Watch Trailer

Nenu Naa Rakshasi (2011) Sinhala Subtitles | මමයි… මගේ රාස්සියයි… [සිංහල උපසිරසි]

මුලින්ම කියන්න ඕනේ, මේ Film එකට මම Subtitles දැම්මේ දැන් අවුරුදු ගාණකට කලින්. ඒ නිසා අඩුපාඩු නම් සෑහෙන්න ඇති… ඒකට ඉතින් කරන්න දෙයක් නෑ… පුලු පුලුවන් විදියට ආපහු Sub එක Edit කරලා ‘බයිස්කෝප්’ එකට දෙන්න තීරණය කළා… දැන් ඉතින් තෙලිඟු සිනමාවත් හොඳ මට්ටමක තියෙනවා නේ… මේ චිත්‍රපටය නම් ඇවිත් දැනට අවුරුදු දහ…

මුලින්ම කියන්න ඕනේ, මේ Film එකට මම Subtitles දැම්මේ දැන් අවුරුදු ගාණකට කලින්. ඒ නිසා අඩුපාඩු නම් සෑහෙන්න ඇති… ඒකට ඉතින් කරන්න දෙයක් නෑ… පුලු පුලුවන් විදියට ආපහු Sub එක Edit කරලා ‘බයිස්කෝප්’ එකට දෙන්න තීරණය කළා…

දැන් ඉතින් තෙලිඟු සිනමාවත් හොඳ මට්ටමක තියෙනවා නේ… මේ චිත්‍රපටය නම් ඇවිත් දැනට අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් කතාව සුපිරියක්… මම නම් ඒ ආපු මුල්ම කාලේ අහම්බෙන් හම්බෙලා (කොහෙන් හම්බුණා ද කියලා සිරාවටම මතක නෑ…🤔) බැලුවේ… ඒ මං ආසම කපල් එකක් Rana Daggubati සහ Ileana D’Cruz මේ චිත්‍රපටියේ රඟපාන නිසා…

2011 දි තමයි චිත්‍රපටය තිරඟත වෙලා තියෙන්නේ. Puri Jagannadh විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. IMDb දර්ශකයෙ නම් අගය 5 යි. කලින් කිව්වා වගේ Rana Daggubati (අභී) සහ Ileana D’Cruz (මීනාක්ෂි) තමයි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ. පුරා පැය 2 කුත් මිනිත්තු 20 කුත් චිත්‍රපටය ගලාගෙන යනවා. මමත් ඇතුළුව ගොඩාක් අය ආස කරන විදියේ Romance & Action ටයිප් එකේ චිත්‍රපටියක්…

මේක ටිකක් අමුතුම කතාවක්… ඒ කියන්නේ වෙනස්ම විදියෙ කතාවක්… කුළියට මිනී මරණ කොල්ලෙකුයි, සියදිවි හානි කරගැනීම් Video කරලා YouTube upload කරන කෙල්ලෙකුයි වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ දෙන්නාටම මේ වගේ දේවල් කරන්න ලොකු අතීත කතා දෙකක් හේතු වෙලා තියෙනවා… ඒ මොනවා ද කියලා මං ඉතින් කියන්න යන්නෙ නෑ. ඒක චිත්‍රපටිය බලලා ඔයාලා දැනගන්න…

සල්ලි වලට මනුස්සයෙක්ව මරන එක වත්, කෙනෙක්ට සියදිවි හානි කරගන්න අනුබල දෙන එකවත් මම නම් හොඳයි කියන්නෙ නෑ… ඒත්, මේ චිත්‍රපටය ඒ දේවල් ගැන වෙනස්ම කෝණයකින් අලුතින් හිතන්න අපිව පොළඹනවා කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා…

බැරිමරගාතේ මං මේකෙ තිබ්බ සිංදු වලටත් Sub දාලා ඒ කාලේ. ඒවාත් එහෙම්පිටින්ම තිබ්බා. වෙනස් කරන්න ගියේ නෑ… එහෙනම් ඉතින් කතාව ඔයාලාට භාරයි… බලලා අදහස් එහෙම පහතින් Comment කරගෙන යන්නකෝ… ඒ වගේම මගේ උපසිරැසිය ගැනත් අදහස් දැනගන්න කැමතියි…

Film එකෙන් අරගත්තු මේ කොටසත් එක්ක මම එහෙනම් නවතිනවා… තවත් මේ වගේ ලස්සන චිත්‍රපටයකින් හමුවෙන්නම්….🤗

“මිනිස්සු කියනවා සියදිවි හානි කරගැනීම වැරැද්දක් කියලා.
ඒත් කවුරුවත් හිතලා තියෙනවා ද ඇයි මිනිස්සු සියදිවි හානි කරගන්නේ කියලා?
හැමෝම කියන්නේ බයගුල්ලො තමයි සියදිවි හානි කරගන්නේ කියලා.
ඒත් ඔයාට මැරෙන්න ධෛර්යයක් තියෙන්න ඕනේ.
ජීවිතයට ආදරය කරන අයටම තමයි සියදිවි හානි කරගන්නත් පුලුවන් වෙන්නේ…”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස HDRip පිටපත් සඳහා අදාළ වේ.

1,569 downloadsDownload Nenu-Naa-Rakshasi-2011.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “RuuSha” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-05-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles by

RuuSha

Subtitles

1,569 downloadsDownload Subtitles42 KB

16 comments

  1. DILmin

    Sub ekata Thanks! පුළුවන් නම් Vijay Deverakondage " Nuvvila" film එකටත් Sub දෙන්න ..

  2. sameera

    film eke link eka dannko

  3. Tharaka

    Thanks for sub sis...
    Jayen jayama wewa..!!!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. මයිකි

    Thanks පරන තව එවා තියෙනවා නම් සබ් දෙන්න. බොහොම ස්තුතියි

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Hirusha

    Ko bn film eka

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. w m c subhash

    film eke link eka na download krganna

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. indika75

    thanks..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Anonymous

    sub ekata thanks ..
    baiscopedownloads.co eke
    Me film eke link eka na..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.