කොහොමද කට්ටියට ඉතින්? ඔන්න ඉතින් මම තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් ඔයාල හමුවෙන්න ආවා. ඇත්තටම ඉතින් මේ ෆිල්ම් එකට සබ් කොරන්න ඕනි කියලා හිතුනේ නම් ගිය අවුරුද්දේ තමයි. ඒ කියන්නේ “සලීම්” කියන දෙමළ ෆිල්ම් එකට උපසිරැසි ගැන්වුවාට පස්සේ. මොකද ඒ කතාවට අඩිතාලම වැටෙන්නේ මේ අද දෙන ෆිල්ම් එකෙන් නිසා. ඉතින්…
කොහොමද කට්ටියට ඉතින්? ඔන්න ඉතින් මම තවත් දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරන් ඔයාල හමුවෙන්න ආවා. ඇත්තටම ඉතින් මේ ෆිල්ම් එකට සබ් කොරන්න ඕනි කියලා හිතුනේ නම් ගිය අවුරුද්දේ තමයි. ඒ කියන්නේ “සලීම්” කියන දෙමළ ෆිල්ම් එකට උපසිරැසි ගැන්වුවාට පස්සේ. මොකද ඒ කතාවට අඩිතාලම වැටෙන්නේ මේ අද දෙන ෆිල්ම් එකෙන් නිසා. ඉතින් ඒ අඩුපාඩුව පුරවන්න තමයි මේ ලෑස්තිය. ඒ වගේම මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න කියලා අපේ වරුණ රංගජිත් අයියාගෙන් මට විශේෂ ඉල්ලීමකුත් තිබුණා ඒ දවස්වල ඉඳන්ම, එයා ඉතින් ෆිලුම බාගෙන මට එවලත් තිබුණා. ඒ හින්දා ඉතින් නොකර බෑ නොවැ නේ. එමෙන්ම “සලීම්” එක දිපු දවස්වල “ලක්ෂාන් නිලංක” සහෝගෙනුත් ඉල්ලීමක් තිබුණා අනිවා මේකටත් සබ් දෙන්න කියලා, එයාට නම් මතකද දන්නෙත් නෑ ඉතින් අවුරුද්දක් විතර ගෙවුනා නොවැ ඉතින්. කොහොමෙන් කොහොමහරි. අද කට්ටියගේ ඒ ඉල්ලීම් ඉටුවෙන්නයි යන්නේ.
හ්ම්ම්… එහෙනම් ෆිලුම ගැන තොරතුරු ටිකක් කියන්නම් නේ. මේකේ නළුවා වෙන්නේ “විජේ ඇන්ටනී” කියන සංගීත අධ්‍යක්ෂක වරයායි. ඒ වන තුරු සංගීත අධ්‍යක්ෂකයෙකු මෙන්ම ගායකයෙකු ලෙස කටයුතු කළ ඔහු මේ ලේම් එක තුලින් සිනමා නළුවෙකු ලෙස සිය ගමන ආරම්භ කරනවා. ඇත්තටම මේ ආරම්භ කරපු පදනම සාර්ථක වූ ශක්තිමත් එකක් බව කිව යුතුයි. මොකද ෆිල්ම් එක ගොඩක් සාර්ථක වුන නිසා. ආ… තව ටිකෙන් මේකේ නම කියන්නත් අමතක වෙනවා නොවැ. “නාන්” තමයි ඉතින් මේ ෆිල්ම් එකේ නම වෙන්නේ ඒකේ තේරුම තමයි “මම” කියන එක. මේ ෆිල්ම් එකේ ඉඳන් මේ වනවිට මොහු චිත්‍රපට 03 කට දායකත්වය සපයලා තියනවා. මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ “Jeeva Sankar” විසින්. සංගීතය “විජේ ඇන්ටනී” විසින්ම සිදු කරනවා. ෆිල්ම් එක නිකුත් වුණේ 2012 අගෝස්තු මස 15 වෙනිදා තමයි. චිත්‍රපටය ආදර කතාවක්නම් නෙමෙයි ඉතින්. ඕහ්… එහෙම කියපුවම කට්ටිය බලන්නේ නැතුව ඉඳීද දන්නේ නැහැ නේ.. එු වුනාට මේක කුතුහලයෙන් පිරුණු සුපිරිම කතාවක් කියලා කියන්න ඕනි. වර්ග වෙලා තියෙන්නේ Thriler ඝනයට තමයි.
ෆිල්ම් එකේ කතාවත් ටිකක් කියන්නම් නේ…කාර්තික් කියන්නේ ඉතා දක්ෂ ළමයෙක්, මෙයාගේ පවුල දුප්පත් එකක්. කාර්තික් පාසල් යන අවධියේදී දිනක් පාසලෙන් එයාගේ තාත්තාව එක්කන් එන්න කියලා ගෙදර යවනවා, ඒ එද්දී එයාගේ අම්මා වෙන කෙනෙකු සමඟ සිටිනු දකින ඔහු තාත්තා පැමිණීමෙන් පසු ඔහුට මෙය දන්වනවා. මේ සිද්ධියෙන් ගෙදර රණ්ඩු ඇතිවෙලා අවසානයේ කාර්තික් ගේ පියා සියදිවි නසාගන්නවා. පස්සේ තවත් දිනක රැයක කාර්තික් නිදාගෙන ඉද්දී මවගේ හොර මිනිහා නිවසට එනු දකින මොහු නිවසින් තමාගේ බඩු ටිකත් රැගෙන අම්මයි අර මිනිහයි නිවසේ සිටියදීම නිවසට ගිණි තියලා පිටවෙනවා. රජයේ පුනරුත්තාපන පාසලකින් ඉගෙනගෙන පිටවෙන මොහු බසයක යද්දී එම බස් රථය අනතුරට පත්වෙනවා. එහිදී බසයේ සිටි එක් වෛද්‍ය ශිෂ්‍යයෙක් මියයන අතර මොහු ඔහුගේ අනන්‍යතාවය සමඟ වෛද්‍ය විද්‍යාලයට ඉගෙන ගන්න යනවා. පසුව මේ නව අනන්‍යතාවය එක්ක මොහු හැසිරෙන්නේ කොහොමද ? යාළුවො එහෙම ලැබෙයිද ? එම යාළුවන්ට මෙම සත්‍ය දැනගත හැකි වෙයිද? එහෙම වුනොත් මොනවා වෙයිද ? ඉතින් මේ ටිකට උත්තර එකතු කරගන්න මෙක බලන්නම වෙනවා. ඇත්තටම මේක බලන්නම වටින කතාවක් ඒ වගේම අවසානයේදී ඔයාලගේ නෙතට කඳුලකුත් වැටෙන්න සලස්වයි. එහෙනම් ඔයාලටත් මේක රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
ඉතින් වෙනදා වගේ ලිපියේ සංස්කරණ වැඩ වලට වරුණ රංගජිත් අයියාට වගේම, ලක්ෂාන් සහෝටත් ස්තූතිය පුදකරන ගමන් ඔයාලගෙන් අදට සමුගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
4,565 downloadsDownload Naan-2012.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
22 comments
විමුක්ති
ලක්ෂාන්
එල එල සිරාජ්....මතක නැත්තෙ මොකෝ...මං බලපු සුපිරිම දෙමල ෆිල්මක් තමයි සලීම් කියන්නෙ....ඒකේ පලමු කොටස නැතුව හෙන පාඩුවෙන් හිටියෙ...දැන් ඉතින් වැඩේ හරි....ඉංග්‍රීසි සබ් කොෆියක්වත් නැතුව මුලඉදලා කාලරාමු හදලා සුපිරියට වචනටික සිංහලට පරිවර්තනය කරලා නියමෙට උපසිරැසිය නිර්මාණය කරපු ඔයාට රොම්බ තෑන්ක්ස් සිරජ් සහෝ....ඉස්සරහට මේ වගේ සුපිරි වැඩ කරමු...ජය වේවා....!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!darshana
me tiinay traeler aka
https://www.youtube.com/watch?v=AcuqzxS-0VM
tnxxxxxxxKulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Danushka Jayanath
පට්ට film එකක් වගේ ,බාගෙනම බලමුකෝ...
ස්තුතියි සබ් එකට...rukka
Patta kathawa Oka Awa dawas walama baluwa supiri hode dam aye bagena sub ekka balanawa. Sira balannama Oni kathawak.. Jayawewa.. Subdimata Wadi wadiyen films labewaaa
Thisal Lakpura
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan Nilanka Jayasuriya
ඒල ඒල සිරාජ්....මොකෝ මතක නැත්තෙ....සලීම් කියන්නෙ මම බලපු සුපිරිම දෙමල ෆිල්මක්..ඒකෙ පලවෙනි කොටස නැතුව හෙන පාඩුවෙන් හිටියෙ...දැන් ඉතින් වැඩේ හරි...ඉංග්‍රීසි සබ් කොපියක්වත් නැතුව මුල ඉදලා කාලරාමු හදලා වචන ටික සුපිරියට සිංහලට පරිවර්තනයකරලා නියෙමට උපසිරැසිය නිර්මාණය කරපු ඔයාට රොම්බ තෑන්ක්ස් සිරාජ් සහෝ...ඉස්සරහටත් මේ වගේ සුපිරි වැඩ කරමු...ජය වේවා....!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි! සිරාජ්, සිංහල උපසිරැසියට.
ජය වේවා!
melan sriwantha
patta film1 mchn...thanks..salim 2 twama awith nadda mchn...
ඩොක් අයියා
ගොඩක් ස්තුති මල්ලියෝ, මේකේ Salim 2014 එකටත් සබ් ඒක දාන්න ඉක්මනට
eranga
thanks
Gayan
Sub ekata thank's bro
Hiruni
thanx sub ekata.....
malith
Ella ela
Eranda Malith 2.0
Thanks bn
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Meke sub eka nanee.. aye upload karanna barid
Ravindu Heshan - Admin
Dan Wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Naan (2012) with Sinhala Subtitles | නව අනන්‍යතාවය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Naan-2012.jpg)
බොහොම ස්තුතියි