“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?” ඔය වගේ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන් නේද ෆිල්ම් එකේ නම බැලුවමයි, පෝස්ටර් එක දිහා බැලුවමයි. ඔව් ඔන්න අද අරන් ආවා එහෙනම් ඇලඩින් කතාවේ චයිනීස්-ඇනිමේටඩ් වර්ශන් එකක්. කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක ක…

“සිතුම් පැතුම් ඉටු කරන මකරෙක්? ඇලඩින් වගේ කතාවක්ද මේ?” ඔය වගේ ප්‍රශ්නයක් ඔයාලට එන්න පුළුවන් නේද ෆිල්ම් එකේ නම බැලුවමයි, පෝස්ටර් එක දිහා බැලුවමයි. ඔව් ඔන්න අද අරන් ආවා එහෙනම් ඇලඩින් කතාවේ චයිනීස්-ඇනිමේටඩ් වර්ශන් එකක්. කතාව සරලයි. වරයන් ඉල්ලුවම ඒවා ඉෂ්ට සිද්ධ කරල දෙන මකරෙක්. ඒත් ඇලඩින්ගේ කතාවම පාදක කරගෙන නිර්මාණය කරපු දෙයක් නම් නෙවෙයි. මොකද එහෙම චිත්‍රපටයක් ගැහුවා කියල ඇති වැඩකුත් නෑනේ. මේක වෙනස්ම දෙයක්. සරල කතාවක්, හුරතල් ආදරයක්, ඇස් දෙකට සනීප විශුවල් ටිකක්. ඔන්න ඔච්චරයි මම කියන්නේ, කැමති නම් අරගෙන බලන්න. හැබැයි පස්සේ ලස්සන චිත්‍රපටයක් නේද මිස් කරන් තියෙන්නේ කියල අඩාගෙන එන්න එපා. මේ චිත්‍රපටය ඇලඩින් සිනමා පටයෙන් වෙන් කර හදුනා ගන්න පුළුවන් වෙන්නේ සමකාලීන ශැංන්ගාහායි නුවර පසුබිමකිනුයි, ළමා කාළයේ සිට යහළුවන්ව ඉද ප්‍රේමයකට නැඹුරු වෙන ගැහැණු ළමයෙකුයි පිරීමි ළමයෙකුයි. ඔන්න ඔය හේතු දෙක කතාව සම්පූර්ණයෙන්ම ඇලඩින් කතාවත් එක්ක වෙන් කරල හදුනා ගන්න පුළුවන්.
Chris Appelhans, ඇමරිකානු නිදර්ශකයෙක්, නිර්මාණකරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මොහු තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ. වැඩි ප්‍රසිද්ධියක් නැති, විශිෂ්ට ගණයේ කලාකරුවෙක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටය ගැන කිව්වොත්, මේක මුලින්ම නිෂ්පාදනය කරල තියෙන්නේ Base Animation ආයතනය විසින්. මෙම ආයතනයේ ප්‍රධාන අරමුණ වුණේ, “චීනයෙන් නිර්මාණය කෙරූ ලෝකෙම පිළිගත් ඇනිමේශන්, චීනයටත් මුළු මහත් ලෝකයටත්..” යනුවෙනුයි එයාලගේ එකම අභිප්‍රාය වුණේ. අධ්‍යක්ෂක ක්‍රිස් ඇපල්හන්ස්ට වුවමනා වෙලා තිබුණේ චිත්‍රපටය චීනය තුළම නිෂ්පාදනය කරන්නත්, ඒ වගේම චීනයේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් එක්කාසු කරගෙන, ඒ වගේම ජාත්‍යන්තර ගණයේ නළු නිළියන් එකතු කරගෙන, සමකාලීන චිනයේ බලාපොරොත්තු හා හීනයන් වටා ගෙතුණු චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. චිත්‍රපටය මුලින්ම චීනයේදී තිරගත කළා, ඒ 2021 ජනවාරි මස 15වෙනි දින. ඒ වගේම මේක ලෝකය පුරා බෙදාහරින්න 2021 ජුනි මස 11 වෙනි දින Netflix ආයතනය හරහා ස්ට්‍රීම් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මේ චිත්‍රපටයේ චීන හඩකැවීම් සදහා ජැකී චෑනුත් එකතු කර ගෙන තියෙනවා. ඒ වගේම මෙම චිත්‍රපටය ලොව පුරා සිනමාගත කළ දින, ඩොලර් $7,100,000ක්ද, මෙතෙක් වෙනකම් සිනමා ගත කිරීමෙන් $25,860,000ක් මුදලක් හොයාගෙන තියෙනවා.
ඉතින් එහෙනම් ආරාධනා කරනවා 2021 වර්ශයේ නිකුත් වුණු තවත් සාර්ථක ඇනිමේශන් චිත්‍රපටයක් නරඹන්න එන්න කියල. බලමු මොකක්ද මේ ප්‍රාර්ථනා මකරට වෙන්නේ? ඒ වගේම මේකේ ඉන්න දුප්පත් කොල්ලට එයාගේ ආදරය හම්බවෙයිද? හැම චිත්‍රපටයකම වගේ ලස්සන අවසානයක් වෙයිද කියල. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් හම්බවෙනකම් ගිහින් එන්නම්.😊

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
13,570 downloadsDownload Wish-Dragon-2021.zip137 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
19 comments
malith madhushan
BLA©K TIGE®
සබ් එකට ගොඩාක් ස්තූතියි!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.
සහෝ පුළුවන්නම් මේ දෙකටත් සබ් දෙන්න බලන්න
L.O.R.D: Legend of Ravaging Dynasties (2016)
L.O.R.D: Legend of Ravaging Dynasties 2 (2020)Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
indika75
thanks..
Pramod
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට ජය වේවා. Animation එකක් එනකන් බල බල හිටියෙ.
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Ishira
thank thanks තැන්ක්ස්
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Ruchira
Thanks for the sub!!!!!
Ruchira
Wow
Sandeep
Thanx saho sub ekata..✌️
Anonymous
Aiya luca kiyala lagadi daapu animation movie ekath one
dasun
ඒල ඒල pixar luca ෆිලම් ඒකටත් සබ් දෙන්න
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!MAALNATH
Thanks.........good luck.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අම්මෝ පසිදු මලේ බොහොම ස්තුතියි සබ් එකට මේක දෙනකන් හිටියේ දැන්ම බලනවා