මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ආවා! පෞද්ගලිකව මමනම් එනකම් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියක්. එකපාරම ඔන්න බ්ලූරේ පිටපතකුත් ආව නිසා හැමෝටම ලස්සනට බලන්න පුළුවන්. :-). ජූලි මස 27වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට imdb 6.9ක ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Adventure, Crime,Thriller…

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ආවා! පෞද්ගලිකව මමනම් එනකම් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියක්. එකපාරම ඔන්න බ්ලූරේ පිටපතකුත් ආව නිසා හැමෝටම ලස්සනට බලන්න පුළුවන්. :-). ජූලි මස 27වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට imdb 6.9ක ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Adventure, Crime,Thrillerයන කාණ්ඩයන්ට. ඒවගේම මේකේ Romance ගතියකුත් තියෙනවා ඈ..කතාවේ ප්‍රධාන චරිත වන “වී” සහ “ඉයන්” ලෙස රංගනයෙන් දායකවෙන්නේ පිලිවෙලින්, සුරූපි නිලි Emma Roberts සමගින් සුපිරි නළු Dave Franco.එහෙනම් කතාව ගැන බලමු.
කතාවේ නම Nerve.Nerve කියන්නේ, දන්න සිංහලෙන් කිව්වොත් ඔන්ලයින් ගේම් එකක්. :-). මේ ගේම් එකේ එහෙම නැත්තන් මේ ක්‍රීඩාවේ දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් නරඹන්නන්, අනෙක් පිරිස ක්‍රීඩා කරන්නන්. නරඹන්නන් මේක නරඹන්න මුදල් ගෙවන්න ඕනේ. එතකොට ක්‍රීඩා කරන්නන් ජයග්‍රහණය කරන්න ක්‍රීඩා කරන්න ඕනේ. ක්‍රීඩකයන්ට කරන්න තියෙන්නේ ලැබෙන අභියෝග බාරගෙන ඒවා කරන එක. නිකන් නෙමේ, ඔවුන්ට ඉදිරියට යන්න යන්න ලැබෙන ත්‍යාග මුදලත් වැඩියි. මුදල් එවෙලේම ඔවුන්ගේ ගිණුමේ තැන්පත් වෙනවා. ඒවගේම නරඹන්නන් තමයි ක්‍රීඩකයන්ට ලබාදෙන අභියෝග තීරණය කරන්නේ. නරඹන්නන් වැඩියෙන්ම ඉන්න ක්‍රීඩකයන් දෙදෙනා අවසන් තරගයට තේරී පත්වෙනවා. ඒ නිසා හැම ක්‍රීඩකයෙක්ම උත්සහ කරන්නේ නරඹන්නන් ලබාදෙන හැම අභියෝගයක්ම කරලා නරඹන්නන් පිරිස වැඩිකරගන්න. මේ ක්‍රීඩාවට නීති 3ක් තියෙනවා. ඒවා තමයි, එක, ක්‍රීඩකයගේ දුරකතනයෙන් හැම අභියෝගයක්ම පටිගත කරන්න ඕනේ. දෙක, තරගයෙන් ඉවත්වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි අසාර්ථක වීම හෝ කැමැත්තෙන් තරගයෙන් ඉවත්වීම. තුන, මේ තරගය ගැන කාටවත් හෙලි කරන්න බෑ. උදාහරණයක් විදියට පොලීසියට.මොකද මේක නීත්‍යානුකූල තරගයක් නෙමේ. ඉතින් ඕවා තමයි මේ Nerve කියන ක්‍රීඩාවේ විස්තර. කතාව ගැනත් කෙටියෙන් හදුන්වන්නම්.
වී කියන්නේ එයාගේ අම්මත් එක්ක ජීවත්වෙන ටිකක් දුප්පත් පවුලක තරුණ කෙල්ලෙක්. ඒවගේම මෙයා වැඩිය සමාජශීලී නැති චරිතයක්. මෙයාගේ හොදම යාළුවෙක් ඉන්නවා සිඩ්නි කියලා. එයත් මේ Nerve ක්‍රීඩාව කරන කෙනෙක්. ඉතින් මේ ක්‍රීඩාව ගැන සිඩ්නි විස්තර කියද්දී වී ට නම් මේ ගැන කිසිම පැහැදීමක් ඇතිවෙන්නේ නෑ. එතකොට සිඩ්නි කියනවා වීට “අවදානමක් ගන්නත් පුරුදුවෙන්න”,”ජීවිතය ජීවත්වෙන්න”…ඔය වගේ එක එක කතා. දන්නවනේ. ඉතින් මෙතනදී මීට වඩා ලොකු දෙයකුත් සිද්ධවෙනවා වී අසරණ වෙන විදියේ. ඒ දේ මොකක්ද කියලා මං කියන්නේ නෑ. ඉතින් ඒ හේතුව නිසා ඇතිවෙන දුකටත්,කේන්තියටත් එක්ක වී තීරණය කරනවා Nerve ක්‍රීඩා කරන්න. ඉතින් ඔතනින් පස්සේ තමා වැඩේ.:-) වී ට ලැබෙන පලවෙනි අභියෝගය තමා “අදුරන්නේ නැති කෙනෙක්ව තත්පර 5ක් කිස් කරන එක”. ඉතින් මෙතනදී තමයි වී අහඹු විදියට මේ වැඩේට ඉයන්ව තෝරගන්නේ. පස්සේ වී ට දැනගන්න ලැබෙනවා ඉයනුත් Nerve ක්‍රීඩාව කරන කෙනෙක් කියලා. ඉතින් මෙතනින් පස්සේ මේ දෙන්නටම එකට කරන්න අභියෝග ලැබෙනවා.හැබැයි පස්සේ තමයි වීට තේරෙන්නේ එයා පැටළුනේ ලොකු අවුලක කියන එක. ඉතින් මෙයාලට ලැබෙන අභියෝග මොනාද? කතාවේ ඉදිරියට මොනාද වෙන්නේ? කියන ඒවා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. මීට වඩා හොදට මේකේ ලිපිය ලියන්න තිබුනා කියලත් හිතෙනවා. කොහොමත් මං ලිපි ලියන්න නම් වැඩිය දක්ෂ කෙනෙක් නෙමේ. කොහොමවුනත් කියන්න තියෙන්නේ මේක පටන්ගත්ත වෙලාවේ ඉදන් අවසානය දක්වාම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කතාවක්. ඒ නිසා තාමත් මේක බලන්න හිතෙන්නේ නෑ වගේ නම් අඩුමගානේ මේකේ ට්‍රේලර් එක අරගෙන බලන්න.ඔයා අනිවාර්යෙන්ම කතාව නරඹයි. එහෙනම් තවත් නිර්මාණයකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Nerve.2016.720p.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,961 downloadsDownload Nerve-2016.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
33 comments
Shammi Sandaruwan
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි සහෝ සබට...පට්ටම කතාවක් වගේ....
(උපසිරැසියට අදාලම වීඩියෝ පටය ඩිරෙක්ට් බාගත කිරීමට directmvs ලෙස ගූග්ස්ල්හි සෙවුමක් කර එම ලොග් අඩවියට ඇතුලුවී එහි සර්ච් කිරීම මගින් ලබාගන්න…)ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සබ් එකට සහෝ
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Gathsara Umesh Kumara
Direct Download-https://goo.gl/IfOhuO
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴wooobox
Thanks for the sub file. How about making subs for Wild Oats & Certain Women
Global
ගොඩක් ස්තුතියි සහෝ...ඔබට ජයම වේවා..!
Ranuka Gooneratne
Thanks bro .......
yeshu
tnx
Ravindu Rukshan
thx bn sub ekata
lakshan
ගොඩක් ස්තුතියි සහෝ
mithun
බලන්නම ඔනෙ උදෙ දැක්කෙ මෙක බ්ලුරෙ තියෙනව හවස සයිඩ් එකෙ බලද්දී සබ් එකත් දිල සතුටුයි සිංහල උපසිරැසි ගැන්නුවට
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
සබට ස්තූති ලොක්කා! කෝ දෙනවා කිව්ව xXx series එකේ දෙවැනි එක. ඒකත් දුන්නනම් තමා වටින්නේ bro!
ජය!Shnaka
tnxx bro sub ektaaaaaaaa
Lushan Kuruppu
Thank you bro...!!!
Anushka Sanjuna
thanks mcn...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Indika
THX BROO
අසිත
denakam hitiye
elama saho thanksNikomoto
Ai me raata downloads aul yanne meke? Film eka download karanna puluan sub eka gannawata wada ikmanin
Tharindu Dhananjaya
Subtitle download link doesn't work.
Nishan
Thanx bro..
madu
Thank you!!!
Niky
thanks bro..!!
krishan
මේ sub එක එනකම් බලන්හිටියෙ. Thanks
Nishan
Thanx bro
desh
bohoma pin me karana wadeta
kent parker
thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Shaggy
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks buddy.. keep it up