Watch Trailer

Never Look Away AKA Werk ohne Autor (2019) Sinhala Subtitles | සිත්තරා අහිමි සිතුවම් [සිංහල උපසිරසි සමඟ]

ගෙවී ගිය හැම වසන්තයකම අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා… ආගිය නොගිය හැමතැනකම මමත් ඇවිදලා තිබුනා… මම එක්ක මම තනි උන එක නිමේශයක මට මාවමත් අහිමි වෙලා තිබුනා… දකින්න පාර නොපෙනෙන පෙනෙන නොපෙනෙන ඉමක අත වනන මගේම චායාව මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා… එක එක හීන දකින්න පාට පාට හීන දකින්න නේක පාට සිතුවම්…

ගෙවී ගිය හැම වසන්තයකම
අවසානෙ ග්‍රීශ්ම ඉඩෝරයක් තිබුනා…
ආගිය නොගිය හැමතැනකම
මමත් ඇවිදලා තිබුනා…
මම එක්ක මම තනි උන එක නිමේශයක
මට මාවමත් අහිමි වෙලා තිබුනා…

දකින්න පාර නොපෙනෙන
පෙනෙන නොපෙනෙන ඉමක අත වනන
මගේම චායාව
මාවම ඉමක් නැති මිරිඟුවක තනි කරල තිබුනා…

එක එක හීන දකින්න
පාට පාට හීන දකින්න
නේක පාට සිතුවම් අදින්න
ආස කරපු මම
අද කලු පාටටම ඇබ්බැහි වෙලා…

පාට පෙට්ටියෙ හැම පාටක්ම ගිල ගත්තු
කලු පාටට
මගේ හිත තව තවත් ඇබ්බැහි වෙලා…
මේක කළාව නම්
ජීවිතය කලු පාට නම්
අවසානය නොපෙනෙන ඉමක් නම්
මිරිඟුවටම පෙම් බඳින
ඒ මිනිස්සු අස්සෙ
කලු පාටට දිය වෙලා
කලු පාටට සැඟවිලා
විඳින විඳවන ජීවිත අස්සෙ
තනියම විඳින්න
මට මගේ ජීවිතය විතරක්
අවසානෙ ඉතිරි වෙලා….
( උපුටා ගැනීමකි )

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Irishman (2019) පාතාලයේ සොල්දාදුවා… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

පහුගිය අවුරුද්දෙදි පැවැත් උන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා සිනමා සිත්තම වෙනුවෙන් ලෝකෙ වටේම රටවල් වල නිර්මාණය උන දස දහස් ගනනක සිනමා පට අතුරින් මෙක්සිකෝව නියෝජනය කරමින් ඉදිරිපත් උන Roma සිනමා සිත්තම ජයග්‍රහණය ලබා ගද්දී පෝලන්තය නියෝජනය කරමින් Cold War, ලෙබනනය නියෝජනය කරමින් Capernaum, ජපානය නියෝජනයි කරමින් Shoplifters සහ ජර්මනිය නියෝජනය කරමින් Never Look Away යන සිනමා නිර්මාණයන් අවසන් වටයට නිර්දේශ උන අනෙකුත් නිර්මාණ බවට පත් උනා. ඔබ ඔය අතුරින් එකම සිනමා පටයක් හෝ නරඹලා තියෙනවා නම්, ඔබ දැනටමත් ඒ හැම සිනමා සිත්තමක්ම එකිනෙකට නොදෙවෙනි විශිෂ්ටත්වයකින් යුක්ත බව  දන්නා නිසාම මේ ලිපිය කියවන එක නතර කරලා සබ් එක බා ගනීවි. නමුත් තවමත් ඒ නිර්මාණයන් රසවිඳ ගන්න බැරි උන කෙනෙක් ඉන්නවා නං තවත් ප්‍රමාද වෙන්න එපා. ඒ වගේම තවත් දෙයක්, මේ සිනමා සිත්තම ඒ වසරේදී ඔස්කාර් සම්මාන 2කට නිර්දේශ උනා වගේම ඒ වසරේදීම ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදීත් හොඳම විදේශ භාෂා සිනමා සිත්තම වෙනුවෙන් වූ සම්මානයට නිර්දේශ වෙනවා.

උමතු ජර්මානු වෛද්‍යවරෙයෙක්…
හදිසියේ රෝගී වූ සුන්දර යුවතියක්…
ලොවට සැඟවුණු මහා අපරාධයක්…
සැඟව සිටි නාසි හමුදා නිලධාරියෙක්…
අපරාධ කරුවන් හඹා ගිය රුසියානූ හමුදා නිළධාරියෙක්…
කළාව සොයා ගිය තරුණ චිත්‍ර ශිල්පියෙක්…
අහඹු ලෙස තෝරාගත් චායාරූප පෙළක්…
බොඳව ගිය සිතුවම් පෙළකින් කී අතීතයේ කතාවක්…

IMDb දර්ශකයේ 7.7 ක් වගේම rottentomatoes දර්ශකයේ 77%ක් ලබා ගත් ලොවපුරා සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් නිර්දේශවීම් 20ක් හා සම්මාන 5ක් දිනාගත් මේ සිනමා සිත්තම රසනොවිඳි දෑසක් කුමට…? මම මේ සිනමා
සිත්තමේ කතාව වැඩිය නොකියා ඉන්නම්, මොකද මම හැමදාමත් කියනවා වගේම මේකත් නරඹලා මිස කියවලා රසවිඳිය නොහැකි සුන්දර සිනමා සිත්තමක්ම වන නිසා… ඒ වගේම කවුරු හරි කෙනෙක් අපෝ පැය 3ක්නේ කියලා මේ සිනමා සිත්තම රස නොවිඳ කලින් අත ඇරල දැම්ම නං, මේ නිවාඩු කාලෙ ආපහු බලන්න ගන්න මේක තමයි හොඳම වෙලාව. මොකද මේ සිනමා සිත්තම එක තැනක ඉදගෙන බොහොම නිවී සැනසිල්ලේ රසවිඳ ගන්න ඕනෙ ජාතියේ එකක්. මොකද ඒ පැය 3, දෙවන ලෝක යුද්ධය ආරම්භ විමට පෙර ජර්මනියේ සිට නාසීන්ගේ වියරු යුධ සමය පසුකර ගොස් අවසානයේ නැගෙනහිර සහ බටහිර ජර්මනිය ලෙසින් බෙදුන ජර්මනිය තෙක්ම දිව යන සොඳුරු චාරිකාවක්ම වන බැවින්. තවම ෆිල්ම් එක බලන්න හිතුනෙ නැත්තං ෆිල්ම් එකේ ට්‍රේල බලලම ඉන්න. වාසනාවන්තයෝ නරඹත්වා…!

අහක බලන්න එපා…,
කවදාවත්ම අහක බලන්න එපා…,
මොකද, ඇත්ත හැම දෙයක්ම හරිම ලස්සනයි…!

තවත් සුන්දර සිනමා සිත්තමක උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු…!
ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන අලුත්, පරන, භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් එහෙම තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්…. එහෙමත් නැත්තං [email protected] ඊමේල් ලිපිනය හරහා මාව දැනුවත්
කරන්න.

ස්තූතියි…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,513 downloadsDownload Never.Look_.Away_.2018.720p.BluRay.x264-CiNEFiLE.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,513 downloadsDownload Subtitles74 KB

32 comments

  1. Krishan NiShalya

    Thank you bro
    hamadamath wage supirima film walata sub denawata

    Good Luck ♥

    1. St tharuka

      Sub ekat thanks aiye

    2. හසිත මධුෂාන්

      ඔයාගෙ ඉල්ලීමත් අමතක නැහැ...

  2. malithmadhushan45

    බොහොම ස්තුතියි අයියේ 50ට ඉක්මනට යමු

    1. හසිත මධුෂාන්

      දැනටමත් අවුරුදු 3 පැනලා. තවත් සෑහෙන්න කල් යයි වගේ හැබැයි...

  3. MAALnath

    Thanks ............Good luck
    Isn't romantic 2019
    To all the boys 2018,2020 movie valatath sub denna

    1. හසිත මධුෂාන්

      Its Romantic ප්‍රියංකා චොප්රා හිටපු එක නේද? To all the boys ෆිල්ම් දෙකම තාම බාලා ළග තියන් ඉන්නවා බලන්න බැරි උනා. බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...

    2. Anonymous

      To all boys i love hoda movie series ekak saho, puluwan nan ikmanata sub denna

  4. LAKA

    x files season 8,9,11 sinhala sub denna puluwanda..

    1. හසිත මධුෂාන්

      මම දන්න විදියට නම් ඉදිරියේදී x files සීරීස් එකට සම්පූර්ණයෙන්ම සබ් ලැබේවි...

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සබ් එකට :) :) ..
    film එකක් නම් නෙවෙයි පුළුවන් නම් Cosmos: Possible Worlds කියන series එකට සබ් දෙන්න IMDb එකත් 9යි ගානක් හසිත සහෝ ඔයාට tv seriesවලට සබ් කරන්නෙ නැත්තං බයිස්කෝප් team එකේ ඉන්න කවුරුහරි පුළුවන් නම් මේකට සබ් කරන්න

    1. හසිත මධුෂාන්

      ටීවී සීරීස් වලට සබ් නොකරනවමත් නෙමෙයි සහෝ. කාලවේලාව මදි කම නිසා එකදිගටම එපිසෝඩ් ගනනාවක සබ් පිළිවෙලට දෙන්න අමාරු නිසයි ඒවායින් ටිකක් ඈත් වෙලා ඉන්නේ. මම මේක වෙන කෙනෙකුට දෙන්නම්.

  6. Anonymous

    super bro thanks..

  7. ජගන්නාථ

    හසිත නිර්දේශ කළ සිනමා කෘතියක් නොබලා සිටිය හැකිද? බොහොම ස්තූති .

    1. හසිත මධුෂාන්

      ඔබතුමාගෙ ඉල්ලීම් ටිකත් අමතක නැහැ. ඒවා ටිකක් නිදහසේ ඉදන් හදන්නයි තියන් හිටියේ. ඉක්මනින්ම දෙන්නම්...

  8. Suranjan

    Thanks jayawewa......!

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  10. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  11. Hassy

    අහම්බෙන් හොද ෆිල්ම් එකක sub එකක් දැක්කොත් ඒක හසිත මධුශාන් කරපු එකක්.. thanks අපිව ලෝකේ වටේ සවාරි එක්කන් යනවට. මම නම් ආසම වෙනත් රටවල් වල ෆිල්ම් වලටම තමා..

  12. Hassy

    !!අහම්බෙන් හොද ෆිල්ම් එකක sub එකක් දැක්කොත් ඒක හසිත මධුශාන් කරපු එකක්.. thanks අපිව ලෝකේ වටේ සවාරි එක්කන් යනවට. මම නම් ආසම වෙනත් රටවල් වල ෆිල්ම් වලටම තමා..!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  15. Wicki

    සිංහල උප සිරසට බොහොම ස්තූතියි

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  17. නිමල් දිසානායක

    ඊයේ රාත්‍රියේ මේ චිත්‍රපටය බලන්නට පටන් ගත්තේ ලිපියක් ලියන්නට තියෙද්දී, බාගයක් බලනවා කියලා හිතාගෙන. දිග ෆිලුමක් නිසා ඊළඟ කොටස දෙවනුව බලන්න. මොන?

    ඇත්තමයි හසිත, මට නම් වෙලාව යනවා දැනුනෙත් නැහැ; බාගයක් බලලා නවතින්න හිතුනෙත් නැහැ. දිගටම බැලුවා!

    හොඳ- නරක ගැන කියන්න තියෙන්නේ එච්චරයි.
    ඔයාට ගොඩක්-ගොඩාක් ස්තුතියි!

  18. Dewadithya

    Thanks for sub!

  19. Shamal manojan

    Silence 2016
    Casino 1995

    යන චිත්‍රපට දෙකට උපසිරැසි දෙන්න පුලුවන්ද සහෝ.

    Please....

    1. හසිත මධුෂාන්

      ඉල්ලීම අමතක නැහැ සහෝ...
      මේ දිනවල පෞද්ගලික ජීවිතයේ වගේම රැකියා ජීවිතයේත් අතිශය කාර්යයබහුල කාලයකුයි ගෙවන්නෙ. ඉඩක් ලැබුන ගමන්ම ඔය ඉල්ලීම් දෙකම ඉටු කරන්නම්.
      Casino (1995) කරන්න අතිශය අමාරු සබ් එකක්. කිසිම කෙනෙක් අත නොගහන්නෙ ඒකයි. ස්කෝසියෝගෙ මාෆියා ෆිල්ම් වලට සබ් කරන එක Godfellas (1996) සහ The Irishman (2019) සබ් දෙක කලාට පස්සෙ මමත් අත ඇරල දාලයි හිටියෙ ඒ උනත් මේ සබ් එක කරන්න උන පොරොන්දුව ඉටු කරන එක මගෙත් ඩ්‍රීම් එකක්. පුලුවන් ඉක්මනින්ම දෙන්නම්...

  20. Dhananjaya

    Perfect Strangers (2016 ) italiyan film ekata sub karala dennako pls...

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ, මටත් මග ඇරුන හොද ෆිල්ම් දෙකක් වගේ. බලලම කියන්නම් සහෝ...

  21. sam fisherr

    thams

  22. viraj

    thanks......