ඔන්න යාළුවනේ මම ඔයාලට මේ පාර දෙන්නෙ සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් මේ පාර මම ඔයාලව ජිවතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නේ. මෑත කාලයේ මම බලපු හොර්ර් ෆිල්ම් වලින් හොදම ෆිල්ම් එක්ක මේක. මම මේ බයිස්කෝප් එකට සබ් දිලා ගොඩක් දවස් වෙනවා නමුත් රාජකාරි බහුල නිසා මට මේක දෙන්න බැරි වුණා. (මම හොරර් සින…

ඔන්න යාළුවනේ මම ඔයාලට මේ පාර දෙන්නෙ සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් මේ පාර මම ඔයාලව ජිවතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නේ. මෑත කාලයේ මම බලපු හොර්ර් ෆිල්ම් වලින් හොදම ෆිල්ම් එක්ක මේක. මම මේ බයිස්කෝප් එකට සබ් දිලා ගොඩක් දවස් වෙනවා නමුත් රාජකාරි බහුල නිසා මට මේක දෙන්න බැරි වුණා. (මම හොරර් සිනමා ලෝලියෙක් නිසා දැන් මම හොරර් ෆිල්ම් බැලුවට වැඩිය බය වෙන්න නැහැ නමුත් මම මේක බලද්දි නම් ටිකක් විතර බය වුණා ) මේ සලරුවට IMDB අගය 4.4 ක් ලැබිලා තියෙනවා ඒ වුණාට මගේ අදහස නම් මේකට තව ලැබුණනම් හොදයි , ඉතින් මේ සුපිරි වැඩේ කරලා තියෙන්නෙ patrick Rea කියන අධ්‍යක්ෂකවරයා ඉතින් මේක ගැන මට තවත් වර්ණනා කරන්න උවමනා නැහැ ,මං දැන් පොඩ්ඩක් කථාවේ වටපිටාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මේ කතාව දිවයන්නෙ එක් මවක් සහා දියණියන් තුන් දෙනෙක් වටා ඔවුන් ඔවුන් ගේ පියා එනතුරු මග බලන් ඉන්නෙ ඔහු සේවය කරන්නෙ යුද හමුදාවේ නමුත් ඔවුන්ට අසන්නට ලැබෙනවා රුපවාහිනියෙන් ඔවුන් ජිවත් වන කැන්සාස් ප්‍රාන්තයට ටොනාඩෝවක් ඇතිවන බව ඒ නිසා ඔවුන් තිරණය කරනවා. ඔවුන් ගේ පියාව ගන්න ගුවන් තොටුපළ වෙත යාමට නමුත් ඔවුන්ට වැඩි දුරක් යාමට සිදු වන්නෙ නැහැ මාර්ග වල තිබෙන ටෝනාඩො අනතුරු ඇගවිම් ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා ඒවන විටත් ටෝනාඩෝව ඔවුන් සිටින ස්ථානය ආසන්නව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඔවුන් දකිනවා ඒම නිසා එයින් බේරිමට ඔවුන් ඒ අසල තිබෙන නිවසක් වෙත දිව යනවා ඔවුන් නිවසේ දොරට තට්ටු කර උදව් ඉල්ලුවත් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා ඔවුන් එම ගොවිපලේ තිබෙන බිම් ගෙයට රින්ගා ගන්නවා ඔවුන් ටෝනාඩෝව අවසන් වි එයින් පිටවීමට උත්සහා කළත් ඔවුන්ට දොරවල් ඇරගැනිමට අපොසත් වෙනවා එතකොට තමයි ඔවුන් තේරුම ගන්නෙ ඔවුන්ව කවුරු හරි විසින් හිර කර ගෙන ඉන්නවා කියලා. ඉන්පසු සැලි උත්සහා කරනව බිම්ගෙයින් එළියට රින්ගා යන්න එහි තිබෙන ජානේලයකින් ඒ අවස්ථාවේදි කිසියම් සත්වයෙක් ඇයට පහර දෙනවා. එයින් ඇය බරපතල විදියට තුවාල ලබනවා .ඒ විතරක් නෙමෙයි ඔවුන්ට උදව් කිරිමට උත්සහා කරන පොලිස් නිලධාරියෙකුත් මිය යනවා.
තව දුරටත් මම ඔයාලට මේ කතාව ගැන කියන්න යන්නෙ නැහැ එහෙම වුණොත් මම ඔයාලට මුලු කතාව කිව්ව වගේ වෙනවා ,මේ බයිස්කෝප් එක ඔයාලට මුල සිටම කුතුහලයෙන් බලන්න පුළුවන් ඔවුන්ට කරදර රැසකටම මුහුණ දෙන්න සිදු වෙනවා ඒ මොනවද ? ඔවුන්ව සිර කරගෙන තබා ගෙන ඉන්නෙ කවුරුන්ද ? සැලි,ජෙනිපර් සහා සරාට තම පියා හමුවිමට හැකිවේවිද ? ඔවුන්ට පහර දෙනු ලබන්නෙ කවුරු විසින්ද ? ඔවුන්ට බිම් ගෙය තුළින් තම ජිවිතය බේරාගෙන යාමට හැකිවේවිද ? එම නිවෙස් වල ජිවත් වන මිනිසුන් සගවනු ලබන රහස කුමක්ද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න නම් ඔයාලට මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා, ඉතින් වෙනද වගේ මේකත් බලලම අදසක් දාල යන්න කියල ඉල්ලනව. තවත් අපූරු සලරුවකින් හමුවනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජයවේවා!
6F48649D12288C1B62ACEAC1E900DAF574FD83E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,656 downloadsDownload NailBiter-2013.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
29 comments
lakmal
chami
Thanks
DILAN ASANKA
niyamai
සචින්ත
පිස්සු වගෙ ...නියම film නෙ.
tharanga
ගොඩාක් ස්‍තූතියි.
තරිඳූ පෙරේරා
ela ela elazzzz......me balanna film ekak nathuva veli veli hitiyee sahoooo......horror film ekakma thiyenava balannna...patta patta.......onna ehenam bagaththaa sahooo...thanks sub ekatahhh.......
Thisara NEO
නියම කතාවක් වගේ.. horror ෆිල්ම් දෙනකල් මග බලන් ඉන්නේ... තැන්ක්ස් සහෝ මේ වගේ ඒවට සබ් දෙනවට... ජයවේවා
asiri
niyamama filmsssss
wow
wow,, maru :D
isuru
subs walata thanks dawasata 2kak dunna ne maru
සමීර චතුරංග
හොඳ එකක් වගේ..බලමුකෝ එහෙනම්.
vidu
ramleela ko dhoom 3 ko
Siraj
නියමයි, නියමයි.
සුපිරි හොර්ර් ෆිල්ම් එකක් වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි................“චූටී මල්ලි”
අනේ බන් මන් මේකත් බැලුවනෙ කලින්ම
එල එල කමක් නෑ
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.....Nilanka
niyamai saho thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...ANJANA
thanks..
ගයාන් රූකාන්ත
ජය වේවා සහෝ
viradaka
thanx piumaal
mindika
Thanks !!!!!!!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේකේ හොඳ කොපියක් දෙනකම් ඉන්නවා,බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
Nisal Lakshan
supiriy thelugu ekakuth denna
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
මේක නම් ඉන්නෙම අපිව බය කරන්නද කොහෙද.
එල යුශානයෝ.
බලන්නම් ඉක්මනටම.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
oshada
Ela ela jayawewa
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍චතුර මදුසංක
මරු මචන්.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියම වැඩක් මචං........ එළ... එළ......