ආයුබෝවන් යාළුවනේ ගෙදරට වෙලා නිවාඩු දවස් කීපයක් ගතවෙන එකේ හිතුවා උපසිරැසියක් ගේන්න ඕනෙ කියල. මේ වතාවේ නම් හොයාගන්න හම්බවුණේ 6.4 ක IMDb අගයක් තියෙන Comedy, Drama ගණයට අයත් Kathir, Soori රංගන දායකත්වය ලබාදෙන පැය 1 කුත් විනාඩි 48ක් පුරා දිවෙන 2021 අප්‍රේල් මස 11 වන දින තිරගත වීම ආරම්භ කරන ලද චිත්‍රපටයක…

ආයුබෝවන් යාළුවනේ ගෙදරට වෙලා නිවාඩු දවස් කීපයක් ගතවෙන එකේ හිතුවා උපසිරැසියක් ගේන්න ඕනෙ කියල. මේ වතාවේ නම් හොයාගන්න හම්බවුණේ 6.4 ක IMDb අගයක් තියෙන Comedy, Drama ගණයට අයත් Kathir, Soori රංගන දායකත්වය ලබාදෙන පැය 1 කුත් විනාඩි 48ක් පුරා දිවෙන 2021 අප්‍රේල් මස 11 වන දින තිරගත වීම ආරම්භ කරන ලද චිත්‍රපටයක්. Soori ගැන හැමෝම දන්නවනෙ, මෑත කාලයේ Comedy වලට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. kathir ගැන කියනව නම් ඉතින් තාම චිත්‍රපට 10ක් වගේ ප්‍රමාණයකට තමයි දායක වෙලා තියෙන්නෙ. ඔයාලට මතක නම් JADA (2019), SATHRU (2019) මේ චිත්‍රපට දෙකට මම උපසිරැසි අරගෙන ආවා. මිත්‍රත්වය, සහෝදරත්වය, ආදරය අතර දෝලනය වන පවුලේ කතාවක් විදියට තමයි මේ සලරුව හදුන්වන්න පලුවන්.
අරිවුයි අන්බුයි, අයිය මලෝ. මල්ලි පොඩි කාලේ ඉදලම දඟයා, අයියට කවුරු හරි ගැහැව්වොත් ඒකට මල්ලි තමයි රිටන් එක දෙන්නෙ. කාලයත් එක්ක වැඩිවියට පැමිණිලා අයියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රස්සාවක් කරගෙන ගියා ගමේම කාර්යාලයක. අරිවු චෙන්නෙයි වල අයි.ටී. සමාගමක රස්සාවක් කළේ. අම්මගෙ වැඩේ වුණේ මේ දෙන්නව බන්දල දීල නිදහස් වෙන්න. අන්බුට මනාලියෝ බැලුවත් අන්බු එකකටවත් කැමති වෙන්නෙ නෑ, මොකද අන්බු ආදරේ කරපු කෙල්ලට වෙන කෙනෙක්ව බැදගන්න සිද්දවුණ එකට අන්බු කළකිරීමෙන් හිටියෙ. ඒකට හේතුව වුණෙත් මල්ලි කෙනෙක් එක්ක ගහගෙන පොලිසි ගිහින් එයාව බේරගන්න සිද්දවුණ නිසා. මේ සිද්ධිය නිසා අන්බු මල්ලි එක්ක වැඩි හිත හොදකින් නෙමෙයි හිටියෙත්. කොහොම හරි අම්මගෙ පෙරැත්තය නිසාම අන්බු කසාදයක් කරගන්න කැමති වෙනවා. අම්මා සන්තොසයෙන් අරිවුටත් එන්න කියනව මංගල්‍යයට කලින්. ගෙදර ඇවිල්ල බලපුවාම තාත්තා පැත්තක අයියා පැත්තක මූණෙ තැලීම් එක්ක, මොකද කියල අහල බලද්දි අයියගෙ කසාදය නැවතිල මනාලිගෙ අයියා මෙයාට ගහපු එකට තමයි මූණත් තැලිල තිබ්බේ. පහුවදාම අරිවු අයියට ගහපු කෙනාව හොයාගෙන ගිහින් නෙලල එනව. මේ ගැන අයියයි මල්ලි බැනගෙන අරිවු චෙන්නෙයි යන්න පිටත් වෙනව. පස්සෙන් යාළුවෝ දෙන්න ඇවිත් නවත්තන්න බැලුවත් අරිවු නවතින්නෙ නෑ. හදිස්සියේම දකිනව අරිවු ගමට ආපු දවසෙ බස් නැවතුමේදි අරිවුට බැනගෙන බැනගෙන ගිය කෙල්ලව. ඉතින් කොහොමින් හරි මේ කෙල්ල නිසා අරිවු ආපහු ගෙදර යනව. ඊට පස්සෙ අරිවු යාළුවෝ දෙන්නත් එක්ක අයියගෙ කසාදය නවතින්න හේතුව හොයන්න පටන් ගන්නව. එහෙනම් ඒ විස්තරේ ඇතිනෙ…
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTVRip පිටපත් සඳහා අදාළ වේ.
6,956 downloadsDownload Sarbath-2021.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
16 comments
නිර්මාල් විමුක්ති
Anonymous
Sunflower hindi series ekata sub denna puluwn nm
BLA©K TIGE®
සබ් එකට බොහෝම ස්තූතියි සහෝ!
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
sub ekata thank you.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!thushara priyanka
sub eka set wenne na machoo
Anonymous
Plz Sub Update to HD RIP Qualities
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Achi
බොහොම ස්තුතියි ආ සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udaya Fdo
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
බොහොම ස්තූතියි උපසිරසියට සහෝ....