ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 14 වෙනි සබ් එක. කලින් වතාවේ වගේම මේ වතාවෙත් මං රැගෙන ආවේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක එදාමෙදා තුර බිහිවුනු හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස පැසසුම් ලබන්නක්. මේ චිත්‍රපටය අපි එදිනෙදා දකින ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් එකක්. සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්ම කතා තේමාවක් තමා…

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 14 වෙනි සබ් එක. කලින් වතාවේ වගේම මේ වතාවෙත් මං රැගෙන ආවේ ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක එදාමෙදා තුර බිහිවුනු හොඳම ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස පැසසුම් ලබන්නක්. මේ චිත්‍රපටය අපි එදිනෙදා දකින ඇනිමේෂන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් එකක්. සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්ම කතා තේමාවක් තමා මේ චිත්‍රපටය තුළ අන්තර්ගත වෙන්නෙ. ඉතිං මං හිතනවා මේ චිත්‍රපටය ඇනිමේෂන් චිත්‍රපට රසිකයින්ට අළුත්ම අත්දැකීමක් වෙයි කියලා.
මෙය තිරගත වී තිබෙන්නෙ 1984 වර්ෂයේදී. මෙය සුපක්‍රට ජපන් ඇනිමේෂන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන Hayao Miyazaki විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. Joe Hisiashi විසින් තමා සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ. ජපන් ඇනිමේෂන් චිත්‍රපට නරඹන කට්ටියට නම් මේ නම් දෙක අළුත් නම් දෙකක් නෙමෙයි. මොකද මොවුන් දෙදෙනාගේ දායකත්වයෙන් නිපදවු විශිෂ්ට ඇනිමේෂන් චිත්‍රපට රැසක්ම තිබෙනවා. මේ චිත්‍රපටය IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවට අයිති එකක්. 8.1 ක් වැනි ඉහල මට්ටමේ IMDB අගයක් ලබාගෙන මෙය IMDB දර්ශකයේ 214 වෙනි තැන පසුවෙනවා. ඉතිං මේ චිත්‍රපටයේ ඇති විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. මං මීට කලින් දුන්න ජපන් ඇනිමේෂන් චිත්‍රපට දෙකටම සබ් හදන්න යොදාගත්තෙ පසුකාලීනව ඉංග්‍රීසි භාෂාවෙන් හඬකවපු පිටපත්. නමුත් මේ චිත්‍රපටයට සබ් එක හැදුවේ ජපන් භාෂාවෙන්ම තියෙන පිටපතක් යොදාගෙන. මේ චිත්‍රපටයත් සමග ලැබුන ඉංග්‍රීසි සබ් ෆයිල් එකේ එච්චර කොලිටියක් තිබ්බෙ නෑ. සමහර තැන් වලදි හරියටම නිවැරදි අර්ථය ඉස්මතු වෙන්නෙ නෑ. ඉතිං English Subtitles සයිට් ගානක හොයලා හොයලා තමා මේකට ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් හොයාගත්තෙ. ඒ වගේම මේ චිත්‍රපටයටම ආවේණික වෙච්ච අමුතු වචනත් හරියට තිබ්බා. ඉතිං මීට කලින් සබ් කරපු ෆිල්ම් වලට වඩා මට මේ වෙනුවෙන් පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න සිද්ධ උනා.
දැන් මේකේ කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයෙන් නීරෑපණය වෙන්නෙ අනාගතයට අයිති කතාවක්. පෘථිවියේ කාර්මික ශිෂ්ඨාචාරය බිඳ වැටී වසර දහස් ගාණකට පසුව පෘථිවියේ ස්වභාවය තමා මෙයින් නිරෑපණය වෙන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් නිසා මහ පොළව මිනිස් වාසයට නුසුදුසු තැනක් බවට පත්වෙලා. ජලය,වාතය මේ හැම දෙයක්ම දූෂණය වෙලා. විශ නිකුත් කරන පැළෑටි වර්ග සහ යෝධ කෘමී සතුන්ගෙන් මුළු මහ පොළවම වැසිලා ගිහින්. යුද්ධය සහ කුසගින්න හැමතැනම. ඉතිං පෘථිවි වැසියන්ට ගොඩාක් කටුක ජීවීතයක් තමා ගෙවන්න වෙලා තියෙන්නෙ. මෙන්න මේ කිව්ව අහිතකර තත්වයන්ගෙන් තොර වෙච්ච රාජ්‍යයක් තමා Valley of the Wind කියලා කියන්නෙ. මේ රාජධානියේ රජතුමාගේ දියණිය තමා නෝසිකා. මෙන්න මේ කිව්ව සාමකාමී රාජධානියටත් ආක්‍රමණිකයන් විසින් පහර දෙනවා. ඉතිං මෙන්න මේ නෝසිකා කුමාරිකාව ආක්‍රමණිකයන්ගෙන් සහ කටුක පරිසර තත්වයන්ගෙන් තම රටවැසියාව ආරක්ෂා කරගන්න වෙහෙසෙන හැටි තමා මේ චිත්‍රපටය තුළින් නිරෑපණය වෙන්නෙ. ඉතිං ඔයාලම චිත්‍රපටය රසවිඳලා හොඳ නරක තීරණය කරන්න. ඒ වගේම ෆිල්ම් එක බාගනිද්දි 720p BRRip x264 AAC කියන බ්ලුරේ පිටලපතම බාගන්න. මේක ජපන් භාෂවෙන් යන ෆිල්ම් එකක් නිසා වෙන වෙන කොපි වලට සබ් එක හරියන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙනම් තවත් උපසිරසක් සමගින් ලඟඳීම මුණගැහෙමු.
ඔබ සැමට ජයෙන් ජය පතමි !!!
Due to copyright issues, we do not provide any torrent links.
Nausicaa of the Valley of the Wind (1984) BRRiP x264 AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,171 downloadsDownload Nausicaa.of_.the_.Valley.of_.the_.Wind_.1984.Baiscopelk.com_.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
38 comments
Amalka Himeshan
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඇත්තටම ඔයා සබ් දෙන ෆිල්ම්ස් නම් හරිම ලස්සනයි. මම ඔයා මෙතුවක් සබ් දුන්නු චිත්‍රපට ඔක්කොටම හරි කැමතියි. ඒ නිසා මම අනිවාර්යයෙන් දෙවරක් නොසිතා ඔයා සබ් දෙන ඕනෑම චිත්‍රපටියක් බාගෙන බලනවා. කමාන්ටු ප්‍රමාණය, සබ් එක බාගත් ප්‍රමාණය ගැන හිතන්න එපා සහෝ. හොඳ රසවින්දනයක් තියන අය ඔයා සබ් දෙන චිත්‍රපට අනිවාර්යයෙන් බලනවා. වැදගත් වෙන්නේ, හොඳ දෙයක් ලෝකයට ලබා දෙන එකයි.
ජයෙන් ජයම වේවා!
බුදු සරණයි!මාලින්ද
මටත් කියන්න තියෙන්නෙ මේ කතාවමයි. මේ චිත්‍රපටි සීරිස් එකම බැලුවා. ජපන් කාටුන් වලටත් ඔන්න මම දැන් ඇබ්බැහි වෙලා.
අසිත
aniwa
Asiri
බොහොම ස්තූතියි සහෝ sub වලට.ගොඩක් වෙලාවට ජපන් ඇනිමේෂන් වල හොද කතාවක් වගේම ගැඹුරු අර්ථයකුත් තියෙනවා.පොඩි ඉල්ලීමකුත් තියෙනවා.පුලුවන්නම් සහෝ mulholland drive කියන film එකටත් sub දෙන්නකෝ.
Dimuthu
Thank you!!!
අසිත
මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….
මේවට සබ් ඉල්ලුවම දුන්නම සමහරු හිනා වෙනවා…
ඒත් ඔය එහෙම හිනා වෙන අය 12 Angry Men වගේ ෆිල්ම් එකක් මේ අවුරුද්දේ අලුතෙන් relesae කලොත් නොබලා අරිවිද??
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජය වේවා…!!!ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
Dial M for Murder (1954) (IMDB 250)
North by Northwest (1959) (IMDB 250)
Strangers on a Train (1951) (IMDB 250)ඒත් එක්කම IMDB 250තියෙන මේ ෆිල්ම් ටිකත් මම යෝජනා කරනවා…
Donnie Darko (2001) Time Travel Story
American Beauty (1999)g@neo
මම නම් එකග නෑ ඒ අදහසට.මේවගේ පරණ ඒවට සබ් කරන එක කරන්නාගෙ සහ ලබන්නාගෙ යන දෙන්නගෙම කාලය කාදැමීමක් විදියට තම මම දකින්නේ.1% ට වඩා 99% වටිනවා ෆිල්ම් වලදි මොකද ෆිල්ම් කියන්නේ විනෝදාස්වාදයට තියන දෙයක් මිස අද්‍යාපනික දෙයක් නොවන නිසා( අද්‍යාපනික දේත් නැතුවම නෙමේ 1% ටත් අඩු නිසා)..අලුත් නිර්මාණ සෑහෙන්න තියනවනේ.yts එකේම කීයක් තියනවද. මොනව උනත් මට කිසිම සබ් එකක් ඉල්ලන්න වත් මේ මේ සබ් එක කරන්න කියන්න වත් අයිතියක් නෑ කියල මම දන්නවා.මොකද මම කිසිම සබ් එකක් කරලා නැති නිසා.
අසිත
මට නම් අයිතියක් තියෙනවා.ඒ මම සබ් කරපු නිසා විතරක් නෙමේ ඕන ෆිල්ම් එකකට මම කමෙන්ට් එකක් දාන නිසා.ඒත් ඔයාගේ අදහසට නම් මම කියට වත් එකග නෑ.ඔයාට තාම පරණ හොඳ ෆිල්ම් එකක් බලන්න ලැබිලා නෑ මම හිතන්නේ.ඒකයි ඔහොම හිතන්නේ.
g@neo
It's depend on your taste bro..උඋදාහරණයකට සමහර බොහොම සුලු ප්‍රතිශතයක් බොහොම කැමති පරණ කාර් මොඩ්ල් වලට.ඒ ඔවුන්ට තියන රසය.අපි ඒවට ගරුකරනව මොකද ඒ කාර් අතීතයේ දවසක තිබුනු හොදම කාර්.මේ සංසිද්ධිය ෆිල්ම් වලටත් අදාලයි.ඒ වගේම මම පරණ ෆිල්ම් බලලා තියනව කියලත් කියන්න ඕන.
අසිත
aniwa
චන්න
උබත් එක්ක මම 1000% ක් එකඟ වෙනවා බං.. උඩ එකා පිස්සෙක් .. දැන් ඔය අලුත් කියන ඒවත් තව ටික දවසිකින් පරණයි.. නිර්මාණය අලුත් පරණ නෙමෙයි එහි නිර්මානත්නම වටිනාකමයි බලන්න ඔනී. පුදුම ලොජික් මෙව්වා
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි.සුපිරි anime එකකට සබ් දුන්නට සහෝට පිං
දිගටම මේවැනි anime ෆිල්ම් වලට සබ් දෙන්න.ඔබට ජයම වේවා!la
Mardock Scramble 1 & 2,3 / garden of sinners 1,2,3,4,5,6,7, sub pleas!!!!
great anime!!!Udara Damith B/K
............බොහෝම ස්තුතියි...............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
thx broo
නිරෝෂ්
සබට බොහෝ තුති. මටනම් පැරණි චිත්‍රපට වුනත් කමක් නෑ, ඒක හොඳ imbd රේටින් එකක් තියන හොඳ ෆිල්ම් එකක්නම් එය මා නරඹනවා. හොඳ සිනමා නිර්මාණ අතීතයේදිත් බිහි වුනා. වර්තමානයේදිත් බිහිවෙනවා. යම්කිසි කාලයකට කොටු නොවී මමනම් පැරණි හා අළුත් චිත්‍රපට හොඳ ඒවා නරඹනවා. තව දෙයක්... අළුත් චිත්‍රපටවලටනම් සබ් දෙන අය ඕන තරම් ඉන්නවා. ඒත් පැරණි චිත්‍රපට වලට ආස කරන අයට සබ් දෙන අය අඩුයි. පැරණි චිත්‍රපට වලට ආස කරන අය වගේම පැරණි හා අලුත් චිත්‍රපට යන දෙවර්ගයටම ආස කරන අය ඉන්නේ සුලු ප්‍රමාණයක් වුනත් ඒ සුලු ප්‍රමාණය නොසලකා නොහරිමින් මෙසේ ඔවුන් වෙනුවෙන් සබ් ලබාදෙන ඔබ ඇතුලු අනිත් පැරණි උපසිරැසි නිර්මාණ කරුවන්ට මගේ හදපිරි ස්තූතිය හා ප්‍රණාමය පුද කරනවා. ඉදිරියේදී මේ වගේම තවත් අප නොදැකපු හොඳ imbd රේටින් එකක් තියන ඒවාට සබ් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ජය................
s
Txx sub ekata.japan anime nam aniwa balanawa
s
5 Centimeters Per Second okata sub denna balann.sub nathiunat kamak nh oka balanna.
s
Mewa nobalana das makkatda.
pasindu
denui bagena iwara wune. sub ekata thanx.........
lakshan
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!ravindu
ස්තූතියි සබට. ජපන් ඇනිමේෂන් වල අමුතුම ලස්සනක් තියනවා. මම හිතන්නේ එවා නරඹන හැමෝටම මෙය දැනෙනවා ඇති. ඉදිරියටත් මේවැනි anime ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ. ඔබට ජයම වේවා.
chinthaka
අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට බොහොමත්ම ස්තුතියි.
Chanu Mikhail
ගොඩක් ස්තුතියි !!!
මේ වගේ කතා වලට sub වැටෙනවා අඩු නිසා
ඔයාගේ මහන්සිය අපිට ගොඩක් වටිනවා සහෝ
මේ වගේ ලස්සන anime කතා තව අරන් එන්න !!!
ජය වේවා........!!!!!!!!!!!!!!!!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asela ravin
සත පහකට් වැඩක් නැති film වලට ඕන තරම් sub දෙන අය අතරේ වෙනස්ම ආකාරයේ මෙවන් චිත්‍රපටි සොයා sub දෙන ඔබව අගය කරමි ..දිගින් දිගටම මෙවන් විශිෂ්ට asian anime film වලට sub දෙන්න ...රසවින්දනය විවිධාකාර නිසා ඔබ මෙන්ම සත පහකට වැඩක් නැති ඒවටත් sub දෙන අයවත් එක හා සමානව අගය කරමි ..The Secret World of Arrietty මතක් උනා ..
t_malee
thanx
Gayan Chathuranga
thanks saho sub ekata, Jaya !!!
Krishan NiShalya
බොහොම ස්තූතී..
මේ දවස් ටිකේම මියසාකි මවපු ලෝකවල අතරමං වෙල ඉන්නෙ❤
Waruna Kamalawansha
නියමයි..... බොහෝම ස්තූතියි
නිමේෂ් කාවින්ද සිල්වා .
imdb top 250 ලැයිස්තුව ඇතුළේ තියෙන මේ වගේ විශිෂ්ට සිනමා කෘතියක් සදහා ගුණාත්මක අන්දමින් සිංහල උපසිරැසිය ලබා දුන්නාට තුති !!!!!
S.H. Tharaka prabhath
Thanks for the sinhala sub bro..
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි සිංහල උපසිරසියට.Ghibli ඇනිමේ ගැන නම් ආයේ කතාකරන්න දෙයක් නෑ.සුපිරිම නිර්මාණ තමා.මේ විශිෂ්ඨ ඇනිමේ චිත්‍රපටයට ගුණාත්මක උපසිරසියක් ලබා දුන්නට ස්තූතියි...
chamika lakmal
meke vada na aye danna puluvanda
Pavith Wijesooriya
දැන් සබ් එක වැඩ කරනවා සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
පුලුවන්නම් final fantasy vii advent children Uncut ඇනිමේශන් එකටත් සබ් දෙන්න