ඉතින් කොහොමද යාළුවනේ? මම හිතනවා කට්ටියම හොදින් කියලා. ඉතින් ඔයාලට මාව මතක ඇතිනේ, ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවා. මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්‍රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා. “ස…

ඉතින් කොහොමද යාළුවනේ? මම හිතනවා කට්ටියම හොදින් කියලා. ඉතින් ඔයාලට මාව මතක ඇතිනේ, ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ආවා. මේ ච්ත්‍රපටය හුදෙක් ප්‍රබන්ධයක් නෙවේ. මේකෙන් කියවෙන්නේ ලෝකයේ වූ ඛේදවාචකයක ප්‍රතිළුලක් ගැනයි. මේ ෆිලුම ගැන කියන්න කලින් ඔයාලා මේ නිසදැස කියවලා බලන්න වටිනවා.
“සුරක්ෂිත නිවෙස්වල වෙසෙන ඔබ කොතරම් සුරක්ෂිත ද කිවහොත්
සවස් කල නුඹ ගෙදර එන විට සෙනෙහෙබර බිරිද හා සුරතල් දරුවෝ
සිටිති ඔබ සෙනෙහසින් පිළිගැනීමට. උණුසුම් රස බොජුන් ඇත
කුස පුරා කන්නට. ප්‍රිය මිතුර, එවන් ඔබ මා මේ කියන වදන්
අසනු මැන සිත් යොමා අමතක නොවන ලෙස.
දුක් කදුළු බොමින්නේ රෑ දවල් වෙහෙසෙමින්නේ
සාමයක් කිසිදු නැති, බඩ සාය නිවා ගැනීමට දිවා රෑ සටන් කළ යුතු,
‘ඔව්’ හෝ ‘නැත’ යන වදන් දෙකින් මරණයට ගොදුරු විය හැකි
මෙවන් මිනිසෙක් සිටිය හැකි ද?
නිල් වරල සිද දමා නමක් වෙනුවට අංකයක් ඇති,
හැගීමක් නැති මලානික නෙතින් යුත්,
හේමන්තයේ දැඩි ශීතයෙන් මිදුණු මැඩියෙකු වැනි,
සීතලෙන් ගල් වූ ගර්භාෂයෙන් යුත් ඉදිරියක් ගැන
ඔබට සිතිය හැකි ද?
සැබැවින් ම සිදු වූ මේ දේ ගැන සිතා බලන්න……….”
-ප්‍රීමෝ ලෙවී (මනුෂ්‍යා යනු කවරෙක් ද?)-
[නට්සි පාලන සමයේ දී අවුට්ස්විච් ඝාතන සිරකදවුරේ සිරකරුවෙක් ව සිට යන්තම් දිවි ගලවා ගත් ඉතාලි ජාතික ගත්කරුවෙකු හා රසඥයෙකි]
දැන් ඔයාලට තේරෙනවා ඇති නේද මේ ෆිලුම මොකක් ගැනද කියලා. මේක ජර්මනියේ හිට්ලර් විසින් නිර්මාණය කරන ලද අතිශයින් ම අමානුෂික දේශපාලන සිරකදවුරක් වූ බූකන්වෝල්ඩ් දේශපාලන සිර කදවුරේ ස්භාවය පිළිබද ව දැනගත හැකි කදිම නිදසුනක්. මේ ෆිලුමට පාදක වී ඇත්තේ මෙම සිර කදවුරේ අට වසක් සිරගත ව සිටි Bruno Apitz නම් ජර්මානු ගත් කතුවරයා විසින් රචිත “Naked among Wolves, 1958” නවකතාවයි. මෙම කථාවේ කියවෙන්නේ පෝලන්ත ජාතිකයෙකු විසින් සිරකදවුරට රහසින් ගෙන එන ලද කුඩා දරුවෙකු සිරකරුවන් විසින් සිය ආත්ම පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් ආකරයයි. මේ ෆිලුම බලද්දී ඔයාලට හිතෙයි දෙවන ලෝක යුද සමයේ දේ්‍යපාලන සිරකරුවෙකු කියන්නේ කෙතරම් අසරණ පුද්ගලයෙක් ද කියලා. කදවුරේ සියලු ම නිහීන වැඩ කරමින්. ජීවිතය සහ මරණය කියන තුලාවේ මරණයේ පැත්ත බර කරගෙන සිටිනා බලගතු අමානුෂික හස්තයට එරෙහි ව කේඞෑරී වී ගිය දුබල හස්තයකින් ජීවිතය නම් වූ පැත්තේ බර වැඩි කර ගැනීමට සිරකරුවන් විසින් දරන්නා වූ සානුකම්පිත උත්සහය මෙම චිත්‍රපටයෙන් හොදින් ම පැහැදිලි වෙනවා. එමෙන් ම තම ජීවිතයම නැති වුවද නිහඞව ම තම සහෝදරයින් වෙනුවෙන් එය දරා ගන්නා අයුරුත් මේ මගින් ප්‍රේක්ෂකයාට පෙන්වා දෙනවා.
මේ සලරුව ගැන කියනවා නම් මේක නිකුත් වෙලා තියෙන්නේ 1963 අවුරුද්දේ. IMDB අගය 7.3ක් වුණු මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Frank Beyer විසින්. මේකේ කතාව සහ තිර රචනයත් කරලා තියෙන්නේ Bruno Apitz විසින්මයි. Erwin Geschonneck ක්රේමර් ලෙසත්, Armin Mueller-Stahl හෝපල් ලෙසත්, Gerry Wolff බෝකෝ ලෙසත් තවත් නළු නිළියන් රාශියක්මෙහි රංගනයෙන් දායක වෙනවා. 1963 දී පැවැත් වූ 3වන මොස්කව් චිත්‍රපට උලෙළේ (3rd Moscow International Film Festival) දී මෙම චිත්‍රපටය රිදී සම්මානය දිනාගෙන තියෙනවා. ක්ලුටිග් ලෙස රගපෑ Herbert Köfer, සුවයිලිං ලෙස රගපෑ Wolfram Handel හා Gerry Wolff ඔවුන්ගේ රංගනය වෙනුවෙන් පළමු පන්තියේ Heinrich Greif ත්‍යාගය දිනාගැනීමටත් සමත් වී තිබෙනවා. තවත් සම්මාන රාශියක් දිනාගැනීමට මේ සලරුවට හැකි වී තියෙනවා.
අවසාන වශයෙන් යුද්ධය නම් වූ කුරිරු වදන කෙතරම් අමිහිරි ද යන්න දැන ගැනීමට මෙම චිත්‍රපටය ඉතාම හොද නිදසුනක්. ඔබ ජීවිතයේ කෙදිනක හෝ අවස්ථාවක් ලබාගෙන හෝ ජර්මනියේ ජාතීන්ගේ මාවතට ගොස් බලන්න. ලෝක යුද්ධය අවසන් වී දශක ගණනක් ගෙවී තිබුණ ද එහි බලපෑම් තවම මිනිසුන්ගේ ජීවිතවලින් මැකී ගොස් නැති බව එවිට ඔබට වැටහේවී. එසේ නම් මා ප්‍රිය සොයුරු සොයුරියනි අපි කෙදිනකවත් යුද්ධක් නොමැති ලොවක දිවි ගෙවීමට වාසනාවන්ත වේවා යැයි පතමු…!!! යාළුවනේ මේ චිත්‍රපටය මම ඉතාමත් ම ප්‍රිය කරන චිත්‍රපටයක්. ඔයගොල්ලන්ටත් මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. තව දෙයක් ඕගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් “The Final Journey (අවසන් ගමන)”,”Naked Among Wolves (වෘකයන් අතර නග්නව)” පොත් දෙක කියවලා බලන්න කියලා මම කියනවා. ඊට පස්සේ යුද්ධය කියන වචනය පවා ඔබ පිළිකුල් කරාවි. වෙනදා වගේ ම මේ ෆිලුමේදීත් මට උදව් උපකාර කළ විකියා සහෝ ඇතුළු බයිස්කෝප් යාළුවෝ සේරටම බොහාමත් ම තුති! එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙන තුරු සමුගන්නම්. ජය…!!!
7b03fef92b6341ffffe9de9273fcfce64f0292b6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
710 downloadsDownload 201507122035baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/සදීෂ්-රවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදීෂ් රවිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සදීෂ් රවිඳු
Subtitles
30 comments
රවිඳු තේනබදු
“චූටී මල්ලි”
tnx
ධනුෂ්ක සිරිදර්ශන
මේක නියම කතාවක් සහෝ....
බෲනෝ ආපිට්ස් කියන කතුවරයා ලියපු පොතේ තියන කතාව මේක..
අනිවා බෑමක් තමා...මේ වගේ ෆිල්ම් දිගටම අරන් එන්න......
ජය වේවා...!!!එල්.සී. දමැල්
මේකටනම් උපසිරස දීපු එක ගොඩක් වටනවා සදීෂ් සහෝ...
• මේ ඉතිහාස කථා ගොඩක් වටිනවා...
• මේ වගේ කථාවකට ගොඩක් අය උපසිරස යොදන්නේ නැහැ...
• මේක සහෝට කරන්න අමාරු වෙන්නත් ඇති මොකද මිලටරි වචනත් හොයන්න වෙනවානේ...සහෝගේ මහන්සිය අගය කරනවා...
උපසිරසට ස්තූතියි...
අනිවා බෑමක් තමයි...
ජය...kamal
fatta film akak tx lot
Thanu
Ela saho, thanku
අදිත ප්‍රවීන්
'වෘකයන් අතර නග්නව' මම බොහොම ආසාවෙන් කියවපු පොතක්.
චිත්‍රපටයත් විශිෂ්ටයි. කලින් බලලා තියනවා.
මගෙත් අදහසක් තිබුණා මේකට සිංහල උපසිරැසි කරන්න.
ඒත් ටිකක් පරණ නිසා පොඩි මන්දෝත්සාහි ගතියක් දැනුණා.
අනිතිමේදී සදීෂ් සහෝදරයා ඒ කාර්යය ඉෂ්ට කරලා තියනවා .
බොහොම ස්තුතියි සහෝදරයා මේ උපසිරසියට සහ උපසිරැසි යොදන්න මේ වගේ වටිනා චිත්‍රපටයක් තොරගත්තාට.
:DDDT
බොහෝම ස්තූතියි යාළුවා උපසිරැසියට.
මේ සිනමාපටයට පාදක වුනු බෘෘනෝ ආපිට්ස්ගෙ Naked Among Wolves පොත සිරිල් සී. පෙරේරා විසින් ‘වෘකයන් අතර නග්නව‘ නමින් සිංහලට පරිවර්තනය කරල තියෙනව. ගොඩගේ පොතක්.
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කතාව පරණ නිසා මට හිතුනා නිකමට ඇවිල්ලා බලන්න.
බලාගෙන ගියාම මට රුසියන් නව කතාවක් වගේ දැනුනා.අනිත් අයගේ කමෙන්ට් දැකලා බලන්න ආසාවකුත් ඇතිවුනා. :)
ඒ කියන්නේ ඉස්සරහට මේක බැලීමක්ම තමයි.
ඇත්තටම අගය කරනවා මේ වගේ උපසිරැසිකරුවන්ගේ ඇස නොගැටෙ විදියේ
ෆිල්ම් එකකට උපසිරැසි යෙදීම ගැන.
තවත් මේ වගේම හොඳ උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
සසිනිකා
පොත කියවලත් නෑ.
පොතත් හොයාගන කියවන්න
ඕන.ස්තුතියි උපසිරැසියට...sub 1k baragaththata thama karapu nathi eka
Watinawa mcn
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sahan De silva
බොහෝම ස්තූතියි යාළුවා උපසිරැසියට :) මහන්සිය අගය කරනවා… :* :) බොහෝම ස්තූතියි උපසිරැසි යොදන්න මේ වගේ වටිනා චිත්‍රපටයක් තොරගත්තාට. "*
achi
ස්තුති සදීෂ් සහෝ...
තවත් උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
ජය!!!Kulanjana Maduranga
niayamai…me wge 1kakata sub dunna 1ka sahenn watinawa...thanks SHADEESH saho..sub ekata..digatama sub demu.jaya wewa......
prabhath
ela thanks
Tharaka
හොඳ කතාවක්. ඔන්න මාත් ෆිල්ම් එක බාගෙන දැනුයි බලලා ඉවර වුනේ. සබට තෑන්ක්ස්!
darshsana
මචං මෙ Show එක දැම්මට ගොඩාක් TNX. මගේ ආසම නවකතාව වෘකයන් අතර නග්නව සිරිල් සී පෙරේරා ගේ මම film එක හෙව්වා හම්බ වුනේ ඇත්තටම යුද්ධය කියන්නමෛාකක්ද කියලා මෙකේ හැම වචනයකම තියනාවා
පැරණි, එහෙත් වටිනා චිත්‍රපටයකට උපසිරසි යෙදීමට සිත යොමුවීම පිළිබඳව ගොඩක් ස්තුතියි!
සැමදා වටිනාකමක් පවතින මෙවැනි නිර්මාණ සඳහා ඉදිරියේ දීත් ප්‍රමුඛත්වය ලබා දෙන්න.
හැකිනම්, සම්මානනීය පැරණි සිනමා නිර්මාණයක් වන "Gone with the wind" චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදෙන්න.
බාගත කරගන්නා ප්‍රමාණය අඩු වුවාට පසුතැවිලි වෙන්න එපා. වෙනත් මාර්ගවලින් මෙම උපසිරැසිය රට පුරාම විසිරීයනවා.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි ෆිලුමක් නෙ ගෙනල්ලා තියෙන්නේ
මේ වගේ වටින , යමක් පිලිබඳව අවබෝධයක් ලබා ගත හැකි, කතාවක් සදහා සිංහල උපසිරැසි ගන්වා අප වෙත ගෙනාවට ගොඩ ගොඩාක් ස්තූතියි සහො.
මේක අනිවා බලනවා .
අනික, ඔයා නිර්දේශ කරපු පොතත් කොහොම හරි හොයාගෙන කියවනවා.
ඒ පිලිබඳව දැනුවත් කලාට තුති වේවා !!!
ලිපියත් සුපිරියි .
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!anurA
ඇත්තටම මේකට sub දීපු එකනම් මාර වටිනවා නියමයි .මන් කියවපු හොන්දම පොතක් තමයි මේක .....ඇත්තටම කියන්න වචන නෑ .....thanzzzzzzzzzzzzzz
"Citizen Cane (1941)" ඉහළම සම්මානලාභී චිත්‍රපටයක් වන මෙයට උපසිරසි ලබාදීමට පුළුවන්ද? 0779785608 මගේ අංකයට කතා කරන්න ඔබගේ ඉදිරි නිර්මාණ සඳහා මිලක් ලබාදෙන්න පුළුවන්.
Sherlock Holms
Moo mokatada enna hadanne?
රොයිලි
බොහොම ස්තූතියි සදීෂ් සහෝ සිංහල උපසිරැසියට. මම කියවල තියෙන වටිනාම පොතක් තමා මේ පොත. ජය෴෴ :P :P
Nandana
බොහොම ස්තූතියි. සදීෂ් රවිඳු.
wiki
thanks
Shan
මේකේ වැඩකරන ලින්ක් එකක් දෙන්න මචන්
Akash Fernando
මේකේ වැඩකරන ලින්ක් එකක් දෙන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බෑමක් තමා.. පරණ වුනාට මේ වගේ ඒව මඟහටින්නෙ නෑ... එල මචං..