ආයුබෝවන්! ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.හිතුවට වැඩිය ටිකක් කල් ගියත් 2017 පෙබරවාරි 15 තිරගත වෙලා imdb 7.1 ක් වගේ ඉහළ අගයක් ගත්තු crime/drama ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි මේක.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්…
ආයුබෝවන්! ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන මම ආවා.හිතුවට වැඩිය ටිකක් කල් ගියත් 2017 පෙබරවාරි 15 තිරගත වෙලා imdb 7.1 ක් වගේ ඉහළ අගයක් ගත්තු crime/drama ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි මේක.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්.වැඩි දෙයක් නැතුව කෙලින්ම කතාවෙ සාරාංශෙට බහින්නම්..
චෝ හ්යුන් වූ (Kang Ha-neul) කියන්නෙ ටිකක් දඩබ්බර තරුණ කොල්ලෙක්.රස්තියාදු ගහන ටැටූ එකක් එහෙම ගහගෙන ටිකක් මැරය වගේ ඉන්න පොරක්.2000 අවුරුද්දෙ අගෝස්තු මාසෙ දවසක මෙයා පාන්දර බයික් එකේ ගෙදර යනකොට යක්චොන් මංසන්ධියෙදි අනතුරක් වෙනවා.එයාට මොනවත් වෙන්නෙ නම් නෑ.ඒත් ළඟ නවත්තලා තියෙන ටැක්සියක් මෙයා දකිනවා.ගිහින් බලනකොට ඒකෙ ඩ්‍රයිවර්ව මරල දාලා.කොහොම හරි පොලිසියෙන් ඇවිත් මෙතන බලනකොට මේ කොල්ලගෙ බයික් එකේ තිබිල පිහියක් හම්බෙනවා.ඒ නිසාම මෙයාව සැක කාරයෙක් වෙනවා.කෙළින්ම අවු.15 කට හිරේ යනවා.ඔය සිද්ධියෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ.
එතකොට ලී ජුන්ග් යන්ග් කියන්නෙ යන එනමන් නැතුව ඉන්න නීතීඤ්ඤයෙක්.කරපු නඩු අනාගෙන යන්න තැනක් නැතුව ඉද්දි යාළුවෙක්ගෙ මාර්ගෙන් ආයතනෙකට රිංග ගන්නවා.එතනදි මෙයාට නීතිමය උපදෙස් දෙන්න කියල ගෙදරකට යවනවා. ඒ තමයි අර කොල්ලගෙ ගෙදර.ඒ වෙනකොට මේ කොල්ලා එලියට ඇවිල්ලා.ඒත් අර මැරුණ කෙනාගෙ පවුලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.ඒවට ගෙවන්න ණය වෙලා.. ඒ වගේම ඒ ණය ගෙවාගන්න බැරුව පොළී වැඩි වෙලා කොල්ලා එරිලා ඉන්නෙ.ඒ නිසා මේ නීතීඤ්ඤතුමා අර ඝාතන සිද්ධියෙ ඇත්තම මිනීමරුවව අල්ලගන්න ආයෙම පරීක්ෂණ කරනවා.ඒ නිසා මෙයාට ආයෙම ඒ වැහුණ නඩුව අරින්න වෙනවා.ඒ කියන්නෙ ආයෙම නඩු කියන්න වෙනවා.
මේ පරීක්ෂන කරද්දි අර කොල්ලට පොලිසියෙන් වුණ අසාධාරණකම්.. හිරිහැර වගේම හුඟක් දේවල් එළිවෙනවා.. මේ චිත්‍රපටිය සමහර තැන් විනෝදයට බරයි රසවත් වගේම තවත් තැනක සංවේදී අසාධාරණයක් දැනෙන තවත් තැනකදි තරහවක් ගෙන දෙන්න සමත් වෙන චිත්‍රපටියක්.ඒ නිසා මග ඇරගන්නෙ නැතුව බලන්න කියල මං කියනවා.
එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආයෙමත් දවසක එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
New.Trial.2017.HD720P.H264-FILMKU.mkv
New.Trial.2017.WebRip.720p.x264.AAC.2CH-ALF
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,967 downloadsDownload New-Trial-2017.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
30 comments
Mithun
chamalkalum
බලලම කියන්න සහෝ..
Tharu
Thank You Kelum,Puluwan nam "The Kings Case Note" Movie eke Sub denawada
chamalkalum
වෙන කවුරුත් බාරගෙන නැත්තන් අනිවා දෙන්න ඉන්නෙ..
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!KAVINDA GAMAGE
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .අසිත
Ealma saho thanks
prabodha
Thank u bro.....
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Lakmal
Me film eka hoyaganna behene. Mona Site ekeda blnna oni?
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ranjan kulawardana
thnkz bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
C. R. ජයලත්
Niyamai Chamal Saho Jayen Jayama Wewa!!!!!
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Ashen ravisanka
මේ කේ ලින්ක් එකක් දෙන්න බැරිවෙඉද ...
raju
New.Trial.2017.HD720P.H264-FILMKU.mkv
New.Trial.2017.WebRip.720p.x264.AAC.2CH-ALF
me dekema torrent movie hamba un ne...gaththa kenek web sit eka ikmanata kiyanna ko...........raju
me film eka torrent web site wala ne mokk hari aulak thyeeee
Kasun
tnx... but Direct link 480p walata eka sab ekakwsth hariyanne naa.. puluwannam hadala dennakoo..
චාමර වීරසේකර
Thanx saho sub ekata
anidithialahakoon
meke sub weradi.... kalin yanawa.....
ricadodamien
Thank U Chamal brother & baiscope team for the sub, as always the movie was a good one, love it. all the best to baiscope team...............
නිමල් දිසානායක
අගෙයි චාමල්. ගොඩාක් ස්තුතියි.
අවනඩුවක්ම තමයි. ඒ අතින් අපේ රටේ විතරක් නෙවෙයි,
කොහෙත් නීතිය නවනවා.
අහිංසකයෝ බිලිවෙනවා.Pasindu heshan
Me movie eke remake ekk neda birbal thrailogi kiyla kannada movie ek
Lakshansilva18
Thanks for subtitles
The attorney (2013) movie ekatath sub dennako
Anonymous
thanks
Anonymous
Me subtitle eka laga thiyenwada bro
Wikum senadeera
Me subtitle eka dan download kranna denne nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔන්න අද මම එක...
අයේමත් කොරියන් චිත්‍රපටයක් ගෙනාවට ගොඩක් ස්තුතියි සහෝ..
අසාවෙන්මයි උන්නෙ.
සුපිරි එකක් වගේ
සබ් එකට ස්තුතියි