මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, සුනිල් දත්, ජෝයි මුකර්ජි සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපට…

Hum Hindustani (1960)

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන  ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, සුනිල් දත්, ජෝයි මුකර්ජි සහ ආශා පාරේක් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි හින්දි තනුවක් ආශ්‍රයෙන් මිල්ටන් පෙරේරා කලාකරුවානන් ගැයූ “පෙම් අප්සරාවෝ” ගීතය සහ ජෝතිපාලයන් ගැයූ “ප්‍රේමේ දීපශිකා” යන ගීත අදටත් ලංකාවේ ඉතාමත් ජනප්‍රියව පවතී.

මෙහි ප්‍රධාන චරිත වන්නේ සුකින්, සත්‍යන් සහ සුධා ය. සුකින් සහ සත්‍යන්ගේ පියා දේපොළ සම්බන්ධ නඩුවකට පැටලී ඇති නිසා ඔවුන්ට ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවේ. කලබලකාරී පුද්ගලයෙක් වන සත්‍යන්ගේ අධ්‍යාපන කටයුතු ද කඩාකප්පල් වේ. නමුත් සුකින් රැකියාවක් කරමින් ධෛර්යය සම්පන්නව මේ සැමටම මුහුණ දෙයි. ඔහුගේ පෙම්වතිය වූයේ සුධාය. සත්‍යන්ට ද පෙම්වතියක් සිටියි. මේ අතර සුකින් සහ සත්‍යන්ගේ නිවසේ ඇතිවන ආර්ථික දුෂ්කරතා නිසා මෙම පෙම් සම්බන්ධතාවලට එම තරුණියන්ගේ දෙමවුපියන් ද විරුද්ධ වේ.

දිනක්, සත්‍යන්ගේ සේවා ස්ථානයේ ප්‍රධානියා ගණුදෙණු කරුවෙකුට ගෙවීමට දුන් විශාල මුදලක් සත්‍යන් භාරයේ තිබියදී අතුරුදහන් වේ. මෙය සොරාගත් පුද්ගලයා සොයාගැනීමට නොහැකිවන අතර එදින සත්‍යන්ගේ සොහොයුරාද මෙහි පැමිණි සිටි නිසා සත්‍යන් ඔහුව මේ සොරකමට සැක කරයි. මේ අතර සේවා ස්ථානයේ ප්‍රධානියා සත්‍යන්ට විරුද්ධව නඩු පවරයි. සත්‍යන්ගේ පවුලේ තවදුරටත් අර්බුද වැඩිවේ. මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මෙම වෙබ් අඩවියට 40 සහ 50 දශකයන් හි පැරණි හින්දි සහ බෙංගාලි සිනමාපට සඳහා උපසිරසි සපයන “වජිර රත්නායක” සොයුරාත්, 70, 80 සහ 90 දශකයන් හි පැරණි හින්දි සිනමාපට සඳහා උපසිරසි සපයන “දහරා මුතු අමා” සොයුරියටත් එම කැපවීම වෙනුවෙන් මෙම ‍අවස්ථාවේ දී ප්‍රණාමය පුද කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති“, “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම යු ටියුබ් එකේ ඇති 1.8 GB ප්‍රමාණයක් සහිත, ධාවන කාලය පැය 2 යි, විනාඩි 28 යි, තත්පර 27 ක කාලයක් සහිත වීඩියෝවක් මෙම උපසිරසිය සඳහා ගැළපෙන බව සලකන්න.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන දාහතරවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

එසේම මා විසින් මේ අවස්ථාවේ දී “අසංක ප්‍රදීප් සොයුරා” ඇතුළු මෙහි පාලක මඬුල්ලට ද සුවිශේෂ ස්තුතියක් පිරි නමන්නෙමි! ඒ මන්ද අපට අහිමිවීමට ගිය මේ වෙබ් අඩවිය නැවතත් ස්ථාපනය කිරීමට ගත් අපමණ වෙහෙස වෙනුවෙන්ය.

Hum Hindustani (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත youtube පිටපත සඳහා අදාළ වේ.

 

135 downloadsDownload Hum.Hindustani.1960.Baiscopelk.com_.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

135 downloadsDownload Subtitles53 KB

14 comments

  1. Jeewantha Madushan

    Force 2 film ekatath ikmanta sub eka denna saho.

    1. g@neo

      හැමදාම අනුන් මත්තෙම නහින්න බෑනේ.මම තීරනය කලා ඉංග්‍රීසි ඉගෙන ගන්න.

  2. Kulanjana Maduranga

    niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udaya Saman

    goda kaalekin hindi parana ekak genath thiyenne withana aiya.site ekata apu gaman man blnne oyage film ekak sub dhalada kiyala.thanx idiriyatath me parna film sub dhamu

  4. අසංක ප්‍රදීප් රණතුංග

    උපසිරසියට ස්තුතියි

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. වජිර රත්නායක

    හිතවත් ප්‍රියන්ත,
    සෑහෙන කාලයකට පසුව ඔබ නැවත උපසිරැසියක් ගෙනැත්. හම් හින්දුස්ථානී චිත්‍රපටය මම මෙතෙක් නැරඹුවේ නැති චිත්‍රපටයක්. ඒ නිසා ඔබේ උපසිරැසිය සමග නරඹන්න පුළුවන්. උපසිරැසියට බොහොම ස්තූතියි.

    1. Withanage Priyantha Dayakeerthi

      මා විසින් නිර්මාණය කළ මෙම උපසිරසියට, යූ ටියුබ් තුළ ඇති පැය 02 යි, විනාඩි 28 යි, තත්පර 27 කාලයක් සහිත මෙගා බයිට් 527 වීඩියෝවද ගැළපෙයි.

  7. Withanage Priyantha Dayakeerthi

    මෙම වෙබ් අඩවියට 40 සහ 50 දශකයන් හි පැරණි හින්දි සහ බෙංගාලි සිනමාපට සඳහා උපසිරසි සපයන “වජිර රත්නායක” සොයුරාත්, 70, 80 සහ 90 දශකයන් හි පැරණි හින්දි සිනමාපට සඳහා උපසිරසි සපයන “දහරා මුතු අමා” සොයුරියටත් එම කැපවීම වෙනුවෙන් මෙම ‍අවස්ථාවේ දී ප්‍රණාමය පුද කරන්නෙමි!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. දහරා මුතු අමා

    නියම චිත්‍රපටියක් අයියේ.
    බොහොම ස්තූතියි උපසිරැසියට.
    පුලුවන් නම් ඊළඟට ගීත් එකට දෙන්න.

  10. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  11. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  12. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි විතානගේ සහෝදරයා මෙම චිත්‍රපටයේ උපසිරැසිකරණයටත්...ඉදිරි වැඩකටයුතු වලටත් ජයවේවා !!