Watch Trailer

The Extraordinary ජර්නි ඔෆ් ෆකීර් (2018) Sinhala Subtitle | අජාගේ අපුරු ජිවන චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

2013දී Romain Puértolas කියන ප්‍රංශ ජාතිය ගත් කතුවරයා ලියනවා නවකතාවක්. ඒකෙ නම “L’ extraordinaire voyage du fakir qui était resté coincé dans une armoire Ikéa” කියවගත්තද? 😀 ඊට පස්සේ Sam Taylor කියන පරිවර්තකයා මේක ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා “The Extraordinary Journey of the Fakir Who Got Trapped i…

The Martian (2015)

2013දී Romain Puértolas කියන ප්‍රංශ ජාතිය ගත් කතුවරයා ලියනවා නවකතාවක්. ඒකෙ නම “L’ extraordinaire voyage du fakir qui était resté coincé dans une armoire Ikéa” කියවගත්තද? 😀 ඊට පස්සේ Sam Taylor කියන පරිවර්තකයා මේක ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා “The Extraordinary Journey of the Fakir Who Got Trapped in an Ikea Wardrobe” නමින්. ප්‍රංශ නමේ ඉංග්‍රීසි තේරුම ඕක.මේ හරි අපුරු කතාව Luc Bossi සහ කෘතියේ මුල් නිර්මාණකරු Romain Puértolas දෙන්න එකතු වෙලා තිර පිටපතකට නගනවා. ඒ සියල්ල අධ්‍යක්ෂණය කරන්න බාර වෙන්නේ Ken Scottට. මේක ඇවිල්ල සංකෘතින් බොහොමයක එකතුවක්. ඒ කියන්නේ මේක ඇවිල්ල බෙල්ජියානු-ප්‍රංශ-ඉතාලියානු-කැනේඩියානු-සහ ඉන්දියානු සාමුහික නිෂ්පාදනයක්. නිෂ්පාදක රට විදියට සඳහන් වෙන්නේ ප්‍රංශය. ප්‍රංශ සිනමාව ඇවිල්ලා හරි අපුරු සිනමාවක්. අමුතුම කලාවක්. මතකනේ Amélie (2001) එහෙම.ඉතිං මේ නිර්මාණය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ 2018 ජුනි 1 වෙනිදා ඉඳලා වියදම විදියට ඩොලර් මිලියන 20ක් සඳහන් වෙනවා ඒත් බොක්ස් ඔෆිස් ආදායම නම් හොයාගන්න නැහැ හරි ආකාරයකට.ඒ වගේම කියන්න ඕනා මේ කතාවට IMDB 7.1 ක් ලැබෙනවා. ඒ කියන්නේ ඉහල මට්ටමේ අගයක් 😀 හැබැයි ඉතිං මේකට ආව ඉංග්‍රීසි උපසිරැසිය ඇවිල්ලා “කමින් කලර් නො ගුඩ් අන්ගිරිසියේ එකක්” අඩුගානේ ඉංග්‍රීසියෙන් කියන දේවල්වත් හරියකට නැහැ. ඉතිං ආව උපසිරැසිය හෙමින් හෙමින් අහගෙන කළා දවසට 100 ගානේ වගේ හොඳ එකක් ආව ගමන් සෙනික දීලා දානවා කියල. කොහෙද ෆිල්ම් එක ඇවිල්ලා දැන් සතියකටත් වැඩියි මම හිතන්නේ තාම හොඳ උපසිරසියක් නැහැ. ඒකයි වැඩේ මෙතරම් පමා උනේ නැත්නම් මේක ෆිල්ම් එක එනකල් මග බලන උනන්න ෆිලුමක්. එහෙනම් පොඩ්ඩක් ඒ ගැන විස්තරයට හැරෙමු ආයේ.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය විදියට වැඩි දෙනෙක් දන්නා ධනුෂ් තමා එකතු වෙන්නේ. ඒ නිසාම තමා මම මේක කරන්න බාරගත්තෙත්. මොකද කවදාවත් දනුෂ්ගේ ෆිල්ම් එකකට සබ්ග කරන්න වෙන්නේ නැහැ. කණගාටුවෙන් සහ ලජ්ජාවෙන් උනත් කියන්න ඕනා දනුෂ්ට කැමැත්තක් තිබුනට කවදාවත් දමිල සිනමා පටයකට උපසිරසි ගන්වන්න හරි හැටි දමිල දැනුමක් නැති නිසා තමා එහෙම වෙන්නේ කියල. ඉතිං මේක නිෂ්පාදනය ආරම්භ කරපු කාලේදී කිව්වේ Alexandra Daddario, Uma Thurman සහ Gemma Artertonද මේ සිනමාපටයට සම්බන්ධ වෙනවා කියල. කොහොම නමුත් ඒ වැඩේ නම් උනේ නැහැ. ඒ වෙනුවෙට Bérénice Bejo,Erin Moriarty, Barkhad Abdi, Ben Miller, පිරිස තමා සෙසු ශිල්පින් හැටියට මේ වැඩේට දායක වුනේ.

මේ තමා අජාගේ කතාව. අජා, එහෙමත් නැත්නම් අජටාෂතෘ ලවේෂ් පටෙල් කියන්නේ තනිකඩ අම්ම කෙනෙක්ට ඉන්න එකම සම්පත. අම්ම කරන්නේ ඉන්දියාවේ තියෙන රෙදි සේදුම්පලක රෙදි සෝදන්නියක් විදියට වැඩකරන එක. අම්ම නම් අජාට පොඩි කාලේ කිව්වේ අජා ඉපදුනේ ආශ්චර්යයකින් කියල. හරියට නිකම් රෝස කැලෙන් ඇහින්ද ළමෙක් වගේ කතාවක් ඒක. 😛 ඒත් හැබැයි අම්ම කියනවා අම්මට පැරිසියේ අයිෆල් කුළුන ගාවට යන්න ඕනා කියල. අජාගේ ආසාව අම්මව එහෙ එක්කන් යන එක. මේක ඇවිල්ල හරි අපුරු කතාවක්. ඒ නිසා මෙකතව ගැන මම මෙතනින් එහාට නොකියා ඔයාලට බාර කරන්නම් ඇයි මේ අයිෆල් කුලුන මේ තරම් වැදගත් මොකක්ද මේ ෆිල්ම් එකට මේ නම දාන්න හේතුව ආදී දේවල් ගැන දැන කියාගන්න 😀 

ප.ලි : අපෝ වැඩක් නැහැ කියල නොබලා ඉන්නවා නම් ඉතිං කරගන්නේ ලොකු අපරාධයක්.
ඒ වගේම උපසිරසියේ හින්දි දෙබස් ටික දාල දුන්නු ආසිරි අයියාටත් බොහොම ස්තුතියි.

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BluRay පිටපත් සඳහා ලබා දි ඇත

10,605 downloadsDownload The-Extraordinary-Journey-of-the-Fakir-2018.zip38 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,605 downloadsDownload Subtitles38 KB

10 comments

  1. Lahiri

    thankz saho

  2. Hashan M. Priyadarshana

    Thank you wewa bro sub ekata..
    Jaya wewa!

  3. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  4. තරිඳු ගමගේ

    සබට් තුති සහෝ !!! ජය..!!!

  5. Denuthu

    Thank you...

  6. vihanga_raveen

    බොහොම ස්තුතියි සහෝ. ෆිල්ම් එක හොඳයි වගේ දැනෙනවා!

  7. Juanluis

    Aws elmh

  8. nilusha_udayanga

    Niyamai bro

  9. shaimafouz

    thanks saho !!

  10. Anonymous

    Thanks for the subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.