බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට අරුත්බර සුභ දවසක්…!! සුපුරුදු පරිදි අද මා පැමිණෙන්නේ මාගේ 06 වන උපසිරැසි නිර්මාණයත් සමඟින් ප්‍රථමයෙන් මම මේ කාර්ය්‍ය සාර්ථකව නිම කරන්නට මට දිරිදුන් නිලුෂා නංගිටත් (චූටි දූ) මේ වැඩේ භාර දීපු සමීර අයියටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. අද මා සම්පූර්ණ ක්‍රියාදාම චි…
බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියලුම දෙනාට අරුත්බර සුභ දවසක්…!! සුපුරුදු පරිදි අද මා පැමිණෙන්නේ මාගේ 06 වන උපසිරැසි නිර්මාණයත් සමඟින් ප්‍රථමයෙන් මම මේ කාර්ය්‍ය සාර්ථකව නිම කරන්නට මට දිරිදුන් නිලුෂා නංගිටත් (චූටි දූ) මේ වැඩේ භාර දීපු සමීර අයියටත් බෙහෙවින් ස්තුති වන්ත වෙනවා. අද මා සම්පූර්ණ ක්‍රියාදාම චිත්‍රපට වලින් බැහැරව Black Comedy Action වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයකට උපසිරැසි නිරිමාණය සිදුකලා.මේ සලරුවේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දැක්කම අමුතුවෙන් කියන්න ඕන නෑ චිත්‍රපටිය ගැන. මේ සිනමා පටය නිෂ්පාදනය කර තිබෙන්නේ අප කවුරුත් හඳුනන ප්‍රවීන දමිළ සිනමා නළුවකු වන “ ධනුෂ් “ විසින් මෙහි අධ්‍යක්ෂණය Podaa Podi 2012 චිත්‍රපටයේද අධ්‍යක්ෂක වරයා වන විග්නේෂ් ශිවන් විසින් සිදුකර තිබෙනවා.පලමු සති තුන ඇතුලත මෙය බොක්ස් ඔෆිස් එකතුව ලෙසින් ඉන්දිය රුපියල් කෝටි 46.5 ක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම මෙ සිනමාපටය සඳහා imdb7.7ක් වැනි අගයකුත් ලැබී තිබෙනව. මෙහි රංගන දායකත්වය විජේ සේතුපති.. නයන්තරා..ප්‍රතිබාන් විසින් ලබාදී තිබෙනවා..
මේ සිනපටය තුල ගැබ්වී ඇති කතාව දෙස අවදානය යොමුකල හොත් පාණ්ඩි නම් තරුණයෙකු කුඩා කල සිට මැරයෙක් වීමට දැඩි ආශාවෙන් පසු වෙනවා ඔහුගේ මව පොලිස් නිළධාරිණියක් වුනත් මොහුගේ ආශාව මැරයෙක් වීම. කෙසේ හො කාලයාගේ ඇවැමෙන් මොහු වැඩිවියට පත්වු පසු තම මවටත් ජිවත්ව සිටින ප්‍රදේශයේ සිටින අයටත් හොර රහසේ මැරවැඩ කරන්නට පටන් ගන්නවා. හැබැයි වෙනස්ම ආකාරයකට..! මෙසෙ කාලය ගතවී යන අතරතුරදී මොහුගේ ජිවිතයට “කාදම්බරි නැමැති දෙසවන් ශ්‍රවණය අහිමි තරුණියක් පැමිණෙනවා..! ඉතින් ඒ තරුණිය හා ආදරයෙන් බැඳෙන ඔහුගෙන් ඒ තරුණිය සාමාන්‍යයෙන් පෙම්වතියක් පෙම්වතෙකුගෙන් දෙයක් ඉල්ලන ආකාරයට යමක් ඉල්ලා සිටිනවා. එතනින් පසු පාන්ඩිගේ මුලු ජිවිතයම වෙනස් වෙනවා. පාන්ඩිට මොකද වෙන්නේ..? අර තරුණිය කවුද..? පාන්ඩිගේ අම්මා පාන්ඩිගේ හොර වැඩ දැන ගනිවිද..? අර තරුනිය පාන්ඩිගෙන් ඉල්ලුවේ මොනවද කියලා දැන ගන්න චිත්‍රපටිය බලලම සිටින ලෙසට මා ආරාධනා කරමින් මා අදට නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය..!
Due to copyright issues, we do not provide any torrent links.
Naanum Rowdydhaan (2015)[DVDRip – Lotus – x264 – 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
13,603 downloadsDownload Naanum-Rowdydhaan-2015.zip152 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
27 comments
BACHA
Kaveen Conara
thanq
තිසල්
එල මරු කතාවක් වගෙ බාලම බලමු තැන්ක්ස් සබට
විමා
සබට බොහොම තුති සහෝ
මෙන්න අරගන්නවාසචිත උදාර
මූ නියම නළුවා. බොහොම ස්තුතියි උපසිරැසියට.
Geethanjana
ela bro..
නිරෝෂ්
ස්තුතියි තරිඳු.ජය වේවා !
supun dilshan
patta machan meka enakan balagena hitiye
Kulanjana Maduranga
niayamai…tamil 1k ne....ela.thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sadun Danushka
නියම වැඩක්
සුපිරි ෆිලුමක්
දිගටම සබ් කරන්න
ශක්තිය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් තුති................!Ysa
ela filumak wage.thanks saho sub 1ta.mb adu copiyak dena eka nan marama watinawa.jaya wewaaaa!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kgm
ela
silent$
Patta macho....thanx .....
S.K.Ruchiranga
elz machoo trhz sub ekata
buddhika
niyama wedak saho....sirawatama enakam hitiye sub eka...hmm telugu movie ekak thiye bhale bhale magadivoy kiyala..puluwannm ekata sub eka diyan...digatama sub karanna shakthiya lebewa...
sada
mekata link ekak dendo banda.........
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
dimuthu
Mama kamathi movie ekaka eanaka dina gana gana hitiye thanq sub ekata
Menu
Thank you :)
සඳරු
Thank You !!
Nicky Viro
Oyalage subs denawa hondai, but tamil films wala sinhala subs wala timing waradi, puluwan nam ekath hari gassala denawa nam godak hondai!
malith
Ela ela
LakshanD
ස්තූතියි බ්රද ❤️
Eranda Malith 2.0
Thanks mcn
avishka360
Sub ekta Thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තරිඳු කොල්ලෝ...මේක මට මග අරුන ෆිලුමක්..සභට ස්තුතියි ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Naanum Rowdy Dhaan (2015) with Sinhala Subtitles | මැරයෙක් වෙන්නට නම් කඩු පිහි තුවක්කුම අවශ්‍යය නෑ [සිංහල උපසිරැසි සහිතව]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Naanum-Rowdydhaan-2015.jpg)

thanx sub ekata.man kamathima naluwek