ඔන්න මම කිව්ව වගේම පරන චිත්‍රපටියක් අරන් ආවා. 1969 අවුරුද්දෙ තිරගත වුනු ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය හා නිශ්පාදනය Shakti Samanta ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sharmila Tagore, Rajesh Khanna, Sujit Kumar, Farida Jalal. සංගීතය S. D. Burman ගෙන්. කතාවෙ වෙන්නෙ මෙහෙමයි. අරුන් වර්මා කියන්නෙ ඉන්ද…

ඔන්න මම කිව්ව වගේම පරන චිත්‍රපටියක් අරන් ආවා. 1969 අවුරුද්දෙ තිරගත වුනු ඉතා ජනප්‍රිය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය හා නිශ්පාදනය Shakti Samanta ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Sharmila Tagore, Rajesh Khanna, Sujit Kumar, Farida Jalal. සංගීතය S. D. Burman ගෙන්.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. අරුන් වර්මා කියන්නෙ ඉන්දියානු ගුවන් හමුදාවෙ පයිලට් කෙනෙක්. අසනීප වෙලා බේත් ගන්න ගියාම ඒ දොස්තරගෙ දුව වන්දනා එක්ක මේ අරුන් වර්මා යාලු වෙනවා. යාලුවෙලා හැමෝටම හොරෙන් දේව මන්දිරයකදි දෙන්නා කසාද බඳිනවා. අරුන් ගෙ ලොකුම හීනය තමයි ඒ දෙන්නගෙ පුතාව ගුවන් නියමුවෙක් කරන එක. ඒත් ඊට ටික දවසකට පස්සෙ ගුවන් අනතුරකින් අරුන් මැරෙනවා. අරුන්ගෙ දරුවත් එක්ක වන්දනා තනි වෙනවා. එතනින් පස්සෙ අරුන්ගෙ හීනය හැබෑ කර ගන්නා ආකාරය තමයි කතාවෙ තියෙන්නෙ.
මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ආයෙ හමු වෙමු. ඕන් අපි ගියා.
Due to copyright issues, we do not provide any torrent links.
Aradhana (1969) Dvdrip x264 AAC Badababa
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,030 downloadsDownload Aradhana-1969.Baiscopelk.com_.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
23 comments
Sanindu Lakkitha
වජිර රත්නායක
උපපිරැසියට සුබ පැතුම්. ඒ වගේ ම බොහොම ස්තූතියි. මෙවර ඔබ තෝරාගෙන තිබෙන්නේ පැරණි හින්දි සිනමාවේ ඉතාමත් ම ජනප්‍රිය වෙච්චි චිත්‍රපටයක්. ඔබට හැකි නම් සුබෙයිදා චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්න.
Withanage Priyantha Dayakeerthi
මෙම වෙබ් අඩවියට 40 සහ 50 දශකයන් හි පැරණි හින්දි සහ බෙංගාලි සිනමාපට සඳහා උපසිරසි සපයන “වජිර රත්නායක” සොයුරාත්, 70, 80 සහ 90 දශකයන් හි පැරණි හින්දි සිනමාපට සඳහා උපසිරසි සපයන “දහරා මුතු අමා” සොයුරියටත් එම කැපවීම වෙනුවෙන් මෙම අවස්ථාවේ දී ප්‍රණාමය පුද කරන්නෙමි!
Udara Damith B/K
......බොහොම ස්තුතියි ...........
Kulanjana Maduranga
niayamai…thanks DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kamal
බයිස්කෝප් එකේ ලොකු අඩුවක් පුරවලා තියෙන්නේ මචන් උඹ. මේකේ සිංදු ටික නම් පට්ට. සිංහල සබක් තිබුනේ නැති නිසා බලන්න විදියක් නැතුව තිබුනේ. බොහොම ස්තුතියි. ඔබට ජය. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
Kishore Kumar ge
mere sapnon ki rani sinduwa thiyana film eka ne...nipun kaushalya
mulina sub eka dunnata ama thanks oyata. mama hindi sinamawe kamathima sinduwa thiyana film eka meka
s.d burmang [Saphal Hogi Teri Aradhana] eka marama lassana sdinduwa. oyata thnks sub eka dunnanata.....
puluwannam [ABIMAN] ekatah dennan jaya wewa..................................
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Withanage Priyantha Dayakeerthi
දහරා මුතු අමා සොයුරිය,
හින්දි සිනමාවේ නොමැකෙන සිහිවටනයකට ඔබ මේ සිංහල සබ් දීලා තියෙන්නේ. එයට අප සැමගේ ස්තුතිය හිමිවෙන්න ඕන. ඒ වගේම මේ පිටුවට පිවිසෙන අයට මම යෝජනා කරනවා මේ අමරණීය සිනමාපටය නරඹන්නට කියා. මම පුද්ගලිකවම මෙය හතර වාරයක් පමණ නරඹලා තිබෙනවා. මෙරේ සපුනොකි, ගුන්ගුනාර හී වැනි අමරණීය ගීත කීපයක්ම මෙහි තිබෙනවා. අභිමාන්, ගීත් හා සමානම හින්දි සිනමාවේ මේතෙක් බිහිවූ හොඳම ගීතාත්මක සිනමාපටය ලෙසද හඳුන්වන්න පුළුවන්. ඔබ මෙවැනිම වූ සිනමාපට ඉදිරියේදීත් ගෙන ඒවියයි මා හට සිතෙනවා. ස්තුතියි ඔබට නැවතත්!!!darshi
නියමයි, ගොඩාක් පිං මේ වගේ චිත්‍රපටි දෙන එකට....ඔබට ජය!
Dulanga
Thanks
Pasindu Pramuditha
Wow elaz
සචින් කෙවින්
ගොඩක් ස්තුතියි සහෝදරී උපසිරසට . Good Luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
P. Sanath
මෙම සිනමාපටය ඔබේ උපසිරසි සමඟ බැලුවා. ලස්සන කතාවක්, ලස්සන ගීත තියෙනවා. Sachchaa Juthaa (1970), Raja Jani (1972), Hindi Film දෙන්න බලන්න.
Dilshan madusha
Thank you sub ekata;.... puluwannam " ek phool do maali" hindi film ekatath sub eka denna... well done!!....
Sassa
Sub ekata thanx sis
akilainduruwa
film eka download karagnna puluwan link ekk dennako plzz
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගී සිංහල උපසිරැසියට....ජයවේවා !!
Chinthana
මේකේ සබ් එක එක්ස්ට්‍රැක්ට් වෙන්නේ නෑනේ
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

බොහොම ස්තුතියි සහෝදරී උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!