බයිස්කෝප් වැසියනි ඔබට සුභ දවසක් වේවා, රුසියානු චිත්‍රපටි බලන ඔයාලා වෙනුවෙන් තවත් සිනමාපටයකට උපසිරසි ගේන්න මට හැකියාවක් ලැබුනා. 2018 වසරේ ජූනි 21 වැනිදා එලි දැක්වුන Never Say Goodbye චිත්‍රපටියෙ කතා තේමාව දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා. Pavel Drozdov විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපට…

බයිස්කෝප් වැසියනි ඔබට සුභ දවසක් වේවා, රුසියානු චිත්‍රපටි බලන ඔයාලා වෙනුවෙන් තවත් සිනමාපටයකට උපසිරසි ගේන්න මට හැකියාවක් ලැබුනා. 2018 වසරේ ජූනි 21 වැනිදා එලි දැක්වුන Never Say Goodbye චිත්‍රපටියෙ කතා තේමාව දෙවන ලෝක යුද්ධය පදනම් කරගෙන නිර්මාණය කර තිබෙනවා. Pavel Drozdov විසින් අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටියට Kseniya Alfyorova, Egor Beroev, Andrey Chadov ඇතුළු නලු නිලියන් රැසක් දායක වෙනවා, පැය එකයි මිනිත්තු පනහකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ චිත්‍රපටය තුල සටන් දර්ශන නොමැති බව විශේෂයෙන් සඳහන් කරන්න වෙනවා. චිත්‍රපටියෙ කතාව ගැන ටිකක් කියවලා බලමු
1941 ඔක්තෝබර් 13 වැනිදා ජර්මන් හමුදා වේගයෙන් කලිනින් නගරය පහුකරගෙන මොස්කව් වෙත යාමට ගමන් කරනවා, මේ වෙලාවෙ කලිනින් නගරය තුල කිසිදු යුද ටැංකියක් හෝ ගුවන් යානයක් නොතිබුන අතර හමුදා කණ්ඩායම් කිහිපයක් සහ සිවිල් වැසියන් පමණක් නගරයේ ඉන්නවා, මේ අතරෙ රහසිගත අයුරින් ක්‍රියාත්මක වන ජර්මානු ඔත්තුකරුවන් පිරිසක් සිවිල් වැසියන් සහ හමුදාව තුල සිටිමින් නගරයේ කටයුතු අඩපණ කර ජර්මානු හමුදාවට නගරයට ඇතුලුවීමට ඉඩහසර ලබාගැනීමට උත්සාහ කරනවා, ඔවුන් නගරයේ සිටින බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කිරීමට උත්සාහ ගනු ලබන අතර වෙනත් විවිධ කුමන්ත්‍රණ සිදුකරනවා, රුසියානු හමුදාවට ඔත්තුකරුවන් නැතිකොට නගරය බේරාගැනීමට හැකිවේද? ජර්මන් හමුදා පලවාහරින්න හැකිවේද? මේ චිත්‍රපටය තුලින් ඔයාලට බලාගන්න පුලුවන්.
බයිස්කෝප් අඩවියට විවිධ අදහස් දරන අපි වගේ ගොඩදෙනෙක් එනවා, එයාලගෙ රුචිකත්වය එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන්, ඒ හැමෝම වෙනුවෙන් උපසිරසි බයිස්කෝප් අඩවියේ තියෙනවා, නමුත් අලුත් චිත්‍රපටි වැඩිපුර නිකුත්වෙන තරමට වෙබ් අඩවිය සමග එකතුවෙන ප්‍රේක්ෂකයො ප්‍රමාණය වැඩිවේවි. මේ අවස්ථාව ලබාදුන් බයිස්කෝප් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන අතර මේ චිත්‍රපටිය නරඹන ලෙස ඉල්ලාසිටිනවා. ඔබ සැමට ජය !
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,915 downloadsDownload Never-Say-Goodbye-2018-Aka-Proshchatsya-ne-budem.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
20 comments
Anonymous
yohan
ekanan eththa
kavindu
එහෙම වෙන්න හේතුව මේ baiscope site එකම තමයි.දුන්නොත් දෙන්නෙ russian war movies .හොයල බැලුවොත් වෙන category වල movies ඕන තරම් තියෙනවා.හැබැයි english sub එක්ක තමයි බලන්න වෙන්නේ.
Thesandu Thejaka
War Films හදන්න වියදම වැඩි. රුසියානු රජයට තමයි චිත්‍රපට සඳහා වැඩි අයිතියක් තියෙන්නේ.එනිසා ඔවුන්ට ලොකු ආදායමකට වඩා ගුණාත්මක භාවය තමයි වැදගත්.ෆැන්ටසි වීරයන්ට වඩා මෙ වීරයන්ට මම කැමතියි.අපිටත් පුළුවන් නම් බොරු වීරයො මවන්නේ නැතුව අපේ ඇත්ත වීරයන් ගැන චිත්‍රපට හදන්න.
yohan
ekath eththa
Thesandu Thejaka
Hollywood වලට සාපේක්ෂව රුසියානු war films වැඩි
Uvindu sathsara
දැන් මේ චිත්‍රපටිය baiscopedownloads (dot) co වෙබ් අඩවිය හරහා ලබාගන්න පුලුවන්
kavindu
Thank you very much for the sinhala subtitles.
pawan
තෑන්ක්ස් මන් බලන්න ආසත් war ෆිල්ම් තමයි ගොඩක් සබ් එකට තෑන්ක්❤
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
we are your friends sub thana puluwanda
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!hasitha jayasingha
thank you very much for sinhala sub..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Thesandu Thejaka
නියමයි.තව රුසියානු චිත්‍රපටය ගේන්න. චිත්‍රපටය හා උපසිරැසි පරක්කු වුණාට කමක් නෑ review එක දාන්න
Thesandu Thejaka
War Films හදන්න වියදම වැඩි. රුසියානු රජයට තමයි චිත්‍රපට සඳහා වැඩි අයිතියක් තියෙන්නේ.එනිසා ඔවුන්ට ලොකු ආදායමකට වඩා ගුණාත්මක භාවය තමයි වැදගත්.ෆැන්ටසි වීරයන්ට වඩා මෙ වීරයන්ට මම කැමතියි.අපිටත් පුළුවන් නම් බොරු වීරයො මවන්නේ නැතුව අපේ ඇත්ත වීරයන් ගැන චිත්‍රපට හදන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
මිලින්ද
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️ උවිදු
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඇයි බන් රුසියන් ෆිල්ම් ඔක්කොම ලෝක යුද්ද ගැන හදපුවනේ තියෙන්නේ