Watch Trailer

Godzilla, King of the Monsters! (1956) Sinhala Subtitles | ගොඩ්සිලා, රාක්ෂ රජුගේ පෘථිවි ආගමන [සිංහල උපසිරැසි සමඟ]

එක්දාස් නවසිය පනස් ගණන්වලදී බෝනික්කෝ ඇතුළට රිංගලා මිනිස්සු රාක්ෂයෝ විදිහට රඟපාපු Black & White ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කැමතිද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ?? “අප්පෝ! මළ ජරාව.. මොකටද යකෝ දැනට අවුරුදු සීයකට විතර කලින් ආව හද්ද ගොබ්බ කලු සුදු චිත්‍රපටියක් බලන්නේ…ඒ රෙද්දවල් පට්ට කම්මැලීනෙහ්..ඔව්ව…

එක්දාස් නවසිය පනස් ගණන්වලදී බෝනික්කෝ ඇතුළට රිංගලා මිනිස්සු රාක්ෂයෝ විදිහට රඟපාපු Black & White ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න කැමතිද කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ??

“අප්පෝ! මළ ජරාව.. මොකටද යකෝ දැනට අවුරුදු සීයකට විතර කලින් ආව හද්ද ගොබ්බ කලු සුදු චිත්‍රපටියක් බලන්නේ…ඒ රෙද්දවල් පට්ට කම්මැලීනෙහ්..ඔව්වා චිත්‍රපටිද බං”

ඔයත් මෙහෙම කියලා මාරුවෙලා යන එකෙක්නම් කියන්න තියන්නේ ඉතින්, ඔයා මේ මිස් කර ගත්තේ අපූරුම පැය එකහමාරක් කියලා තමයි! අවාසනාවන්තයෝ ගියාවේ..හැබැයි ඔයාට හිතුණොත් මෙච්චර කියන එකේ download කරලම බලන්න ඕනේ කියලා, මන් මුකුත්ම කියන්නෙ නැහැ! Film එක බලල ඇවිත්ම මෙතන comment එකක් දාන්නකෝ.

ඒත් මෙච්චර පරණ චිත්‍රපටියක් හොයා ගන්නේ කොහොමද? අයියෝ.. Biscope downloads වෙබ් පිටුවේ මේ සලරුවේ උපසිරැසියට නියමෙටම ගැළපෙන චිත්‍රපට පිටපත්වල torrent link වගේම direct download linkත් තියෙන නිසා ඒක නම් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ!

1956 අප්‍රේල් මාසේ 27 වනදා ලොව පුරාම තිරගත වීම ආරම්භ කරපු Godzilla, King Of The Monsters සලරුවේ ජනප්‍රියතාව‍ය කෙතරම්ද යත්, 73%ක් දක්වා වූ ගූගල් පරිශීලක ප්‍රතිචාරත් 83% වැනි ඉහළ අගයක Rotten Tomatoes අගයත් මේ බව ඔප්පු කරන්න හොඳම උදාහරණ! තිරගත වීම ආරම්භ වෙලා වසර 62ක් ගත වෙලා තිබ්බත් Godzilla, King of Monsters කියන්නේ තාමත් එකලෙස ජනප්‍රිය චිත්‍රපටයක් බව මතක තියාගත්තොත් හොඳා!

තිරගත වන්නේ 1956 අගෝස්තුවලදී වුණත් ප්‍රථම වරට තැටිගත වන්නේ 1998 මැයි 05 වනදා.. මේ අද්විතීය නිර්මාණය නිර්මාණය වෙලා තියන්නේ Shigeru Kayamaගේ කතාවක් ඇසුරින් Cakieo Muruta හා Joshiro Honda එක්ව ලියන ලද තිර පිටපතක් ඇසුරින්. අධ්‍යෂකවරුන් තමයි Terry Morse හා Terrell Morse ! විනාඩි 78ක ධාවන කාලයකින් යුක්තයි. අයත් වන්නේ විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි වර්ගයට. සීමිත සම්පත් ප්‍රමාණයක් පමණක් තිබුණු, දෘශ්‍ය ප්‍රයෝග භාවිතය ඉතා අවම වුණු විසිවන සියවසේ මැද භාගයෙදී sci-fi චිත්‍රපටයක් ගොඬ නඟීමේ අපහසු කාර්යභාරය, අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිස ඉතා සාර්ථකව නිම කරලා තියෙන බව තේරුම් ගන්න අපහසු නැහැ.

” ටෝනි ස්ටාක්ව දන්නවා වුණාට ඉන්ඩියානා ජෝන්ස්ව දන්නෙ නැත්ද? ඩිකැප්‍රියෝව දන්නවා වුණාට Raymond Burrව Harrison Fordව දන්නෙ නැත්ද? “

රේමන්ඩ් බෆ් පමණක් නෙමෙයි Momoko Chakaranda,Cakashi Shimura,Sachio Kochi,Akira Sakai සහ Akihiko Hirata ආදී විශිෂ්ට සම්මානනීය නළු නිළියන් රාශියක්ද මේ සලරුව තුළ දැකගන්න පුලුවන්. චිත්‍රපටය තුළ දෙබස් තරමටම පසුබිම් කථනයක්ද තියෙන නිසා උපසිරැසි ගැන්වීමේදී එම අවස්ථා දෙකට ඔබින විදිහට භාෂා ශෛලයත් විටින් විට වෙනස් කළා.

කතා කළා මදෑ… දැන් ඉතින් බාගෙනම බලමු. උපසිරැසිය බාන අතරතුරේ තමන්ගේ අදහසත් Comment තීරයේ දානවනම් ඇත්තෙන්ම සතුටු වෙනවා 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,364 downloadsDownload Godzilla-King-of-the-Monsters-1956.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,364 downloadsDownload Subtitles25 KB

16 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Udara Damith Dissanayaka

    මන් මේක බැලුව සිංහල සබ දෙයි කියල හිතුවේ නෑ
    මේ වගේ පරණ එකකට
    නියමයි ආයි බලන්ඩ පුලුවන් මරු හොදේ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  4. geeganagamage

    පරණ වුනාට කමක් නැහැ මේ වගේ සුපිරි ෆිල්ම් දිගටම අරගෙන එන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.

  5. Kulanjana Maduranga

    subata thanks....

  6. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  8. Tharaka

    thanks!!!!!!!!!!!!!!!!!!!

  9. බොබී

    මේ වගේ දුර්ලභ චිත්‍රපටවලට තව තවත් උපසිරැසි ගේන්න. ඔබට ජය.

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  11. NilushaIndrajith

    ඉත්රු Godzilla films ටිකටත් ඔහොම sub දුන්නනං සුපිරි ස්තුතියි සහෝ

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. benukanimsena

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    මේ වගේම තව old is gold ෆිල්ම් ටිකකට සබ් එක දෙමු.

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  15. TharakaWAS

    Thanks for sub...!!!

  16. Anonymous

    Ane ithuru Godzilla film set ekatath sub dena loku udawk

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.