd? tynw nm link eka dennakoo

  42. wiki

    Thanks

  43. nidi

    Prabuddha,

    විශිෂ්ටයි
    ප්රබුද්ධයි
    ප්රබුද්ධගෙ
    වැඩ රහයිි!

    කුතුහලය උපරිමයි
    රංගනෙත් සුපිරිමයි
    හිතෙන දේ සිදු නොවෙයි
    අවසානෙ මල් හතයි!

    රසිකයන් පිනවන්න
    තව තවත් සබ් දෙන්න
    ඉඩ හසර ලැබේවා
    පතන්නෙමි මම නිතින!

  44. Sahodaraya

    Thank sahodaraya jaya wewa

  45. pathumprasanga

    thanks bro

  46. kasun@rko

    Elama broo

  47. Amalka Himeshan

    Thanks sub ekata

  48. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  49. Lakshan1327

    Thanks bro

    1. susitha Sewmina

      Thanks bro

  50. Anonymous

    thanks for sub

Load more comments