Watch Trailer

Tower Block (2012) Sinhala Subtitle | කුළුණක සිරවීම [සිංහල උපසිරැසි සමඟ]

කොරෝනා වෛරසය නිසා ගෙවල් වලට හිර වෙලා ඉන්න ගමන් කාලෙකට කලින් භාර ගත්ත අපූරු චිත්‍රපටියක් කරල ඉවර කරන්න හිතුන. ඉතින් අද මම මේ මගේ 20 වෙනි උපසිරසිය විදිහට අරගෙන එන්නෙ ත්‍රාසය, කුතුහලය පිරුණු ඒ අපූරු චිත්‍රපටය. අටුවා ටීකා මොකටද අපි පටන් ගමු.. මෙම චිත්‍රපටයට පසුබිම් වන ගොඩනැගිල්ල දෙවෙනි ලෝක යුද්ධයෙන් පස…

කොරෝනා වෛරසය නිසා ගෙවල් වලට හිර වෙලා ඉන්න ගමන් කාලෙකට කලින් භාර ගත්ත අපූරු චිත්‍රපටියක් කරල ඉවර කරන්න හිතුන. ඉතින් අද මම මේ මගේ 20 වෙනි උපසිරසිය විදිහට අරගෙන එන්නෙ ත්‍රාසය, කුතුහලය පිරුණු ඒ අපූරු චිත්‍රපටය. අටුවා ටීකා මොකටද අපි පටන් ගමු..

මෙම චිත්‍රපටයට පසුබිම් වන ගොඩනැගිල්ල දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු සාමාන්‍ය ජනතාවගේ පරිහරනය සදහා ඉදිකරන ලද්දක්. මේ ගොඩනැගිල්ලේ පදිංචිවෙලා ඉන්න පිරිස ඉහළ මාලයට පමණක් සීමාවෙලා තමයි ඉන්නෙ. ඒකට හේතුවත් ඔයාට චිත්‍රපටිය මුලදි දැන ගන්න පුලුවන්. ඉතින් සාමාන්‍ය ලෙස දවස ගෙවී ගෙන යන අතර තුර මේ ගොඩනැගිල්ලට ස්නයිපර් ප්‍රහාරයන් කිහිපයක් එල්ලවෙන්න ගන්නව. ඒකෙදි මේ ගොඩනැගිල්ලෙ ජීවත් වෙන පිරිස් එකා මත එකා මැරිල වැටෙන්න ගන්නව. මේකෙන් බේරෙන කීප දෙනෙක් මේ ගොඩනැගිල්ල ඇතුලෙ හිරවෙනව. ඉතින් මොවුන් පිරිස මේ උගුලෙන් ගැලවෙන්න යොදන උත්සහය තමයි මේ චිත්‍රපටය පුරාවට ගැබ්වෙලා තියෙන්නෙ.

IMDB 5.9 ක අගයක් ගැනීමට සමත් වුන මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදෙන්නෙ Unbroken(2014),’71(2014) වගේ ගොඩක් ජනප්‍රිය වුන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වුන අති දක්ෂ නළුවෙක් විදිහට නම් දරපු  jack O’ Conell. ඒ වගේම මේ Tower Block චිත්‍රපටිය 2012 වසරේ හොදම බ්‍රිතාන්‍ය චිත්‍රපටය විදිහටත් නම් වෙලා තියෙනව.

ඇයි මේ ගොඩනැගිල්ලට මෙහෙම ප්‍රහාරයක් එල්ලවෙන්නෙ, කවුද මේක පිටි පස්සෙ ඉන්නෙ, ඇයි මේ ගොඩනැගිල්ලෙ ඉහළ මාලයෙ විතරක් මිනිස්සු පදිංචිවෙලා ඉන්නෙ, මොවුන්ට පුලුවන් වෙයිද මේ ප්‍රහාර වලින් බේරිලා දිවි රැකගන්න. ඉතින් මේ ඔක්කෝම ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න ඕන නම් චිත්‍රපටිය මුල ඉදල බලන්න වෙයි. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලට අරගෙන එන පොරොන්දුවෙන් මම සමුගන්නව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

1,998 downloadsDownload Tower-Block-2012.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

1,998 downloadsDownload Subtitles34 KB

16 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  4. සාරු

    හොද පිලුමකට සබ හදල දීපු එකට ගොඩක් ස්තුතියි !

    දීල තියෙන ලින්ක් එකෙන් torrent පරික්ෂා කලා,
    ගොඩක් සයිට් වල මේකට seeds නැහැ.

    විසඳුමක් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි !

    1. baiscopelkishu

      saho.. baiscopdownloads site eken direct ganna puluwan

    2. සාරංග

      ස්තුතියි !
      handphone browser එකේ ගැටලුවක් නිසා , direct download කරනකොට,
      90 % ක් විතර ඩවුන්ලෝඩ් වුනහම, ඊට පස්සේ ඉබේම cancel වෙනවා .

      torrent වලදී එහෙම ප්‍රශ්නයක් නෑ.
      ඒ නිසයි ටොරන්ට් වලින් උත්සාහ කරන්න බැලුවේ.

      නැවත වතාවක් ස්තුතියි !

    3. baiscopelkishu

      browser eka wens karalth try ekak dala blnna. lap eken wage gnna puluwan nm ithin lesi saho

  5. VIRADAKA

    godak sthuthi vechcha mahansiyata

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. Amal

    බොහොම ස්තූතියි සබ් එකට

  8. ruchiralakmal

    Thanks for the sub!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. suranuwan

    thanks.....

  12. Dewadithya

    Thanks for sub!

  13. Anonymous

    Thanks Bro