Watch Trailer

Naan Sigappu Manithan (2014) with Sinhala Subtitles | ආදරවන්තිය උදෙසා, රෝගය පරදා පළිගනිමි. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම ඔයාල හමුවෙන්න ආවා. මේ පාරත් ඉතින් දමිළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරන් ආවෙ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්නනම් හිටියේ ගිය අවුරුද්දේ නමුත් ඉතින් කරන්න බැරි වුණා. සඳුන් අයියත් නිතරම කිවුවා මේක කරමු, ඉක්මනට කරලා දාමු කියලා මොනව කරන්නද ඉතින් ද…

Naan Sigappu Manithan (2014)
කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනින්ම ඔයාල හමුවෙන්න ආවා. මේ පාරත් ඉතින් දමිළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරන් ආවෙ. ඇත්තටම මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්නනම් හිටියේ ගිය අවුරුද්දේ නමුත් ඉතින් කරන්න බැරි වුණා. සඳුන් අයියත් නිතරම කිවුවා මේක කරමු, ඉක්මනට කරලා දාමු කියලා මොනව කරන්නද ඉතින් දැන් තමයි ඉතින් හරිහමන් නිවාඩුවක් ලැබුණේ ඉතින් මේ ෆිල්ම් එක ඔයාලට සමීප කරන්නයි මේ ලෑස්තිය.

මේ චිත්‍රපටයේ නම තමයි “නාන් සිගප්පු මනිදන්” මේ කේ තේරුම තමයි “මම රතු මිනිසා” කියන එක. චිත්‍රපටය නිකුත් වුණේ 2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ 11 වැනිදා තමයි. චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කළේ “තිරු” විසින්. චිත්‍රපටයේ සංගිත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ G.V. Prakash Kumar. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ වර්තමානයේ සිනමාව තුල තම ස්ථාවරත්වය ගොඩනගා ගත් සුපිරි නළුවෙකු වන “විශාල්” තමයි. ප්‍රධාන නිළිය ලෙස “ලක්ෂ්මී මෙනන්” රංගන දායකත්වය සපයනවා.

ඉතින් කතාව ගැනත් පුංචි සඳහනක් කරන්නම් කෝ. ඉන්දිරන් (විශාල්) කියන්නේ අසාමාන්‍ය රෝගයකින් එනම් ලක්ෂයකින් එක්කෙනෙකුට වගේ සෑදෙන “නාර්කොලෙප්සි” (Narcolepsy) කියන රෝගයෙන් පෙළෙන කෙනෙක්. මේ රෝගයට කිසිම බෙහෙතක් මේ වෙනකන්ම සොයාගෙන නැහැ. මෙම රෝගයේ රෝග ලක්ෂණ නම් මොනයම් වූ හැඟීමක් වැඩිපුර දැනුනොත් ඒ අවස්ථාවේදීම ඒ පුද්ගලයාට නින්ද යනවා. නමුත් නිදා ගත්තාට එතැන සිදුවෙන කතාබහ ඒ පුද්ගලයාගේ මොළයෙහි පටිගත වෙනවා. හැඟීම් කියලා කිවුවේ දුක, සතුට, තරහ, කම්පාව වැනි දේවල් තමයි. ඉතින් මේ ඉන්දිරන් (විශාල්) කතාව පටන් ගනිද්දිම තුවක්කුවක් මිලදී ගන්න යනවා. මොකද ඉතින් කාවහරි මරන්න නොවැ ඉතින් තුවක්කුවක් මිලදී ගන්නේ නේද? ඉන්පසු කතාව මුල සිට ළමා කාලයේ කොටසකුත් එක්ක ඉදිරියට ගලාගෙන යනවා. පස්සේ මේ ඉන්දිරන් (විශාල්) ට “මීරා” කියන කෙල්ලව සෙට් වෙනවා. පස්සේ ඇය හා ඔහු පෙමින් වෙළෙනවා. නමුත් තාත්ත කෙනක් තමන්ගේ දුවව මේ වගේ ලෙඩකින් පෙළෙන කෙනෙකුට දෙන්න කැමති වෙයිද නේ, මෙහෙම සිදුවීම් එක්ක කතාව ඉදිරියට ගලාගෙන යද්දී හදිසියේම “මීරා” ව වැසි දිනක රාත්‍රියක සමූහ දූෂණයකට ලක්වෙනවා. ඇය ඉන්දිරන් සමඟ සිටියත් ඉන්දිරන්ට මොකුත්ම කරගන්න බැහැ මොකද ඔහුගේ ලෙඩේ නිසා ඔහුට කම්පනයන් ඇතිවෙනකොට මොහුට නින්ද යන නිසා. නමුත් නින්ද ගියාට එතැන සිදුවෙන කතාබහ මොළයෙහි පටිගත වෙන නිසා පසුව ඔහු මොනව කරන්න ඇත්ද? එහෙම සමූහ දූෂණයකට ඇය ලක්වුණේ ඇයි? මේක පිටුපස තියන අබිරහස මොකක්ද? ඉන්දිරන්ගේ ජීවිතයට මීරා පැමිණීමෙන් අනාගතය කෙසේ වෙනස් වුණාද? මේ ප්‍රශ්ණ ඔක්කොටම පිළිතුරු මේ චිත්‍රපටය නරඹනකොට එකින් එක විසඳගන්න ඔයාලට ලැබෙයි. ඉතින් මේක නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

වෙනදා වගේම ලිපිය සකසා දීම වෙනුවෙන් වරුණ රංගජිත් අයියාට ස්තූතිය පුදකරමින් මම සමුගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

Naan Sigappu Manithan (2014) on IMDb

 

 

2,775 downloadsDownload Naan-Sigappu-Manithan-2014.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

2,775 downloadsDownload Subtitles67 KB

21 comments

  1. keshara

    super

  2. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..thawa ailuth tamil walatath sub denn....jaya wewa……

  3. kavinda

    thank you

  4. Sadun Danushka

    නියමයි සිරාජ් මල්ලී.
    අවුරුද්දක් ගිහි්ලා හරි කෙරුවනේ
    දැන් දිගටම සබ් කරමු

  5. තිසල්

    අඩො බලපු නැති උන් අනිවා මෙක බලපල්ලා සිරා කතාවක් එකෙන්ම සුපිරි කලෙකට කලින් බලපු එකක් මෙක, තැන්ක්ස් සබට

  6. Udara

    saho Blu Ray ekata sub eka set weida?

  7. ටික්කා

    Maru siroo

  8. asan

    Thanks:)

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. Achintha Sameera

    සිරාජ් ප්‍රියන්ත තැන්ක්ස් මචෝ සබ් එකට.
    පට්ටම නලුවෙග්ගෙ ෆිල්ම් එක ඇයි මචො පරක්කු කරේ...

  11. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

  12. කැලුම් ගුණසේකර

    රංගජිත් සිරාජ් දෙන්නට ම ගොඩක් ස්තුතියි.

  13. kavi

    siraj....tnq v.m..........god bless !!!!!!!

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. නලින් පෙරේරා

    නියමයි සිරාජ්! ජය වේවා!

  16. chamini

    thanks bro

  17. melan sriwantha

    thanks mchan...patta film1k wage

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sammika

    thanks ........................

  20. Kariyawasam Gamage Oshada Lahiru Madushan

    Please fix subtitle issues

    1. Hiran Ganepalla

      සබ් එකේ අවුලක් නෑ