කෝමද කෝමද ඉතින් යාළුවනෙ ඔයාලට? පේන විදියටනම් ඔයාල ඔක්කොමලම ගොඩක් හොදින් වගේ. ඉතින් මම සුපුරුදු පරිදි නිකම්ම නෙමෙයි ආවෙ, මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙනමයි. මේ පාර කතාව ගොඩක් වෙනස් පැත්තකට යන ලස්සන සලරුවක්. ඇත්තටම මේ කතාව ගලාගෙන යන්නේ සුපිරි බල්ලෙක් වටා. ඇයි මම එහෙම කිව්වෙ? ඕගොල්ලන්ටම ෆිල්ම් එක බලාගෙන…

කෝමද කෝමද ඉතින් යාළුවනෙ ඔයාලට? පේන විදියටනම් ඔයාල ඔක්කොමලම ගොඩක් හොදින් වගේ. ඉතින් මම සුපුරුදු පරිදි නිකම්ම නෙමෙයි ආවෙ, මගේ 5 වෙනි උපසිරැසියත් අරගෙනමයි. මේ පාර කතාව ගොඩක් වෙනස් පැත්තකට යන ලස්සන සලරුවක්. ඇත්තටම මේ කතාව ගලාගෙන යන්නේ සුපිරි බල්ලෙක් වටා. ඇයි මම එහෙම කිව්වෙ? ඕගොල්ලන්ටම ෆිල්ම් එක බලාගෙන යද්දි තේරෙයි. බල්ල කියනකොට තමයි මට මතක් වුණේ මගේ ටයිගර්ව… ඒත් මන් ළග දැන් එයා නෑ… මොකද මහ ජරා වෑන් කාරයෙක් එයාව හප්පන් ගියා.. එයා මට හරිම කීකරුයි, හරි කරුණාවන්තයි. මන් කියන ඕනිම දෙයක් එයා කරනව. දවසක් මම බයිසිකලේ කඩේ යන්න හදනකොට ටයිගරුත් මගෙ පස්සෙන් ආව. මන් එන්න එපා කියද්දිත් වලිගෙ වන වන මාත් එක්ක මගෙ බයිසිකලේ පස්සෙන් දුවන් ආව. කරන්න දෙයක් නැතුව මාත් එයාට මගෙ පස්සෙන් එන්න දුන්න. මන් ගියේ පාරෙන් එහා පැත්තෙ තියෙන සී.ඩී කඩේට එවෙළ මන් මගෙ ටයිගර් ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ. මන් පාර පැනල කඩේට එනවත් එක්කම මට ඇහුණ කෙදිරි ගාගෙන කෑ ගහන සද්දයක්. මන් පිටි පස්ස හැරිල බලනකොට මගෙ ටයිගර් පාරෙ මැද්දෙ වැටිල හිටිය. මන් එයාගෙ නම කියනකොට එයා නැගිටින්න හැදුව ඒත් බැරි වුණා. වලිගෙත් වැනුව. මන් එයා ළගට යනකොට මන් දිහා බලාගෙනම එයා මැරිල ගියා…….. එයා මට ගොඩක් හොද යාළුවෙක් වුණා, එදා මගෙ නොසැළිකිලිමත් කම නිසා මන් මගෙ හොදම යාළුවව නැති කරගත්ත.! මට ඔයාලට කියන්න දෙයක් තියෙනව, ඔයාලටත් ඒ වගේ සුරතලෙක් හිටියොත් එයාව ආදරෙන් බලා ගන්න. මොකද එයා නැති වුණාම දැනෙන දුක මම හොදටම දන්නව. ඒ දුක මෙහෙම කියල නිම කරන්නත් බෑ.. සමාවෙන්න මට මගෙ ටයිගර්ව මතක් වුණා ඉතින් ඒ ගැන කියන් නැතුව ඉන්නම බැරි වුණා, එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරමුකෝ.
මේ සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අලුත් අධ්‍යක්ෂකවරයෙක්. ඔහු නමින් Shakti Soundar Rajan. මේ සලරුවට IMDB අගය 6.3 ලැබිල තියෙනව. අලුත් අධ්‍යක්ෂකවරයෙක් වුණාට මේ සලරුව ඔහු නිෂ්පාදනය කරල තියෙන්නෙ පල පුරුදු සුපිරි අධ්‍යක්ෂක වරයෙකුටත් වඩා වැඩියෙන් ඉහළට ගිහින්. 😀 ඉතින් මේ සලරුවේ ප්‍රධාන චරිතය Sibiraj යන රංගන ශිල්පියා මෙන්ම මෙහෙ එන බලු චරිතය Belgian Shepherd Dog යන වර්ගයෙන් එන සුපිරි බල්ලෙකුගෙන් මෙම සලරුව නිෂ්පාදනය කර ඇත. (නොගැලපුණා නම් සමාවෙන්න, මගදි ඔක්කොම පැටලුණා.)
කතාව පටන් ගන්නකොට අපේ බලු වීරය ආමි එකේ සේවය කරන යුද සෙබෙලෙකුගෙ යටතෙ තමයි හැඩී වැඩෙන්නෙ. අපේ බලු වීරයගෙ නම ඇවිල්ල සුබ්‍රමනියම්, කතා කරන්නෙ මනී කියල. ඉතින් ඔහොම ඉන්නකොට මනීගෙ ස්වාමියාව එනම් භාරකාරයාව ත්‍රස්තවාදීන් විසින් මරා දානව. එතැන් පටන් අපේ මනී වැඩෙන්නෙ රිටයි කර්නල් කෙනෙක් ලග. කාර්තික්…. කාර්තික් කියන්නෙ පොලිසියෙ සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මෙයා මෙහෙයුමකට සම්බන්ධ වෙලා මෙයාගෙ කකුල තුවාල වෙනව (ඒක ඔයාලට ෆිල්ම් එක බලාගෙන යද්දි තේරෙයි.) එහෙම ඉන්නකොට දෙරට තට්ටු කරන සද්දෙට මෙයා දොර ගිහින් ඇරල බලනව. එදකොට එයාට කතා කරන්නෙ එයාගෙ අසල්වැසියෙක්. එයා තමයි මනීගෙ දැන් අයිති කාරය, අර රිටයි කර්නල්. එයා කර්තික්ට කියනව මම දවස් 4 ගෙදර ඉන් නෑ මගෙ බල්ලව බලා ගන්න පුළුවන්ද කියල. කාර්තික් බෑ කියල කියනව. ඒත් කොහොම හරි කාර්තික්ට මනීව එයා ළගම තියා ගන්නෙ වෙනව. ඒ මොකද? ඇයි ? කියල ෆිල්ම් එක බලාගෙන යද්දි ඔයාලටම තේරෙයි. ඉතින් දවසක් කාර්තික්ගෙ නංගි වන දිව්‍යා එයාගෙ තරගයකට එයාටයි එයාගෙ බිරිදටයි එන්න කියනව. ඊට පස්සෙ තරගෙට ගිහිල්ල ඉන්න කොට මනී පිස්සු කෙළින්න පටන් ගන්නව. බැරිම තැන බලධාරීන් මනීවයි කාර්තික්වයි එළියට යවනව. ඒත් මේක පිස්සු කෙලිනව. එදකොට තමයි තරගෙ බලන්න ආපු ආමි එකේ කෙනෙක් මනීට කතා කරල සෙබළ ඇවිත් ඉදගන්න කියල කියනව. (එහෙම නෙමෙයි කිව්වෙ මට හරියට මතක නෑ.) කාර්තික් පුදුම වෙනව. බලනකොට මනී ඉන්දියන් ආමි එකේ K-9 unit එකේ බලු සොල්දාදුවෙක්…. ලේසි නෑ නේ? ඔහොම ඉන්නකොට කාර්තික්ගෙ බිරිද වන චාරුව කවුදෝ පැහැ ගන්නව. ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ ඇයි චාරුව පැහැර ගත්තෙ? මොකටද? මනී මේකට උදව් වෙයිද? චාරුව හොය ගන්න පුළුවන් වෙයිද? විනාඩි 126 පුරා දිවෙන මෙම සලරුව අලංකාරමත් පුදුම සගත මනීගෙ හැකියාවන්ගෙන් යුත් කදිම සලරුවකි. එසේනම් මෙයා බලා රස විදින්න..!
458E50DE6A80D1CE2D06C6878C0B347BA02CD224 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,538 downloadsDownload Naaigal.Jaakirathai.2014.baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
47 comments
ns
kasun
thanks...........
darshana
sub ekta thnq saho.. oyage tiger gan dukai... digtama me wagw sub denna
good luck..darshana
sub ekta thnq saho.. oyage tiger gan dukai... digtama me wage sub denna
good luck..නලින්
නියමයි සහෝ නියමයි ආයේ කියන්න කිසිම දෙයක් නැහැ. අති විශිෂ්ඨයි කොල්ලො...
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න...
ජය වේවා!
Kasun
බොහොම ස්තුතියි…
Patta Mchn Diagatama Sub Karanna Lebewa..........!Nelson
Thanks Friend! Good Post
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපස්රැසියට.
STYLISH PRINCE
ado telugu films tikak daapanko
Akila
දිගටම මේ වගේ සබ් දෙන්න සහෝ. බොහොම ස්තුති මේ දුන්න සබට.
සමීර චතුරංග
නියමයි මලයා.
ඔහොම දිගටම කරගෙන යමු වැඩේ.
පට පට ගාලා පහක්ම කළා එහෙනම්.
2014 අළුත් එව්වා ටිකකට සබ් දාමු තව.
ජය වේවා එහෙනම්.
ඔයාගේ ඊලඟ සබ් එක එනකම් බලන් ඉන්නවා ඔන්න.!!!!!Shashika
Thank you... :)
sadeesha
maru...sperb job...
thanuja
well done i hope u do it more filmz best of luck bro
thisal
ela ela මෙක නම් බලලා තියෙයි මැක්සා බඩුවක් තැන්ක්ස් සබට
Viraj Hashan
බොහොම ස්තුති සබට...
අසන්ත අකිල
කොල්ලෙක් දීපු පෙන් එකක කනාවට වගේ මේක තිබ්බ :D
බයිස්කෝප් එකට එනකොට මෙන්න සුබ දීල ^_^
තැන්කු ..... :)ගයාන් රූකාන්ත
එල මචෝ එල,
එක පාරක් නම් මේක බැලුවා,ටයිම් ලැබුණු ගමන් ආයෙම බලනවා සබට තුති ජය!!Kulanjana Maduranga
patta...tamil 1k ne..supiriyata athi.aniwa balanawa.subata thanks RAJ saho....digatama me widiyata sub demu.thawa aluth tamil tikak bassamu.obata jaya........
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි උපසිරැසියට !
තවත් මේ වගේ ඒවා කරමු .තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pradeep
Saho niyamaine aniwa balanawa, Sabata godak Thanks,
thawath Tamil akakma gemu........... :lol: :lol:cහරුක ලක්ෂිත
සබ් එකට තුති...
ඔන්න මමත් ගත්තා....
බබල ඉවර වෙලාම අදහසක් දෙන්නම්කො....
ජය...Ayantha L Ferananado
atahtatma godak dukai saho oyage tiger gena oya wage athdakeem matath thiyanawa mona karanna hith pith nnethi kalakanni innwa saththunta adare nethi oyage tiger aith ipadila oya lagatama ewi punchi petiyek wela duk wenna epa samahara welawata satek apen wena wenakota dara ganna be oyage kathawa ahuwama mata godak duka hiythuna
oyage sub ekata thanks kollo wish you abride futurelusantha
thanks...........
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය............චන්දිම අමරසිංහ
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Malitha
I know that feeling bro.. its not your fault.
ravindu
Thanks.....
"Moondram Pirai" me film ekata sub dennako.Supirima film ekakතරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!Zidath
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
Nilanka
බොහොම ස්තූතියි සහෝ.........
දිගටම මෙවගේ සුපිරි නිර්මාණ අරන් එන්න..ජය වේවා!
kesh
please upload linga sinhala subs..it'll be a pleasure...
kavi
sub ekata sthuthi .jaya wewa !!!!!!!!!!!!!!!
බුකියේ සුදු කොල්ලා.
සබට තුති සහෝ
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
සුපිරියි.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Dsk dayarathne
GOOD SUPER SUPER RATE 100% මරැ thank you................!
Dsk dayarathne
මරැ ඡය වෙිවා GOOD SUPER THANK YOU...........!
Dsk dayarathne
thank you subtitle මරැ
Dsk
thank you subtitle මරැ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!1
Nipuna
Torrent file eka hoya ganna bahane
කතරගම
වචන වැරදි sub එකෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි...
the musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ...