ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2015 නිකුත් වුනු ලස්සන කොරියානු චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. මේ මගේ දෙවනි එක. මේ වගේ එකකට සබ් එකක් කරන්න ආසවෙන් ඉඳියේ. ඉතින් කොරියන් ඒවට විශේෂයෙන් කැමති අය ඉන්නවනම් මෙන්න ලස්සන කතාවක්. මුලින්ම ටිකක් ප්‍රහසනාත්මක ස්වරූපයක් තිබුනත් නළු නිළියන් ගේ චරිත වල ස්වභාවයත් එක්කම ච…

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි,
2015 නිකුත් වුනු ලස්සන කොරියානු චිත්‍රපටයක් තමයි අරගෙන ආවෙ. මේ මගේ දෙවනි එක. මේ වගේ එකකට සබ් එකක් කරන්න ආසවෙන් ඉඳියේ. ඉතින් කොරියන් ඒවට විශේෂයෙන් කැමති අය ඉන්නවනම් මෙන්න ලස්සන කතාවක්. මුලින්ම ටිකක් ප්‍රහසනාත්මක ස්වරූපයක් තිබුනත් නළු නිළියන් ගේ චරිත වල ස්වභාවයත් එක්කම චිත්‍රපටය මැදක් වෙනකොට සංවේදී ස්වරූපයක් ගන්නවා. කතාව ගැන කියනවනම්…
කොහොමද උදේට නැගිටලා කණ්ණාඩියෙන් මූණ බැලුවහම මීට කලින් කවදාවත් දැකල නැති කෙනෙක් දැක්කොත්…? සමහර විට මැදිවියේ පෙනුමක් තියෙන කෙනෙක්, නැත්නම් පොඩි එකෙක්, එහෙමත් නැත්නම් ලස්සන ගැහැනු ළමයෙක්…!! මේ චිත්‍රපටියේ ඉන්න කෙනා ඒ කියන්නෙ වූ ජින් නම් එහෙම කෙනෙක්. එයා අවදිවෙන වතාවක් ගානෙ වෙනස් වෙනවා. යාලුවෝ බලල තියෙනවනේ අමුතු බලයක් තියෙන නැත්නම් හොල්මන් එක්ක ගනුදෙනු කරන වගේ කොරියන් චිත්‍රපට සහ මාලා නාටක. මේකත් ඒ විදිහෙ එකක්. මේකෙනම් මේ සිදුවීම නිසා මෙයා ගොඩක් අපහසුවෙන් තමයි ජීවිතේ ගෙවන්නේ. වූජින් කියන්නේ ගෘහ භාන්ඩ නිර්මාණ ශිල්පියෙක්. වූජින්ගෙ අම්මා දන්නවා මෙහෙම වෙන්න හේතුව. ඒත් එයා ඒක හංගනවා. කොහොමහරි එයාට හම්බවෙනවා ගෑනු ළමයෙක්. එයාගෙ හිත තදින්ම ඇය වෙත ඇදිල යනවා. දවසක මේ දෙන්නා මුණගැහෙනවා.. ඒ දෙන්න ආදරයක් පටන් ගනීද… ඇයගේ හිතත් වූජින්ට ගොඩක් ලං වෙලා… වූජින්ගෙ මේ ප්‍රශ්නෙ එයා දැන ගනීද… ඒක හංගන්න නම් වූජින් නිදාගන්නෙ නැතුව ඉන්න ඕනෙ. ඒත් එයාට එහෙම ඉන්න පුලුවන් වෙන්න නෑ. එයාට නින්ද ගිහින් එයා වෙනස් කෙනෙක් වෙනවා. ඒත් එයාට ගෑනු ළමයව අමතක කරන්න බැරි වෙනවා.දිගින් දිගටම ස්වරූපය වෙනස් වෙන නිසා පටන් ගත්තු ආදරේ එක්කම එයත් ලොකු කරදරේක වැටෙනවා.කොහොම හරි එයා ආයිත් ගෑනු ළමයා හොයාගෙන යනවා.. ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නේ…? වූජින් ගේ ප්‍රශ්නේ දැන ගත්තම ඇය මොනවා කරයිද ? ඇයටත් ඔහුව අමතක කරන්න බැරි තරමට හිතට ලං වෙලා.. මේ දෙන්නාගේ ආදරය නිසා දෙන්නටම ගොඩක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා. ඔවුන්ගේ ආදරයට කෙබඳු වේවිද…? ඇය වෙනුවෙන් ඔහු මොනවගේ තීරණ ගනීද? ඒ තීරණ වලට ඇය එකඟ වෙයිද?
මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඒ කියන්නේ වූජින් ගේ චරිතයට නළු නිළියන් 123ක් රඟපෑමෙන් දායක වෙනවා. තරුණ, වැඩිහිටි, කාන්තා පිරිමි හා ළමා චරිත ඊට ඇතුලත්. සම්මාන උලෙල කිහිපයකදීම සම්මානයට පාත්‍රවුනු සිනමා පටයක්. උසස් මට්ටමේ සිනමා සංගීතයක් අඩංගු වෙලා තියෙනවා.ඉතින් මේක ලස්සන ආදර කතාවක්. හැමෝටම බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. තවත් එකක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම නවතින්නවා.
ඔබට ජය!!
The.Beauty.Inside.2015.BRRip.720p.x264.AAC-PRiSTiNE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,566 downloadsDownload The.Beauty.Inside.2015.Baiscopelk.com_.rar38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉෂාර සම්පත්
Subtitles
22 comments
kavinda
asanka
බොහොම ස්තූතියි සහෝ
තිසර නියෝ
උපසිරැසියට තුති ඉෂාර සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun Upeksha
9E20F73E0FF9B4572C87AC51ACE18AC3E1EE64EC
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි සහෝ
එල ෆිලුමක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Sajith
Thanks for the SUB
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Krishan NiShalya
niyamayi thanks ...
Good Luck !!!රොයිලි
බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pabasara
txxx sub ekata .puluwannam thawa korean sub tikak denna balanna.
Menu
Lassana kathawak :) Thank you so much!!!
pabasara
thxx sub ekata.wenasma kathawak.
ricadodamien
Thank U Ishara brother & baiscope team for the sub, all the best to baiscope team............
sasanka
thanks for the sub
ASELAHATHTHOTUWA
THANK YOU
Sung Jin-Woo
Ane me sub file eka extract wenne nane me file eke awulak puluwan nm eka harigassanako
Ravindu Heshan - Admin
Dan Wada
Chami.S
Thanks..
Good Luck..Today ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/beauty-inside-2015-brrip-720p-x264-…nilantha
thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.