මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු විවාහ ජීවිතයන් ගැන කියවෙන, ෂම්මි කපූර්, රාජේශ් ඛන්නා සහ හේමා මාලිනී ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 6.9 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු විවාහ ජීවිතයන් ගැන කියවෙන, ෂම්මි කපූර්, රාජේශ් ඛන්නා සහ හේමා මාලිනී ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. මෙය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් “කසුන් හර්ෂණ අත්තනායක” සොයුරා ඇතුළු කීපදෙනෙක්ම මගෙන් සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ රවී, රාජ් සහ ශීටාල් ය. රවීගේ බිරිඳ මියගොස් ඇති අතර ඔහු තම එකම දියණිය සමඟ ජීවත් වේ. ඇගේ පාසැලේ උගන්වන ගුරුවරියක් වූ ශීටාල් නමැත්තිය හඳුනාගැනීමට අවස්ථාවක් රවීට හිමිවෙයි. විවාහයට පෙර ඇයගේ පෙම්වතා හදිසි අනතුරකින් මියගොස් ඇති අතර ඔහුට දාව ඇයට පුතෙක් ද සිටියි. දරුවන් දෙදෙනා නිසා රවී සහ ශීටාල්ගේ පවුල් අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇතිවේ. මේ නිසා රවී විසින් ශීටාල්ට තමා සමඟ විවාහවීමට කැමැත්ත ඉල්ලා සිටියි. ටික කාලයක් ගතවී ඇය කැමැත්ත පළ කළත් රවීගේ මව එයට දැඩි ලෙස විරුද්ධ වේ. එයට හේතු වූයේ පියෙක් නොමැති ශීටාල්ගේ දරුවා නිසායි. “බාදල්” නමින් බාල සොයුරෙක් රවීට සිටින අතර ඔහු මුදල් නාස්ති කරමින් සෙල්ලක්කාර දිවියක් ගත කරයි. රවීගේ වැඩවලට ඔහු බොහෝසේ බාධා කරන අතර රවී තම පවුලේ කෙනෙක් නොව කුඩා කළ අනාථව සිටිය දී තම පවුලට ලබාගෙන හදාගත් පුද්ගලයෙක් ලෙසත් අවමන් කරයි. මේ අතර ඔහු තම මිතුරෙක් සමඟ එකතුවී ගමේ තරුණියක් දුෂණය කරයි. මේ සිදුවීම නිසා ඇය සියදිවි නසා ගන්නා අතර ගමේ පිරිස් මේ සිද්ධියට වගකිවයුත්තා ලෙසට රවීව සැකකරන්නේ එම තරුණිය කාලයක සිට ඔහුට විශේෂ සැලකිල්ලක්, ආදරයක් දැක්වූ නිසායි. එතැන් සිට රවීට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්“, “සුරාජ්“, “ගීත්” ,”අප්නා දේශ්“,”අර්සු“,”කැරවෑන්“, “අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි“ යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම ටොරන්ට් ලින්ක් එක හරහා, මෙගා බයිට් 848 ක් සහිත පැය 02 යි, මිනිත්තු 18 යි. තත්පර 04 ක වීඩියෝව ද මෙම උපසිරසියට ගැළපෙයි.(විඩියො ලින්ක් සදහා අපගේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ්පලට ගොඩ වන්න)ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසි හතරවෙනි සිංහල උපසිරසිකරණයයි. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
1,602 downloadsDownload Andaz.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
22 comments
Udara Damith B/K
Pasindu
Ai අලුත් film වලට sub dannaththa parana film වලට sub danna
Udara Damith B/K
aluth ewata sab danda godak innawanme e aya dai
ethakal mewa balanda parana ewa niyamaiThilakarathna
Pasindu,
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතය වැඩිහිටි ජනගහණයයි. එයින් එක්කෙනෙක් මම. Pasindu වැනි තරුණ අයවළුන්ට ෆිල්ම් සීයක් විතර උපසිරසි වැටෙනකොට අපි වැනි පැරණි දෙය ප්‍රිය කරනා අයට ලැබෙන්නේ එකක් විතර තමයි. ඒ නිසා පුතා එයටත් අකුල් හෙලන්න එපා. ඔයාගෙත් අම්මා, තාත්තා, ආච්චි, සීයලා ඉන්නවා ඇතිනේ. ඔයා තරහා ගන්න එපා එහෙම කිව්වට.
සිංහල උපසිරසි එක්ක බලන්න ආසාවෙන් සිටි සිනමාපටයක් 70 දශකයේදී මා මෙය නරඹා තිබෙනවා. ස්තුතියි...
Udara Damith B/K
ok.
කසුන් හර්ෂණ
Andaz (1971) චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන තුරු මා සිටියේ නොඉවසිල්ලෙන්. මෙහි මා ඉතා ප්‍රිය කරන ගීත රැසක්ම තිබෙනවා. 70 දශකයේ හින්දි සිනමාවේ රන් සලකුණක් ලෙස අවිවාදයෙන්ම නම් කළ හැකියි. දිගටම උපසිරැසිකරණයේ නියැලෙන්න. ඇතැම් අය අපට දොස් නගනව බයිස්කෝප් එකෙන් දැන් ගොඩක් පරණ හින්දි ෆිල්ම් වලටම සබ් දෙනව කියල. මං ඒ අදහසට කිසිසේත් එකඟ නැහැ.මන්දයත් අළුත් හින්දි චිත්‍රපට සඳහා උපසිරැසිකරුවන් ඕනෑ තරම් සිටිනවා. නමුත් පැරණි හින්දි චිත්‍රපට සඳහා උපසිරැසිකරණයට බයිස්කෝප්හි සිටින්නේ උපසිරැසිකරුවන් පහකටත් අඩුවෙන්. එසේ වුවත් සියයකට අධික පැරණි හින්දි සිනමා රසිකයින් නිරන්තරයෙන් මේවා සමඟ ඉන්නවා. එනිසා ඔවුන්ගේ රස වින්දනය උදෙසා අප මෙවන් විශිෂ්ට නිර්මාණ ලබා දිය යුතුයි.
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…අසිත
hoda wadak machan
puluwan nam imdb top 250 thiyena english film walath sab denna
jaya wewa!!!Deex
Very Very Thanks MR Priyantha
me movie ekata sub enakan hitiye
mn kamathima hindi sindu wanne me movie eke 'dil utsedo jo jade ja' (mal wahi seethala mal wasse) & 'sindagi ek safar E sohana' (ra dawal mal ragum siripala)
puluwanan pahala films walatath sub denna
Awaara (1951)
Madhumathi (1958)
Sujata (1960)
Janwar (1965)
Brahmachari - 1968
Kati Patang (1970)
Anand (1971)
Bobby (1973)
Ajnabee (1974)
Mausam - 1975
Deewaar (1975)
Prem Kahani (1975)
Kabhie Kabhie (1976)
Kudrat (1981)
Shakti (1982)Ela Baiscope.lk
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamu
Thxx sub ekata .parana ewata sub dena eka nm godak watinawa
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!udaya saman
සබ් එකට සුබ පතනව.ඒවගෙම තවත් මේවගෙ සබ් කරන්න සක්තිය ලබේව කියා පතනවා.,,,
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Withanage Priyantha Dayakeerthi
උපසිරැසිය බාගත කරගන්නා අයවළුන් වෙත,
Google ඕපන්කර Andaz Torrentz| Andaz Full Movie - TorrentKing යනුවෙන් ටයිප්කර සර්ච් කරන්න. එවිට ලැබෙන Andaz විස්තරය තුළ ඇති මෙගාබයිට් 848 ක වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න. එය නිවැරදි වීඩියෝවයි.Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Dilshanmw
thanks for subbtitle,
kati patang (1970) hindi filumata th sub eka hadala denna,
jaya wewa.!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ. පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ජයවේවා !!
Advertisement
![Andaz (1971) with Sinhala Subtitles | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/andaz-1971.jpg)

නියමයි එල