සුභ දවසක්. හොඳයි, ඔන්න එහෙනම් මේ වතාවේ ජර්මන් චිත්‍රපටියක් තමයි මම ඔයාලට අරගෙන ආවේ, ලොකු වෙනසකටත් එක්ක කියලා. මේක Adventure/Family ගනයට අයත් වෙන පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් පාසල් වයසේ ළමයි හතර දෙනෙක් වටා ගෙතුනු රහස් පරික්ෂක චිත්‍රපටියක්. අර Stranger Things රූපවාහිනි කතා මාලාවේ පොඩි ගතියක්…

සුභ දවසක්. හොඳයි, ඔන්න එහෙනම් මේ වතාවේ ජර්මන් චිත්‍රපටියක් තමයි මම ඔයාලට අරගෙන ආවේ, ලොකු වෙනසකටත් එක්ක කියලා. මේක Adventure/Family ගනයට අයත් වෙන පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් පාසල් වයසේ ළමයි හතර දෙනෙක් වටා ගෙතුනු රහස් පරික්ෂක චිත්‍රපටියක්. අර Stranger Things රූපවාහිනි කතා මාලාවේ පොඩි ගතියක් මේ ෆිල්ම් එකට Add කරලා තියන බව ඔයාලට බලනකොට හොඳට තේරෙයි, Sounds වගේ දේවල් එහෙම. ඒත් Stranger Things එකට වඩා මේක සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක්.
මේ දැන් ගෙවෙන උෂ්ණත්වය අධික කාලගුණයත් එක්ක බොහොම අමාරුවෙන් තමයි උපසිරැසියේ වැඩකටයුතුත් කරන්න වුනේ. ඒ තරම්ම මේ රස්සනය දරාගන්න අමාරුයි 🙁 ඉක්මනින්ම මේ අමාරු කාලය ගෙවිලා යනවා නම් හොඳයි කියන එක තමයි අපි හැමෝගෙම එකම පැතුම නේද… හරි, එහෙනම් වැඩි කතා නැතුව මම ඔයාලට චිත්‍රපටිය ගැන කෙටියෙන් සඳහනක් කරන්නම්.
කතාව මේකයි,
ටිම් නව යොවුන් වියේ ඉගෙනීමට දක්ෂ හිතුවක්කාර ගති ගුණ ඇති හොඳ කොල්ලෙක්. ටිම්ට ඉස්කෝලෙන් ටිම්ගේ ගණිත හැකියාව වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඉහළ පෙලේ පාසලක ඉගෙනුම ලබන්න. මේ පාසලෙදි ටිම්ට විලි කියලා කෑමට පේරේත බඩ ජාරි මහත සල්ලිකාර පවුලක කොල්ලෙකුයි, කර්ල් කියලා පරිගණක පිළිබඳ ඉහළ දැනුමක් ඇති මොළකාර පොඩි කොල්ලෙකුයි, ගැබි කියලා බුද්ධිමත් ඉවක් තියන ලස්සන කෙල්ලෙකුයි යාළුවෝ විදියට හම්බවෙනවා. දවසක් රෑ තමන්ගේ මිතුරා විලිගේ පියාට අයත් ගුවන් යානයක් මිළ කළ නොහැකි යම් වස්තුවක් සමග පාසලට ආසන්නයේ ඇති පිටියකට ගිනිගෙන කඩා ඇද වැටෙනවා. තම දෑස් තුළින්ම මෙම සම්පූර්ණ සිදුවීම දකින ටිම් විලි දෙදෙනා මෙය බැලීමට පාසලෙන් සොරෙන් පිට වී එම ස්ථානයට යනු ලබනවා. පසු දින උදෑසන මෙම ගුවන් අනතුර පිළිබඳ බොහෝ කරුණු අනාවරණය කර ගැනීමට ටිම්, විලි, කාර්ල්, ගැබි යන මෙම පිරිසට හැකියාව ලැබෙනවා. මෙම ගුවන් අනතුරින් පසු විලිගේ පියාව යම් කණ්ඩායමක් විසින් පැහැර ගැනීමක් සිදු කරනු ලබනවා. එතැන් සිට පොලිසියට නොමද සහයක් ලබා දෙන මෙම ළමුන් සිව් දෙනා පැහැර ගැනීම හා ගුවන් අනතුර පිළිබඳ වැදගත් විශේෂ තොරතුරු රාශියක් සොයා ගැනීමට සමත් වනවා. කෙසේ හෝ විලිගේ අතුරුදන් වූ පියා සොයා ගැනීමට මොවුන් තම ජීවිතද අවධානමේ හෙළමින් කණ්ඩායමක් ලෙස එකට එක් වී කටයුතු ආරම්භ කරනු ලබනවා.
මොකක්ද මේ යානයේ තිබුන වටිනා වස්තුව ? විලිගේ තාත්තව කවුද පැහැර ගන්නේ ? මොනවද මේ හතර දෙනා හොයා ගන්න ඒ විශේෂ තොරතුරු ? විලිගේ තාත්තා හොඳ කෙනෙක්ද ? විලිගේ තාත්තව පණ පිටින් හොයාගන්න මෙයාලට පුළුවන් වෙයිද ?
උත්තර දැනගන්න චිත්‍රපටිය එහෙනම් අරගෙන බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
4,748 downloadsDownload TKKG-2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
17 comments
Nipun Sithmina
Nipun Sithmina
mn thama mulinma download kare.mn Nipunn,Anuradhapuren
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!Rukshan37
Ela
සචින්ත කල්හාර බෙනට්
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි
indika75
thanks..
akalankagayan
Thnx ....
Dewadithya
Thanks for Sub!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Sandeep
Thanx saho..
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
D.Chamara
bohoma sthuthi
nish47
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thanks mchan
MAALNATH
Thanks .................good luck ...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![TKKG (2019) Sinhala Subtitles | තම මිතුරාගේ අතුරුදන් වූ පියා සොයා මෙහෙයුමක යෙදෙනා වීරයින් සතර දෙනා [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/tkkg-2019.jpg)
mn thama mulinma download kare.mn Nipunn,Anuradhapuren