Watch Trailer

Never Let Go (2024) Sinhala Subtitles | අඳුරු යක්ෂයෙකුට එරෙහි මව් සෙනෙහස [සිංහල උපසිරැසි]

Never Let Go (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම කොහොමද ඉතිං? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ඔයාලට අරගෙන ආවේ සුපිරි හොරර් ෆිල්ම් එකක්. මේක මම කලින් වෙන් කරගෙන තිබුන නිසා වෙබ් කොපි ආපු ගමන් ඔයාලට දෙන්න සූදානම් කරගෙන හිටියේ. ඉතිං හොල්මන් ෆිල්ම් බලන්න ආස යාළුවෝ හැමෝම මේකට කැමති…

Never Let Go (2024) CoverNever Let Go (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම කොහොමද ඉතිං? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වතාවේ මම ඔයාලට අරගෙන ආවේ සුපිරි හොරර් ෆිල්ම් එකක්. මේක මම කලින් වෙන් කරගෙන තිබුන නිසා වෙබ් කොපි ආපු ගමන් ඔයාලට දෙන්න සූදානම් කරගෙන හිටියේ. ඉතිං හොල්මන් ෆිල්ම් බලන්න ආස යාළුවෝ හැමෝම මේකට කැමති වෙයි කියලා හිතනවා. එහෙනම් කතාව ගැන කියන්න කලින් මේ චිත්‍රපටයේ තොරතුරු ටිකකුත් ඔයාලට කියලා ඉන්නම්.

Never Let Go ෆිල්ම් එක මේ වෙද්දි 5.7ක IMDb අගයක් ලබාගෙන තිබෙනවා. Horror /Thriller/ Suspense යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Crawl (2019), The Hills Have Eyes (2006), Mirrors (2008) වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Alexandre Aja මහත්මයා විසින්. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ ඉතා සීමිත නළු නිළි කැලක් බවත් කියන්න ඕන. හොලිවුඩයේ සිටින දක්ෂතම නිළියක් ලෙස සැලකෙන, Catwoman (2004), The Call (2013), Gothika (2003), නිර්මානයන්ගෙන් මෙන්ම X-MEN සිනමා විශ්වයේ ස්ටෝර්ම් ලෙස ජනාදරයට පත් Halle Berry විසින් ප්‍රධාන චරිතය හොබවනවා. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2024 සැප්තැම්බර් මස 20 වෙනිදා. ඒ වගේම වෙබ් පිටපත් නිකුත් උනේ ඊයේ කියලත් ඔයාලට මතක් කරන්න ඕන.

සැමුවෙල් සහ නෝලන් කියන්නෙ ඈත පිටිසර කැලයක් මැද නිවසක තමන්ගේ අම්මා එක්ක තනියම ජීවත් වෙන නිවුන් දරුවෝ දෙන්නෙක්. මෙයාලා උපන් දවසේ ඉඳන් තමන්ගේ අම්මා හැර වෙන කිසිම මනුස්සයෙක්ව දැකලා නෑ. මෙයාලගේ අම්මා කියන විදියට දැන් එළියේ ලෝකයක් ඉතුරු වෙලා නෑ ඉන්න හැමෝමවම “නපුර” විසින් අල්ලගෙන විනාශ කරලා තියෙන්න. මොවුන්ව ආරක්ෂා කරන්න පුළුවන් තමන්ගේ නිවසට විතරයි කියලා අම්මා හැමදාමත් අවධාරණය කරනවා. ඒ නිසා මෙයාලා නිවසින් පිටවෙන හැමවෙලාවකම නිවසට සම්බන්ධ කරපු ලණුවක් තමන්ගේ ඉන වටේ ඔතාගෙන තමයි යන්න ඕන. නැත්තම් එළියේ ඉන්න නපුර මෙයාලව අල්ලගෙන නිවස විනාශ කරන බව අම්මා කියනවා. ඉතිං මේ ප්‍රශ්නේ නිසා මෙයාලට ඉතා සීමිත දුරක් තමයි යන්න එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ආහාර සපයා ගැනීමේ ප්‍රශ්නත් මෙයාලට ඇති වෙනවා. දිනෙන් දින සිද්ධ වෙන දේවල් එක්ක පුංචි නෝලන්ට තමන්ගේ අම්මා කියන දේවල් පිළිගන්න අමාරු වෙනවා. ඒත් සැමුවෙල්නම් අම්මා කියන හැමදේම හිස් මුදුනින්ම පිළිගන්න කීකරු ළමයෙක් විදියට තමයි ඉන්නේ. ඉතිං මේ දෙන්නගෙන් කවුද නිවැරදි? මේ හැමදේම මායාවක්ද? නැත්තම් “නපුර” ඇත්තටම තියෙනවද? පටන් ගැන්මේ ඉඳන් අවසානය වෙනකන්ම මේ ප්‍රශ්න අතර ඔයාලව දෝලනය කරන බව මම සහතික වෙනවා. වැඩි කතා ඕන නෑ ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න ඕනනම් ඔයාලත් දැන්ම උපසිරසිය බාගන්න. එහෙනම් ඉතින් මමත් ගිහින් එන්නම්. මේ ෆිලුම මට වෙන් කරලා දුන්න Naveen Mbr සහෝටත්, රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

Never Let Go (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,296 downloadsDownload Never-Let-Go-2024.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Let Go (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,296 downloadsDownload Subtitles27 KB

4 comments

  1. Bimsara Yashan (ඔලිව)

    සුපිරියක් තමා සහෝ ආපු ගමන්ම දීලානේ. වෙලාවක අනිවා බලන්න ඕනෙ ෆිල්ම් එක. උපසිරැසියට බොහොම ස්තූතියි එහෙනම්. ජයවේවා!

  2. Chamikara Vidanage

    එලම තමා ඉතින්

  3. kaveen

    thank uou.

  4. Buddhika laKMal

    ස්තූතියි යුරාන් ධනුක සහෝ උපසිරැසියට