ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන…

ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.
කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.
ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි.
අවසාන වශයෙන් දෙයක් කියන්න ඕන. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඩේටා කපාගෙන ෆිල්ම් දෙතුන්පාරක් ඩවුන්ලෝඩ් කරගෙන කෙනෙක් කොච්චර ආසාවෙන්ද උපසිරැසියක් කරන්නේ. ඒකට ලැබෙන සීමිත කමෙන්ට් අතරට උපසිරැසිකරුවන්ගේ සිත් රිදවෙන ආකාරයේ අදහස් පළකිරීමෙන් වළකින්න. දැන් ගොඩක් උපසිරැසිකරුවන් කළකිරී ඇති බවක් පෙනෙන නිසයි එහෙම කිව්වේ. බයිස්කෝප් එකට නිතර යන එන අයට ඒ ගැන තේරෙනවා ඇති.
කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි සබ් එක බලාගෙන, කාළ රාමුත් හදාගෙන තමයි උපසිරැසිය කරේ. සමහර තැන් වල ඉංග්‍රීසි උපසිරැසි පෙනුනේ නැති නිසා ඒ තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා සති 3ක් විතර ගියා මේ සබ් එක කරන්න. එහෙනම් සබ් එක බාන ගමන් ලයික් කරලා අදහසකුත් පළකරගෙන යන්න.
සැ.යු :- අප්‍රේල් මුල වෙනකොටම සබ් එක කරලා ඉවර වුනත් දැම්මේ නැත්තේ හොඳ කොපියක් එනකල් හිටපු නිසා. හොඳ කොපියක් ආපුගමන් ඒ කොපියට හරියන විදිහට ලයින් හදලා සමහර තැන් අසා ලිවීමත් කරලා තමයි සබ් එක දැම්මේ. මේ ෆිල්ම් එකට අන්තර්ජාලයට නිකුත් වෙන පළමුවැනි උපසිරැසි ගොණුව තමයි මේ. හදිස්සි අය බලන්න. හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් සහ HD කොපියක් ආවම උපසිරැසිය අප්ඩේට් කරන්නම්. සයිට් එකේ දකුණු පැත්තේ දාලා තියෙන යාවත්කාලීන කිරීම් ගැන අවධානයෙන් ඉන්න. ඩවුන්ලෝඩ් ලිංක් ඕන අය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
TamilMV.eu – Nenu Local (2017) Telugu HDRip – 400MB – x264 – MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
29,889 downloadsDownload Nenu-Local-2017.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
82 comments
prabodha
sudarshana fernando
thanks yalu sinhala sabata Dynamite 2015Telugu movie ekatath sube dannako puluvannam,eka supiri filumak...digatama sube karanna jayawewa.....
shasith sandaruwan
ලඟදි විභාගයක් තියනව සහෝ...
විභාගෙට පස්සේ කවුරුහරි බාරගෙන තිබුනේ නැත්නම් දෙන්න බලන්නම්.
ඔබට ජය!
Sanjaya
Thanks Machan. Jayen Jayama weva!
prasanna
jaya wewaaaaa
තරිඳු රසාංග
බොහොම ස්තුතියි මචං සබට,Nenu Local කියන්නේ එනකල්ම බලන් හිටපු ෆිලුමක්,ඒත් මේකේ මුලින්ම ආවේ TV rip එකක් හින්දා ඒ උද්‍යෝගය නැතිවුනා,ඒත් දැන් සබ් එකත් තියෙන හින්දා හොඳ වීඩියෝ කොපියක් අරගෙන අනිවා ෆිලුම බලන්න ඕනේ.ඉස්සරහටත් මේ විදියට සබ් දෙමු,ජය!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Gayan
elma
Sisila Prasad
සබ් එක වෙනුවෙන් මහන්සි වෙලා ලොකු ගේමක් ගහලා වගෙයි.
උපසිරැසිය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
දිගටම වැඩේ කරගෙන යමු.
ජය!!!Dilan
Supiri film ekak saho.jaya wewa saho.
Charli Max
Ela
sanjaya
අම්මෝ සබ් එක එනකම් හිටියේ….
සුපිරි කතාවක් වගේ.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
#ජය වේවාShehan prathapasinghe
elakiri sahodaraya aniwa baleemak thama ithin.
Rasika Priyashantha Robinson
niyamai....... jayawewa
sanka
Ram charange dhruva film ekatath sub denna puluwanda
shasith sandaruwan
ඒක මං හිතන්නේ කවුරුහරි බාරගෙන තියෙන්නේ. ඉංග්‍රීසි උපසිරැසියක් ආවහම ඉක්මනින් ලබා දෙයි! ඔබට ජය!
Sanindu Lakkitha
::::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
Site එකේ අලුත් වැඩ කිඩ ටිකනම් බොහොම අගෙයි සහෝ..නිතර යන එන site එකේ මේ වගේ අලුත් අලුත් Item දකිද්දී සිරවටම පට්ට සතුටුයි.. මොන මොන විදියේ site තිබ්බත් හැමදාමත් 1st බයිස්කෝප්..
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::chathuranga
elamaa
LAKSHAN
ඔබට මාගේ ප්‍රණාමය ......ඔබ සියලු දෙනා අප වෙනුවෙන් කරන මේ කැපවීම බයිස්කෝප් අඩවියේ රසිකන් විදියට අදත් හෙටත් හැමදාටම අපි අගය කරනවා ....තව එක එක සයිට් තිබුනට හැමදාමත් සබ්ටයිටල් වලින් 1st බයිස්කෝප්ම තමයි .....බයිස්කෝප් අඩවිට ජයෙන් ජය ...................
Chamith Janaka
ස්තුතියි සහෝ උපසිරැසට.............:)
Harsha Priyanath
very nice diy all the best
Kulanjana Maduranga
niayamai…patta ahhh...mewge filumak kohoma atharinnada....ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mahesh babu
Thank's for sub bro.....
Thawath telugu movies walata sub demu
Jaya wewa!!!sammika
Thank you very much. your sub mean lot to us. keep doing it. god bless You...........
dinusha
ela ela
SPD
ඉස්සර නම් එකම තෙලුගු ෆිලුමක් වත් මගෑරියේ නෑ සහෝ. ඒත් දැන් එහෙම බලන්න තරම් වෙලාව නෑ.
ඒ නිසා හොඳම කියල හිතෙන ෆිලුම් සහ අල්ලු අර්ජුන්, රාම් චරන්, ප්‍රභාෂ්, මහේෂ් බාබු සහ නානි කියන
තෝරාගත් නළුවන් කිහිප දෙනෙකුගේ ෆිලුම් තමයි බලන්නේ. බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
Kanche(2015) කියල ෆිලුමක් තියනවා. ගොඩක් හොඳ එකක්. පුලුවන්නම් සබක් දෙන්න බලන්න.
ජයම වේවා සහෝ...!!!shasith sandaruwan
ලඟදි විභාගයක් තියනව මචෝ...
බලමු ට්‍රයි එකක් දෙන්නම්. :P
ඔබට ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalana
thnx bro...
Bhagya
Thanks!
kent
Ela
Tharindu
patta bn
Udaya Fernando
Thanks bro
sethmal
superb bokkah
Chami.S
Thanks..
Good Luck..pinsara
boru rating danna epa ban.6.5i
silent$
Thnxxxxxxxxxxxxxxx
Sandaruwan
Good Job All the Best
DG
bohoma sthuthi saho....
Tharaka Lahiru
Tnx
Ami
Thanks :)
udara
Tanz machan..
Aruna
Mata den me site eken films banna bane
shasith sandaruwan
කාලෙකින් සයිට් එක පැත්තේ ඇවිල්ලා නෑ වගේ නෙහ්. :P
අපි දැන් ඩවුන්ලෝඩ් ලිංක් දෙන්නේ baiscopedownloads.com සයිට් එකෙන්.
ඒකට ගිහිල්ලා ගන්න.
ජය!
sanjaya
ela ela bro
Tharindu
sub eka download karanna bene
Anonymous
Thanks a lot for this. Please create or upload Ninnu Kori English Subtitles. Please Please if you can.
sameera
Machn meke web hd copiyata update 1 deepnko..
Jawa wewashasith sandaruwan
අද තමා HD,WEB කොපි නිකුත් වුනේ. පොඩ්ඩක් කස්ටිය ඉවසලා ඉන්න. :P අප්ඩේට් එකක් දාන්නම්.
sanka
niyamai bro
Shehan Prathapasinghe
සියල්ලට කලින් sub එක මට ලබා දුන් ශසිත් සහෝ ඔයාට බොහොම ස්තුතියි! ජය වේවා!
shasith sandaruwan
ඔන්න HD Rip පිටපත් සඳහා යාවත්කාලීන කරා...
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ යාවත්කාලීන කිරීමට
thimalF
සහෝ , BR එකට update කරපන්කෝ පුලුවන්නම් , ලොකු උදව්වක් මචෝ
shan
බොහොම ස්තුතියි sub එකට ශසිත් සහෝ.
තෙලිඟු නම් වැඩිය බලන්නේ නෑ.
පුලුවන්නම් ෂාරුක් ඛාන්ගේ මෙන්න මේ ලස්සන ෆිලුමටත් sub කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. :)
Chamatkar (1992)
http://www.imdb.com/title/tt0126234/
ජය වේවා!!kelum chathuganga abeysekara
thanks
Asanka Mapa
Thanka all.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you sub ekata bro...