ශබානා ඛාන්! මෙහෙම කිව්වට මතක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා මං මෙහෙම කියන්නම්. 2015 වර්ෂයේදී නිකුත් වූ Baby චිත්‍රපටය ඔයාලට මතකයිද? එම චිත්‍රපටය තුල, සතුරන් සමග හරි හරියට සටන් කරපු, ඒ පුංචි හැඩකාර කෙල්ලව මතකයිද? ඒ වෙලාවේ නිකමට වත් හිතුවද, මේ හරිම ලස්සන පුංචි කෙල්ල, මොන හේතුවක් නිසා මේ වගේ කටුක රැකියාවක්…

ශබානා ඛාන්! මෙහෙම කිව්වට මතක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා මං මෙහෙම කියන්නම්. 2015 වර්ෂයේදී නිකුත් වූ Baby චිත්‍රපටය ඔයාලට මතකයිද? එම චිත්‍රපටය තුල, සතුරන් සමග හරි හරියට සටන් කරපු, ඒ පුංචි හැඩකාර කෙල්ලව මතකයිද? ඒ වෙලාවේ නිකමට වත් හිතුවද, මේ හරිම ලස්සන පුංචි කෙල්ල, මොන හේතුවක් නිසා මේ වගේ කටුක රැකියාවක් තෝරගත්තද කියලා… නිකමට හිතුණද, ඒ පුංචි හදවතේ කොච්චර නම් ලොකු දුකක් හිරකරගෙනද ඒ ඉන්නෙ කියලා? නැහැ නේද? කැමතියිද මේ ලස්සන පුංචි කෙල්ලගේ අතීත කතාව දැනගන්න? 2015 වර්ෂයේ නිකුත් වූ, අති සාර්ථක Baby චිත්‍රපටය සඳහා පදනම වැටුනේ කෙසේද කියා දැනගන්න කැමතිද? එසේ නම්, මාත් සමගින් එකතු වෙන්න.
ශබානා ඛාන්! කුඩා කාලයේ සිටම සුන්දර ජීවිතයක් උරුම වූ කෙනෙක් නම් නෙමෙයි. අවාසනාව කියන දේ ඇයට උපතින්ම උරුම වෙච්ච දෙයක්. දුෂ්කර වටපිටාවක් තුල, සියල්ල දරාගනිමින් ශබානා සිය ජීවිතය ගැටගසා ගන්නවා. කාලය ගතවෙනවා. ඇයටත් නොදැනීම, අනඟ මල් සරාගේ දුන්නෙන් ඇයගේ හදවතත් සිදුරු වෙනවා. නමුත්, ශාබානා කියන්නෙ උපතින්ම අවාසනාව උරුම කරගත් තැනැත්තියක්. දෙවියන් පවා සෙල්ලම් කරන්නෙ මෙවැනි අසරණ ජීවිතත් සමගින් වීම, සැබවින්ම දෛවෝපගත සිදුවීමක් නොවන්නේද? ආදරයේ රස මිහිර විඳීමට කාලයක් ලබා නොදීම, ඇයට ලැබුණු වරම ආපහු උදුරාගන්නවා. ඇයගේ ආදරයත් තුරුළු කරගනිමින්, කුරිරු සමාජය හමුවේ ශාබානාගේ ආදරණීය පෙම්වතාගේ හදවත සදහටම නතර වෙනවා. වෙනදා උණුසුමට තුරුළු කරගත් ඒ ආදරණීය පපුතුර, අද මරණයේ සීතල මගින් වෙලාගෙන ඇත. හඬන්නට කඳුළු නැති මුත්, ධනය හමුවේ හිස පහත්කරන්නා වූද, දුබලයා හමුවේ තලා පෙලා දමන්නා වූද, නීතීයේ සාධාරණත්වය අන්ධ වී ඇත්නම්, හඬනවා ඇර ඇය අන් කවරක් කරන්නද?
නමුත්, දෙවියන් වත් හැරී නොබැලූ ඇය දෙස, එක්තරා විශේෂිත පුද්ගලයෙකුගේ උකුසු ඇස යොමු වූවා. එක්තරා වූ සුවිශේෂී කොන්දේසියක් මත, ඇයගේ පෙම්වතාගේ මරණය සඳහා පළිය ගැනීමට ඇයට අවස්තාවක් උදාවෙනවා. කිසිඳු සරණක් නොමැතිව අසරණව සිටි ඇයට මෙම අවස්ථාව, කාන්තාරටට වට දිය බිඳක් මෙන් මගඟු සම්පතක් වෙනවා. නමුත්, ඇය සිහිනෙන් හෝ නොසිතූ විරූ අන්දමේ, හාත්පසින්ම වෙනස් වූ මාවතක් කෙරෙහි ඇයගේ ජීවිතය යොමුවෙනවා. කිසිවෙකුගේ අවධානයට ලක් නොවී මෙතෙක් කාලයක් ජීවත් වූ අහිංසක තරුණියක්, මෙලෙස එක වරම සුවිශේෂී පුද්ගලයෙකුගේ අවධානයට ලක්වීමට තරම් හේතුව කුමක්ද? ඇයගේ ජීවිතයට කුමන අන්දමේ වෙනස් වීමක් සිදුවේද? හරිහමන් ජායාරූපයක් හෝ ඇඟිලි සලකුණක් හෝ, කටහඬ පටයක් හෝ නොමැතිව, වසර ගණනාවක් මුළුල්ලේ ලොවෙන් වසන් වී සිටිමින්, ලොව පුරා ආයුධ බෙදාහරින්නාවූ, සමස්ථ ලොවටම අත්‍යාවශ්‍ය වන්නාවූ අතිශය දරුණු අපරාධකරුවෙකු පසුපස හඹා යෑමට තරම් ශාබානාගේ දෛවය වෙනස් වූයේ කෙසේද?
2017 වර්ෂයේ මාර්තු මස 31 වෙනිදා… තවත් බොලිවුඩ් චිත්‍රපටයක් ප්‍රේක්ෂකයින් වෙත තිලිණ වූවා. නමුත්, මෙහි එක්තරා විශේෂත්වයක් තිබෙනවා. ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයෙහි ජය කෙහෙළි නැංවූ රංගන තාරකාවන් කීපයක්ම මෙම චිත්‍රපටය තුලින් ඔබ හමුවට පැමිණෙනවා. ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව Akshay Kumar, මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයෙහි ජයකෙහෙළි නැංවූ Prithviraj Sukumaran, ප්‍රතිභා පූර්ණ සම්මානනීය නළුවන වන Manoj Bajpayee සහ Anupam Kher ගේ විශිෂ්ට රංගනයෙන්ද, Pink (2016) චිත්‍රපටය තුලින් අති විශිෂ්ට රංගනයක නියෙලෙමින්, සියලු දෙනාගේ අවධානය තමන් වෙත නතු කරගත් සුරූපී Tapsee Pannu ගේ ප්‍රධාන රංගන දායකත්වය සහිතව හැඩ වැඩ ගැන්වුණු මෙම සලරුව, මෙම සටහන ලියවෙන මොහොත වන විට IMDB දර්ශකයේ 6.5 ක අගයකින්ද, ඉන්දියානු රුපියල් කෝටි 15 ක බරපැනක් දරමින් නිෂ්පාදනය කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 56 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කර ගැනීමටද සමත් වී තිබෙනවා. චිත්‍රපටය රචනා කරනු ලබන්නේ, M.S. Dhoni: The Untold Story (2016), Baby (2015), Special 26 (2013), A Wednesday (2008) වැනි චිත්‍රපට සඳහා අධ්‍යක්ෂණයෙන් සහ රචනාවෙන් දායක වූ Neeraj Pandey විසිනි. එමෙන්ම, චිත්‍රපටය පුරාවටම, Shreya Ghoshal, Sunidhi Chauhan, Sukriti Kakar සහ Aditi Singh Sharma ගේ සුමිහිරි හඬ කෞෂල්‍යන්ගෙන් වර්ණවත්වූ අතිශය මිහිරි ගීත හතරකින් සමන්විත වෙනවා.
එහෙනම්, හින්දි චිත්‍රපට ප්‍රේක්ෂකයින් අරගෙන බලන්න. ආරම්භක මිනිත්තුවේ ඉඳලා, අවසාන මිනිත්තුව දක්වාම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා සහතික කරනවා. එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Naam Shabana 2017 Hindi (1CD) DvDRip x264 AAC – Hon3y
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
19,867 downloadsDownload Naam-Shabana-2017-Hindi-1CD-DvDRip-x264-AAC-Hon3y.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
62 comments
thisal
widuranga
thanx brooooo.....
apu gaman dilaaaa niyamai brooooCharith Abhishek
Hardly waited for subtitle..
thank You...
Best of Luck..mahesh babu
Mekata sub denne oya bawa,mama nam danan hitya...
Mokada, oya sub denne supirima paharawal wlata neh,
Balanna deyak na,sub eka lesatama athi
Digatama sub demu saho,
Oyage siyalu katayuthu saarthaka wewa!!!
Jaya wewa!!!එල්.සී. දමැල්
බොහොම ස්තුතියි සහෝ... තවත් උපසිරසකින් ඉක්මනින් හමුවෙමු...
achintha udayanga
elama..saho
Hemal
Thank you saho supiri ekak ne awa gaman deela thiyenne
sanath indika
thx broo
prabodha
Thank bro sub ekata.....
Kulanjana Maduranga
niayamai…supiri filumak wge...elzzzz.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
RANA D
bohoma pin machn m karana wadeta....thnkz a lot
mayura
කො සහෝ Paambhu Sattai 2017 සබ් ???
mayura
කො සහෝ Paambhu Sattai 2017 සබ් ??
Sisila Prasad
Paambhu Sattai ෆිල්ම් එක මම නම් නෙමෙයි සහෝ බාරගත්තේ. සමහරවිට, අපේ වෙන සහෝ කෙනෙක් බාරගෙන ඇති.
kumara
බොහෝම ස්තූතියි සහෝ සබට. එනකල් බලාගෙන හිටියෙ. බොබොහෝම පිං.
Jack
පට්ටයි මචෝ...
සුපිරි කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබට.
ජය...tharindu
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----අසිත
Elama saho thanks
KAVINDA GAMAGE
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Gathsara Umesh Kumara
Bhoom sthuthiy isl ayyee..
Prabuddha Kulatunga
ado thank you yako..! patta meka :D :D
Chamith Mihiranga
Thanks saho...
නිරෝෂ්
ස්තුතියි සිසිල සහෝ. ජයවේවා!
Rajitha
Thank you saho......jayawewa......!
shehan prathapasinghe
ELAMA bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
---- බුදු සරණයි - දෙවි පිහිටයි ---හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.hiran Sanjika
elama saho karana hema detama shakthiya darya lebenna kiyala Prarthana karanawa......
Nimesh
Sub ekata tnx Power paandi ekata sub dennoooo
prasad
sub ekata thanks mcn.
prasad
mcn ubala api wanuwan godak mahansi wala sub karanawata godak stutie.sub nattam film balalat hamarai.
tsm
supiri
Chamika
thanks for your effort!!
Kumara
Thanks mchn sub ekata.. good luck
Bobby
Thank you very much Sisila
charli
Sub ekata thanks.Noor (2017) ,Sarrainodu (2017) me dekatath kohoma hari sub danna
Dulanga
Thanks
shasith sandaruwan
හම්මේ සසිල බොහොම ස්තූතියි උපසිරැසියට. විභාගේ කිව්වට කෙහෙන් හරි වෙලාවක් හොයාගන්නවා නෙහ්...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!!!Imesh Shalintha
Thank you very much for the Sub machan !!!
Chalana
thnx bro...
Muditha
good job machan
sunimal
සබ අරන් ෆිල්ම් එකත් බලල තමයි ආවෙි කමෙන්ටි එකක් දාලා යන්න... එ තරමි සුපිරි ෆිල්ම් එකක්.... ආය කියන්න වචන නැ... මෙ වගේ ෆිල්ම් එකක් බලන්න සබ හදල දුන්නට ගොඩක් ස්තුතියි...
ruwanbbb
film download link ekak dendako yaluwa
nirodha uthpala
Hambe yakuuu exam neh thx bn me karana sewayata ammapa thx soo much obata jaya bro exam ivara vunahama tava subak gamu bn exam asse Meva epa
Ajith Priyantha
සබ් එකට ස්තුතියි
ජය වේවාChami.S
Thanks..
Good Luck..ashan lankanath
thanks ..................good luck
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fernando
Thanks machan
චරිත්
ස්තුතියි සහෝදරයා .. ජය වේවා..
mindika
Thanks !!!!!!!!!!!!!!!
Dineth Hiru
Sub akata thanks
නොසැලී පෙරට යන්..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks mcn