කොහොමද යාලුවනේ? Sleepy Hollow කතාමාලාවෙන් පස්සෙ පොඩි නිවාඩුවක් ගත්තා. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දෙන්න තරම් විවේකයක් නැති නිසාත් මේ වැඩේ දිගටම කරගෙන යන්න තියෙන ආසාව නිසාත් ෆිල්ම් එකක් ඉල්ලගත්තා. අද මං අරන් ආවෙ පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක්. මේක 2015…
කොහොමද යාලුවනේ? Sleepy Hollow කතාමාලාවෙන් පස්සෙ පොඩි නිවාඩුවක් ගත්තා. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දෙන්න තරම් විවේකයක් නැති නිසාත් මේ වැඩේ දිගටම කරගෙන යන්න තියෙන ආසාව නිසාත් ෆිල්ම් එකක් ඉල්ලගත්තා. අද මං අරන් ආවෙ පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක්.
මේක 2015 ජනවාරි මාසෙ නිකුත්වුන චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 6.3ක අගයකුත් Rotten Tomatoes වල 80%ක අගයකුත් ගන්න හැකිවෙලා තියෙනවා. ඒ වගේම දැනට සම්මාන 4කට නිර්දේශ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතිහාසයේ ඕස්ට්‍රේලියානු ළමා චිත්‍රපටියක් ලබපු ඉහලම අදායම ලබන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. ඒ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක්.
කතාව පැත්තට හැරෙමුකෝ. මං හිතන්නෙ නෑ පුංචි කාලෙ කඩදාසි ප්ලේන් එකක් හදල නැති කෙනෙක් ඉන්නවා ඇති කියලා. ඒත් ඔයාලා කවදාවත් කඩදාසි ප්ලේන් හදලා ශූරතාවයක් දිනන්න හිතල තියෙනවද? ඩිලන් වෙබර් කියන්නෙ අම්මගෙ මරණයෙන් පස්සෙ අනිත් හැමදේම අතෑරලා දාලා ඉන්න තමන්ගෙ තාත්තා එක්ක මේ ලෝකෙ තනිවුන අවුරුදු 11ක පිරිමි ළමයෙක්. දවසක් ඉස්කෝලෙට එන ශිෂ්‍ය ගුරුවරයෙක් ඩිලන්ට අළුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියානු කණිෂ්ඨ කඩදාසි ප්ලේන් තරගාවලියට සහභාගි වෙන්න. බාධක මැද්දෙ ඩිලන් තමන්ගෙ ඒ හීනය හැබෑ කරගන්න උත්සාහ කරන හැටි තමයි චිත්‍රපටියෙන් කියවෙන්නෙ.තමන්ට අහිමි වුන දේවල් ගැන හිත හිතා තමන්ගෙ වර්තමානයත් අනාගතයත් අඳුරු කරගන්න අයට මේ කතාව හොඳ ආදර්ශයක් වේවි. ඒවගේම ආසාවයි කැපවීමයි තියෙනවා නම් හැබෑ කර ගන්න බැරි හීනයක් නෑ කියලත් හිතේවි. ගොඩක් ලස්සන සංවේදී කතාවක්. තාමත් හිතින් ළමා කාලෙ ඉන්න වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් කතාවක්. තවත් දවසක හමුවෙමු. ජය වේවා!
750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
CDAD27478FC819C8492485360FBA0E19ACEB776C1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න
CABC3D281EBA2B03A1FE9BD74406BD1FA3A98335 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,520 downloadsDownload Paper-Planes-2014.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිනිකා කුලතුංග
Subtitles
33 comments
thisal
achi
Thanks sis!..... digatama sub demu.
ck
sleepy hollow denne nedda ? i'll waiting for it
සසිනිකා
Sleepy hollow දීලා
ඉවරයි සහෝ. මට
හිතන්නෙ ඔයාට
කතාව මග ඇරිලා
L c Demel
Aniwa baamak thamai sis sasninica thanks
Kulanjana Maduranga
niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Thanu
Thanx sub 1ta sis
“චූටී මල්ලි”
tnx
Elderman
Thank you
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය වේවා!!!තිලිණ නදීෂාන්
ස්තුතියි සහෝ ...
prabhath
thanx
Tharaka
හොඳ කතාවක් වගේ. ඔන්න මාත් බාගන්නවා. සබට තෑන්ක්ස්!
indika
සබට තෑන්ක්ස්!
Elderman
Thank you.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!gamage
aththatama niyamai. thanks sister
Nelson
Good Work Friend, Thanks!
npdjs
thankz machan sub ekata
Chanaka Hasitha Naveendra
supiri machan
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි...
හොඳ කතාවක් වගේ,
ඔන්න මාත් කතාව බලන ලයිස්තුවට දාගත්ත
ජය :Dpriyankara
godak pin dub ekata සසිනිකා කුලතුංග
Chamindu
බොහෝම ස්තූතියි උපසිරැසියට!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
Hirushan
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha
thank you
kanchana
thank u for the sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nandana
Thank You Sasinika.
nidi
Sasinika, mata nikamata hithenawa me film eka subs ekkama hallwala pennuwoth kohomada kiyala. aththatama thawama lankawe hungak directorsla kiyana aya lama films anduranne nehe. eyalatawath me film eka gena news eka yanawa nam. thanks again. thawa honda films godakata subs denna wasanawa obata lebewa!
සසිනිකා
ඇත්තටම සහෝ.. ඕස්ට්‍රේලියානු ළමා කතා මාලා බලල තියෙනවා වුනාට චිත්‍රපට බලන්න ලැබෙනවා අඩුයි. මං වගේම ළමා චිත්‍රපටි වලට කැමති අය බලලා රසවිඳි කියලා හිතුවා. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Paper Planes (2014) | පියඹා යමු ආකාසයේ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/Paper-Planes-2014-.jpg)

tnxxxx me wage ewA patta digtma sub demu