Watch Trailer

Nanna Prakara (2019) Sinhala Subtitles | විශ්මයා … විශ්මයා [සිංහල උපසිරසි සමඟ]

” අද අප ජීවත්වන සමාජයේ නිතර තිතර විවිධ අපරාධයන් සිදුවෙනවා “ ” ඒ අපරාධ කරන නින්දිත අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගැනිම එතරම්ම පහසු කරුණක් නොවේ “ ” ජනතාවට අපරාධ පාලනය කිරීමට හෝ මැඩලීමට නොහැකියි “ ” නමුත් එය කල හැක්කේ ඔවුනටම පමණයි “ ” ඔවුන් නම් පොලිස් නිලධාරීන්ය…! “ ප්‍රථමයෙන්ම බයිස්කෝප් සිංහලෙන් ර…

” අද අප ජීවත්වන සමාජයේ නිතර තිතර විවිධ අපරාධයන් සිදුවෙනවා “
” ඒ අපරාධ කරන නින්දිත අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකර ගැනිම එතරම්ම පහසු කරුණක් නොවේ “
” ජනතාවට අපරාධ පාලනය කිරීමට හෝ මැඩලීමට නොහැකියි “
” නමුත් එය කල හැක්කේ ඔවුනටම පමණයි “
” ඔවුන් නම් පොලිස් නිලධාරීන්ය…! “

ප්‍රථමයෙන්ම බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන්ට ආයුබෝවන් කියල ආචාර කරනවා.! හැමදාම බයිස්කෝප් එකෙන් උපසිරැසියක් බාගෙන චිත්‍රපටයක් බලලම විතරක් යන්නෙ නැතුව සිංහල උපසිරැසියක් කරමුයි කියල සිංහල උපසිරැසියක් කරන්නට ගුරුහරු කම් දුන්න MTR තරිඳු රුක්ෂාන් පෙරේරා සොයුරාට මාගේ ස්තුතිය පිරිනමනවා.ඒ වගේම මේ චිත්‍රපටය සිංහල උපසිරැසි ගැන්වීම සඳහා වෙන්කර දුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙකු වන සූධීර මාලන් සොයුරාටද ස්තුතිවන්ත වෙනවා. NANNA PRAKARA (2019) කන්නඩ චිත්‍රපටය මේ මගෙ පළමු සිංහල උපසිරැසි නිර්මාණය හින්ද වැරදිනම් ගොඩක් ඇති. චිත්‍රපටිය බලද්දි ඒ වැරදි හිින්ද අපහසුතා ඇති උනොත් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.

චිත්‍රපටය ගැන යමක් කිව්වොත් අභිරහස් ත්‍රාසජනක ඝනයට වැටෙන දකුණු ඉන්දීයාවේ කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂා වෙන් නිර්මාණය වුන චිත්‍රපටයක්.! මෙම චිත්‍රපටය Vinay Balaji විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරලා තියනවා. මෙය තිරගත කරලා තියෙන්නේ 2019 අගෝස්තු 23 වන දා. IMDB‍ ශ්‍රේණිගත කිරීමට අනුව මෙම චිත්‍රපටය සදහා 7.4/10 අගයක් ලැබී තිබෙනවා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් වන ඩොක්ටර් අම්රුතා ලෙස Priyamani ද , අශෝක් ලෙස දමිළ චිත්‍රපට නළුවකුද වන Kishore ද , විශ්මයා ලෙස Mayuri Kyatari ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ කථාව ගැන කිව්වොත් චිත්‍රපටය ආරම්භ වෙන්නේ කැරම් සෙල්ලම් කරන පුද්ගලයන් දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු හට වෙඩි තබන දර්ශණයක් අවසාන වනවාත් සමඟම තරුණියක් සහ තරුණයෙක් තමන්ගේ යෙහෙලියකගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනා සිදුවීමකින්.! ඉතින් මේ සිදුවීම් දෙක සහ තවත් සිදුවීම් කිහිපයක් එකිනෙකට සම්බන්ද වෙන ආරම්භයේ සිටම අවසානය දක්වා කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් එක හුස්මට ඔයාලට බලන්න පුලුවන් තාස්‍රය මුසුකරගත් කතාවකින් හෙබි සිනමාපටයකටයි අද මා සිංහල උපසිරැසි ගන්වා ඔබගේ රසවින්ඳනයට රැගෙන ආවේ.! අශෝක් නම්වු පොලිස් පරීක්ශකවරයෙක් මේ සිදුවීම් මනාව විශ්ලේශණය කර අති සූක්ෂම කුමන්ත්‍රණයකින් වසන් කරන්නට යෙදුනු අපරාධයක සුල මුල හෙලිකර ගන්නා ආකාරය මෙම කතාවෙන් පිළිඹිබු කරනවා. චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වා දැකගන්නට පුලුවන්! එසෙනම් මීට වඩා කතාව කියන්න ගියොත් චිත්‍රපටය බලද්දි රසයක් නැතිවෙන නිසාවෙන් චිත්‍රපටයේ කතාව විස්තර කිරීම මෙතැනින් අවසන් කරනවා.

ඔබ අප සියලුදෙනා සුලුතර පිරිසක‍ ගේ වැරදිවලට මුලු මහත් පොලිසියටම බැන්නත් මේ චිත්‍රපටයෙන් අවංක පොලිස් නිලධාරින් තම රාජකාරිය සදහා ඔවුන් කරනා කැපකිරීම මනා ලෙසින් පෙන්නුම් කර දී තිබෙනවා. එවන් අවංක පොලිස් නිලධාරින්ටත් රසික ඔබටත් MTR සොයුරාටත් මාගේ ආදරණිය ගුරු දෙගුරුන්ටත් ආචාරය පුද කරමින් අදට මා සමුගන්නවා.

තෙරුවන් සරණයි !!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත සඳහා අදාළ වේ.

5,123 downloadsDownload Nanna-Prakara-2019.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-03-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික මධුෂාන්

Subtitles

5,123 downloadsDownload Subtitles39 KB

21 comments

  1. Anonymous

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.මම ඔිකට උපසිරසි කරන්න අහද්දි බාර අරන් කිව්වා..ඔයාද මේ එතකොට..බොහොම තුති උපසිරසියට ...දිගටම කරමු

    1. Udaya Saman

      බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.මම ඔිකට උපසිරසි කරන්නද අහද්දි බාර අරන් කිව්වා.ඔයාද මේ එතකොට...උපසිරසියට බොහොම තුති..දිගටම කරන් යමු

    2. චාමික මධුශාන්

      ස්තුතියි සහෝදරයා

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. චාමික මධුශාන්

      ස්තුතියි සහෝ

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ....
    ජය වේවා.!

    1. චාමික මධුශාන්

      ස්තුතියි බ්‍රෝ අනිවා

  4. Hashan M. Priyadarshana

    සුබ පතනවා පලවෙනි උපසිරසියට :)
    දිගටම උපසිරසි කරන්න බ්‍රෝ.. නැවත උපසිරසියකින් හමුවෙමු

    1. චාමික මධුශාන්

      ස්තුතියි බ්‍රෝ අනිවා

  5. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට වගේම මාවත් මතක් කරාට දිගටම සිංහල උපසිරැසි නිර්මාණය කිරිමට කාලය අවකාශය ලැබේවා. ඔබගේ ඉදිරි කටයුතු සාර්ථකම වේවා..!

    1. චාමික මධුශාන්

      ස්තුතියි සහෝ හැම උදව්වකටම

  6. SaDuN

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දිගටම කරගෙන යමු...

  7. තාරක නුවන් දිල්හාර

    බයිස්කෝප් සිංහලෙන් පවුලට ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියල ආරාධනා කර සිටිනවා. ඒ වගේම ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කර සිටිනවා.
    කන්නඩ සිනමාවට බයිස්කෝප් එකේ පිටු විවර වෙන සම්භාවිතාව ගොඩක් අඩු වෙලාවක ඔබතුමන්ගේ ආගමනය වෙබ් අඩවියට මහත් රුකුලක් වනවා ඇති නිසැකයි.
    තව තවත් උපසිරැසි කරන්න අවශ්‍ය කාලය, හැකියාව, දැනුම ලැබෙන්න කියල පතනවා..
    ඒ වගේම බොහොම ස්තුතියි කිව්වා උපසිරැසියටත්...
    හැකි ඉක්මනින් මීළඟ උපසිරැසියෙනුත් හම්බවෙමු..
    ජයෙන් ජය!!!

  8. santhusha319

    thanks bro

  9. ආසිරි ප්‍රියන්ත

    අප්පට සිරි, මම ආසම විදියේ ෆිලුමක්..
    මේ වගේ ෆිල්ම් හැදෙනවා ගොඩක් අඩුයි.
    ආ, සාදරයෙන් පිළිගන්නවා ඈ, අපේ පවුලට..
    තව ෆිල්ම් ටිකක් හානි හනිකට ඕන..
    එහෙනම් ජය වේවා!!

  10. sarangaw

    සබ හදල දුන්නට ගොඩක් ස්තුතියි !

  11. isuru srinath sjs

    ඔයාගේ පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා .. දිගටම ඔයාට පුලුවන් විදියට කරගෙන යන්න.. බොහොම ස්තුතියි !!

  12. D.Chamara

    bohoma sthuthi

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Ravisara Dharmapala

    Hammo kohenda bn hoyagtte me filuma pattma aaa kinda wcahana ne a trm intreset kiwa wgema thapparen thappren kuthuhalaya pirila tyba movie ekk.. godk mahnsiwela kisiwak balaportuwakin thorawa subtite hadla coment ekin etrk sathutak labana oyalata pin brother..sub ekt maruwatma tybba kila wdk ne mekm aniwaren baliya yuthuma movie ekk thnks bro..gdlck..

  15. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා සහෝ...‍
    දිගටම සබ් දෙමු ආ... ජය!