පසුගිය වකවානුවේ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම උපසිරැසි අරගෙන ආවා වගේම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. හුඟක් සතුටුයි. ජනප්‍රිය චිත්‍රපටි වගේම ඉතා හොඳ ගුණාත්මක චිත්‍රපටි ඇරගෙන එන්නත් බයිස්කෝප් එක බැඳී සිටින නිසා අද මම ඇරන් එනවා හොඳ මරාති චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව මෙම චිත්‍රපටියට 9.4 ක අගයක් ලැබ…

පසුගිය වකවානුවේ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම උපසිරැසි අරගෙන ආවා වගේම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. හුඟක් සතුටුයි. ජනප්‍රිය චිත්‍රපටි වගේම ඉතා හොඳ ගුණාත්මක චිත්‍රපටි ඇරගෙන එන්නත් බයිස්කෝප් එක බැඳී සිටින නිසා අද මම ඇරන් එනවා හොඳ මරාති චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව මෙම චිත්‍රපටියට 9.4 ක අගයක් ලැබිලා තියනවා. මම මේ චිත්‍රපටිය තෝරාගත්තේ ඒ නිසයි. අනිත් එක මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා අපි කවුරුත් හොඳින් දැකලා තියන සම්මානනීය නළුවෙක් වන නානා පටේකර්. හැමදාම අහන්න ලැබෙන්නේ නැති නිසා දැනගන්නත් එක්ක නානා පටෙකර් ගැන පොඩි සටහනක් ලියන්නම්.
විශ්වනාත් නානා පටේකර්
“ඉන්දියානු කලා ක්ෂේත්‍රයට කරන ලද මෙහෙවර වෙනුවෙන් 2013 වර්ෂයේදී නානා පටේකර් ඉන්දියානුවෙකුට ලැබිය හැකි ඉහළම ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබනවා”
“හොඳම නළුවා, හොඳම සහාය නළුවා සහ හොඳම දුෂ්ටයා යන සම්මාන තුනම ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලකදී දිනාගත් එකම නළුවා ලෙස නානා පටේකර් ඉතිහාස ගත වෙනවා”
මේ වන විට සම්මාන ගණනකින් පිදුම් ලැබූ මේ අසහාය රංගධරයා ඔබට නුපුරුදු මුහුණක් නොවෙයි. හොලිවුඩයේ “මෝගන් ෆ්‍රීමන්“ ලෙසත් ඔහුව හඳුන්වනවා. අද මම ඇරන් එන නත්සම්රාත් චිත්‍රපටයත් ඔබට ඉතා හොඳ අත්දැකීමක් වේවි.
කතාව
කෙටියෙන්ම කීවොත්, දරුවන්ගේ නොසැළකිල්ල නිසා ජීවිතයේ බොහෝ දේ අහිමිව ගිය ප්‍රවීණ රංධරයෙකුගේ කතාවක්. ඔහු නමින්, ගන්පත්රාවෝ. වේදිකාවේ කෙනෙකු ලැබිය හැකි ඉහළම සම්මානය වුණ නාටසම්රාත් පදවිය පවා ඔහු ලබා ගන්නවා. ඉන් පසු ඔහුගේ මුළු ජීවිතයම තම දරුවන් සහ බිරිඳ සමඟ ගත කිරීමට ඔහු සැලසුම් කරනවා. ඔහුගේ මුළු සේසතම ඔහු දරුවන්ට පවරා දෙනවා. නමුත්, අවසානයේ සිදුවන්නේ බලාපොරොත්තු නොවූ දෙයක්. තමන්ගේ යම් යම් ක්‍රියාකාරකම් නිසා දරුවන් තුළ ඔහු පිළිබඳව කණස්සල්ලක් හට ගන්නවා. ඉතින්, දරුවන්ට කරදරයක් නොකර සිටීමට ඔහු තීරණය කරනවා. ඉන් පසු කතාව ඔබම බලා රසවිඳින්න.
සාරාංශය
මුලින්ම සමාව ඉල්ලනවා උපසිරැසිය ලබා දීමට කල් ගත වීම සම්න්ධව. මේ කතාව බොහෝම මන්දගාමී, විවේකයෙන් නැරඹිය යුතු කතාවක්. ඒ නිසා කැමැති අය පමණක් ඇරන් බලන්න කියලා කියන්න කැමතියි. ජීවිතය ගැන හිතන්න බොහෝ දේවල් මේ කතාව තුළ අන්තර් ගත වෙනවා. මෙහි ඇති බොහෝ දෙබස් දාර්ශනිකයි. ඉතින් ඉංග්‍රිසි උපසිරැසියක් සිංහලට පරිවර්ථනය කිරීමේදී යම් යම් අඩුපාඩු සිදුව තිබෙයි නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. නළු නිළියන්ගේ රඟපෑම් ඉතාම විශිෂ්ටයි. මෙය සම්මාන අරමුණු කරගෙන නිෂ්පාදනය කළ එකක් වගේ තමයි පේන්නේ. ඉතින් වෙනස් අත්දැකීමක් ලබාගන්න කියලා ඇරයුම් කරන ගමන්, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සමුගන්නවා ! ජයවේවා !
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.me – Natsamrat (2016) Marathi HDRip – 700MB – x264 – 1CD – MP3 – HC-ESub
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
2,439 downloadsDownload Natsamrat-2016.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
15 comments
Obama_SL
Sajith Thilakarathne
thanks saho sub ekata
oshanda
Lassana aluth film walata sub dennako ......
lahiru
wenas film ekak wage....thanx saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
ela
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ජනප්‍රිය චිත්‍රපට වලට වගේම ගුණාත්මක ඒවටත් උපසිරැසි ලබා දෙන එක ගොඩක් වටිනවා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
magen direct link nama uda kik karanna
ran
sub eke ganna beri mokada saho.
mithun
Bohoma sthuthi saho
nidi
මම නම් චිත්රපටය බැලුවේ කිසිම කම්මැළිකමක් නැතිව. ජීවිතය ගැන- මනුස්සකම් ගැන- අසාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු ගැන අතිශය සංවේදී මේ වගේ චිත්රපටයක් බලද්දී කොහෙන්ද කම්මැළිකමක්?
හැමෝගෙම රංගන අතිවිශිෂ්ටයි. තිර පිටපතේ සාර්ථකත්වය නිසාම වෙන්නැති.
ඉන්ද්රජිත්, මේ වැනි චිත්රපටවලට සබ් කරලා- රසිකයන්ට දීලා බයිස්කෝප් සයිට්ජිත් කෙනෙකුත් වෙනවා සහතිකයි!
ස්තුතියි, දහස් වාරයක් ස්තුතියි!Muditha laksiri
Me film eke torrent eka ganna thenak kiyana puluwanda
Chanmatara
Thanx සහෝ best.
Good workmamithdissa
Mage Jiwitha Kalaya tula balapu film walin sanwedima film eka meka.. bohoma sthuthi indarajith.. Hodata Sub karala thibuna.. nathnam me film eka nodanenna ida thibuna.. thnx again.. keep it up.. me wage ewata sub denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......