Watch Trailer

Neelira (2026) Sinhala Subtitles | අඳුරු අතීතයක අසරණ වූවෝ [සිංහල උපසිරසි]

Neelira (2026) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද මම අරගෙන ආවේ මේ 2026 අවුරුද්දේ තිරගත වුණු, සිනමා විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ඉහළම අවධානයක් දිනාගත්ත ලස්සන, හැඟීම්බර ඒ වගේම හුස්ම හිරවෙන කුතුහලයකින් පිරුණු දෙමළ සිනමාපටයක්. මේක Drama සහ War කාණ්ඩයන්ට අයත් වෙන…

Neelira (2026) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! අද මම අරගෙන ආවේ මේ 2026 අවුරුද්දේ තිරගත වුණු, සිනමා විචාරකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ඉහළම අවධානයක් දිනාගත්ත ලස්සන, හැඟීම්බර ඒ වගේම හුස්ම හිරවෙන කුතුහලයකින් පිරුණු දෙමළ සිනමාපටයක්. මේක Drama සහ War කාණ්ඩයන්ට අයත් වෙන චිත්‍රපටයක්. 2026 අප්‍රේල් මාසයේ සිනමාශාලා ප්‍රදර්ශනයෙන් පස්සේ මේ වෙනකොටත් IMDb දර්ශකයේ **7.3 ක** වගේ ඉතා ඉහළ අගයක් රඳවාගන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. ඉතින්, යුද්ධයක තියෙන බිහිසුණුකම ක්‍රියාදාම දර්ශනවලින් තොරව, මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න කරපු මේ නිර්මාණය ඔයාලා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් කියලා මම මුලින්ම කියනවා.
 
මේ වනවිට ඊළාම් යුද්ධය, ජනවාර්ගික ගැටලුව, වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ තිබුණු යුද්ධය, අවසන් සටන, මානුෂීය මෙහෙයුම වගේ තේමාවලින් හැදුණු නොයෙකුත් විදියේ කතා, යූටියුබ් වීඩියෝ, පොත්පත් ආදිය බහුතරයක් දෙනාට පරිශීලනය කරන්න ලැබී ඇතැයි කියා මා විශ්වාස කරනවා. ඒ සියල්ලෙන් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය, යුද්ධයක තිබෙන බිහිසුණුකම, ම්ලේච්ඡත්වය ආදිය සහ සිංහල හා දෙමළ ජනතාව ඉන් බැට කෑ ආකාරයන් පිළිබඳවත් යම්කිසි හෝ දැනුමක් ඇතැයි කියාද මා විශ්වාස කරනවා. ඇතැමෙකුට යුද්ධය පිළිබඳ සජීවී අත්දැකීම් පවා ඇති.
 
එසේ නම් මා මෙම ලිපියෙන් ඉහත කියපු කිසිම මාතෘකාවක් පිළිබඳව කතා කරන්න යන්නේ නෑ. ඒ වගේම යුද්ධයෙන් ශ්‍රී ලංකා දෙමළ ජනතාවට සිදුවූ දුෂ්කරතා පිළිබඳව කතා කරන්නට සූදානම් වෙන්නෙත් නෑ. මුල්ලිවෛක්කාල් සිදුවීම, යුද අපරාධ ආදිය ගැන ඕනෑ තරම් පළවුණු ලිපි, යූටියුබ් වීඩියෝ ආදිය ඔබට පරිශීලනය කරගන්න පුළුවන්. මේ චිත්‍රපටයෙන් පෙන්වන කතාව බැලුවාම, ඔබ අප කවුරුත් නොසිතන ආකාරයේ අඳුරු අතීතයක් අපේ රටට, අපේම මිනිස්සුන්ට උදාවෙලා තිබුණාය කියන කාරණාව පැහැදිලි වේවි.
 
සිංහල වේවා, දෙමළ වේවා; දවසක තමන්ගේම ගෙදර උත්සවයක් තියන්න තවත් රටක හමුදාවකින් අවසර ගන්න ඔබට සිද්ධ වුණොත් මොකක් හිතෙයිද? තමන්ගේම ඉඩමේ තිබෙන බෝගයක් නෙළාගන්න තවත් පිරිසකගෙන් අවසර ගන්න වුණොත් ඔබ මොකද කරන්නේ? තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ගේ වත්තේ තියෙන වැසිකිළියට යන්න පවා තවත් කෙනෙකුගෙන් අවසර ගන්න වුණොත්? ඔබම සිතා බලන්න එය කෙතරම් ශෝචනීයද, කෙතරම් කෲරද. එහෙම දෙයක් වුණොත් ඔබ කාටද පැමිණිලි කරන්නේ? කවුද ඔබේ දුකට ඇහුම්කම් දෙන්නේ? ඒ අසරණකමින් ඔබව මුදාගන්නේ කවුද? ඔබව ඒ වේදනාවෙන් මුදවන බවට බලාපොරොත්තුවක් හෝ දෙන කෙනෙකු වෙනුවෙන් ඔබට කොච්චර කැපකිරීම් කරන්න පුළුවන්ද? ඔවුන් වෙනුවෙන් කොච්චර දුරක් ඔබ යනවද?
 
1987 ජූලි මාසයේදී ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමෙන් පසු කාල පරිච්ඡේදය තුළ, විශේෂයෙන් 1988 වන විට, දෙමළ ජනතාවට සැලකිය යුතු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. මෙම දුෂ්කරතා ඇති වූයේ IPKF, දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සම්බන්ධ සංකීර්ණ හා පිරිහෙන තත්ත්වයකිනි.
 
1988 දී, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව IPKF, LTTE සහ ශ්‍රී ලංකා රජය අතර ත්‍රෛපාර්ශ්වික අරගලයකට මැදි වූ ප්‍රධාන සිවිල් ජනගහනය බවට පත්වීමත් සමඟ දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. පොරොන්දු වූ දේශපාලන විසඳුම ඇණහිට තිබුණි; සාම සාධක මෙහෙයුම කටුක ප්‍රති-කැරලිකාර යුද්ධයක් බවට පරිවර්තනය වී තිබුණි; එමෙන්ම මානුෂීය තත්ත්වයන්ද දරුණු විය. ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම සාමය ගෙන ඒමට අසමත් වීම සහ ඒ වෙනුවට ආරක්ෂා කිරීමට පොරොන්දු වූ සිවිල් වැසියන්ගේ දුක් වේදනා තීව්‍ර වීම මෙම කාල පරිච්ඡේදය තුළ කැපී පෙනුණි. එල්ටීටීඊය නිරායුධ කිරීමට හෝ දේශපාලන විසඳුමක් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා, ගැටුම් සහ නොවිසඳුණු ආතතීන් ඉතිරි කරමින්, 1990 දී IPKF අවසානයේ රටින් ඉවත් විය.තව පොඩි යෝජනාවක් කරන්න කැමතියි. යම් දෙයක් පිළිබඳව විනිශ්චයක් කරනවා නම්, යම් සිදුවීමක ඉතිහාසය සොයාබලන්න අවශ්‍ය නම්, ඒකපාර්ශ්වීය නොවී සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න, සොයාබලන්න. උසාවියක නඩුවක්, එහෙමත් නැත්නම් පොලිසියක සිදුකරනු ලබන අපරාධ පරීක්ෂණයක් සිදුවන ආකාරය මීට පොඩි උදාහරණයක් විදියට දෙන්න පුළුවන්.
 
ඇතැමුන් ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටලුව අතීතයේ අපව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් ඇතිකරන ලද්දක් ලෙස අර්ථකථනය කරනවා දකින්නට හැකියි. අසල්වැසි රටවල්වල පවා තවමත් විසඳී නැති දේශසීමා අරගල, සීතල යුද්ධ ආදිය ඒ සඳහා මනාලෙස උදාහරණ සපයනවා.
 
මේ කතාව ගෙතෙන්නේ 1988 අවුරුද්දේ යාපනය ප්‍රදේශයේ සිද්ධ වුණු අඳුරු යුදමය වටපිටාවකුත් එක්ක. නොයෙකුත් බාධක මධ්‍යයේ වුණත් යාපනයේ ජීවත් වෙන දෙමළ පවුලක් තමන්ගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් ලෑස්ති වෙනවා. ඊට පෙරදින රෑ, පාර වැරදීමක් නිසා ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) කණ්ඩායමක් මේ ගෙදරට කඩා වදිනවා. තමන්ව සතුරන් විසින් වටකර ඇති බව තේරුම් ගන්නා මේ හමුදා පිරිස, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ පවුල ප්‍රාණ ඇපයට තබාගෙන ඒ ගෙදර නවාතැන් ගන්නවා. මෙතැනින් එහාට කතාව ගැන කියන්න සූදානම් වෙන්නේ නෑ. චිත්‍රපටය නරඹලම ඒ ගැන දැනගන්න කියා ආරාධනා කර සිටිනවා.මේ සිනමා නිර්මාණය පිටුපස ඉන්න කණ්ඩායම ගැන බැලුවොත්, චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම තිරපිටපත ලියලා තියෙන්නේ Someetharan කියන අධ්‍යක්ෂවරයායි. ඔහු මීට කලින් “Burning Memories (2008)” වගේ ප්‍රකට වාර්තා චිත්‍රපට හරහා තමන්ගේ දක්ෂතාවය පෙන්වපු කෙනෙක්. විශේෂයෙන්ම ප්‍රසිද්ධ අධ්‍යක්ෂ Karthik Subbaraj තමයි මෙහි නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නේ. ප්‍රධාන චරිතය Naveen Chandra විසින් හොබවනවා.
 
මේ වගේ ලස්සන, වෙනස්ම විදියේ සිනමාපටයක් මඟහරවා ගන්න එපා කියලා මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. උපසිරැසිය බාගත කරගෙන, ඔයාලගේ අදහස්, කමෙන්ට්ස් පහළින් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවෙමු.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Neelira (2026) Sinhala Subtitles

 

 

     

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,968 downloadsDownload Neelira-2026.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Neelira Sinhala Subtitles

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,968 downloadsDownload Subtitles30 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූථියි සබ්එකට තරිදු අයියේ

  2. Kaveesha gimhan

    දිගටම මේ වගේ සබ් දෙන්න bro