Watch Trailer

Pitta Kathalu (2021) Sinhala Subtitles | පුංචි කතා පෙලක්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනා හට. නිහැඬියාවකට පස්සේ අද මම බයිස්කෝප් නිවහනට ගොඩවෙන්න හදන්නේ 2021 පෙබරවාරි 19 වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම තෙලුඟු කතාමාලාවට සිංහල උපසිරැසිත් අරගෙන. පූර්ව ප්‍රචාරක පටයන් කලින්ම දුටුවත් ද්‍රිෂ්‍යම් චිත්‍රපටය පස්සේ තමයි අපි හැමෝම හිටියේ. ද්‍රිෂ්‍යම් ඇමේ…

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනා හට. නිහැඬියාවකට පස්සේ අද මම බයිස්කෝප් නිවහනට ගොඩවෙන්න හදන්නේ 2021 පෙබරවාරි 19 වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම තෙලුඟු කතාමාලාවට සිංහල උපසිරැසිත් අරගෙන. පූර්ව ප්‍රචාරක පටයන් කලින්ම දුටුවත් ද්‍රිෂ්‍යම් චිත්‍රපටය පස්සේ තමයි අපි හැමෝම හිටියේ. ද්‍රිෂ්‍යම් ඇමේසන් ප්‍රයිම් හරහා නිකුත් වෙද්දී මේක නෙට්ෆ්ලික්ස් හරහා ඊට සමගාමීවම නිකුත්ව තිබුනා. ඉතිං එහෙමම ඩවුන්ලෝඩ් වෙන්න දාලා බලලා ඉවර උනාම අල්ලලා ගියපු නිසා බැලුවා උපසිරැසි කරන්න කියලා.

ඉතිං මේ කතාමාලාව Anthology ගණයේ කතාමාලාවක්. ඒ කියන්නේ කතාංග එකකට එකක් සම්බන්ධ නෑ. නමුත් පොදු සාධකයක් සහිතයි. ඉතින් චිත්‍රපටියක් බලනවා වගේ එක හුස්මට බලලා එක කතාවක් ඉවර කරගන්න පුළුවන්. ලොකු කුතුහලයකුත් මේ කතා හතරේම තියෙනවා. ඉතින් මේ කතාමාලාව සම්පුර්ණ වෙලා තියෙන්නේ තෙලුඟු සිනමාවේ දක්ෂ අධ්‍යක්ෂකවරුන් හතරදෙනෙකු වන තරුන් බාස්කර්, නන්දිනී රෙඩ්ඩි, නාග් අශ්වින්, සංකල්ප් රෙඩ්ඩි මහත්වරුන්ගේ දායකත්වයෙන්. එමෙන්ම නිෂ්පාදනය ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන RSVP Movies ආයතනය සහ Flying Unicorn Entertainment ආයතනයේ එකතුවෙන්. විනාඩි 40කට ආසන්න කාලයක් පුරා දිවෙන, කට පුරා සුපිරියි කියන්න පුළුවන් හිතට වැදෙන හොඳම කතාංග 4කින් මේ කතා මාලාව සමන්විත වෙලා තියෙනවා. ඒ වගේම IMDB දර්ශකයේ 5.1 ක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා මේ කට්ටිය. කතන්දර හතරේම නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් පෙනී සිටින ඡායාරූපයක් තමයි මේ පහලින් තියෙන්නේ.

කලිනුත් කිව්වා වගේ මේක එකිනෙකට වෙනස් නමුත් පොදු සාධකයක් පුංචි කතා හතරකින් සමන්විතයි. කාන්තාවන් හතර දෙනෙක් මූලික වුනු කතා හතරක් සහ එම හතර දෙනා ජීවිතේ දරුණුම තත්වයකදී ගන්නා තීරණ අනුව ඔවුන්ගේ ජීවිත වෙනස් වන ආකාරය ගැනයි මේ කතා හතරේ වෙන වෙනම සඳහන් වෙන්නේ. ඒ වගේම කාන්තාවන් හතර දෙනෙකුගේ පලිගැනීම මේ හතරටම තවත් එක් පොදු කාරණයක්. ඉතින් අපි විපරම් කරලා බලමු ඒ කතා හතර ගැන වෙන වෙනම.

1.රාමුලා
ටික්-ටොක් ජෝඩුවක්…(රාම්-රාමුලා)
දේශපාලනඥයෙකුගේ පුතෙක්..(රාම්)
පහත් කුලයක කෙල්ලෙක්…(රාමුලා)
දේශපාලනිකව අතරමං වී සිටින නායිකාවක්… (ස්වරූපා)

Pelli Choopulu (2016), Ee Nagaraniki Emaindi (2018) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල තෙලුඟු සිනමාවේ වර්තමාන පරම්පරාවේ ප්‍රමුඛපෙලේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස නම්දරා සිටින තරුන් බාස්කර් විසින් තමයි මේ කතා කොටස අධ්‍යක්ෂණය කරනු ලබන්නේ. කතාවට පණ දෙන්නේ Lakshmi Manchu, Saanve Megghana, Abhay Bethiganti, Anjaiah Milkuri යන අයවරුන්. සංගීත අධ්‍යක්ෂණය විවේක් සාගර් විසින්.

2.මීරා
වසර 18ක වයස් පරතරයක් සහිත සැමියෙක් සහ සුරූපී බිරිඳක්…
නිතර කේන්ති යන සැමියෙක්..
සැමියාගේ සැකයට නිතර භාජනය වන සහ කායිකව මෙන්ම මානසිකව පීඩා විඳින බිරිඳ…
ඒ හැමදේම මැදින් තමාගේ සතුට සොයා ගන්නට වෑයම් කරන බිරිඳක්..

මේ කතාව අපිට අරගෙන එන්නේ Ala Modalaindi (2011), Jabardasth (2013), Kalyana Vaibhogame (2016), Oh! Baby (2019) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු තෙලුඟු සිනමාවේ කාන්තා අධ්‍යක්ෂකවරියන්ගේ වර්තමාන නියෝජනය වන B. V. Nandini Reddy විසින්. ඉතිං මෙයාගේ ගැන දන්න අය දන්නවා මෙයා කාන්තා අයිතිවාසිකම් ගැන සහ කාන්තාවන්ට සමාජයේ සමතැන ලැබිය යුතුයි යන මතයේ ක්‍රියාකාරීව සිටින කෙනෙක්. මැයගේ චිත්‍රපට වල කතාවන්ද බොහෝ විට ඒ මාතෘකාව වටා ගෙතෙනවා ඒ වගේම ඇය චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවිට ඇයගේ කාර්යමණ්ඩලය සහ තාක්ෂණික ශිල්පීන් බහුතරයක්ද කාන්තාවන්ද වීම විශේෂත්වයක්. මේ කතාවත් ටිකක් ඒ පැත්තට බර කරපු එකක් කියන්නත් පුළුවන් කෝම උනත් මේ කතාකොටසට පණ දෙන්නේ Jagapathi Babu, Amala Paul, Ashwin Kakumanu ප්‍රධාන කරගත් රංගන ශිල්පීන් පිරිසක් විසින්.

3. xLife
මේක නම් මට ටිකක් අල්ලලා ගියපු කතා තේමාවක්. මේක කෙලින්ම Sci-Fi එහෙමත් නැත්නම් විද්‍යා ප්‍රභන්ධ ගණයට දාන්න පුළුවන්. නමුත් මේකේ හරය මහ අමුතුම පණිවුඩයක් අපිට ලබාදෙනවා. ප්‍රභන්ධයක් මුවාවෙන් අපිට හොඳ පණිවුඩයක් දෙන මේ කොටස වර්තමානය සහ අනාගතය දෙකේම පොදු මිශ්‍රණයක් තියෙන එකක් විදිහටයි මට පේන්නේ. තාක්ෂනය නිසා අන්ධ වී සිටින, ගොළු වී සිටින සමාජයට හොඳ පණිවුඩයක් දෙන පැය බාගයක්. මේ සඳහා පණ දෙන්නේ සුරූපී Shruti Haasan, Sanjith Hegde, Sangeeth Shobhan ඇතුළු රංගන ශිල්පීන් පිරිසක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ වර්තමානයේ මහත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයෙක් වන Nag Ashwin විසින්. ඔහුගේ මුල්ම අධ්‍යක්ෂණය Yevade Subramanyam (2015) සමගින් සිනමාවට පිවිසි ඔහු Mahanati චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු ජාතික චිත්‍රපට සම්මාන කීපයත් එක්ක ඔහුගේ දෙස මුළු තෙලුඟු සිනමාවම නෙත් යොමුකරගෙන සිටිනවා මේ අවස්ථාවේදී. ඒ මීළඟට ඔහු අධ්‍යක්ෂණය කරන්න නියමිත Prabhas-Deepika Padukone – Amithabh Bachchan රංගනයෙන් දායක වන දැවැන්ත විද්‍යා ප්‍රභන්ධ චිත්‍රපටය නිසාවෙන්.

4. පිංකි
මේක නම් චරිත හතරක් වටා ගෙතුණු සරලම Family Drama එකක්. Satyadev Kancharana, Eesha Rebba, Srinivas Avasarala, Ashima Narwal විසින් පණ පොවන මේ කතා කොටසේ ඊශා රඟපාන චරිතය පිංකි මූලික වෙච්ච කතාවක් මත තමයි මේක ගොඩනැගිල තියෙන්නේ. The Ghazi Attack (2017), Antariksham 9000 KMPH (2018) වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Sankalp Reddy විසින් අධ්‍යක්ෂණය කරන මේ කතා කොටසනම් හරිම සරල කතාවක් ඒ නිසා විස්තර කරන්න යන් නැහැ. බලලම ඉන්න.

ඉතිං ඔන්න ඔහොම තමයි වැඩේ වෙන්නෙ. මේ කතා මාලාව වෙනුවෙන් විවිධ ආකාරයේ ප්‍රතිචාර කලවමේ ලැබිල තියෙනවා. ඉතින් ප්‍රධාන විචාරක අඩවි කීපයක් දක්වපු අදහස් කීපයක් පහලින් දක්වන්නම්.

එහෙනම් යන්න අවසරයි. අරගෙන බලන්න කියල ආරාධනා කරනවා ඒ වගේම බලද්දී තෙලුඟු භාෂාවෙන් බලන්න කියලා අනිවාරෙන්ම කියන්න ඕන. ඒක ගැන පහලින් රතුපාටින්ම දාන්නම්. අන්තර්ජාලයේ තියෙන පිටපත් සියල්ලම වගේ Dual Audio පිටපත් වෙනවා. ඉතින් ඔයගොල්ලා මේක ප්ලේ කරහම ඉබේම ප්ලේ වෙන්නෙ දමිල භාෂාවෙන්. මේක තෙලුඟු කතා මාලාවක් නිසා Original Language එක තෙලුඟු ඒ වගේම උපසිරැසිය කරලා තියෙන්නෙත් තෙලුඟු භාෂාවෙන් කතා කරන දෙබස් වලට අනුකූලව ඒ නිසා අනිවාරෙන්ම ඔබ තෙලුඟු භාෂාවෙන් මේ කතා හතරම නරඹන්න කියල දන්වා සිටිනවා. ඉතින් සමුගන්න අවසරයි. මේක මට උපසිරැසි කරන්න අවස්ථාව ලබාදුන්නු ඇඩ්මින් මණ්ඩලයටත් ස්තුතිය පල කරන ගමන්, බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මේ වෙලාවේ මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරලා යන පාඨක ඔබ සැම විශේෂයෙන්ම සිහිපත් කරන ගමන් සුපුරුදු පරිදි අදත් ඔබේ අදහස පහලින් හලාගෙන යන්න කියල ඉල්ලාසිටිමින් මා සමුගන්නවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් ඔය මොනවා කියන්න තිබ්බත් පහල අදහස් තීරුව නොමිලේම ඔබට විවෘතව තිබෙනවා ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්. වසර 12ක් පුරාවට ඔබ අප හා තැබූ ඒ විස්වාසයේ සලකුණක් ලෙස අද ලංකාවේ අංක එකේ විනෝදාත්මක වෙබ් අඩවිය බවට බයිස්කෝප් සිංහලෙන් අපව ඔබ විසින් පත් කර තිබීම හැර වෙනත් සම්මානයක් තව නැත. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් ඒ බැඳීමට හිස නමා ආචාර කරමින් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය..!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/Baiscopesinhalen/
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව – https://www.facebook.com/groups/Baiscopesinhalen/
බයිස්කෝප් සිංහලෙන් නිල YouTube නාලිකාව – https://www.youtube.com/channel/UCyTxWxPK7jDHSQHn_y2Ej_g
බයිස්කෝප් මංසල Instagram පිටුව – https://www.instagram.com/baiscope__mansala/
බයිස්කෝප් මංසල නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/baiscopemansala
බයිස්කෝප් සිංහලෙන් ඊ-මේල් ලිපිනය – [email protected]

Note – ඔබ මෙම කතා කොටස් හතරම නැරඹීමේදී කරුණාකර අනිවාර්යයෙන්ම Audio Language එක තෙලුඟු වලට මාරු කරගන්න. නැතිනම් උපසිරැසිය නොගැලපීමක් පැන නැගිය හැක. චිත්‍රපටය මදකට නවතා පහත ආකාරයට එය සිදු කරන්න. මෙය ඔබ විසින්ම සිදු කරගත යුතු දෙයකි.

PC – Right Click On Player —> Audio —> Audio Stream —> Telugu (Audio 2)
Phone – Player Setting —> Audio —> Audio Track —> Telugu (Audio 2)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

6,011 downloadsDownload Pitta-Kathalu-2021.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,011 downloadsDownload Subtitles70 KB

28 comments

  1. isuru srinath sjs

    නියමයි මචං.. හුග කාලෙකින් නේ සබක් ගෙනාවෙ.. එලම... ජය!!

  2. Anonymous

    එල එල මචෝ
    ආසාවෙන් බලන්න පුලුවන් සුපිරියක් වගේ

  3. tharidu16

    thank machi

  4. මයුර

    හිතුවෙත් නෑ මේකට සබ වැටෙය් කියලා.
    තෑන්ක්ස් තාරක ❤️

  5. yohan

    thanks..jaya wewa!

  6. Anonymous

    මේවනෙ දෙන්න ඕන
    ස්තුතියි සහෝ

  7. lahiru

    me films download karanna tynne koheda?

    1. Anonymous

      baiscopedownloads.co

    2. yohan

      baiscopedownloads.co site eken ganna bro...

  8. Heshan

    Niyamai bro

  9. Heshan

    දිගටම මේ වගේ ෆිල්ම් දෙමු
    ජය වේවා

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  11. Suranjan

    Thanks jayawewa.....!

  12. Bandara

    thanks lot Nuwan bro...good luck

  13. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  14. Samith

    Thanks bro

  15. Shamal manojan

    සනී ඩියොල්, බොබී ඩියොල්, ධර්මේන්ද්‍ර රඟපාන Yamla Pagla Deewana: Phir Se - 2018

    විවේක් ඔබ් රෝයි රඟපාන PM Narendra Modi - 2019

    මිතුන් චක්‍රබෝති, නස් රුදින් ෂාහ් රඟපාන The Tashkent Files - 2019

    ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed Roses - 2017

    යන ෆිල්ම් ටිකට හින්දි චිත්‍රපට සඳහා උපසිරැසි කරන අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

  16. Kevin

    Thanks bro
    Digtama aluth ewa demu
    Jaya wewa

    1. Anonymous

      Ane ow bn
      Parana black & white ewa denna epa bn

  17. Anonymous

    Paharak wage
    Ela kollo

  18. Anonymous

    Kollo ,vishal ge chakra ekath aapu gaman sub demu

  19. Nimesh

    ස්තුතියි සහෝ

  20. Chanaka

    Thanks saho

  21. Deshan

    මේ වගේ වෙනස් විදියේ මූවීස් සුපිරියි සහෝ
    දිගටම මේ වගෙ ඒවා දෙමු

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Anonymous

    Thnx for sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.