ඉතින් යාළුවනේ, මගේ නම නවීන්ද්‍ර ධනුශාන්. මම නම් සිංහල උපසිරැසිකරණයට අතගැහුවා විතරයි. කොච්චර ෆිල්ම් තිබුණත් මට ඉස්සෙල්ලම මේ වැඩේ පටන්ගන්න හිතුනේ ඇනිමේෂන් ෆිල්ම් එකකින්. ඒ නිසාම මම හිතුවා ලෝකෙ පුරාම ගොඩක් ජනප්‍රියවුන Naruto කතාමාලාව ඇසුරෙන් හදපු පළවෙනි චිත්‍රපටියට උපසිරැසි හදන්න. Naruto කතාමාලාව බලන…
ඉතින් යාළුවනේ, මගේ නම නවීන්ද්‍ර ධනුශාන්. මම නම් සිංහල උපසිරැසිකරණයට අතගැහුවා විතරයි. කොච්චර ෆිල්ම් තිබුණත් මට ඉස්සෙල්ලම මේ වැඩේ පටන්ගන්න හිතුනේ ඇනිමේෂන් ෆිල්ම් එකකින්. ඒ නිසාම මම හිතුවා ලෝකෙ පුරාම ගොඩක් ජනප්‍රියවුන Naruto කතාමාලාව ඇසුරෙන් හදපු පළවෙනි චිත්‍රපටියට උපසිරැසි හදන්න. Naruto කතාමාලාව බලන අය දන්නවා බලන්න ගත්තොත් නවත්තගන්න බැරිවෙන තරමටම කතාව ගොඩක් රසවත් කියලා. හරි.
දැන් අපි ඒ කතාව පැත්තකින් තියලා මේ ෆිල්ම් එක මොනවගේද කියල ටිකක් බලමුකො. මේක ටිකක් පරණ වුනාට මොකද 6.7ක IMDB අගයයක් ලැබිලා තියෙනවා. මේක තිරගතවෙලා තියෙන්නෙ 2004 වසරෙදි. අපි දැන් එහෙනම් මේකෙ කතාව පැත්තට හැරෙමු. මේ කතාවේ ප්‍රධාන චරිත ටික තමයි නරුටෝ උසුමාකි, සසුකේ උචිහා, සකුරා හරුනෝ. කතාව පටන්ගන්නේ මේ තුන්දෙනා යුකී ෆුජිකාසෙ කියන නිළිය රඟපාන ෆිල්ම් 1ක් බලන තැනින්. මේ තුන්දෙනාටයි, එයාලගෙ ගුරුවරයා කකාෂි හටකේටයි පැවරෙන මෙහෙයුම තමයි මේ නිළියව ආරක්ෂාකරන එක. මේ නිළියත් එසේ මෙසේ නිළියක් නෙවේ. අභිරහස් ලෝකයක්. මේ නිළියව පැහැරගන්න හදන්නෙ කවුද, ඒ මොකටද, ඇත්තටම මේ නිළිය කවුද කියන කාරණා ටික ෆිල්ම් එක බලන්න බලන්න තමයි පැහැදිලි වෙන්නෙ. මං කතාව කිව්වම කිසිම අගයක් නෑනෙ. ඔයාලම බලන්නකෝ. මේක කිසි කම්මැලිකමක් නැතුව එකදිගට බලන්න පුළුවන්.
මං මේවෙලාවෙ කිහිපදෙනෙක්ව විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. ඒ අතරින් දෙන්නෙක් තමයි රවීශ්‍ය තාරුන් සහ උවිඳු ශමෝද්‍ය. මේ දෙන්නගෙ උදව් ගොඩක් බලපෑවා මේ සබ් එකෙ ගැටළු තියෙන තැන් හදාගන්න. ඒවගේම නලින්ද්‍ර මදුෂංක සහෝදරයාවත් අමතක නොකර බෑ. මොකද එයාට පින් සිද්ධවෙන්න තමයි මම නරුටෝ ටික බැලුවෙ. ඒවගේම මේ දේට මට නන් අයුරින් සහයෝගය දුන්න හැමෝවම මං ආදරයෙන් මතක් කරනවා. පළවෙනි සිංහල උපසිරැසිය නිසා නොසෑහෙන්න වැරදි අඩුපාඩු ඇති. එහෙම තැනක් දැක්කොත් Comment 1ක් දාලා ඒවා පෙන්නලා දෙන්න. එතකොට ඊලඟ උපසිරැසිවලදි ඒවා හදාගන්න පුළුවන්නෙ. ඉතින් එහෙනම් ආයෙ දවසක් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Naruto.The.Movie.Ninja.Clash.in.The.Land.Of.Snow.2007.LIMITED.DVDRip.XViD-VH-PROD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,553 downloadsDownload Naruto-the-Movie-Ninja-Clash-in-the-Land-of-Snow-2004.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/NaveendraD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවීන්ද්‍ර ධනුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන්ද්‍ර ධනුශාන්
Subtitles
56 comments
එල්.සී.දමැල්
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!!
anu
Japan ekak wage.thxxxxx sub ekata.
Naveendra Dhanushan
You're welcome!!!!!!!!!!!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NAWEENDRA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!!
sanka
ela ela thanks for sub
Naveendra Dhanushan
You're welcome, bro!!!
udara
adooo uba elakiri film ekakna mchn 1st sub ekta dila tyenna
mchn ma wage NARUTO MOVIES twa tynwnam eewath sub krpn mchn apita blnna
1st sub ekta congrtz mchn
jayen jaya wewa sahoo...Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!! ඉතුරු Naruto Movies ටිකටත් උපසිරැසි දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
Sajith Anthony
පළමු උපසිරසියට සුභ පැතුම්...!
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!Naveendra Dhanushan
සුබපැතුමට ස්තූතියි සහෝ!!!!
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි .ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Naveendra Dhanushan
බයිස්කෝප් එක නම් කවදත් හොඳින්ම තිබ්බනෙ. මටත් ඒකෙ සාමාජිකයෙක් වෙන්න ලැබිච්ච එක ගැන හිතේ තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්, සුබ පැතුවට ස්තූතියි සහෝ!!!
රොයිලි
බොහොම ස්තූතියි ධනුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveendra Dhanushan
මට මේ වැඩේදි ඔයාගෙන් ලැබුනු සහයෝගය ලොකු ශක්තියක් වුනා.
බොහොම ස්තූතියි රොයිලි සහෝ!!!!
Punsara Hettiarachchi
Ela Ela bn.. mn me comment eka dnne sub eka gththa nsa nemei dekka nisa.. mn naruto set ekma beluwa.. me wge ekk lnkwe anith set ekth blnn oni.. thnx bn.. pluwan nm clannad kyna short anime series ekt sub dynko... thnx bn ayeth
Naveendra Dhanushan
ඒ නිසාම තමා සහෝ මමත් මේකෙන්ම උපසිරැසි දාන එක පටන්ගන්න හිතුවෙ. සහෝ කිව්ව Anime Series එකටත් උපසිරැසි දෙන්න බලන්නම්. ස්තූතියි Comment එකට.
ඉසුරු දිල්ශාන්
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!!Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!!
janith
thanks sub ekata. tawa japanese manga movies walata sub danna.
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!!අනිවා ඒ දේ කරනවා!
nion
ගොඩක් ආසාවෙන් බලන ඇනිමේශන් කතා මාලාවක එක චිත්‍රපටියක්නේ. අනේ පුලුවන්නම් ඒ ඇනිමේශන් කතා මාලාව සබ් කරන්ඩකෝ.
Naveendra Dhanushan
මගේ හිතට තදින්ම කාවැදිලා තියෙන දෙයක්. ඒකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Comment 1ට ස්තූතියි සහෝ!!!!!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Naveendra Dhanushan
ගොඩාක් ස්තූතියි!!!!!!!!
kasun
japan neda.aniwa balanawa.puluwannam digatama sub denna. thanks
Naveendra Dhanushan
සුබපැතුමට ස්තූතියි සහෝ!!!!
uzumaki deus
machan puluwannam naruto tv series eka ptan ganin bn lankawe shena kattiya balanawa meka ptan gathha ekath supiri bn ubata jaya
Naveendra Dhanushan
අනික් Comment අතරේ ඔයාලා වගේ Naruto බලන අය මේ ගැන දරන අදහසුත් මට ගොඩාක් වටිනවා. Comment 1ට ස්තූතියි සහෝ!!!!!!!!!
Raveeshya Tharun
Niyamai kolla
Elatama hadala thiyei Sub eka
Thanks mention kalataNaveendra Dhanushan
මේකෙ තිබුන වැරදි ගොඩක් හදන්න මට මේකට උදව්කලේ උඹනෙ. ඉතින් මචං උඹව මතක්කළේ නැත්තම් අපේ යාළුකමෙන් ඇති වැඩක් තියෙනවද. කොච්චර වැඩ තිබුනත් මේකට Comment එකක් දාලා ගිය එකට බොහොම ස්තූතියි මචං.
isuru
naruto එකේ අලුතින් අපු boruto එකේ sub එකත් දන්ඩෝ........
Naveendra Dhanushan
ඒකෙත් උපසිරැසි දාන්නම් සහෝ!!!!!!!!!
සනත් ශ්‍රීමාල් පෙරේරා
සදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
පළමු උපසිරස ගැන්වීමට සුබ පැතුම් සහෝට...
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Naveendra Dhanushan
බොහොම ස්තූතියි සහෝ Comment 1ට!!!!!!!!!!
Isuru malaka
Thanks..!! & Good luck...!!!
Naveendra Dhanushan
Thanx for the comment bro!!!!!
Punsara Hettiarachchi
naruto diga series bro.. atha ghnw nm good luck. for any help contact me.. [email protected]
Naveendra Dhanushan
දැන්ම නම් ඒකට අතගහන්න බැරිවෙයි සහෝ, ඉස්සෙල්ලම Movies ටිකට Sub ටික හදල ඉන්න කියලයි මං බැලුවෙ. අනිවා නරුටෝ TV Series එකට Sub හදනවා නම් ඔයාලගෙ උදව් කොහොමත් ඕනෙකරනවා.
HS
welcome.Patta serias ekak, episode 500th pannala tiyenne dan, pulwannam gemata bahinna, aniwa supirima supiri wadak wei,
Naveendra Dhanushan
Series එකට කලින් Movies ටිකට Sub හදලා ඉන්න කියලයි බැලුවෙ.
isuru P
sub ekata thnks bro... and naruto series eke full thi bn. math asawen baluwa bt mn athin kathawa delete una ekai.
Naveendra Dhanushan
Thanq 4 the comment bro!!!!!!!!!
Kal -el
Naruto seasons 1-5 සබ් එක දාන්න පුලවන් ද?
Nipuna
Ela bn... naruto series ekatama sub diyan mchow...
Good luckදිල්ශාන්
නියමයි මචන්. නරුටෝ මුවිස් ඔක්කොම ටික බලල තියෙනව. ලඟදි එකක් ආව. ඒක විතරයි බලන්න බැරි උනේ. හැබැයි ඉතින් මේක මුලින් බලන අයට අන්ඩර දෙමල වගේ මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ. බලනවනම් මුවිස් ටික බලන්න කලින් ඇනිමේ සීරියස් එක බලන්න පලවෙනි කොටසෙ ඉඳන්. නෙට් එකේ ඕනතරම් තියෙනව හොයාගන්න. හැබැයි බලන්න ගත්තට පස්සෙ ඇබ්බැහි වෙනව ඕකට කුඩු ගැහුව වගේ. :p පුලුවන්නම් මචෝ ඇනිමේ සීරියස් එක සබ් කරන්න. ටිකක් අමාරුයි. හැබැයි පට්ට වැඩේ. ඕකෙ නියම ආතල් එක තියෙන්නෙ ඉන්ග්ලිෂ් සබ් එක්ක ජපනිස් වොයිස් තියෙනකොට. ජෝක් වලට හිනා වෙලාම මැරෙනව. සමහර සින් වලට හොටු කඳුළු පෙරාගෙන ඇඩෙනව. :3 එක පාරක් බැලුවොත් ජිවිතේට අමතක වෙන එකක් නෑ. අනික මාර මැසේජ් එකක් දෙනව. Never give up. උඹට ජය වේවා.
Naveendra Dhanushan
ඩිල්ශාන් සහෝ, මමත් නරුටෝ Anime Series එක බලලා තමා නරුටෝ බලන්න ඇබ්බැහිවුනේ. ඇත්තම කිව්වොත් ජීවිතේට ගොඩක් දේවල් එකතුකරගන්න පුළුවන් කතාමාලාවක්. මං Anime Series එකට සබ් හදන්න තරම් විවේකයක් නැති නිසා තමයි අඩුමතරමේ ෆිල්ම්ස් ටිකටවත් සබ් හදන්න ඕනෙ කියලා හිතුවේ.
දිල්ශාන්
එල එල. අවුලක් නෑ මචන්. මට තේරෙනව. තියෙන වැඩත් එක්ක ඔය වගේ ලොකු දේකට අතගහන්න අමාරුයි කියල. මුවිස් ටිකට සබ් කරන එකම මදෑ ඉතින්. තව මුවි එකකට සබ් එනකන් අපි බලන් ඉන්නව. Anime Series එකට සබ් කරන්න හිතුනොත් මං කියන්නම් ලේසි විදිහක්. සාමාන්‍යයෙන් නරුටෝ Episode රිලීස් වෙන්නෙ සතියට එකයි. ඒකත් ප්ලේ ටයිම් එක 25min වගේ තියෙන්නෙ. ඉතින් සතියට හෝ සති දෙකකට එක ගානේ වගේ පුලුවන්නම් හරි. මං පොඩි අදහසක් විතරයි දුන්නෙ බ්‍රෝ. උඹට වැඩ වැඩිනම් ඉතින් අමාරුවෙයි. හිතල බලන්න. ජය වේවා.
Naveendra Dhanushan
මේකයි මචං වෙලා තියෙන්නෙ. නරුටෝ Anime එකට Sub හදනවා නම් මුල ඉඳන්ම හදන්න ඕනෙ. නැත්තම් ඒකෙ තියෙන රසය නැතිවෙනවා. මුල ඉඳන්ම බලන්න ඕනෙ පට්ට Anime එකක්නෙ Naruto කියන්නෙ.
Sadeesh Mendis
sub ekata thanks saho,mul ekan patan aragena anthima eka wenakam eka digata danna ,,,saho
Sadeesh Mendis
download karanna seeds nane kawru hari seeds karanawada
DUSHYANTHA
thnx sahoo....!!! Good luck..!!! NARUTO CARTOON SERIES ekatath sub dennako...?
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ.දිගටම උපසිරැසි දෙන්න.ජය..
Yasindu
ස්තුති සහෝ සබ් එකට
පුලුවන්නම් Naruto anime series එකටත් සබ් දෙන්නකෝ
JAnonymous
Naruto anime series eke sub nadda?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩවියට සාධරයෙන් පිළිගන්නවා නවීන්ද්‍ර සහෝ...
සුභ පැතුම්...
ජය...