ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..! ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..! නැතුව ඔයා ඉන්න වතාවරණය හින්දා ඒක වෙන්න බෑ.! මොකද වතාවරණය කියන දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..! වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි අපේ ඇතුලේ තියෙන චරිතය.! හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ල…

ජිවිතේ ඔයා මොන කෙනෙක් වෙන්න හිතුවත්..!
ඒක ඔයාගෙම තේරීම වෙන්න ඕන..!
නැතුව ඔයා ඉන්න වතාවරණය
හින්දා ඒක වෙන්න බෑ.!
මොකද වතාවරණය කියන
දේ නිතරම වෙනස් වෙනවා අන්වර්..!
වෙනස් වෙන්නේ නැති එකම දේ තමයි
අපේ ඇතුලේ තියෙන චරිතය.!
හැමෝම බලාගෙන හිටිය අල්ලු අර්ජුන්ගේ අලුත්ම චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. 2018 මැයි 4 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action කියන වර්ගීකරණයට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vakkantham Vamsi විසින්. මෙය ඔහු අධ්‍යක්ෂනය කරන පළමු චිත්‍රපටයයි. සංගීතය Vishal-Shekhar ගෙන්. ප්‍රධාන චරිත වලට සුපිරි නළු Allu Arjun සූර්යා ලෙසිනුත් Anu Emmanuel සූර්යාගේ පෙම්වතිය වර්ෂා ලෙසිනුත් රංගනයෙන් දායකත්වය සපයනවා.මේ වන විට IMDb දර්ශකයේ 7.3 ක් වැනි ඉහළ අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 120 – 130 අතර බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය හින්දියෙන්, දමිළ බසින් මෙන්ම මලයාලම් යන භාෂා වලින් ද හඬකවා ප්‍රදර්ශනය කර තිබෙනවා.
කතාව මෙහෙමයි.! සූර්යා කියන්නේ ඉන්දියානු හමුදාවේ සේවය කරන හමුදා නිළධාරියෙක්. මෙයාගේ එකම හීනේ තමයි දේශ සීමාවට ගිහින් තමන්ගේ ජන්ම භුමියට ආරක්ශාව සැපයීම. හැබැයි මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තරහා පාලනය කරගන්න බැරි කම. ඒක නිසා නිතරම මෙයා තම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උදහසට ලක්වෙනවා. දවසක් රෑක ක්ලබ් එකකදි සිද්දවුන ගැටුමකදි සූර්යා පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්ට ගහලා අතත් කඩලා ඒ පොලිස් නිළධාරියගේ තුවක්කුවත් අරන් යනවා. ඉතින් ඒ ඉන්ස්පෙක්ටර් තමන්ගේ තුවක්කුව ඉල්ලගන්න සූර්යාගේ අණදෙන නිළධාරිතුමා ලඟටම යනවා.ඉතින් අණදෙන නිළධාරිතුමා ඇතුලු කණ්ඩායමක් සූර්යාගේ මේ ප්‍රශ්නය ගැන විභාග කරන්න පටන් ගන්නකොටත් සූර්යා ඒ තුවක්කුවෙන් වැඩකුත් අරන් ඉවරයි..! ඉතින් ඒ ප්‍රශ්නය විභාග කරන මොහොතේදි පවා සූර්යාට තමන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඉදිරියේදිත් තමන්ට එන ක්ෂණික කෝපය පාලනය කරගන්න බැරිව යනවා.
ඉතින් හමුදාවකදි එහෙමත් නැතිනම් විනය කියන දේ 100% කටත් වඩා තියෙන්න ඕන තැනකදි කෝපය පාලනය කරගන්න බැරි මේ සූර්යාට මොන වගේ අර්බුධ වලට මුහුණ පාන්න සිදු වෙයිද? ක්ෂනික කෝපය නිසා තමන්ගේ ආදරය පවා අහිමි කර ගන්නා සූර්යාගේ දේශ සීමාවට යන හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද? එසේනම් ඒ සිදූවීම් පෙල හා බැඳුනු මේ අලංකාර සිනමා පටය නරඹා රසවිඳිම ප්‍රේක්ෂක ඔබට සැමට භාරයි.
අවසානයට කියන්න ඕන, ටිකක් ප්‍රමාදවෙලා හරි මේ චිත්‍රපටයට උපසිරැසිය අරන් ආවේ M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා අයියත් එක්ක එකතු වෙලා මේ වෙන තෙක් අන්තර්ජාලයට ඉංග්‍රීසී භාෂාවෙන් හෝ වෙනත් කිසිඳු භාෂාවක උපසිරැසියක් මේ චිත්‍රපටය සඳහා නිකුත් වෙලා තිබුන නැති නිසා කාල රාමුත් හදාගෙන සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් විදියට පරිවර්තනය කරලා. ඉතින් ඒකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. තරිඳු අයියට විශේෂයෙන් ස්තූති කරන්න ඕන වැඩ රාජකාරි අස්සේ ගොඩක් මහන්සි වෙලා, මං කරපු කොටසෙත් අඩුපාඩු බලලා ඉතාමත් හොඳ ගුණාත්මකභාවයෙන් මේ උපසිරැසිය බයිස්කෝප් සිංහලෙන් රසිකයින් වෙත අරන් එන්න මහන්සි වුනාට. එහෙනම් හැමෝටම චිත්‍රපටය බලලම අදහසක් පල කරන්න කියලත් මතක් කරමින් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip / HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
46,085 downloadsDownload Naa-Peru-Surya-Na-Illu-India-2018.zip121 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට සහ “ ශසිත් සඳරුවන් (සඳේ) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
121 comments
00sanoj00
Eranga Sandaruwan
තද තද..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා...Chathura_sam
සුපිරි..බොහොම ස්තුතියි සහෝ!! ජය!!
Avindu Umesh Gunasinghe
nx sub ekata!!
Tharindu_Vidusha
Tharindu aiye shashith aiye thanks sub ekata jaya wewa...!!!digtama sub karamu..gid bless you..!!!
Hkasun
thanx bro sub ekata.. digatama karanna.. bs..
tsmgodfather
ownload link eka thinawada...thnx mcn sub ekata
Sanjeewa2010
thnxxxxxxxxxxxxxxx
නවින් නිසල්
අම්මෝ.. ඉක්මනට දුන්නට පින්
kavishka_malitha
ftta sub eka thnx oyta
Eranda Malith 2.0
Suba ekata thanks mcn.
Thamizh padam 2010 film ekata sub krpn mcn. Jayawewa!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයakila1993
thnx bro....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ප්‍රසාද් රත්නායක (Prasad)
fattama tnx
Suresh Madhusanka
Fatta bro.......elz great job....excellent jaya wewaa...!!!
dsdkavishka
Elama thenks
Kulanjana Maduranga
subata thanks sahola.....keep it up....
IndunilN
Thanks for sub
Indunil kavindu
thanx bro sub ekt....godak asawen balanna balan hitiye sub eka denakan...
Indunil kavindu
Puluwan nam yuddham sharanam,yuddha bhoomi,chal mohan ranga films wala sub eka diyanko...godak kal idan balan inne
herathchathu
ela balan hitiye danakam ... thanks broooo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජය.ADKHSK
bohoma sthuthi sub ekata. thawath mewani upasirasi kireemata haki wewa. jaya wewa.
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ........
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝලා දෙන්නටම..අල්ලුගේ ෆිලුමක් කොහොම මගහරින්නද.. වෙලාවක් ලැබුන ගමන් අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා මචන්ලා.....
chanaka47
එලම wedak.. thanks bro sub ekata hada pathlenma..
TharakaWAS
Subata thanks bro...!!!
jaya wewa....!!!Dc shan
Ela
MudithaDissanayaka
good job tharidu
madushangamage
thankes
madushangamage
thankes broooo
vertex89
Hoda Action Movie ekak..........patta machan.Thanks for subtitle
thilz
thank youu 4 the sub
Chirantha Deshapriya
Thanx sub එකට broo
NuwanK
Thank u guys...
Hemal
Thanls for ur time guys
kodagoda
tnx sahoo meka enakan hitiye
Lahiri
thankz saho
sasala
upasirasa denakan balaagenahitiye thanks
arunasmunasinghe
Thanka saho pattah aaa
biskopsub
අපි වෙනුවෙන් කාලය වැය කරල සබි කරාට ගොඩක් තෑන්ක්ස්.
LahiruPriyankara
Thanks bro
djduma
thank you
pradeep darshana
thank you
nisala_d
Than you bro...!!!
shanuka.manohara
බලාගෙන හිටපු සබ් එකක් තැන්ක්ස් බ්‍රෝ
werasirinanda
patta macho ela ela
oshanda
thanx sahoo...
Theshan077
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

SUPER MACHAN