Watch Trailer

The Money Pit (1986) Sinhala Subtitles | ගෙයක් හින්දා වෙච්ච දෙයක්… [සිංහල උපසිරසි]

මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට ගෙන ආවෙ මගෙ ආසම නළුවා වන,ප්‍රතිභාපූර්ණ නළු Tom Hanks හා Shelly Long රගපෑ , 1986 March 26 දින තිරගත කළ Comedy Drama ගණයට අයත් වන The Money Pit සිනමාපටයටයි .මෙම චිත්‍රපටය සදහා 6.4 ක Imdb අගයක් හිමිව තියෙනවා. Tom Hanks රගපෑ බොහෝ විචාරක ප්‍රතිචාර ලබාගත්,වැඩි දෙනෙක්ගෙ අ…

මගේ පළවෙනි සිංහල උපසිරැසිය විදිහට ගෙන ආවෙ මගෙ ආසම නළුවා වන,ප්‍රතිභාපූර්ණ නළු Tom Hanks හා Shelly Long රගපෑ , 1986 March 26 දින තිරගත කළ Comedy Drama ගණයට අයත් වන The Money Pit සිනමාපටයටයි .මෙම චිත්‍රපටය සදහා 6.4 ක Imdb අගයක් හිමිව තියෙනවා.

Tom Hanks රගපෑ බොහෝ විචාරක ප්‍රතිචාර ලබාගත්,වැඩි දෙනෙක්ගෙ අවධානයට ලක්වුණු චිත්‍රපට විදිහට Forrest Gump (1994),Saving Private Ryan(1998),The Green Mile(1999),Cast Away(2000),Catch Me If You Can(2002),Toy Story,The Polar Express(2004) යන ඒවා දක්වන්න පුලුවන්. ඔහු රගපෑ මුල් කාලීන චිත්‍රපට,විශේෂයෙන්ම Bachelor Party(1984),Splash(1984),Volunteers(1985),Big(1988),The Money Pit(1986) වැනි චිත්‍රපටවල Comedy Character කෙනෙක් විදහට තමයි රගපෑවෙ .ඒවගේම ලංකාවෙ වැඩි අවධානයට ලක්නොවුණු ඔහුගෙ ප්‍රේමාන්විත චිත්‍රපට විදහට Splash(1984),Sleeplesss In Seattle(1993),You’ve Got Mail(1998) වගේ චිත්‍රපට දක්වන්න පුලුවන්.

මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා වන්නෙ Goodbye Colombus(1969),Westworld(1973),The Sunshine Boys(1975) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Richard Benjamin විසිනි..The Money Pit චිත්‍රපටය 1948 තිරගත වුණු Mr.Blandings Builds His Dream House චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්..

ධාවන කාලය විනාඩි 91ක් වන අතර බජට් එක ඩොලර් මිලියන 10ක්ද Box Office අගය ඩොලර් මිලියන 54.9ක් ලෙසද සදහන් වෙනවා..ඒවගේම මේ චිත්‍රපටයේ Co-executive Producer කෙනෙක් විදිහට Steven Spilberg ද දායක වෙලා තියෙනවා..

චිත්‍රපටය දිහාවට හැරුණොත්,වෝල්ටර් ෆිල්ඩින් හා ඇනා කියන්නෙ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න යුවළක්..මොවුන් නැවතිලා ඉන්නෙ ඇනගෙ කලින් කසාදෙ ස්වාමියා වන මැක්ස්ගෙ ගෙදර.ඉතින් ආයිමත් මැක්ස් ඒ ගෙදරට එනවා කියලා දැනගත්තහම මොවුන් නිවසක් හොයනවා ඒවගේම ලාභෙට නිවසෙකුත් හොයාගන්නවා.එතනින් එහාට කියන්න යන්නෙ නෑ. මොකද එතනින් එහාට තමයි ආතල්ම ටික පටන් ගන්නෙ.

මේ චිත්‍රපටයෙ එක් තැනකදි Tom Hanks හිනාවෙන දර්ශණයක් තියෙනවා,නිකන් හිනාවෙන එකක්නම් නෙවෙයි..ඉතින් ඒක බලපු කට්ටියටත්,බලන කට්ටියටත් ඒක ලේසියෙන්ම අමතක වෙන එකක් නැහැයි කියලනම් කියන්න පුලුවන්..

ඉතින් මේක මගේ පළමුවන උපසිරැසිය හින්දා අඩුපාඩු ඇති,එහෙම තියෙනවන්ම් ඒ පිළිබදවත් දැනුවත් කරන්න කියලා කියනවා..

එහෙනම් හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,744 downloadsDownload The-Money-Pit-1986.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-03-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුෂ්ක සම්පත්

Subtitles

1,744 downloadsDownload Subtitles47 KB

18 comments

  1. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ධනුෂ්ක සහෝ!
    දිගටම උපසිරස කරමු.
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා පතනවා.
    ජය ✌

  2. කවිඳු ජයවර්ධන

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ..Tom Hanks මගෙත් ආසම නලුවෙක්..ෆිලුමත් හොදයි වගේ..දිගටම මේ වගේ English movies වලට උපසිරැසි ලබා දෙන්න..
    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..!!!ඔබට ජය!!!

  3. Priyantha Dayakeerthi

    පළමු උපසිරසියට සුබපැතුම්! දිගු ගමනක් පතමි.

  4. ari

    මේවනම් වටින වැඩ කොල්ලෝ.... පරන උනත් කමක් නෑ කොමඩි නම් :D

  5. Anonymous

    {color: #000080;}උපසිරැසියට ස්තූතියි

  6. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් දිගටම මෙවැනි පැරණි චිත්‍රපටම දෙන මෙන් ඉල්ලා සිටිමි.

  7. Anonymous

    tom.. ;)

  8. Anonymous

    tomge thawa ewa one.. )

  9. Anonymous

    bohoma watina wedak. digatama krn yan. aluthen ena ewata sub denna kattiya inna hinda parana ewatama demu.

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම්
    පුලුවන් නම් Primal Fear, K-Pax ෆිල්ම් දෙකට සබ් කරන්න

  12. hasitha jayasingha

    digatama parana ewata sub demu..thanks for the subtitle..

  13. රොෂාන් ශමීර

    පළවෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් උපසිරසි නිර්මාණයට අවැසි කාලය ශක්තිය ලැබේවා..
    ~ ජය වේවා ~

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Anonymous

      බොහොම ස්තූතියි මහත්තයෝ

  15. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  16. Anonymous

    පලවෙනි උපසිරැසියට ස්තූතියි. එකම එක අව්ලකට තියෙන්නෙ ඇලඉරි ( / ) දාලා තේරුම් දෙකක් දාලා තිබ්බ එක. ඊට වඩා ගැලපෙන එක තේරුමක් විතරක් දැම්මනම් කියවන්න ලේසියි.
    ජය වේවා!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P