Watch Trailer

Namak Halaal (1982) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. ඊළඟට මොකද වෙන්නේ කියා දිගටම නරඹන්…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් පස්වන උපසිරසි නිර්මාණය” යි. අමිතාබ් භච්චන්ගේ සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.3 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. ඊළඟට මොකද වෙන්නේ කියා දිගටම නරඹන්නට සිතෙන කුතුහලයෙන් පිරි අගනා සිනමා පටයක්. මෙහි කතා සාරාංශය වන්නේ, භීම් සිං යන අය, සෙත් රාජා සිං ගේ කළමනාකරුවෙකු සහ පුද්ගලික ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර රාජාගේ ඥාති සහෝදරයෙක් වන ගිර්ධාර් සිං විසින් සැලසුම් කරන ලද බොහෝ මිනීමැරුම් උත්සාහයන්ගෙන් ඔහුව බේරා ගනී. දිනක් රාජා සිං, භීම් සිංගේ බිරිඳ වන සාවිත්‍රි ඔවුන්ගේ දේපළ භාරකරු ලෙසත්, ඔහුගේ කුඩා පුත් රාජා කුමාර් හිමිකරු ලෙසත් පත් කරයි. එදිනම ඔහු සහ භීම් සිං ගිර්ධාර් සිං අතින් මිය යයි. රාජා කුමාර් රැකබලා ගන්නා බවට සාවිත්‍රි තම සැමියාට පොරොන්දු වෙයි. භීම් සිංගේ පියා දෂ්රත් සිං ඇතුළු සියල්ලන්ම සාවිත්‍රිට දොස් පවරන්නේ ඇය තම සැමියා සහ ආයතන හිමිකරු මුදල් වෙනුවෙන් මරා දැමූ බව කියමින්ය. සාවිත්‍රි, තම පුතා වන අර්ජුන්ව දෂ්රත් සිං වෙත භාර දී ඔහුව ආරක්ෂා කිරීම සඳහා රාජා කුමාර්ගේ මව ලෙස පෙනී සිටියි.

පසුව අර්ජුන්, දෂ්රත් සිංගේ රැකවරණය යටතේ අහිංසක තරුණයෙකු ලෙස වැඩෙයි. ඔහු තනිවම ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා නගරයට ගොස් තරු පහේ අවන්හලක සේවය කරයි. එහිදී ඔහුට පූනම් මුණගැසෙන අතර ඔවුන් දෙදෙනාම ආදරයෙන් බැඳී සිටිති. එම හෝටලය රාජා කුමාර් සතු වන අතර එය පවත්වාගෙන යන්නේ සාවිත්‍රි විසිනි. පසුව අර්ජුන් විසින් සාවිත්‍රි. රාජාගේ මව නොවන බව දැන ගනී. අර්ජුන් සහ රාජා බොහෝ මැරයින් සමඟ ගැටුම්වලට මුහුණ දීමට සිදුවේ. එහෙත් ඔවුන් තමාගේ ආදරණීයන් සියල්ල බේරා ගනී. අමිතාබ් භච්චන් ශෂී කපුර් සහ වහීඩා රේමන්ඩ් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි,”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Namak Halaal (1982)(HD) Hindi Full Movie – Shashi Kapoor |Amitabh Bachchan| යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු පනස්දෙකයි, තත්පර තිස්දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,361 downloadsDownload Namak-Halaal-1982.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,361 downloadsDownload Subtitles65 KB

22 comments

  1. Priyantha Dayakeerthi

    අමිතාබ් භච්චන්ගේ සිනමාපටවලට කීපදෙනෙක් උපසිරසි ඉල්ලුවා. මේ සිනමාපටයේ නමින්ම දෙන්නෙක් ඉල්ලුවා. ඔබ සියලුදෙනා වෙනුවෙන් මේ උපසිරැසිය. ස්තුතියි!

  2. kanchana

    request red drogon,hannibal,hannibal rising

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request:
      Qurbani (1980)

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි. අමිතාබ් බච්චන් ගේ චිත්‍රපට නම් නියමයි. 80 ගණන් වල හින්දි චිත්‍රපට තව හැකි අයුරින් ලබා දෙන මෙන් ඉල්ලමි. හැකිනම් මිතුන් චක්‍රබෝති ගේ චිත්‍රපට ද ලබාදෙන්න.

    Jaane Bhi Do Yaaro 1983 චිත්‍රපටයට හැකිනම් උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.

  5. Prabuddha

    බොහෝම ස්තුතිය උපසිරැසිය⁣ට මම කලින් කමෙන්ට් කරලා අමිතාබ්ගේ චිත්‍රපටි කිහිපයක නම් දැම්මා පුළුවන්නම් දෙන්න කියලා මේ චිත්‍රපටියත් එකක්. බොහෝම සතුටුයි උපසිරැසිය දැම්මට ඉතිරි ජනප්‍රිය චිත්‍රපටි කිහිපයේත් උපසිරැසි ලබා දෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනා...ජයවේවා

  6. Anonymous

    Thanks for sub

  7. Anonymous

    😍

  8. කවිඳු ජයවර්ධන

    දැන්නම් දිගටම සබ් දෙනවා වගේ. අපි වෙනුවෙන් කැප කරන කාලයට,ශ්‍රමයට බොහොම ස්තුතියි..දිගටම පැරණි ෆිල්ම් වලට සබ් දෙමු.. Amitabh Bachchanගේ Zanjeer-1973 movie එකටත් වෙලාව තිබ්බොත් සබ් දෙන්න..!!!...ඔබට ජය...!!!

  9. Supun Kaushalya

    Iතෑන්ක්ස් සබ් එකට

  10. Bandara

    Thanks lot mr.Priyantha

  11. Deegayu Abeysekera

    thanks

    keep it

    next kati patan rajesh khanna movie

  12. W T Ajith

    තවත් අමිතාබ් බච්චන්ගේ 70 දශකයේ සිනමාපට දෙන්න. මෙය මා කැමති සිනමාපටයක්. ස්තුතියි...

  13. W T Ajith

    That's famous old hindi film. thank's for your sub.....

  14. රොෂාන් ශමීර

    උපසිරසියට බොහොම ස්තුතියි ප්‍රියන්ත අයියා..
    ~ ජය වේවා ~

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  16. D P Gamage

    හොඳ සිනමාපටයක්, ස්තුතියි....බච්චන් සිනමාපට බොහොමයක් බලලා තියෙනවා.

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  18. Anonymous

    thanks for the sub

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  21. Chinthana

    Namak haraam film ekata sub eka hada denna puluwannam