තිරුචිට්‍රම්බලගේ ජීවිතය රස විඳින්න ඇති කියලා හිතනවා. තිරුචිට්‍රම්බලම් ආදරය, සංගීතය පිරුණු චිත්‍රපටයක්. මිස්ටර් D මේ වතාවෙ අරගෙන එන්නෙ Horror (සංත්‍රාසය), Psychological thriller වර්ගීකරණයේ චිත්‍රපටියක්. මෙහි ධනුෂ් ද්විත්ව චරිත මවනවා. මේ චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නෙ ධනුෂ් විසින්. නව අත්දැකීමක් වි…

තිරුචිට්‍රම්බලගේ ජීවිතය රස විඳින්න ඇති කියලා හිතනවා. තිරුචිට්‍රම්බලම් ආදරය, සංගීතය පිරුණු චිත්‍රපටයක්. මිස්ටර් D මේ වතාවෙ අරගෙන එන්නෙ Horror (සංත්‍රාසය), Psychological thriller වර්ගීකරණයේ චිත්‍රපටියක්. මෙහි ධනුෂ් ද්විත්ව චරිත මවනවා. මේ චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නෙ ධනුෂ් විසින්. නව අත්දැකීමක් විදිහට Paranormal (සම්මත විද්‍යා පර්යේෂණවලින් ඔබ්බට ගිය) ක්‍රියාකාරකම් සම්බන්ධව ගවේෂණය කර පිටපත රචනා කරලා තියෙනවා.
එකමත් එක රටක සහෝදරයෝ දෙන්නෙක් හිටියා. නිකන් සහෝදරයෝ දෙන්නෙක් නෙවෙයි. නිවුන් සහෝදරයින්. එක් කෙනෙකුගෙ නම් කදිර්, අනිත් කෙනාගේ නම ප්‍රභූ. ප්‍රභූ ගුණ යහපත් සෑම අතකින්ම හොඳ දරුවෙක්. කදිර් හැම අතකින්ම ඊට විරුද්ධ පැත්ත. අහොංසක ප්‍රභූ නිතරම කදිර්ගේ හිරිහැර අඩත්තේට්ටම් වලට ලක්වෙනවා. කොහොම හරි මේ දෙන්නා පොඩි කාලෙදිම දෙපැත්තකට බෙදෙනවා. ප්‍රභූ දැන් මැදිවියේ පසුවෙනවා. ප්‍රභූට අවුරුදු 12ක දියණියක් ඉන්නවා. ප්‍රභූගේ ජීවිතයම වුනේ එයාගේ එකම එක දියණිය සත්‍යායි. ප්‍රභූ එයාගේ නෝනායි දුවවයි එක්කගෙන නිවාඩුවකට යනවා. ඒ නිවාඩුව ගත කරලා ආපහු ගෙදර ආවට පස්සෙ සත්‍යා අසනීප තත්වයකින් හිටියා. අසනීප තත්වය අඩු වෙලා සත්‍යාට සනීප වෙයි කියලා හිතුවත් සත්‍යාගේ අසනීප තත්වය එන්න එන්නම වැඩි වුණා. ප්‍රභූ සත්‍යා ගැන කල්පනා කරලම කඩා වැටිලා හිටියේ. ඔහොම ඉද්දි දවසක් රෑ ප්‍රභූ සත්‍යාගේ කාමරය ලඟින් යද්දි සත්‍යා තනිවම කතා කරනවා ඇහෙනවා. ප්‍රභූ සත්‍යාට නොදැනෙන්න හොයලා බලද්දි තමයි සත්‍යා සිතින් මවාගත් කෙනෙක් එක්ක කතා කතා කරනවා කියලත්, ඒ දේ සත්‍යාට තර්ජන කරද්දි සත්‍යා බයෙන් අඬනවා කියලත් දැනගන්නෙ.
සත්‍යාට සිද්ද වුණ දේ ගැන හිතද්දි ප්‍රභූට අප්‍රමාණ වේදනාවක් ඇති වුණා. ප්‍රභූ මේ ගැන සත්‍යාගෙන් ඉඟියෙන් වගේ අහනවා. සත්‍යා මේ ගැන විස්තරයක් නොකරම මානසික චිකිත්සකයෙක් හමුවීමට යන්න කැමති වෙනවා. වෛද්‍යවරයා සත්‍යාට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. බටහිර වෛද්‍යවරු “ආවේෂය” පිළිනොගන්නා දෙයක් නිසා ප්‍රභූ මේ දේ ගැන හොයන්න අස්වාභාවික දේ ගැන පර්යේෂණය කරන කණ්ඩායමක් සොයාගෙන නිවෙසට ගෙන්වා ගන්නවා. ඇත්තටම මෙයාලා තවමත් ඉගෙන ගන්න ශිෂ්‍යයින් පිරිසක්. මෙයාලත් අද්භූත බලවේග සම්බන්ධ කරගන්න පුළුවන් ආම්පන්න ලැහැස්ති කරගෙන වේලාව එනකල් බලාගෙන හිටියා. වෙනදා වගේ සත්‍යා ලඟ තනිට ප්‍රභූ නිදාගන්න හැදුවත් පර්යේෂණ කණ්ඩායම ඊට ඉඩ දෙන්නෙ නැහැ. ඔවුන් සත්‍යා ගැන වගකීම බාරගෙන රැය නිදි මරමින් බලාගෙන හිටියා. CCTV කැමරා ලඟ හිටිය ශිෂ්‍යයාවට කෙටි නින්දක් යනවා. එකවරම අවදිවෙලා CCTV කැමරා දිහා බලද්දියි පේන්නෙ සත්‍යාගේ කාමරේ සත්‍යා නැහැ කියලා. හැමෝම බය වෙලා සත්‍යාව හොයන්න ගන්නවා. මේ වෙලාවෙදිම ගෙදර විදුලිය ඇණ හිටිනවා. සත්‍යාව හොයාගන්න පුළුවන් වුණාද? සත්‍යා එක්ක සංවාද කරන ආත්මය මොකක්ද?

සෙල්වරාඝවන් දෙමළ සිනමාවට Trend Setter අධ්‍යක්ෂක වරයෙක්. සෙල්වරාඝවන්ගේ චිත්‍රපටියක් මිනිස්සුන්ට දශකයක් ගත වෙන්න ඕනේ කියන තරමට සෙල්වරාඝවන්ගේ අද්විතීය නිර්මාණ හෑල්ලුවට/ අවතක්සේරුවට ලක් වුණා. සෙල්වරාඝවන් + ධනුෂ් + යුවන් ශංකර් රාජා එකතුව(Combo) දෙමළ සිනමාවේ විශිෂ්ඨතම එකතුවක්. Thulluvadho Ilamai (2002), Kaadhal Kondein (2003), Puthupettai (2006) යන චිත්‍රපටවලට පස්සෙ ආයෙමත් මේ තුන්දෙනා එකතු වෙලා කරපු චිත්‍රපටය තමයි නානේ වරුවේන්. ඒ වගේම Thulluvadho Ilamai, Kaadhal Kondein (2003), Pudhupettai, Mayakkam Enna චිත්‍රපටවලින් පස්සෙදි ධනුෂ් සහ සෙල්වරාඝවන්ගේ 5 වන චිත්‍රපටිය මෙයයි. හරියටම කිව්වොත් දශකයකට පස්සෙදි තමයි සෙල්වරාඝවන් සහ ධනුෂ් එකතුවෙන් චිත්‍රපටයක් එලි දැක්වෙන්නේ. සෙල්වරාඝවන් මෑතකදී මෑතකදී චිත්‍රපටවල රඟපෑමටත් පිවිසෙනවා. සෙල්වරාඝවන් රඟපෑව, ඉස් ඉස්සෙල්ලාම තිරගත වුණ චිත්‍රපටය වෙන්නෙ Beast (2022). බීස්ට් චිත්‍රපටයට හතර වටින්ම සෘණාත්මක ප්‍රතිචාර ලැබෙද්දි සෙල්වරාඝවන්ගේ රඟපෑමට කවුරුවත්ම වාගේ ප්‍රශංසා කලා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ රජුන් තැනූ නිෂ්පාදක කලෛප්පුලි එස්. දානු. මීට කලින් ධනුෂ්ගේ Karnan (2021) චිත්‍රපටය ඔහු විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. වීරා සූරා ගීතය සෙල්වරාඝවන් විසින් වගේම රෙන්ඩු රාජා ගීතය ධනුෂ් විසින් රචනා කර තිබෙනවා.සාමාන්‍යයෙන් චිත්‍රපටියක් රිලීස් වෙන දවසෙ නැත්නම් පාසෙ දවසෙ අනිවාර්යයෙන්ම කොල්ල කෑම් කරන සයිට් වලින් එලියට දානවා. නානේ වරුවේන් නිකුත් වෙලා පැය 24ක් තුල පිටපතක් එලියට දාගන්න බැරි වෙනවා. දවස් තුනකට පස්සෙදි තමයි තෙළිඟු PreDvd පිටපත එලියට එන්නේ. නානේ වරුවේන් චිත්‍රපටයට ඒක ඓතිහාසික වාර්ථාවක්. කොහොම හරි දවස් 11කට පස්සෙ දෙමළ පිටපත කොල්ල කෑම් කරන සයිට් වලට පිටට දාගන්න පුළුවන් වෙනවා.

මෙහි IMDb අගය කිරීම 7.1/10ක්. චිත්‍රපටයේ ප්‍රථම භාගයට සියලුම විචාරකයන් ප්‍රසංසා කර තිබුණා. ඒ වගේම දෙවන භාගයට සෘණාත්මක විවේචන ඉදිරිපත් වුණා. විශිෂ්ඨ අදහසක් විනාශ වුණා කියලයි ඔවුන් කියන්නේ. ඒ වගේම යුවන්ගේ සංගීතයටද ප්‍රසංසා එක් කර තිබුණා. කොහොම් වුණත් මෙහි කදිර්ගේ චරිතයේ ධනුෂ් ජීවත් වෙමින් පුදුමාකාර රංගනයක් ඉදිරිපත් කලා. නානේ වරුවේන් සැප්තැම්බර් 29 නිකුත් වෙද්දී, සැප්තැම්බර් 30 Ponniyin Selvan (2022) නිකුත් කෙරුණා. දමිළ් සිනමාවේ පතාක චිත්‍රපටියක් සමඟ තරඟ කලත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 70 ආසන්න මුදලක් ලබා ගන්නවා.මේ චිත්‍රපටයට ධනුෂ්ගෙන් හෝ සෙල්වරාඝවන්ගේ පාර්ශවයෙන් කිසිම ප්‍රචාරණයක් ලැබුණෙ නැහැ. ධානු විටින් විට මාධ්‍ය දුන් සාකච්ඡා ඒ ඇරුණහම සැලැකිය යුතු තරම් ප්‍රචාරණ කටයුතු සිදු වුණේ නැහැ.
නානේ වරුවේන් වෙනුවෙන් ටීසර් පටයක් පමණක් නිකුත් කරනු ලැබූවා. ට්‍රේලර් පටයක් පවා නිකුත් කෙරුණේ නැහැ. සමහරවිට චිත්‍රපටයේ තියෙන අරුම සහගත දේට නිසි වටිනාකම දෙන්න වෙන්නත් පුළුවන්. ඒක කොහොම වුණත් දැන් නම් ධනුෂ්ගේ චිත්‍රපටිවලට ප්‍රචාරණය වෙනුවෙන් මහන්සි වෙන්නෙ නැහැ කියලයි රසිකයින් කියන්නේ. මීට කලින් ආව Thiruchitrambalam (2022) මේ වෙද්දි ජයග්‍රාහීව දින 50 පසු කරලා තියෙනවා. තිරුචිට්‍රම්බලම් විජයිගේ බීස්ට් චිත්‍රපටයේ තමිල්නාඩු ආදායමද පසු කර තිබෙනවා.
මීලඟට Vaathi (2022) සහ Captain Miller චිත්‍රපට පැමිණීමට නියමිතයි. කැප්ටන් මිලර් 2023 වසර තුලදීම නිකුත් කිරීමට සූදානම් කියලයි කියන්නේ. කැප්ටන් මිලර් චිත්‍රපටයට කන්නඩ නළු ශිවරාජ්කුමාර් සම්බන්ධ වෙනවා කියනවා. ඉන් පස්සෙ ශේකර් කම්මුලාගේ චිත්‍රපටයකට සම්බන්ධ වීමට නියමිතයි. මෙ වෙද්දි ධනුෂ්, විජයි, ශිවකාර්තිකෙයන් තෙළිඟු සිනමාවට ප්‍රවේශ වීමට සූදානමින් ඉන්නෙ. මේ අතරින් ඉස්සෙල්ලාම නිකුත් වෙන්නෙ නම් ශිවකාර්තිකෙයන්ගේ Prince (2022), මෙම වසරේ දෙසැම්බර් 2දා වාති නිකුත් වෙනවා. ඒ වගේම ධනුෂ්, වෙට්‍රිමාරන්ගේ Viduthalai චිත්‍රපටයට ගීතයක් ගායනා කරනු ලබනවා. දැනට ඉතින් විස්තර ඔපමණයි. ආයෙත් පුළුවන් ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන්නම්. ඔයාලගෙ වටින අදහස් පහළින් සඳහන් කරන්න. හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Tamil HD / HQ HD පිටපත සඳහා අදාළ වේ.
8,696 downloadsDownload Naane-Varuven-2022-Updated.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
42 comments
oshanda
Naveen Mbr
ස්තූතියි ඔෂධ අයියේ. අනිවාර්යයෙන්ම.
Nuwan
Super sub ekata
තියෝ
රොම්බ රොම්බ නන්රි කොම්ලෝ
Kushan
Sub akta thanks
Anonymous
Hc copyakda thynne bro
Eng sub wateddi epaweno
Original awoth update ekak denaNaveen Mbr
අනිවාර්යයෙන්ම දෙනවා. බය වෙන්න එපා. ;-)
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
lakmal
thanks sub ekta
ade uba mara updateneSamith
Thanks brother
Anonymous
Patta
Buddhika Lakmal (laKMal)
මහන්සිවෙලා හදපු ලිපියටත් ඒවගේම මහන්සිවෙලා කරපු සිංහල සබ් එකටත් බොහෝම ස්තූතියි මචං.....
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Chami
බොහොම ස්තුතියි
මයුර
රොම්බ නන්‍රි කොල්ලෝ.. ටැමිල් කිං
bunny
Thanks buddy
Anonymous
අඩේහ් ආසම කැටගරියේ ෆිලුමක්
එලSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුවAchi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ගීත්
බ්‍රදර් ඔයාගේ සබ් නම් perfect
නියම අදහසම එන විදියට පරිවර්තනය කරලා තියෙනවා
ජය වේවාIdunil Weerasinghe
Thanks brother
Jay
Thank you!
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි! ;-) ;-)
Aruna
Film eka download karaganna beri mokada ..
Naveen Mbr
Baiscopedownloads එකෙන් බැරිද?
Anonymous
එලකිරි සුපිරිකිරි
Neo
Thanks brother
Keep it upRedrux
Thnkz bro
dulan
ස්තුතියි !
indika 75
thanks..
gihan
උපසිරසියට බොහෝම ස්තුති
Lahiru
Proper HDRIP අප්ඩේට් එකක් දෙන්නකෝ.
Naveen Mbr
සයිට් එකට යවලා තියෙන්නෙ. ඉක්මනින්ම දාවි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Krishanharshajith
Really good website. You can continue to download movies because having Sinhala subtitles is very good. Really good.
krishna
Really good website. You can continue to download movies because having Sinhala subtitles is very good. Really good.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks naveen brother.. wenada wage loku wistharayak ekkama.. digatama demu